පිටු

Wednesday, June 27, 2012

ඔබ නැතිව ඉන්න බැරි තරමට.....




ඔබ නැතිව ඉන්න බැරි තරමට..... 
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට....
ඔබ නොදැක ඉන්න බැරි තරමට ... 
සිත ඔබම සොයනවා දවසම... 





මටත් පුදුම පොත් උණක් තියෙන්නේ.. ඒක හරිම සුන්දර උණක්..

පොතක් අතේ නැතිවම මට ජීවිතේම හිස් වෙලා වගේ දැනෙනවා.. ඒ නිසා මගේ ළ කියවන්න පොතක් නම් නැති වෙන්නෙම නැහැ... කෙල්ලන්ගෙ බෑග්වල ලිප්ස්ටික්, සෙන්ට් වගේ දේවල් වරදින්නෙ නැහැ නේ.. ඒත් මගේ බෑග් එකේ නම් පොතක් වරදින්නෙ නැහැ. සෑහෙන කාලෙක ඉල එකතු කර ගත්ත පොත්වලින් අල්මාරියක් පිරුණෙ මේ පොත් උණ නිසාම තමයි.... බෝඩිමෙත් පොත්... කාර්යාලයේ කබඩ් එකෙත් ‍පොත්...

මගේ ජංගම පුස්තකාලයෙ සාමාජිකයො හැම තැනම විසිරිලා ඉන්නවා... අපේ ළමා සංවිධානයෙ යාළුවො, මගේ පවුලෙ අය, දුම්රියේ යාළුවො, කාර්යාලීය සගයන්, බෝඩිමේ ඇන්ටි සහ බෝඩිමේ මගේ සහායිකාව.... තව මම නොදන්නා මේ අයගෙ යාළුවො.... මේ හැමෝම මගේ ජංගම පුස්තකාලෙ සාමාජිකයො....

කවුරු හරි මගේ පොතක් කියෙව්වම මට හරිම සතුටක් දැනෙනවා... '' ධර්ම දානය උතුම්ම දානය '' කියනව‍නේ... හො පොතක් කාට හරි කියවන්න දෙන එකත් ඒ ළින් යන පුණ්‍යකර්මයක් කියල තමයි මට හිතෙන්නේ....

සූජීව ප්‍රසන්න ආරච්චිගෙ පොත් විතරක්ම කියවන්න හුරු වෙලා හිටිය මොරටුව මල්ලියෙක් විවිධ පොත් කියවන්නත්, පඩි ගත්තදාට පොතක් මිල දී ගන්නත් හුරු කරන්න පුළුවන් වීම ගැන මට අදටත් සතුටක් දැනෙනවා...... මගේ '' පොලියානා'' කියවල ජීවිතේ ගොඩාක් කටුක අවස්ථාවන්වලදි හිනා වෙලා ජීවිතේට මුහුණ දෙන්න උත්සාහ කරන අය දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා....

මේ හැමදේටමත් වඩා අති දුෂ්කර ජීවිතයක් ගත කරන මගේ ලොකු නංගි මම මිල දී ගත්ත පොත් කියවල ජීවිතයට ලබා ගන්න ධෛර්යය ගැන මට සතුටක් දැනෙනවා.... එයා කුලී වැඩ කරල ඉතිරි කර ගන්න මුදලින් මගේ උපන්දිනයට අරන් දෙන පොත මම ගන්න පොත් සීයකට වඩා මට වටිනවා....

මගේ පොත් පිස්සුව ගැන දන්න නිසාම මගේ උපන්දිනයට මට වැඩිපුර පොත් ලැබෙනවා... ඒ වගේම මමත් මට පොත් තෑගි කර ගන්නවා... මගේ උපන්දිනයට, නත්තලට, අවුරුද්දට මම මටම පොතක් තෑගි දෙනවා.... මුල පිටුවෙ ලස්සන සිතුවිල්ලක්, කවියක් ‍එහෙම ලියල.... ( ටිකක් විතර පිස්සු නේද? )

සැප්තැම්බර් මාසෙ පොත් ප්‍රදර්ශනය මගෙන් මග හැරෙන්නෙම නැහැ... නිවාඩු දවසක උදෙන්ම ගියාම දවසම හිතේ හැටියට ඇවිදල පොත් ටිකක් අරගෙන හවහට තමයි ආපහු යන්නෙ... පොත් ප්‍රදර්ශනේට නම් තනියෙන්ම යන්න තමයි මම කැමති.... හිතේ හැටියට පොත් අතර රස්තියාදු වෙන්න පුළුවන් එතකොටයි....

මේ තරම් පොත් ගැන කියන්නෙ ඇයි කියල ඔයාලට හිතේවි ... මට හිතුණා මට කියවන්න ලැබෙන පොත් ගැන... මගේ පොත් අත්දැකීම් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න... 


සමහර පොත් එක්ක පැටලිලා අතීත මතකයන් දිග හැරෙනවා... 


සමහර පොත් ජීවිතේ පහන් එළි දල්වනවා... 


සමහර පොත් ඔහේ කියවල දානවා... 

කොහොම වුණත් පොතක් කියන්නෙ අළුත් ලෝකයක්.... ඒ අළුත් ලෝකෙ සිහිබුද්ධියෙන් සැරිසරල ජීවිතයට අර්ථයක් එක් කර ගන්න පුළුවන් නම් හොයි... එහෙම නේද? 

Thursday, June 21, 2012

සක්මන් භාවනාව



යොවුන් වැඩසටහනක් වෙනුවෙන් අපි මග්ගොන මැසනද් ‍යොවුන් පියසට ගිය බව කළින් පෝස්ට් එකක මම ලිව්ව ඔයාලට මතක ඇති....

ඉතින් සෙනසුරාදා උදෑසන ආරම්භ උණේ සරල සක්මන් භාවනාවකින්... 

( අපේ මේ භාවනා හිත් එක්තැන් කර ගන්න, අළුත් අරමුණක් ජීවිතේට එකතු කර ගන්න අපිම හදා ගත් සරල භාවනාවන්... ‍ඒ නිසා භාවනාව ගැන ගැඹුරු අදහස් මෙයින් බලාපොරොත්තු නොවෙනවනම් හොදයි...)

භාවනාව මෙහෙයවූයේ ගරු මේරියස් පියතුමා.. මම ඔයාලට කළිනුත් කිව්වනෙ බටපුරු හෙ‍වණේ භාවනා මධ්‍යස්ථානය ගැන... මෙතන ඉහට උඩින් බට අතු වියනයි... නිල් අහසයි.... පයට තණනිල්ල... ගස් කොට, කුඩා කොන්ක්‍රීට් කැට තමයි ආසන වෙන්නෙ...

( පාවහන් ගළවා පැමිණෙන ලෙස අපට කළින්ම උපදෙස් ලැබී තිබුණා... උදේ හතේ කණිසමට තණබිස්සේ පිණිකැට වේලිලා නැහැ. නිරුවත් දෙපයට දැණුනෙ අපූරු සීතලක්... අනේ ඉතින් මේ වගේ සැප විින්න අපේ කකුල් පින් කරල නැහැනෙ... හැමදාම රබර් සපත්තු, සෙරෙප්පුවල හිරකාරයෙක් වෙලා.... ඒ වෙලාවෙ හුළත් හරිම සනීපයි... හුස්ම ගන්න බයකුත් නැහැ.... වටපිටාවෙ ගහකොල පිරිලනෙ.... ගන්න හුස්ම අතිපිරිසිදු බව නැහැතුඩුවලටත් දැනෙනවා..... )


පියතුමා භාවනාවට පිවි‍සුණේ මේ විදියට... පුරුදු තැන්පත් සරල ස්වරයෙන්...

'' මහපොළව පාගන්න ලැබිම භාග්‍යයක්.....

 ඊයා කියන්න ඕනෙ නැහැ............. ඈක්ක කියල හිතන්න ඕනෙ නැහැ........

මහපොළවේ තියෙන කටුක බව, සීතල, උණුසුම මේ හැමදේම අපි විින්න ඕන....

ඒක තමයි ජීවිතය. ....

අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න....
ගෙදරදි සෙරෙප්පු දාන්න ඕනෙ නැහැ... ‍ගෙදර වටපිටාව අපි පිරිසිදුවට තියා ගන්නවනම් කිසිම අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව පාගන්න...
දෙපතුල් උණත් ඕනෑවට වඩා හුරතල් කරන්න ඕනෙ නැහැ...

දෙපය නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා... එයින් ස්නායු උද්දීපනය වෙලා සුවදායකබවක් ඇති වෙනවා...

මහ පොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි....''


'' අපි මේ ඉන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ.... ලංකාවේ වැඩිම ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ... බොහෝ වෙලාවට ආරණ්‍ය සේනාසනයක් බිහි වෙන්න අවශ්‍යම කරුණු තුනක් තියෙනවා...

v  පොඩි කඳු ගැටයක් තියෙන්න ඕන..
v  කන්ද වහගෙන ලස්සන වනපෙතක් තියෙන්න ඕන...
v  ආසන්නයෙන් ගලා යන දොළ පාරක් තියෙන්න ඕන...

වනවාසී යෝගීන් වහන්සේලා අතින් ගොඩක් හො පොත් ලියවෙන්නෙ සොබාදහමත් එක්ක, සතා සීපාවා එක්ක එතුමන්ලගේ තියෙන  සමීප සම්බන්ධතාවය නිසා... තැන්පත් සරල ජීවන රටාව නිසා....
මේ ආරණ්‍ය සේනාසනවල සක්මන් මළු තියෙනවා... අඩි 03 ක් විතර පළලයි... වනවාසී භික්ෂුන් වහන්සේලා භාවනා කුටිවල නිතරම භාවනාවේ යෙදිල ඉන්නවා... ඒ අතර සක්මන් මළුවත් එතුමන්ලාට වෙනස් ඉරියව්වකින් භාවනා කරන්නට, භාවනා කළ කරුණු මෙනෙහි කරන්නට උදව් වෙනවා.... මේ මොහොත නිහැියාවේ රසය අත්දකින මොහොතක්.... සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන මොහොතක්.....

( ආරණ්‍ය සේනාසන ගැන, වනවාසී භික්ෂුන් වහන්සේලාගේ ජීවන රටාව ගැන දැනුමැත්තෙක් ලියනවනම් ආසයි කරුණු දැන ගන්න...)

කණ්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද බද්දවලට හුරු වෙලා ඉන්න කොල්ලො කෙල්ලො මේ නිහැියාවේ රසයත් විින්න පුරුදු වෙනව නම් හොයි.... අද අපි යොමුවෙන්න සරල සක්මන් භාවනාවකට....''

භාවනාව තුළ මේ ව‍ගේ කරුණු ටිකක් පිළිපදින්න අපි එක වෙමු....

·         ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව.. සෙමින් දෙපා තබමු.
·         කවුරුවත් දිහා නොබල ඉමු.. ඇස් හමු වෙන්නට බැහැ.
·         ඇවිදින අතරේ බොහෝ දේ හමු වේවි... ඒ සියල්ල පසුකර යන්න.... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න.
·         ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක් කර ගන්නට උත්සාහ කරන්න.
·         ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළගින් තියන්න.... පුංචි යැදුමක් පැතුමක් කරන්න.
පියතුමාගේ මේ කතාවෙන් පස්සෙ අපි නිහවම සක්මන් භාවනාවට පිවිසුණා... ඔන්න දැන් ලියන්නෙ සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ............

ඔන්න මගේ භාවනාත්මක අත්දැකීම

ඇත්තම කියනවනම් මුලින්ම හෙමින් පා තියන්න අමාරු උණා... ඇයි ඉතින් උදේ නැගිට්ට වෙලේ ඉන් කෑම හදන්න, බත් බින්න, අස් කරන්න, අතු ගාන්න, ලෑස්ති වෙන්න, කෝච්චියට දුවන්න... 
කෝච්චියෙන් බැහැපු වෙලේ ඉන් අටහමාරට කළින් ඇිල්ල තියා ගන්න දුවන්න..... ඔය වගේ දුවන ජීවිතයක්නෙ තියෙන්නේ.... ඉතින් හෙමිහිට පොළවට නොදැනෙන්න ඇවිදින එක ලේසි නෑ... ටික වෙලාවක් ගියා .... දඩිබිඩි ගමන් විලාසය සන්සුන් කර ගන්න...

ඉන්පස්සෙ ඉතින් හිත දුවනවා... ළමයි ටික එකම හරියෙ ගැවසෙන්නෙ.. ඒ මදිවට සිමෙන්ති පඩියක් උඩ තුන් හතර දෙනෙක් එක පෙළට වාඩි වෙලා.... මේ මොන විකාරද කියල හිතෙනවා ඇති.... අඩුම තරමෙ මේ ටික වෙලාවටවත් නිදහසේ ඉන්න ඕනෙ... අනිත් අයගෙ වැඩ ගැන නොහිතා.... එහෙම හිතල මම ශාලාවෙන් අනිත් පැත්තට ගියා... ඒ පැත්තෙ මමම විතරයා.... මල් ගස් ඇරුණම එක දිගට විහිදුණු තණපියස.....

මම හෙමිහිට ඇවිදගෙන ගියා... ඔන්න දැන හිත ටික ටික සන්සුන්... මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදගෙන යන කොට... තුත්තිරි ගහක් හමු උණා... මම ඒ තුත්තිරි ගහ පහු කර ගෙ‍න ගියා... ඒත් මෙන්න තුත්තිරි ගහ මගෙ හිතේ ඇලවිලා....

''......... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න පුළුවන්... තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි... ඒත් කවුරුවත් ඒ මැදට යන්න කැමති වෙන්නෙ නැහැනෙ... තුත්තිරි ඇනෙනවා.. ඒක මහා දුකක් නොවුණට කරදරයක්... තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා. ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළ හැදෙනවා.... අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්... තරහ, කලකිරීම, නොරිස්සුම, උදාසීන ගති, ඊර්ෂ්‍යාව..... මේ වගේ තුත්තිරි ගස්... මේවා විගහින්ම ගලවල දාන්න ඕන... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා.... ''

මගේ හිත මට කියනවා.... '' ඔයාගෙ හිතෙත් මේ දවස්වල තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගලවල දාන්න...''

හිතත් එකක් සංවාදයක යෙදෙමින් මම ඉදිරියටම සක්මන් කළා... මෙන්න තණකොල අතරින් පුංචි සුදු මොට්ටු වගයක් එබිකම් කරනවා... මම හෙමිහි‍ට පාත් වෙලා බැලුවා... චූටි බිම්මල් කිහිපයක්... පාවහන් පැළි දෙපයින් දඩිබිඩියෙ දිව්වනම් මේ පුංචි සොබාදම් දරුවො මගේ පයට පෑගිලා පොඩි වෙලා යනවනේ.... ජීවිතේ සරල සුන්දර කාරණා කොයි තරම් නම් මග හැරිල යනවද මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක....

මම ආපසු හෙමිහිට එන ගමනෙ අර මගෙ හිතේ ඇලවුණු තුත්තිරි ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගලව ගත්තා.... පුංචි පල්ලියට ගිහින් කුරුසිය ළ ඒ තුත්තිරි ගස් තිබ්බා.... හිතින් ජේසූට මෙහෙම කිව්වා....

හෘදයෙන් සාන්තදාන්ත වූද....බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....

'' ආදර ජේසූනී, තුත්තිරි ගස් ගලවල දාලා ම‍ගේ හිත පිරිසිදුව තියා ගන්න මට උදව්වෙන්න....''

Wednesday, June 20, 2012

කිරි වීදුරුව


මම වැඩ කරන්නෙ රජයට සම්බන්ධයක් තියෙන ආයතනයක.... ( කොහෙද කිව්වොත් කට්ටිය මගේ බ්ලොග් බලන්න එන එකකුත් නැහැ.... බ්ලොග් එකේ කුණුහරුපත් ලියන්න ඉඩ තියෙනවා.... )

මට දැනෙන හැ‍ගෙන දේවල් විවෘතව කියන්න හිතෙනවා... එත් ඉතින් සුදු වෑන් හීනෙන් පේනවා.... මේ වගේ අදහස් අහිංසක පුරවැසියෙක්ගෙ හිතට එන එක වළක්වන‍්නෙ කොහොමද?  මේව හිතෙන හැමෝම අවි ආයුධ අරන් විප්ලව කරන්න යන්නෙත් නැහැනෙ..... නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන අදහස් දැක්වීමේ නිදහස පාවිච්චි කරනවා විතරයි..

අපිට දවසකට කිරි වීදුරුවක් දෙන්න යනවා රු. 20 කට..... නරක නැහැ වැඩේ.... එළකිරි එකක් බොන්න තියෙනවනම් හොයිනෙ....

මහා ප්‍රශ්නෙකට පුංචි පැලැස්තරයක්.... ‍මොන්ටිසෝරි ළමයින්ට කිරි වීදුරුවක් දුන්නට, අපි වගේ රජයේ සේවක සුළු පිරිසකට කිරි වීදුරුවක් දුන්නට කිරි ගොවියන්ගෙ ප්‍රශ්නෙ විසදෙනවද? ඕක තමයි මට තියෙන ප්‍රශ්නෙ......

මේ තරම් මුදල් කන්දරාවක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන රටේ සාමාන්‍ය ගොවි ජනතාවගෙ නිෂ්පාදනවලට අගය වටිනාකමක් එකතු කරල  සකසුරුවමට, ආකර්ශණීය විදියට, ‍පෝෂ්‍යදායක විදිහට වෙළපළට යොමු කරන්න වැඩපිළිවෙලක් සැකසෙන්නෙ නැත්තෙ ඇයි...

ප්‍රාදේශීය මට්ටමින් මේ ආහාර නිෂ්පාදන ආයතන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කරන්න පුළුවන් නම් හොයි නේද කියල මට හිතෙනවා.... විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.. ගමේ කුඩා ගොවි මහත්තයටත් හො මිලක් ලැබෙනවා..  ‍නිෂ්පාදනය කරල විතරකුත් මදි වෙළපළ පහසුකම් දියුණු වෙන්නත් ඕන... අනික මාධ්‍ය හරහා දේශීය ආහාර නිෂ්පාදන ගැන වැඩි උනන්දුවක් ඇති කරන්නත් ඕන...

මේ කොයි දේ කළත් වැඩක් නැහැ ඉතින් සාමාන්‍ය ජනතා‍වගේ අතේ පිච්චිය නැත්නම් Value added products මිල දී ගන්න.... 

Monday, June 18, 2012

සතිඅන්තය සොබාදම් මව් තුරුල්ලේ...


පසුගිය සති අන්තය ගෙවුණේ සොබාදහමයි, නව යෞවනයයි එක්ක... රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක වැඩ කරන මගේ යාළුවෙක් නව යොවුන් කොල්ලො, කෙල්ලො විස්සක් සහ අම්මලා දෙදෙනෙක් එක්ක යොවුන් වැඩසටහනකට මග්ගොන මැසනද් යොවුන් පියසට ගියේ පසුගිය සිකුරාදා... වැඩ ඇරිල හවස කට්ටියට එකතු ‍උණේ මරදාන දුම්රිය නැවතුම්පළේදි... දුම්රියේ ගමන වෙනදා තරම් සුවදායක උණේ නැහැ... සති අන්තය සහ රාජකාරි නිම වෙන වේලාව නිසා ලොකු තදබදයක් තිබුණා .. මග්ගොන දුම්රියපළින් බැස ගත් අපිව මැසනද් යොවුන් පියස දක්වා ගෙන යන්න පියතුමා වෑන් රථයෙන් පැමිණ තිබුණා....

මැසනද් යොවුන් පියස

'' අම්මා............  ගෙදර ආවා වගේ සනීපයක් හිතට දැනෙනවා... '' මම වෑන් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන.. මැසනද් යොවුන් පියස අපට නුහුරු තැනක් නෙවෙයි... නිතරම විවිධ වැඩසටහන්වලට එන යන තැනක්... බිම් මහළේ තියෙන පරණ තාලේ විශාල කුළුණු සහිත දිග කොරිඩෝර සහිත විශාල ශාලාව, සීතල සිමෙන්ති පොළව, චාම් පුංචි පල්ලිය හිතට නිවනක් ගේනවා... උඩු මහළ ‍ගැහැණු පිරිමි වෙන් වෙන් වශයෙන් සිය දෙනෙකුට පමණ නේවාසිකව ඉන්න පුළුවන් ශාලා දෙකකින් සමන්විතයි.. වෙනම දේශන ශාලාවක් තියෙනවා විශාල වේදිකාවක් සහිත...

ගොඩක් පැරණි ගොඩනැගිලි... මේ සියලුම ගොඩනැගිලි සිංහල උළු සෙවිලි කර තිබුණාලු.. නමුත් පසු කාලෙක ඒ උළු ඉවත් කර ඇස්බැස්ටස් තහඩු දමා ඇති බව පියතුමා පවසන්නෙ වේදනාවකින්.... සිංහල උළු වහළයේ පුංචි මතකයක් ඉතිරි වෙලා තියෙනවා දේශන ශාලාවේ එක් කොටසක පමණක්....

කෑම කාමරය, මුළුතැන්ගෙය චාම්.. පිරිසිදුයි. පිළිවෙලයි... ඒ මුළුතැන්ගෙයි හදන කෑමත් හරිම රසයි.... හැටන්වලින් ආව දෙමළ පවුලක් පියතුමා එක්ක මේ ආයතනය බලා ගන්නේ... මේ වතාවෙ ඒ අම්ම හිටියෙ නැහැ කෑම හදන්න... එයාගෙ දෝණි දේවිත් අම්මට දෙවෙනි නැහැ... රසට කෑම හදනවා... ඇඹරැල්ල ගෙඩි පිටින් දාලා මාළුවක් හදල තිබුණා මතක් වෙද්දිත් කටට කෙල උණනවා...

බලන බලන අත නිල්ල පිරුණු ගහකොළ... වැලි මිදුලක් ඇත්තෙම නැහැ... පිරිසිදු තණකොල යාය හැන්දෑවට වාඩි වෙලා උණුසුම් තේ කෝප්පයක් බිබී ‍ජීවිතේ ගැන කතා කරන්න කියාපු තැන...

දිගු අතීතයක් තියෙන මේ නේවාසිකය මුලින් භාවිත වෙලා තියෙන්නෙ නිර්මල මරිය නිකායේ පූජකතුමන්ලා වීමට ඉගෙන ගන්නා සිසුන් පුහුණු කරන දෙව්සත්හලක් විදියට. දැන් එය පාසල් සිසුන්, නව යොවුන්, තරුණ තරුණියන් සහා නායකත්ව පුහුණු ඇතුළු විවිධ වැඩසටහන් පවත්වන ස්ථානයක්....

මේ ආයතනය භාරව ඉන්නෙ නිර්මල මරිය නිකායික ගරු මේරියස් පියතුමා... වසර 15 ක විතර අතීතයේ ඉන් මම මේ පියතුමාව දන්නවා... නිහතමානී, සරල, සොබාදහමටත් මිනිස්සුන්ටත් ගොඩක් ආදරය කරන දයාබර පියතුමෙක්... සද්ද දාලා කරන ආටෝප වැඩවලට වඩා හෙමින් නමුත් අර්ථවත් ගමනක් යන දුර්ලභ පියතුමෙක්... මගේ ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා එකමුතුව ) අනුශාසක දිවිය ඇරඹුණේ මේරියස් පියතුමා එහි ජාතික අධ්‍යක්ෂකව සිටි අවදියේ.... අපි එතුමාගෙන් ඉගෙන ගත්ත‍ දේ බොහොමයි....

එතුමා තාත්ත කෙනෙක් වගේ අපේ ජීවිතවලට සමීපයි... මැසනද් යොවුන් පියසට යද්දි ගෙදර යනව වගේ හැීමක් දැනෙන්නෙ ඒ නිසයි...


පියතුමාගේ සරල බව, සොබාදහමට ළැදි බව මේ පියසේ ඕනෑම තැනක දැකිය හැකියි...  දිග කොරිඩෝ‍රයේ තියෙන බංකු පෙළ පිටපලු ලෑලිවලින් හදල තියෙන්නේ.... දිගටම තරුණ ජීවිතයට වැදගත් වන කියමන් වියදමක් නැති කලාත්මක බංකු පෙළක්.... කණ්ඩායම් සාකච්ඡා කරන්න ලී කොට රවුමට තබා සකස්  කළ ස්ථාන තියෙනවා... උදෑසන භාවනාවට ගන්න තැන විශාල බට පුරකින් ආවරණය වෙලයි තියෙන්නේ..... එතන ලී කොට, ‍‍කුඩා කොන්ක්‍රීට් කැටවලින් පණහකට පමණ ආසන පණවල තියෙනවා...


මේ ඉසව්වට වතුරෙන් නම් හිගයක් නැහැ... යන යන තැන ළිං, පොකුණු... වෙල් යාය ආසන්නයේ උඩට ‍නොබැපු හතරැස් ළි‍‍ේ වතුර නිල් කැටයක් වගේ... බාල්දිය දාලා අතින් අරන් නාන්න පුළුවන්... අනේ ඒ වතුර ටිකේ සනීපෙ... මේ නේවාසිකයේ නාන කාමරවලින් නෑම, ඇ සේදීම තහනම්. ඒ වතුර හිගයක් නිසා නෙවෙයි... විදුලිය අරපිරිමැස්ම ගැනත් හිතනවා තමයි... ඊටත් වඩා අද කාලෙ බොහෝ ළමයි, ‍යෞවන යෞවනයන් මේ වගේ සුවදායක ස්නානයක අත්දැකීම විල නැහැ... ඒ නිසා ගැහැණු පිරිමි ළමුන්ට  නාන්න මේ වගේ ළිං දෙකක් තියෙනවා යොවුන් පියස ආසන්නයේ...


මැසනද් ‍යොවුන් පියස ගැන නම් තව කියන්න ගොඩක් දේවල් තියෙනවා.. මේ ඇති මම හිතන්නේ... සෙනසුරාදා දවසම පරිසර චාරිකාවකටයි වෙන් වුණේ... ඒ ‍විස්තර මීළ ලිපිවලින් ලියන්නම්... 

Thursday, June 14, 2012

සුවපත් වේවා මව්පියො දෙදෙනා...



මම ආසම කරන දේවල් මොනාද කියල ඇහුවොත් පැහැදිලිවම දෙන්න පුළුවන් පිළිතුරක් තියෙනවා...

1.      පොත්
2.      සංගීතය
3.      සමාජ ඇසුර ( නෑදෑ හිත මිත්‍ර ඇසුර වගේම යහපත් සමාජයක් වෙනුවෙන් මමත් යම් දායකත්වයක් ලබා දෙන්න ඕන කියන එක මම අදහනවා...  )

ගීතයක් අහන්න හරි මුමුණනන්න හරි නැත්නම් මට හරිම පාළුවක් දැනෙනවා... ඒ වගේම කියවන්න පොතක් පතක් අතේ නැත්නම් ඒ වගේම ලොකු හිස්කමක්, පාළුවක් දැනෙනවා....

මම ආස, මට අහන්න ලැබෙන අපූරු ගීත ගැන ‍මගේ අදහස් ඔබත් එක්ක බෙදා ගන්න දරණ උත්සාහයෙදි මම මුලින්ම කතා කරන්න හිතුවෙ ගීතිකාවක් ගැන... ( කිතුනු අපි ගීතිකාවක් කියන්නෙ අපේ ඇදහීම, විශ්වාසය, බලාපොරොත්තු විශ්වයේ භාෂාව වන සංගීතය සමග මුසු කරල ගීතවත්ව දෙවි පියාණන්ට කරන යැදුමකටයි... අපට ගැයුම කියන්නෙ දේව වන්දනාවෙම කොටසක්... නැතුවම බැරි කොටසක්.... )

තාගෝර්තුමා කියල තියෙනවා '' ගැයීම දෙවරක් යැදීමක් '' කියල... ඔයාලත් අහල ඇතිනෙ ඒ ගැන.... තාගෝර්තුමාගෙ කවි කියන්නෙ ඇත්තටම දෙවියන් ආමන්ත්‍රණය කරන ගීතිකා....

ගැයීම දෙවරක් යැදීමක් වෙන්නෙ කොහොමද කියන එක ගැන මමත් ගොඩක් වෙලාවට හිතල තියෙනවා.... මට හිතෙන්නෙ ගායනාවක් කරද්දි අපේ හදවතින්ම අපි ඒ ගායනාවත් එක්ක බැ‍ෙඳනවා. ආත්මයෙන්ම එක් වෙනවා... නිකම්ම වචනවලින් කරන යැදීමකට වඩා ගීතිකාව ප්‍රබල වෙන්නෙ ඒ නිසයි...

පුංචි කාලෙ ඉඳන්ම හරිම ආස ගීතිකාවක් තමයි '' ‍ලේ කිරි කරලා " ගීතිකාව.... කිතුනු විවාහ මංගල දිව්‍යපූජාවන්වලදි බොහෝ වෙලාවට මනාල යුවළ දෙමව්පියන්ගෙ පා නැමදල සරණ බන්ධන පිළිවෙතට පිවිසෙන්නෙ මේ ගීතිකාවෙන්... නව යුවළගෙ, ඔවුන්ගේ දෙමව්පියන්ගෙ වගේම අනිත් අයගෙත් ඇසට කඳුලක් නැගෙන අවස්ථාවක් මේ....

ලේ කිරි කරලා මට පෙව් අම්මා
මා ලෙඩ වූ විට නිදි මරමින් ළඟ ඉන්නා
මගේ විපතෙදි මා අත්නොහරිනා
අනේ සමිඳුනේ මගෙ අම්මා රැකදේවා.....

දහදිය හෙළලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
මගේ සැප පතා සැප අත් හරිනා
අනේ සමිඳුනේ මගෙ තාත්තා රැකදේවා.....

සුවපත් වේවා මව්පියො දෙදෙනා
ඔවුන් විඳින දුක හිරු දුටු පිණි මෙන් වේවා
විඳ නිම නොවෙනා සැපත ලබන්ටා
අනේ සමිඳුනේ මගෙ මව්පියො රැකදේවා....

මොලොව අපි දකින දෙවියන්, බුදුන් අපේ අම්මයි තාත්තයි නේද?අපි පුංචි කාලෙ ඒ අය අපි වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරනවද? අපේ කරදඬු උස්මහත් වුණාම අපිට දෙමව්පි‍යන්ගෙ අඩුපාඩු පේන්න පටන් ගන්නවා... අපි තමයි හැමදේම ‍දන්නෙ කියල හිතනවා.. අපේ අතින් එයාලගෙ හිත් රිදෙනවා...  අම්මල, තාත්තල ඇත්තටම පව්... එයාලගෙ වරදක් අඩුපාඩුවක් තියෙන්නත් පුළුවනි... ඒත් කුසේදි නැති නොකර, මැරෙන්නට අත් හරින්නෙ නැතිව, මහමග දාල යන්නෙ නැතිව අපට ජීවිතය දුන්නු නිසාම විතරක් උණත් අපේ ආදරය, ගෞරවය එයාලට හිමි වෙන්න ඕන.....

මේ ගීතිකාව ගැන මතකය අළුත් උණේ හිත සසල කළ සිදුවීමක් නිසයි... ඔයාලට මතක ඇති මම ලිව්වා කැදැල්ල හැරදා ගිය කිරිල්ලියක් ගැන... ඒ නංගී අපේ ගමේ... පසුගිය සෙනසුරාදා ඇගේ අවසන් කටයුතු සිදු වුණේ... ඒ පවුලම ගමේ පාරම්පරික බෞද්ධ.... පුදුමයක් උණේ මළ ගෙදරට ගිය ගමන්ම ඇයගේ සැමියා මගෙන් කළ ඉල්ලීමයි...  ( ඒ මල්ලි තමයි අපේ ගමේ... අපි පුංචි කාලෙ ඉඳලම දන්න හඳුනන අය  )

'' අක්කෙ ඔයාලගෙ ආගමේ හැටියට මොනා හරි කරන්න... මට ෆාද කෙනෙක් ගෙන්නල බ්ලෙස් කරල දෙන්න ''  මේ ඉල්ලීම කිහිපවරක්ම යොමු වුණා... අතින් අල්ලගෙන කඳුළු නැති වියළුණු හිස්ම හිස් මුහුණින් ඒ වගේ ඉල්ලීමක් කරද්දි මගේ ඇස්වලටයි කඳුළු පිරුණෙ...

ඇයි මේ වගේ ඉල්ලීමක් කරන්නෙ.... ඉල්ලීම ඉටු කරන්න උත්සාහ දරන අතරෙ ඇයි ඒ කියන හේතුවත් මට දැන ගන්න ලැබුණා...

නංගි ජීවත් වුණ අවසන් සති කිහිපයේ එයාල නැවතිලා හිටියෙ රාගම නිවසක... කතෝලික යාළුවෙක් එයාව තේවත්තෙ පල්ලියට එක්කරගෙන ගිහින් තියෙනවා... ‍තේවත්තෙ පල්ලියෙ ලස්සන දේව මෑණියන්ගෙ ප්‍රතිමාවක් තියෙනවා... එතනට වෙලා දවසම උණත් ඉන්න පුළුවනි.. ඒ තරම්ම ශාන්තයි... නිස්කලංකයි... ඉතින් මේ නංගිත් ගොඩක් වෙලා එතන හිටියලු.... එදා තමයිලු සැනසීමෙ කෙල්ලට නින්ද ගියේ.. ඉන්පස්සෙත් නංගිගෙ ඉල්ලීම නිසා කිහිපවරක් තේවත්තෙ පල්ලි ගියාලු..

එයා හරිම ආසයිලු මේ '' ලේ කිරි කරලා '' කියන ගීතිකාවට... තමන්ගෙ ජීවිතය අහිමි වෙනවා කියල දැනෙද්දි ජීවිතය දුන්න අම්මයි, තාත්තයි ගැන මොන තරම් දේවල් හිතෙන්න ඇද්ද.... ඉතින් කිරිල්ලියගෙ දේහය ළඟ ශුද්ධවු පැය යැදුම් මෙහෙය කරලා අපි මේ ගීතිකාව ගායනා කළා....

මේ ගීතිකාව ගායනා කළ වෙන කවරදාටත් වඩා වෙනස්ම දුක්බර හැඟීමක් එදා ඇති උණේ... මේ නංගි රෝහලේ ඉන්නකල්ම මට බලන්න යන්න බැරි උණා... හීනෙකින්වත් හිතුවෙ නැහැ මේ ව‍ගේ ඉක්මන් සමුගැනීමක්... අදත් මගේ හිත පසුතැවෙනවා... ‍ඇය වෙනුවෙන් මොනවත්ම කළේ නැහැ නේද කියල...

අපෙන් ලෝකයට, දෙමව්පියන්ට වෙන්න තියන යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන... මොකද අපට මේ ලෝකය දාලා යන්න වෙන දවස අපි හරියටම දන්නෙ නැති නිසා.... ඒ වගේම අපි වටේ ඉන්න අයත් කොයි මොහොතේ අපෙන් සමුගනීද කියල දන්නෙ නැති නිසා....

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ....

ප.ල. මේ ගීතිකාව යූටියුබ්වල තියෙනවා... '' ලේ කිරි කරලා '' සොයන්න... තාම බ්ලොග්වල වැඩි වැඩ දන්නෙ නැති නිසා මේ ගීතිකාව බ්ලොග් එකට ඇතුළ් කරන්න බැරි උණා... 

Friday, June 8, 2012

කිරිල්ලිය කැදැල්ල හැර ගියා... සදහටම



අකුරු හදාරන කාලෙ ඉලමයි මේ කුරුළු ජෝඩුව පෙමින් බැුණෙ.....
වසර ගණනාවක් පෙරුම් පුරල කැදැල්ලක කූඩු උණේ පහුගිය දුරුතු මහේ...
කැදැල්ලේ උණුසුමට කැටි වෙන්නට ලැබුණෙ එකම සතියක් පමණයි...

කුරුළු ඉළන්දාරියා සත් සමුදුරෙන් එහා ඉගිළුණේ
කිරිල්ලියවත් ඉක්මණින් තමන් ළට කැන්ද ගන්න හිතා ගෙන...
අනේ කොයි තරම් බලාපොරොත්තු ගොඩක් පොදි බැගෙන ඉන්න ඇද්ද හිත්වල....

කිරිල්ලිය ගිලන් වුණා.... හීන බො උණා.... කුරුළු ඉළන්දාරියා ආපහු ගම රට ආවා...
අහිංසක කිරිල්ලිය සදහටම දෙනෙත් පියා ගත් බව ඊයෙ දැන ගන්නට ලැබුණා...
පිලිකාවක්ලු කිරිල්ලිගෙ ජීවිතේ අරන් ගියේ......

දෛවය මේ තරම් අකාරුණික වෙන්නෙ කොහොමද?
මේ කර්මයද?
ලබා උපන් හැටිද?
දේව කැමැත්තද?
අපි කන්නෙ බොන්නෙ හුස්ම ගන්නෙ විස නිසාද?

මනාලියක් වූදා කිරිල්ලියගෙ අහිංසක හිනාව, සුන්දරත්වය හි‍තේ මැවි මැවී ජීවිතේ අර්ථය ගැන වැඩි වැඩියෙන් හිතන්න කියල මගේ හිතට බල කරනවා....

ආදර සොයුරිය ඔබට නිවන් සුව අත්වේවා... කිසිදු අත් භවයක මෙවන් අකල් මරණයක් හිමි නොවේවා..
සදාතනික සැනසුම ලැබේවා.....