Wednesday, July 25, 2012

පුංචි අපට සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න....




wdorKsh  wïud ;d;a;d we;=¿ jeäysá ieu fj;
yhy;rla fkdokak lsßimamfhd úÈhg wms fï f,daflg wdfj Thd, .ek úYajdih ;sh,hs' wfma msysg Thd,hs' wfma /ljrKh Thd,hs' wfma w;aje, Thd,hs' wms f,dalh olskafk Thd,f. weiaj,ska" wms f,dalh f;areï .kafk Thd,f.ka' fldákau wms Ôj;a fjkak bf.k .kafk Thd,f.ka'

ta;a ±ka wmg Thd,f. jeäysá f,dafl .ek mqÿudldr nhla ±fkkjd' yeu w;skau wmg wykak olskak ,efnkafk wmrdO" ñkSuereï" wms jf.a mqxÑ <uhskaj úkdY lrk yeá''' ±ka wms fldfyduo Thd,j úYAjdi lrkafk' wms yßu wirKhs lsh, wmg ysf;kjd' wehs mqxÑ wmsg fï jf.a ysßyer lrkafk''' msfmkak;a l<ska wehs fï wysxil u,a lel=¿ úkdY lr, odkafka''''

f,dl= whf. ys;aj, ;sfhkafk fudkjo lsh, wms okafk kE' wms thd,g <x fjkafk wdorh fydhd f.k' fudk ys;lskao wdorh fydhdf.k tk mqxÑ wmsj ;,," fm,, úkdY lr, odkafk' wms fldfyduo wkd.;hg uqyqK fokafk' mqxÑ ldf,u Thd, wfma ys;a ìhjeoaÿju" úlD;s l<du wkd.;fhÈ iudchg ffjr lrk" tfyu ke;akï iudchg nh fjk flfkla fkao ìys fjkafk'''

wdor wïfï" ;d;af;a fï kmqre f,dalfhka wmsj wdrlaId lr .kak' Thd,f. Pkaofhka n,hg m;a fjÉp wh;a" we;s yels wh;a wo mqxÑ wfma Ôú; fi,a,ug wrf.k'''' wfmau wïu," ;d;a;," wdÉÑ," iSh," kekao, udu," whsh, wlal, wfma Ôú; úkdY lrkjd' tfyu;a ke;akï úkdY fjkak wer, n,d f.k bkakjd''''
wms ldreKslj b,a,kafk Thd,f. Pkaoh hym;a ldreKsl kekao," udu,g ú;rlau fokak' ñksialï fkdokakd kmqre ñksiqka w;g n,h fokak tmd'''' mqxÑ wms fjkqfjka" wfma wkd.;h fjkqfjka Pkaoh fokak l<ska fojrla ys;kak' fyd¢ka ys;kak wdor wïfï ;d;af;a'

biair wfma uq;=kañ;af;d we,afuka wl=re bf.k .kak lsõfj bÈßh .ek ys;,' ta;a wmsg biaflda,hla fydhd .kak wïu, ;d;a;, ú¢k ÿl wms olskjd' biafldaf, .shdg miafi bf.k .kak ;sfhk ;rfÕ ksid mqxÑ wms fyïn;a fj,d'''' wfka wmg ksoyfia i;=áka bf.k .kak mq¿jka jgmsgdjla yo, fokjkï fldhs ;rï fyd||@

fvx.= jix.;hla fj,d' wms jf.a mqqxÑ <uhs f.dvla fvx.= frda.h ksid ñh .shd' ñh hñka bkakjd' Thd, w~d je<fmkjd' ta;a mßirh fvx.= uÿrejkag rc oykla lf<a Thd,u fkao@ ÈhqKqj" ixj¾Okh lshñka mßirh úkdY lrkjd' bÈßfhÈ wmsg uefrkak fjkafk kula j;a okafk ke;s f,v yodf.khs''''

wms à'ù' tfla olskjd''' wïu flfkla fndfydu wdofrka thdf. orejkaj ;=re¿ lrf.k fldldflda,d fndkak fokjd' fldldflda,d ji¨' fï jf.a f.dvla lD;su lEu cd;s fkd±kqj;au wmsj f,âvq lrkj¨' wfka wïfu fïjd fkd±ko Thd, wmsg fï jf.a lEu cd;s wrka fokafk''' wms ys;kafk Thd, yeufoau lrkafk wdof¾ yskao lsh,hs" wmsj /l .kak lsh,hs'''' ta;a wdor wïfï ;d;af;a wdof¾ ksid Thd, lkak fndkak fok foaj,a wfma Ôú; úkdY lrkjd lsh, Thd, okakjo@

wfma rg blauKska ÈhqKq jk nj fmakjd' <ÕÈu wfma rg wdishdfõ ftYap¾hh fõ¨''' ta;a .yfld," we, fod," mßirh úkdY lrkafk ke;sj ixj¾Okh lrkak neßo@ wms mßirh úkdY lrk ksid fkao ±ka ±ka wmg jeä jeäfhka iajNdúl úm;a;sj,g uqyqK fokak fj,d ;sfhkafka'''' fï mqxÑ rg fldkal`%SÜ ;Ügqj,ska msfrõju wmsg Ôj;a fjkak msßisÿ yqiau fmdola" isys,a fyjKla" msßisÿ Èh ì|la b;sß fõúo@ wms fjkqfjka lrkak ´k f,dl=u foa ;uhs mßirh /l .kak tl' wms ÈhqKqj lrd hkak ´k''' wfma .=KO¾u /lf.k" wfma mßirh /lf.k''' mqxÑ wmg kï ysf;kafka tfyuhs'''' tfyu ke;akï wms yefudau úkdY fõú'''''

Thd, mqxÑ wms .ek ys;kjkï fï wfma uõìu wmrdO" fydruer" ¥IK" jxpdjka msreKq wmdhla lrkak tmd' f,dalh;a tlal bÈßhg hkak kï wms ÈhqKq fjkak ´k' ta;a ta tlalu wms fyd| .=Koyï /l .kak;a ´k''' fï rg iqkaor ;ekla fjkafk t;fldghs'

ohdnr jeäysáhks" mqxÑ wmsj oEi jf.a /l .kak' wms fjkqfjka wfma uõìu;a /l fokak' fï wfma wdhdpkhhs'

,laìfï ish¨u ¥ orejka fjkqfjka
Y%S ,xld <ud l%shdldÍ ùrfhda jHdmdrfha orefjda

^ miq.sh cQ,s 21 jk od mej;s md .ufka§ fnod yßkakg  ks¾udKh l< fï m;  %sldj uu ghsma lr, ;snqfK t*a tï wl=rej,ska'' subasa.lk j,ska hqksfldaâj,g mßj¾;kh lr .;af;a'' uf.a jEhu id¾:lo lsh, Thd, ;uhs ug lshkak ´k''' &

Monday, July 23, 2012

අති සුන්දර සත්‍ය කතා




පොතේ නම           :- '' එය මෙසේ සිදු විය''
කර්තෘ                   :- සමන් අතාවුදහෙට්ටි
මිල                       :- රු. 280.00
ප්‍රකාශනය              :- කිංකිණි ක්‍රියේෂන්ස්



පසුගිය දවස් කිහිපයේ කියවන්නට ලැබුණු තවත් අපූරු පොතක් ගැන තොරතුරු ඔබ හමුවේ දිග හරින්නටයි මේ සූදානම. සමන් අතාවුදහෙට්ටි කියන්නෙ අපිට නුහුරු නුපුරුදු පුද්ගලයෙක් නෙවෙයිනෙ.. අපි පුංචි කාලෙ ළගන්නාසුළු හකින් පුංචි තිරයේ නිවේදන කටයුතු කළ මෙතුමා අමතක නොවන පුද්ගලයෙක් උණේ දිගු කොණ්ඩයත්, රැවුලත් නිසා බව නොරහසක්...

ටයි මාමා‍ හ කැවූ බොහෝ නිර්මාණවල මේ නිවේදකයා මවන චරිතය වෙන් කර හුනා ගත හැකි තරමට ඒ කටහ අපට සමීපයි.... ඔෂීන් නැවත බලද්දි රූසෝට ජීවය කැව්වේ අන් කිසිවකු නොව සමන්  අතාවුදහෙට්ටිම බව පසක් වෙනවා...

පසුකාලීනව ඔහු මට හමුවු‍ණේ සුනේත්‍රා රාජකරුණානායක සමග ලියූ හෘද සූත්‍රය තුළින්... හෘද සූත්‍රයේ කාන්තා පාර්ශවයේ හදගැස්ම සුනේත්‍රාගේ රචනා ශෛලියෙන් ලියවෙද්දී, පුරුෂ පාර්ශවය නියෝජනය වුණේ සමන් අතාවුදහෙට්ටිගෙන්.... අමුතු සිත්ගන්නා කතාවක් ....

අද ඔබට හුන්වා දෙන්නට යන '' එය මෙසේ සිදු විය'' කෘතිය පුවත්පත් කොලමක් සහා ලියූ ලිපි පෙළක්... 1994 දෙසැම්බර් මස සිට ඉරිදා දිවයිනේ ක්‍රීඩා පිටුවේ පළ වී ඇති මෙම ලිපි පෙළ පසුකාලීනව ක්‍රීඩාවට පමණක් සීමා නොවී කලාව, සාහිත්‍යය, රූපවාහිනිය, දේශපාලනය වැනි විවිධ ක්ෂේත්‍රවලට යොමු වූ බවයි පෙරවදනේ සහන් වෙන්නේ.. ක්‍රීඩා පිටුවෙන් මීවිත අතිරේකයට පැමිණ ලැගුම් ගත් කොලම බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා දැන්  පොතක් ලෙස එළිදැක්වී තියෙනවා...

අපි හැමෝම පුංචි කාලෙ ආශාවෙන් ගායනා කළ ''මේ ගසේ බොහෝ'' ගීතයේ ඉතිහාස කතාව මුල්ම ලිපි කිහිපයෙන් දැන ගන්න පුළුවන්... ගීතයේ සැබෑ නිර්මාණකරුවන් කවුද  අකෘතඥ සමාජය ඔවුන්ට කෘතගුණ දැක්වූයේ කෙලෙසද යන්න මෙහි කියවෙනවා...

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ක්‍රීඩා උළෙලකට රෝද තු‍නේ වාහනයෙන් පැමිණි ක්‍රීඩා ඇමතුතුමෙක් ගැනත් සහන්. වර්තමානයට අභියෝගයක් වන තරම් මහත්මා ගති ඇති දේශපාලඥයන් එදවස සිටි බවට නිදසුන් වන ලිපි කිහිපයක්ම ඇතුළත්.....

ටයි මාමා ගැන අපූරු තොරතුරු කිහිපයකුත් දැන  ගත හැකියි...

ගුණදාස කපුගේ මහත්මා ගායනා කළ ''කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුණු මල් පාරේ '' ගීතය නිර්මාණය වුණු හැටි දැන ගන්න ආසද? එහෙමනම් පොත කියවන්නම වෙනවා...

ජපානය කියන්නෙ මගේ සිහින දේශයනෙ... ජපන් හයිකු කවියටත් මම හරිම ආදරෙයි... මේ පොතෙන් තමයි මම දැන ගත්තෙ හයිකු කවිය මුලින්ම ලංකාවට හුන්වා දුන්නේ බණ්ඩාර කේ විජේතුංගයන් බව.. මේ ඔහු ලියූ හයිකු කවියක්ලු..

'' මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීලි මත ''

අපූරුයි නේද?

එපමණක් නොවේ... බණ්ඩාර කේ විජේතුංගයන් බොහෝ චිත්‍රපට සහා අමරණීය  තේමා පාඨයන් නිර්මාණය කළාලු...............

අභිමාන් සහා ඔහු ලියූ තේමා පාඨය මෙන්න....
'' ඔබත් මමත් එක් කළේද සංගීතයයි.... ඔබත් මමත් වෙන් කළේද සංගීතයයි..."


කලා ලොවේ, ක්‍රීඩා ලොවේ, දේශපාලනයේ අපූරු චරිත සත්‍ය සිදුවීම් පිළිබව රසවත්ව ලියැවී ඇති, එක හුස්මට කියවන්න ආස හිතෙන අපූරු පොතක් තමයි '' එය මෙසේ සිදු විය.'' වැඩි විස්තර කියන්නෙ නෑ මම... පොත හොයාගෙන කියවලම බලන්නකෝ...





මේ තියෙන්නෙ කියවන්න ආශාවෙන් ඉන්න, තාමත් කියවන්න නොලැබුණු සමන්ගේ අළුත්ම පොත... 









විශේෂ ස්තූතිය - පොතේ හිමිකරු බෝධි අයියාට සහ තමන්ගේ ස්වාමියාගේ පොත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව මට කියවන්න ගෙනත් දෙන ආදරණීය මිතුරිය දිනූ ට....

Friday, July 20, 2012

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද ( 02)


'' අර ඇවිත් ඉන්න ආමි එකේ ළමයි ආබාධිත ළමයි හාමිනේ.. මේ යුද්දෙ අස්සෙ ආබාධිත ළමයිව තමයි ගොඩක් වෙලාවට මළගෙවල්වලට එවන්නේ. තරුණ ජීවිතවලට යන කලක්. මේ යුද්දෙ කවදා ඉවර වේවිද? ''

පසුදා උදෑසන පිල මත වාඩි වී තේ බොන ගමන් අප්පච්චී කී කතාවට ගිනි ඇවිළුණේ මලිතිගේ අහිංසක පපුවේය. සුදු අක්කාගේ අයියා කොයි තරම් හොඳඳ? ඔහු මිහිමත වැඩි දෙවියෙක් වන් මිනිසෙකි.  ඒත් ඒ යහපත් මිනිසාද යුද්ධය විසින් බිලිගෙන තිබිණි. කතා කරන දෑස හිමි වන්නේ ආබාධිත සොල්දාදුවකුටද? දෙනෙත තෙත් වූයේ ඇයටත් නොදැනීමය.

'' අන්කල් අපි මෙහෙ ළි‍දෙන් නා ගත්තට කමක් නැහැ නේද?'' 

ඉදිරි මිදුල දෙසින් කටහඬවල් කිහිපයක් එක වර නැගී ආවේය. ඒ අතර අප්පච්චී ඇමතු හඬ ඔහුගේය. නිසැකවම ඔහුගේය. මලිති හෙමිහිට කවුළුව අද්දරට ඇදුණාය.

'' ඕකත් අහන්න දෙයක්ද මහත්‍තයො. '' ඒ අප්පච්චීගේ කටහඬය.

කතා කරන දෑසද නිවස දෙසට එමින් සිටියේය. ඒ විමසිලිමත් දෑස සීරුවෙන් යමක් සොයන්නාක් මෙන් දැනේ. ඔහුගේ ගමන් විලාසයෙහි අමුත්තක් ඇත. කොර ගසන අයුරක් දිස් වේ. ඈ මුවට සුසුමක් නැගිණි. හිත ඉඳිකටුවකින් පාරන්නාක් මෙනි.  


'' ලොක්කියේ මේ මහත්තයලට තුවායක් සබන් කෑල්ලක් දුන්නොත් හොඳ නොවැ''

...... අයියෝ මේ අප්පච්චිත් කියන කතා... ඒ මහත්තයල ඉස්සරහ ලොක්කි කිව්වනේ... වස ලැජ්ජාව... මලිති සිතින් ‍මිමිණුවාය. කරන්නට දෙයක් නැත. අඩුමකුඩුම ළිඳ ළඟට යවන්නට මල්ලීද නැත. අම්මා කුස්සියේ වැඩකය. කපුරු සුවඳ රැඳුණු අළුත් තුවායක් අල්මාරියෙන් ගත් මලිති සුවඳ සබන් පෙට්ටියද ගෙන ළිඳ වෙතට ඇදුණාය.

'' අන්න මචංලා ලොක්කි එනවා.  අන්කල්ගෙ ඇස් පේන්නෙ නැද්ද මන්ද? මේ ස්වීට් ගර්ල්ට ලොක්කි කිව්වේ..." 

කටකාර තරුණයාගේ කතාවට අවටින් මහ සිනා හඬක් නැගිණි. මලිති විලියෙන් හැකිළුණාය. කඳුලක් ඔන්න මෙන්න ඇහි පිය යටය. ඇය සබන් පෙට්ටියත්, තුවායත් ළිං බැම්ම මත තබා ආපසු හැරුණාය. මෙන්න ඈ ඉදිරියේ කතා කරන ඇස් දෙක...

" චුට්ටක් මූණ බලල ගියාට ඇස් දෙක ගෙවෙන එකක් නෑ.." 

අත් දෙක බැඳගෙන ඔහු උන්නේ නිවසට යන අඩි පාර හරි මැද හිටගෙනය. දෑසේ වූ හැඟීම් කෙබඳු දැයි වටහා ගත නොහැකිව මලිති මදක් විපිළිසර වූවාය. ඉනික්බිති අඩි පාර මග හැර නිදිකුම්බා පඳුරක් නිදි ගන්වමින් ඈ නිවස වෙතට දිව ගියාය.

දවස ගෙවී ගියේ නිරන්තරේ සිය නෙත් හා ඇමිණෙන නෙත් හී සර පහරින් හදවත දෙදරමින් තිබියදී ය.

'' නම නලින්ලු... රිවිරැස මෙහෙයුමේදි වෙඩි වැදිලා... මැරිල කියලයි හිතල තියෙන්නේ.. ඒත් මිනී ගොඩට ඇදල දාන්න යද්දි කෙිරි ගෑවුණ නිසාලු බේරිලා තියෙන්නෙ. අවුරුද්දකට වඩා එක තැන හිටියලු. දැන් කකුලක් කොටලු..''

මලිති වෙනුවෙන් රහස් ඔත්තු සේවයේ යෙදුණේ ඇගේ හොම මිතුරිය සුබාය.

'' පව්...... මලිති....  ඒ වගේ කොල්ලෙක්ට ආදරේ කරන එක පිනක්... '' සුබා අවසන් නිගමනය දුන්නාය.

'' පිස්සුය ඔයාට... දැක්ක දුටු පලියට ආදරේ කරන්න පුළුවන්ද?'' 

මුවින් එසේ පැවසුවද ඒ කතා කරන දෑස සදා සන්තකයට ගන්නට තරම් සිතුවිල්ලක් මලිතිගේ සිතේ පැලපදියම් වී තිබිණි.

-----------------------------------------ef-------------------------------------------

රෑ මැදියමත් පසු විය. සුදු අක්කාට තම සැමියා අසලින් සිටින්නට ලැබෙන අවසන් රැය මියැදෙමින් තිබිණි.  අම්මා නැවත කෝපි වටයක් යවන්නට සූදානම් වෙමින් සිටියාය.

'' මේ.............. අන්න අර අයිය ඔයාට ටිකක් කතා කරන්නලු...'' මලිතිව ගෙමිදුලට ඇදගෙන ගිය සුබා රහසින් කොුලාය.

'' කවුරු'' මලිතිගේ දෑස් නළලේය.

'' අර උඹේ කතා කරන ඇස් දෙක'' සුබා කිව්වේ මලිතිගේ අත කොනිත්තමිනි. දෙදෙනාගේම ඇස් මද 
ුරේ තරු කැට සේ දැල්විණි. මලිතිගේ හිත ගැහෙයි. සතුටද බියද ඇයට නොවැටහේ.

'' කොහෙද''

'' පිටිපස්සෙ කෝපි ගහ ළ''

මලිති සුබාද අතින් අල්ලාගෙන කෝපි ගස දෙසට සෙමින් ඇවිද ගියාය. සරදමක් නොවේ. කතා කරන ඇස් දෙක කෝපි මල් අතරින් දිලිසිණි. සිනා මුව කෝපි මල් පොකුරක් පරදන්නේ යැයි මලිතිට සිතිණි.

'' හවුලෙ ලව් කරන්න බෑ... කතා කරල වරෙං.. මම ඈතින් ඉන්නම්..''

එකවරම මලිතිගෙන් සිය අත මුදා ගත් සුබා ආපසු හැරී දිව ගියාය.

'' අනේ සුබා'' මලිතිට කෑ ගැහෙන්නට ගිය තරම්ය. ඇය සුරතින් මුව වසා ගත්තාය. යම්දෝ නොයම්දෝ සිත ගැහේ.

'' බයවෙන්න එපා නංගි.. ටිකක් කතා කරන්න ඕනෙ.."

කිසිවක් සිතන්නටත් පෙරම මලිතිගේ අතක් රළු ග්‍රහණයකට මැදි වී තිබිණි. උණුසුම් හුස්මක් ඇගේ ගෙලේ දැවටිණි. ඉන් නැගී ආයේ සැර දුඟඳකි. මලිති වහා ආපසු හැරුණාය. කතා කරන දෑසේ කැල්ම වෙනුවට ඈ දුටුයේ රත් පැහැ ගත් මත් වූ දෑසකි.

" අනේ අයියෙ මගේ අත අතාරින්න'' ඈ කෙිරුවාය. ගමේ කාගෙත් හො හිත දිනූ ලොකු දූ ය ඈ... ඉදින් කෑ ගසා පෙරළි කරන්නටද බැරිය.

'' අනේ අයියේ'' ........................ මලිති යළි ආයාචනා කළාය.

'' බයවෙන්න එපා...'' ඒ කෑදර හකි. මලිති වෙව්ලා ගියාය. ඔහු උත්සාහ කළේ ඈ වැළ ගන්නටය. මලිතිට දැණුනේ වමනයට එන තරම් අප්‍රසන්න බවකි.

'' අතාරිනවා මාව '' 

ඈ කෑ ගැසුවාය. නමුදු ග්‍රහණය තව තවත් දැඩි විය. තව දුරටත් කතා කරන කාන්තිමත් දෑසක් නොවීය. තෘෂ්ණාවෙන්, ආශාවෙන්, නොඉවසිල්ලෙන් බර වු දෑස දකින්නට අප්‍රියය. මලිති දෑතම ඔහුගේ පපුවට තද කර හැකි වෙර යොදා පසෙකට තල්ලු කළාය. ආබාධිත කකුලටත් වඩා  වාරු නැති වූයේ මත්පැනින් ආබාධිතව පැවති සිහිකල්පනාවට වන්නට පුළුවන. කපා හෙළු ගසක් මෙන් කෝපි ගසේ අතු කිහිපයක් කඩා ගෙන බිම වැටුණේ ඔහුය. ඒ තරම්ම වේගයෙන් කඩා වැටුණේ මලිතිගේ හිතය.

බිී වැටුණු කෝපි මල් අහුරක් මලිතිගේ පයට පෑගිණි.

ඊයක් මෙන් තමා අසලින් ඇදී ගිය මලිති දැක විස්මපත් වූ සුබා ද ඈ පසුපස දුව ගියාය. වැට කඩුල්ලත් පැන නිවසට දුව ගිය මලිති නැවතුණේ තම කුටියේය. සුබා ඈ සොයා එන විට මලිති කොට්ටයේ මුහුණ ‍හො‍වාගෙන හා වැටෙමින් සිටියාය. ඉකිගසන වේගයට දෙවුරද පිටද සෙලවේ. නමුදු මලිති නිසලය.

'' මලිති... මොකද උණේ ... කියපන්කො.. අනේ කෙල්ලෙ අන්නෙ නැතිව කියපන්කො... ''
සුබාගේ සිතටද බියක් දැ‍නේ. කුමක් සිදු වූවාද? තමා ඇයව කරදරයක පැටලෙව්වද?

'' අනේ මලිති කියන්නකෝ...'' මලිතිව දෙවුරෙන් අල්ලා තමා වෙතට හරවා ගත් සුබා නැවතද ඇසුවාය. බියපත් මුහුණ කුලින් නෑවී ඇත. මලිති සුබාගේ අත් දෙකම වැරෙන් අල්ලා ගත්තාය.

'' හැමෝම සුදු අක්කගෙ අයිය වගේ සාන්තුවරු නෙමෙයි කෙල්ලේ....'' 

ඉකිබිුම් අතරින් එසේ කියූ මලිති සුබාගෙ උරහිසේ මුහුණ හොවා නැවතද වැළපෙන්නට වූවාය.

 - නිමි - 

( ඔන්න බ්ලොග් එක වෙනුවෙන් ලියූ මුල්ම කෙටි කතාව නිමි. බ්ලොග් ලියන්නෙත්, බලන්නෙත් කාර්ය බහුල අය නිසා මට හිතෙනවා ප්‍රබල අත්දැකීම් කෙටියෙන්, ඒත් වඩා සිත් ගන්නා විදියට ලියන එක තමයි බ්ලොග් ලෝකෙට ගැළපෙන්නෙ කියල. මේ කතාව නම් දිගු වුණා වැඩියි වගේ.... )


Thursday, July 19, 2012

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද ( 01)



'' පුතේ අත ඉක්මන් කරපං''

අම්මා කඩිමුඩියේ තල්කොල පෙට්ටිවලට තවන ලද ‍කෙසෙල් කොල අතුරමින් සිටියාය. මලිති නැවත වරක් බත කූරු ගෑවේ හුමාලයට නිදහස් වන්නට ඉඩ හරිමිනි. අතට වැදුණු හුමාලයේ රස්නයෙන් ඈ තිගැස්සුණාය.

'' තාම හයයි අම්මේ...'' මුවින් එසේ කීවද ඉක්මණින් බත් පෙට්ටි සකසාගෙන ‍ගෙයින් පිටවීමේ අවැසිතාව ඈ සිත පිරී තිබිණි.

'' මගුලක් වගේද? මළගෙයක් උණාම වේලපහින් බත් මේ‍සෙ අරින්න එපායැ.. දුර පළාත්වල ඉන් එන යන ඈයො ඉන්නවනේ... ''

........සුදු අක්කයි, දුවයි ඉතින් තනිවෙනවා නේද?..... මලිතිට සිහින් සුසුමක් පිටවිය.

'' අහස පොළව උහුලන වැඩක්ද මේ.. දැන් ඉතින් අර දැරිවිටයි... කිරිසප්පයටයි යන කල මොකක්ද? '' මලිතිගේ හිත කියෙව්වාක් මෙන් අම්මා  සුපුරුදු ශෝකාලාපය පටන් ගත්තාය.

සුදු අක්කා සරණ බැුණේ වසර ගණනක ප්‍රේමයකට කිරුළු පළවමිනි. ඇය නිදහස් වෙළ කලාපයේ සන්නාලියකව සිටි සමයේ අතරමගක හමු වූ ‍ඉහළ පෙළේ සොල්දාදු උන්නැහේ කෙනෙක් සමග ප්‍රේමයෙන් බැුණාය. ඔහු සැබවින්ම උත්තම ගණයේ මිනිසෙකි. දුප්පත් සුදු අක්කාගේ නිවසට පෑයූ පුර හකි. ජීවිත කතරේ අතරමං වන සන්නාලි පුරවරයේ බොහෝ කෙල්ලන්ට වඩා ඇගේ ඉරණම වෙනස් වූයේ ඒ පුරහ නිසාමය.

පොල්අතු පැළ ඉදිරියෙන් නව නිවසක් ගොඩ නැගිණි. අතිනත් ගත් දෙදෙන නව නිවසට ගෙවැදුණේ තනිවම නොවේ. සුදු අක්කාගේ අහිංසක මව්පියනුත්, එකම මල්ලීත් සමගිනි. සුදු අක්කා මවක වූවාය. දියණිය දැන් සිව් හැවිරිදිය.

නමුදු නොසිතූ මොහොතක පුරහ නිවී ‍ගොසිනි. දැවී අළුවුණු පුරහ සීල් තැබූ පෙට්ටියකය. ඒ මතින් සිංහ කොඩියක් තේජාන්විතව වැතිර සිටී.

මලිතිට දුකය. සැබවින්ම දුකය. නමුත් ඒ දුක අතරින් හිත පුරා සිනා මල් පිපෙමින් තිබිණි. ඒ කතා කරන දෑසක් නිසාය. තමන්ගේ දෑස ද මුව ද පොපියමින් පවතින බව මලිතිට දැනේ. සිය දෑසේ දිදුලන කැල්ම වාරු කර ගන්නට ඈ බොහෝ වර වෙර දැරුවාය. මේ වියෝවකි. දරා ගන්නට නොහැකි වියෝ වේදනාවක සැවොම ගිලෙමින් පවතින මොහොතකි. ඉදින් මෙවන් මොහොතක නෙත කුලකට මිස බැබළීමකට හිමිකමක් නොතිබිය යුතුය.

'' අහිංසක කැලෑ මලක් නේද මචං''

නිවස ඉදිරිපිට දාම් ලෑල්ලක් අබියස සිටි තරුණයින් කණ්ඩායමකට පෙරදා රාත්‍රියේ කෝපි පිළිගන්වා ආපසු ‍හැරෙන විට එවදන් මලිතිගේ සවන් ගැටුණේය.

'' අබ්බගාත අපිට කොයින්ද ඉතින් සුව මල්''

මලිති අසුරු සැණින් ආපසු හැරුණාය. සිතා මතා නොව එය ඉබේම සිදු විය. වදන් ගිලිහුණු වත ඈ වත මතම නැවතී තිබිණි. ඒ දෑස් සිනාසුණි. කතා කරන දෑස මුල්වරට ඈ නෙත ගැටුණේ ඒ නිමේෂයේ දීය.  

තලෙළු පැහැ කඩවසම් ගත, කොටට කැපූ කොණ්ඩය, සුදු ටී ෂර්ටය, දිලෙන දෑස, කට කොණකට නැගෙන මද සිනාව .......... මලිතිගේ හිත ඇී තිබු සිහින කුමාරයාගේ රුව හා  බෙහෙවින් සැසිණි. ප්‍රථම වරට හිතේ විදුලියක් කෙටුවාක් වැනි හැීමක් ඇයට දැණිනි. මලිති වහා ආපිට හැරුණාය. ඇය කෙළින්ම ගොස් නැවතුණේ නිවස පිටුපස තේ පැන් පිළියෙල වන එළිමහන් මේසය අසලය.

තවත් කෝපි බුන් සූදානම්ව තිබිණි.

'' අනේ අම්මෙ තවත් මට බෑ ‍කෝපි ගෙනියන්න... හැමෝම ඉන්නෙ පිරිමි අය.. මල්ලි කෙනෙක් 
යවමුකො...''

හිතේ නැගුණු තිගැස්ම තවත් පහවී නොමැත. නැවතත් ඒ දෙනෙත් කැල්මට හසු වන්නට, ඒ මුව මත පිපෙන සිනා මලක් නෙළා ගන්නට ඕනෑ වුවද අහිංසක ගැමි යුවතියගේ සිත පැකිළෙමින් තිබිණි. දෙපා අවස බවක් දැණිනි. රැය පහන් වුයේ කෙලෙසදැයි ඇයට නිනව්වක් නැත. පාන්දර යා‍මයේ ඩිංගිත්තක් ඇහැ පියා ගන්නට නිවසට පැමිණියද ඇය සිහිනෙන් පවා දුටුවේ ඒ කතා කරන දෑසමය. 


නිමාවක් නොවේ....

මුල්ම වතාවට මගේ බ්ලොග් එකට කෙටි කතාවක් ලිව්වෙ.. මේ පළමු කොටස. දෙවෙනි කොටස ළම එනවා... 

Wednesday, July 18, 2012

අනේ පුංචි සෝරබ්ලා වෙනුවෙන් ඔබත් එන්න...



සරුංගල් ලුහුබින්නා ( The Kite Runner ) කියවා අවසන් කළේ දින කිහිපයකට පෙර... තාමත් හිත කම්පනයකින්, සංවේගයකින් පිරිලා.. ඒ කම්පනය අළුත් වෙනවා හය හතර නොතේරෙන දරුවො දූෂණය කළ, විනාශ කළ ප්‍රවෘත්ති ඇහෙද්දි, දකිද්දි.....

සෝරබ් කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන ළමා චරිතය.. තලේබාන් කැරලිකරුවන් අතින් එයාගෙ දෙමව්පියො මැරෙනවා... කැරලි නායකයෙක් තලේබාන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් අතින් මේ දරුවා ලිංගික අතවරයන්ට ලක් වෙනවා... එය පුංචි සෝරබ්ගේ ජීවිතය කොයි තරම් උඩුයටිකුරු කළාද? වෙනස් කළාද යන්න තේරුම් ගන්න පොත බලන්නම වෙනවා...

මේ වගේ පුංචි සෝරබ්ලා දැන් දැන් අපේ ලක්බිමෙත් ඕනෑ තරම්.... අහන්න දකින්න ලැබෙන්නෙ සිද්ධි කිහිපයක් පමණයි.. ඒත් කාගෙවත් ඇසට නොපෙනී අසරණ වන සෝරබ්ලා කොයි තරම්ද? ලිංගික වශයෙන් අපහරණය පමණක්ම නෙවෙයි,

දරුවන්ව අගය නොකිරීම
නින්දා අපහාස කිරීම
ඔවුන්ගෙ දක්ෂතා මතු කර ගන්නට, වර්ධනය කර ගන්නට අවස්ථාව ‍ලබා නොදීම
නිදහසේ ළමා විය සතුටින් ගත කිරීමට ඉඩ නොදීම
දෙමව්පියන්ගේ මහා පැතුම් බර දරුවන් පිට තැබීම
සතුට, ආදරය, රැකවරණය පිරුණු පවුලක් තුළ ජීවත් වන්නට ඇති අවස්ථාව අහිමි කිරීම
දරුවන්ට සුවසේ ජීවත් වීමට ඇති ස්වභාවික පරිසරය විනාශ කර දැමීම
දරුවන්ට ඇති ආදරය නිසා වෙළපළෙන් මිල දී ගන්නා වසවිස පිරුණු ආහාර පාන ලබා දීම

මෙකී නොකී බොහෝ දේවල් දරුවන්ගේ පෞරුෂය, ළමා වියේ සුන්දරත්වය  දුබල කරන්නට බලපාන ප්‍රබල කාරණා....

ළමා හිංසනය පිටුදැකීමේ ළමා පා ගමන

ඉතින් විවිධාකාරයෙන් දරුවන්ගේ ජීවිතවලට බලපාන අපරාධයන්ට ‍එරෙහිව සමාජය අවදි කරන ළමා පා ගමනක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ( ළ.ක්‍රි.වී. ) ව්‍යාපාරය එක්ව සංවිධානය කරනවා....

දිනය               :-          2012 ජූලි මස 21 වනදා

වේලාව           :-          පෙ.ව. 8.00

ස්ථානය          :-          කොළඹ ගුණසිංහපුර බස් නැවතුම ඉදිරිපිට ක්‍රීඩා පිටියේ සිට ටෙක්නිකල් හන්දිය,                                 මරදාන, පුංචි බෙරැල්ල හරහා ශාන්ත ලූක් දේවස්ථානයට ( බොරැල්ල, කොළඹ 08 -                              ඇක්වයිනාස් ඉදිරිපිට )

ඉතින් මේ පණිවිඩය දන්නා හුනන අය අතරේ බෙදා හරින්න කියල ආදරයෙන් ඉල්ලනවා.. හැකි අය අපේ දරුවන් එක්ක පා ගමනට එක්වෙන්න.

ඔයාල හිතයි මේකට මගේ ඇති සම්බන්ධය මොකක්ද කියල..  මම ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ( කෙටියෙන් කියන්නෙ ළ.ක්‍රි.වී. කියලයි ) ළමයෙක් විදියට වසර 5 කුත්, ළමුන් කැටුව යන  අනුශාසක කෙනෙක් විදියට ගම් පළාතෙත්, ජාතික මට්ටමෙත් වසර 15 කුත් සේවය කරල තියෙනවා.. ජාති, ආගම් කිසිදු භේදයක් නැතිව සියලුම ළමුන්ට විවෘත වෙන ළ.ක්‍රි.වී.ය මට මගේ දෙවෙනි අම්මා වගේ...  ළමයින් ගැන විශාල ආදරයක්, වගකීමක් මගේ හිතේ ගොඩනැගිල තියෙන්නෙ ඇත්තටම මේ ළ.ක්‍රි.වී. කටයුතු නිසයි...