Wednesday, August 29, 2012

දඟකාර මහල්ලා


හරි අපූරු පොතක් කියවන්නට ලැබුණා... සිනා සාගරයක්... වැඩට යන එන ගමන් කෝච්චියෙදි තමයි පොතේ වැඩි කොටසක් කියෙව්වෙ... ඒ ගැන ඔයාල එක්කත් බෙදා ගන්නට හිතුණා... තනියෙන් හිනා වෙවී පොතක් කියවන මං ගැන අනිත් අය මොනා හිතුවද දන්නෙ නැහැ... කොහොම උණත් මේ පොත කියවද්දි හිනා නොවී ඉන්නත් අමාරුයි....

මේ පොතේ කතා නායකයා අවුරුදු 72 ක් වයසැති සීයා කෙනෙක්.. ඔහු චෞද්රී කුශ්වන්ත සිංහ.. ජීවිතේ බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දී සිටියත් ඔහු පුංචි දරුවෙක් වගේ නිතරම විනෝදෙන්, සැහැල්ලු සිතින් ඉන්න, ජීවිතේ විඳින්නට කැමති කෙනෙක්... ඔහු ජීවිතේ විඳින විදිය හරිම වෙනස්... එයින් තමයි කතාව තුළ හාස්‍යය මතුවෙන්නේ... සිනාව උපදින්නේ...

කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මෝඩ කතාවක්නෙ... මේවත් වෙන්න පුළුවන් දේවල්ද, මේවට හිනා වෙන එකත් මෝඩ වැඩක් කියල..
අපි පුංචි කාලෙ ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි, අමල් බිසෝගෙ කතාව..... එතකොට රුසියන් සුරංගනා කතා රස කර කර කියවනවා නේද? අහනව නේද? ඒ කොයිම වෙලාවකත් මේවත් වෙන්න පුළුවන් දේවල්ද කියල හිතන්නෙ නැහැනෙ...

පුංචි අපේ හිත් ඒ කතාවල රසයෙන් අමන්දානන්දයට පත් වෙනවා... ඒ වගේ වෙන්න පුළුවන් දේවල්ද කියල සැක හිතින් නැතිව පිරිසිදු සිතින් සිනාවට ඉඩ දෙමින් කියෙව්වොත් නම් මේ කතාවෙ අපූර්වත්වය විඳ ගන්න හැකි වේවි....

ආබිද් සුරති 

ආබිද් සුරති කියන හින්දි ලේඛකයාගේ “ බහත් සාර් සාල් කා බච්චා” පොතේ නම... මම හින්දියෙන් කියවන්න නම් දන්නෙ නැහැ.. පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා “ දඟකාර මහල්ලා ” නමින්... ඒ දඟකාර මහල්ලාව තමයි මේ දවස් ටිකේ මම ඇසුරු කළේ....

මේ තියෙන්නෙ හින්දි පොත 
වෙන්ට ඕන...
පොතේ නම      - බහත්තර් සාල් කා බච්චා
කර්තෘ               - ආබ්ද් සුරති
සිංහලට             - දඟකාර මහල්ලා
පරිවර්තක         - ඩී.පී. සමරසිංහ

ප්‍රකාශනය         - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල                   - රු. 200.00

( අගනා පොත පත ගෙනත් දෙමින් මගේ පොත් පිපාසය සංසිඳවන්නට බෙහෙවින් උපකාර වන නිර්මලා නංගීට හද පිරි ස්තූතිය. )          

Tuesday, August 28, 2012

පොත් වසන්තයට පෙර වදනක්...




වසන්තයයි ළ එන්නේ
 පන්හිඳයි තුටුව දැන් හිනැහෙන්නේ
හිස් පොකැට්ටුවයි අසරණවෙන්නේ
නමුදු පැතුම් සිත  දළුලන්නේ......

පොත් අතර දෙනෙත් යුග තනිවෙන්නයි
නැවුම් සුවඳ විඳ සැනසෙන්නයි
පත් ඉරු පෙරළා සුසුමක්ලන්නයි
පොත් සල්පිල වෙත මෙවරත් යන්නයි...

අසුරු සැණින් 2012 වසරේ මාස අටක්ම ගෙවිල ගිහින් ඉවරයි... ඊළඟට එන්නෙ සාහිත්‍ය මාසෙ... ඔන්න සාහිත්‍ය උණ හැදිල කියල හිතන්න නම් එපා... මම හැමදාමත් සාහිත්‍ය උණෙන් පෙළෙන රෝගියෙක්නේ... ඒක මාසෙකට, දවසකට වෙන් වුණ අවශ්‍යතාවයක් නෙවෙයි... හැමදාමත් මම පොතපතට ආදරෙයි.. කියවනවා.. ඒ වගේම මම කියවන පොතපත අනිත් අය එක්ක හුවමාරු කර ගන්නවා... අගය කරනවා.. කතා කරනවා.. හුදෙක් පොත් කියවන්නෙක්ගෙන් එහාට ගිය කාර්යභාරයක් අපෙන් සිදු විය යුතුයි කියල මම විශ්වාස කරනවා...

පාඨකයාට රසිකයෙක් විය හැකියි.
පාඨකයාට ලේඛකයෙක් විය හැකියි.
පාඨකයාට විචාරකයෙක් විය හැකියි.
පාඨකයාට මානව හිතවාදියෙක්, පරිසර හිතවාදියෙක් විය හැකියි.

2007 වසරේ සාහිත්‍ය මාසයේදී කිතුනු සඟරාවකට ලියූ ලිපියක් මෙවර බ්ලොගයට එක් කරන්න හිතුවා... මේ ලිපිය කිතුනු තරුණ තරුණියන් වෙනුවෙන් ලියූ ලිපියක්....

---------------------------š------------------------------

" සාහිත්‍යයට පියාපත් ඇත. ඔබට ඒ පියාපත් දකින්නට නොහැකිය.
නමුත් එම පියාපත් මතින් ඔබට නැවුම්, අපූර්ව ලෝකයක් සොයා,
විශිෂ්ඨ අරමුණු කරා පියාසර කරන්නට හැකිය. "

සාහිත්‍යය හා සමාජය අතර ඇත්තේ එකිනෙකින් කෙසේවත් වෙන් කළ නොහැකි අන්‍යෝන්‍ය බැඳීමකි. සාහිත්‍යයෙහි ප්‍රමුඛ අරමුණ ලෙස සෞන්දර්ය රසාස්වාදය බාහිරින් පිළිබිඹු වුවද, අභ්‍යන්තරික වශයෙන් ජීවිතයේ සහ විශ්වයේ සත්‍යය එළිදැක්වීම සහ සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීම, ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීම සාහිත්‍ය නිර්මාණ තුළින් අපේක්ෂා කෙරේ.

සාහිත්‍යය හා සමාජය අතර ඇති ගැඹුරු ‍බැඳීමට මූලිකම හේතුව වන්නේ සෑම සාහිත්‍ය නිර්මාණකරුවකුම මිනිසකු වීමත්, සෑම මිනිසකුම සමාජයීය සත්වයකු වීමත්ය. සමාජ ජීවිතයෙන් පෝෂණය වන සැබෑ නිර්මාණකරුවා තම නිර්මාණයන් තුළින් සමාජය උසස් කිරීමට උත්සාහ දරනු විනා සමාජය බිඳ දැමීමට උත්සාහ දරන්නේ නැත.

සමාජ ගැටළු කෙරෙහි මානව හදවත් සංවේදී කරමින්, සමාජ යහපත වෙනුවෙන් ඔවුන් පෙළඹවීමට , පෙළගැස්වීමට සාහිත්‍ය නිර්මාණ තුළින් සිදු කළ හැකි මෙහෙය අති විශාලය. යම් සාහිත්‍ය නිර්මාණයක අරමුණ සෞන්දර්ය රසාස්වාදය පමණක්ම වීමටද ඉඩ ඇත. නමුත් ඒ හරහාද මිනිස් හදවත් සුවපත් කර මානව දයාවෙන්, සාමයෙන් පුරවාලන නිසා සමාජ යහපත වෙනුවෙන් වක්‍රාකාරයෙන් සිදු කරනු ලබන මෙහෙය ඉතා වැදගත්ය.

වත්මන් සාහිත්‍යය කොතෙක් දුරට සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න අප විසින් විමසා බැලිය යුතු කරුණකි. විශේෂයෙන්ම කිතුනු සාහිත්‍යය මේ මග ගමන් කරන්නේද? සමස්ත සමාජය වෙත සැබෑ දහමේ හරය රැගෙන යන, ඒ තුළින් සමාජ යහපත වෙනුවෙන් බලපෑමක් ඇති කරන පුළුල් සමාජ මෙහෙවරක යෙදෙනු වෙනුවට බොහෝ විට දැකිය හැකි වන්නේ පටු ආගමික අවශ්‍යතාවන්වල සිර වී සිටින සාහිත්‍ය නිර්මාණයන් නොව‍න්නේද? කිතුතුමන් ගිය මග යමින් සැබෑ දහමේ ආලෝකයෙන් කිතුනු සාහිත්‍ය කෙත සරු කරන්නට වීරිය දරන අයට ලැබෙන්නේ ගැරහුම්ය. අවමන්ය. යටපත් කර දැමීමය.

කිතුනු තරුණ තරුණියන් ලේඛන කලාවට පිවිසෙනු දැකීමද අතිශයින් විරලය. නිර්මාණකරණය කෙසේ වෙතත් පොත පත ලැදියාවෙන් ඇසුරු කිරීමද අද තරුණ පරපුරෙන් ගිලිහී යමින් පවතී. ලෝක ඉතිහාසයේ පිටු පෙරළා බලන විට බොහෝ යහපත් සමාජ සශෝධනයන් සිදු වූ අවස්ථාවලදී ප්‍රමුඛ කාර්යභාරයක් සාහිත්‍යය විසින් ඉටු කර ඇති බව පැහැදිලි කරුණකි.

සැබෑ ජීවන යථාර්ථය පිළිබිඹු කරන, ද‍හමේ හරයේ ආලෝකයෙන් නව ලොවක් ගොඩ නගන්නට පෙළඹවීමක් ඇති කරන, මානව දයාවෙන් හදවත පුරවන, අර්ථවත් රසාස්වාදයක් ලබා දෙන සාහිත්‍ය නිර්මාණ ඇසුරු කරන්නටත්, එවන් නිර්මාණකරුවන්ට දිරියක් වෙන්නටත්, එවන් නිර්මාණ කාර්යයන්හි නියැළෙන්නටත් සාහිත්‍ය මාසයේ එළිපත්තේ සිට ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරමි.


( මේ සම්බන්ධයෙන් ඔබගේ නිදහස් අදහස්, විචාර, විවේචන ගෞරවයෙන් අපේක්ෂා කරමි. )

Friday, August 24, 2012

ගිනි ගත් රන් මුදු ?



දණ ගැසුවේ අපි එකට අල්තාරය අබියස
ඒ නිමේෂයේ හිත ගල්ගැසුණා සේ විය...
දේව දූතයන් අප වට කර සැරිසරන්නා සේ දැණින.....
ලෝකයම නතර විය...
ඔබෙත් මගෙත් සුසුම් ස්වර මුමුණන යැදුම් අතර
තවත් එක ගීතිකාවක්ම විය.....

ජේසු සමිඳුන් කුරුස ගසේ සිට බලා සිටියා අප දෙස
ජීවිතය කල්වාරි ගමනකැයි... 
ආදරය මහා බර කුරුසියකැයි
නොකියා කියමින් ......
ඒ දෑස්වල එතී මහා දුකක් තිබුණා ඒ මොහොතේ
උන්වහන්සේ දැන සිටින්නට ඇත
අතරමග මේ කල්වාරි ගමනේ මා තනි වන බව.....

ශුද්ධවු පැය කීවේ
පැය කාලෙන් කාල බෙදා ගෙන අපි එකට
මා සවන් අසලම ඇසුණා ඔබෙ ගීතිකා හඬ
කෙතරම් සැනසුමක් වීද? හදවතට...
සියලුම තනිකම් දොස් ඉතින් අහවරයැයි සිතිණ...

නමුදු,
වාසනාවත් කල්හිද, අවාසනාවත් කල්හිද
ළඟින් ඉන්නට....
ජීවිතේ දුක සැප බෙදා ගන්නට
පෙරූ පිරුමන්වලට කුමක් නම් සිදුවීද?

සිඟිති මල් කැකුලක් තුරුළු කර ගෙන
දෙව් මැදුරට පා තබන්නට අප මැවූ සිහින
ගිනි තැබුවේ මන්ද?

ඔය සුසුම්..... ඔය කඳුළු.. වැළපිලි
පිළිතුරක් නොවේ මට....
දෙවියන් ඉදිරි‍යේම කියන්නට හැකිද මට?
රන් මුදු ගිනි වළල්ලක් වූයේ ඇයි දැයි කියා....
අප වටා නොනිවී දැල්වෙන..... 

Tuesday, August 21, 2012

නංගියේ මට සමාවෙයන්...



නංගියේ මට සමාවෙයන්...
හිතේ හයිය මිස අතේ පිච්චිය නැති
රජයේ සේවකයෙක් මං....

මුදු සුමුදු වත කමල එළිය කළ
දිගු ගෙළ
කපා කොටා රිදවන්නට
වෙදැදුරන්ට ඉඩ හැරියේ
හිතකින් නොවේ....

දිවි නසන විස සෛල
සැඟව ඇති බව මුදු ගෙළ
පැවසූ නිසාවෙන්මයි....

තවත් නිම නැතිලු දුක් කන්ද
උහුලන්නට අප මත පැටවූ
සුවයක් ලබන්නට නම්
තව තවත් කළ යුතුලු පතිකම්...

අනේ ඒත්...
බේත් නැතිලු
ගෙන්නන්නට සල්ලි නැතිලු

අපේ සුබසෙත සලසන්නට
පාලක පන්තියක් හදන්නට
ඡන්දයක් තැබිය යුතුම හින්දා
ඒ බර පැන දරන්නට
අපේ දාඩිය මහන්සියෙන් උදුරා ගත් සල්ලිත්
එහෙ‍ට මෙහෙට වැඳ ඉල්ලා ගත් සල්ලිත්
කැප කළ යුතුම හින්දා
බෙහෙත් ගන්නට සල්ලි නැතිලු...

දුප්පත් අපි උන්නත් මොටද
මැරිල යන එකමයි කාරිය....

කමක් නැහැ නංගියේ ඉවසාගෙන ඉඳිමු
තිස් වසක් යුද්දයේ බර පැන දරාගෙන
උහුළන් උන්නා වගේ....
දැන් සාමයේ බර පැනත් උහුළා ගනිමු...

අපේ පණ නල වගේ ද නංගියේ
මැති සිටු උත්තමයන් නොවේද
වැඩි වැඩියෙන් ඕනේ
ආසියාකරේ අසිරි පාන්නට.....

ඒත් මට සමාවෙයන් නංගියේ....
අත මිට ඇති පදමට කාසි නැති
අයියෙක් උණාට....
නුඹේ සුවසෙත සදන්නට බැරි රටක
පාලක පන්තියක් හදන්නට කතිරයක් ගැසුවාට....
මට සමාවෙයන් නංගියේ
එහෙව් පාලක පැළැන්තියක ආටෝප සාටෝප
ලිපි ගොනු බර දරන්නට
රජයේ සේවකයෙක් උණාට.....


නිමිත්ත
( පිලිකා රෝග ලක්ෂණ ඇති බවට වෛද නිර්දේශ ලැබී ඇති මිතුරියකගේ නැගණියට අවැසි බෙහෙත් නැති බව රෝහලෙන් පවසා ඇත. '' ඡන්දෙට සල්ලි ඕන හින්ද බෙහෙත් ගෙන්නන්න සල්ලි නැතිලු'' රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙක් එලෙස පවසා ඇත. )

Saturday, August 18, 2012

මේ කඳුළු කාගෙද ?





'' මම සුධාකරන්... ගම මාන්කුලම්....
යුද්ධය බිළි ගත්තෙ මගෙ අම්ම තාත්තව, මගේ අත් දෙක විතරක්ම නෙවෙයි....
කෝ මගෙ ලස්සන ගම... කෝ මගෙ නෑදෑයො.... කෝ මගෙ ජීවිතේ...
අනේ මට ආපහු දෙන්න..... ''


මේ කඳුළු මොටද ඇස් දෙකට මගේ
බොරු අතින් ඒව පිසලනු බැරුවා
කළු ගලක් වගේ තද හිතක් ඇතොත්
මට ගෙනත් දෙන්න පින් අත් වෙනවා

තල් ගස් සෙවණේ වැලි පාරේ
අකුරට ගිය පෙර දින සිහි වේ
උගත් අකුරු හිත් මුල්ලක සිර වී
ඉකිලන හඬ වාවනු බැරි වේ

ඇත්ත හිතට දුක බර වැඩි වී‍
ඇත්ත ඇහින් කඳුලැලි පිටවේ
ඒත් බොරු අතින් පිසලනු නොහැකිය
කවුරුන් ඒවා පිසලන්නේ.....


( යුධ ජයග්‍රහණයේ සතුට තුළ අමතක වෙලා ගිය කඳුළු උල්පත් වලින් තාමත් කඳුළු ගංගා ගලාගෙන යනවා... )

Thursday, August 9, 2012

ආදරෙයි.. කොන්දේසි විරහිතව...



අවසන් පිටු කිහිපය...

දැවිල්ලක් බු වේදනාවකින් හිත හිරි වැටී යනු දැනේ. දැවෙන්නේ සතීගේ හදවතද? මගේ හදවතද පැහැදිලි නැත.

--------------------------------ef---------------------------------

" ......... හැම දෙ‍යටම ගත වූයේ මොහොතකි. මොහොතකදී හැම දෙයක්ම ඇකී මැකී ගොස් ඈ නැවත යථා තත්ත්වයට පත් වූවාය. වෙනසකට වූයේ එකම කරුණකි. ගින්නෙන් දැවී ගියේ ඇගේ හදවත නොව එහි නිධන් ගතව පැවති සියලු ආකාරයේ බැීම් හා ආත්මාර්ථකාමයද, තෘෂ්ණාවද පමණය. ඇයගේ අධ්‍යාත්මය අතිශයින් පවිත්‍ර විය. නිර්මල විය. නිරවුල් විය.
............
සරස්වතී ගලින් ගලට පිය නගා ඔහු වෙතට ගොස් පිටුපසින් ඔහුගේ දෙඋර මත සිය දෑත් තබා පිටට කම්මුල ඔබා ගත්තාය.

'' නිශා''

නිශ්ශංක කතා නැතිව සෙල් රුවක් සේ එහෙමම සිටියේය. හිමින් හිමින් සෙනෙහසින් දෑත් පහළට අද්දාගෙන විත් බ වටා ඉදිරියට යවා ඔහු වැළ ගත් ඈ........

'' නිශා අර කිව්ව විදියට, මම ඔයාට ආදරෙයි නිශා... කොන්දේසි විරහිතව සදහටම ආදරෙයි... '' යනුවෙන් තෙපළාය.

සරස්වතී මානවඩුගේ ඒ අව්‍යජ වූ ද, ළයාන්විත වූ ද, කටහ ඉමක් කොණක් නොමැති ගමනක යෙදී සිටි සැෑ සුළ සමග මුසු විය.

-----------------------------ef----------------------------------

ඇහි පිය අගින් ගිලිහුණු කුලක් සතීගේ කතාවේ අවසන් පත් ඉරුව මතට වැටී බො වී යයි. දහස් වරක් කියවූවද අවසන් තත්පර කිහිපයේ දී දැනෙන හද ගැස්මද, දෙනෙත තෙත් කරන කුලේ උණුසුමද වෙනසක් නොවන බව මම දනිමි. ජීවිත වන්දනාවෙන් සමුගන්නට ආසන්න ලියුකේමියා රෝගියෙක් බව දැන දැනත් සතී නිශ්ශංක වෙත සිය හදවතම පුද දෙන්නේ හුදු මානව දයාවෙන් පමණක්ම නොව සුවිශේෂ වූ ප්‍රේම‍යෙන් ඔහු වෙත බැී ඇති නිසාත් නොවේද? සතී... සැබවින්ම ඈ කවුද? කරුණාසේන ජයලත් සාහිත්‍ය උල්පතින් මතු වූ අපූර්ව යුවතියකි ඈ...

නමුදු සැබෑ ලොවේ දී මට හමුවූ ඈ.. ඇයත් සතී කෙනෙකි. ලෙයින් මසින් සැදි ජීවමාන යුවතියකි. ඈ මට හමු වූයේ සාහිත්‍ය පිටු අතර නොව මහරගම පිළිකා රෝහලේදීය.

''මහරගම පිළිකා රෝහල'' නම ඇසූ පමණින් තැති ගැන්මක් දැනේ. පසුගිය වසරේ ලොකු ආච්චී සමග දින කිහිපයක් එහි රැ‍ෙන්නට මට ද සිදු විය. රෝගියකුට උවටැන් කිරීම, නිදි මැරීම අපහසු කාරණා නොවේ. නමුදු මහරගම‍ රෝහලේ දී මේ සියලු කාරණා අති දුෂ්කර වන්නේය. එයිනුදු වඩාත් දුෂ්කරම කටයුත්ත වනුයේ රෝහල් වාට්ටුව තුළ හි අහරක් බුදීමය. එනිසාවෙන් එහි නැවතී සිටි දිනවල යම්තමින් හෝ බත් කටක් කුසට දා ගන්නට මා තෝරා ගත්තේ ආපන ශාලාවයි. පස්වරු දෙක වන විට බොහෝ දුරට නිස්කලංක වන මේ ආපනශාලාව පිරිසිදුකම අතින්ද වරදක් කිව නොහැකිය. නහයෙන්, කටින්, බඩින් බට දමා  දියර ආහාර සිරුරු ගත කරවන රෝගීන්ගේ ඇස් හමුවේ බත් කටක් ගැනීමේ වරදකාරී හැීමෙන් මා මුදවන නිසා මේ ආපනශාලාව තරමක් හෝ හිතට සුවදායක විය.

මෙසේ ගිය විටකය ඈ මට හමු වූයේ.....

පොතක් දිග හැර පාඩම් කරන මුවාවෙන් ඈ නෙතින් ගලන කුළු සවා ගනිමින් සිටියාය. මා දිවා අහරද රැගෙන ඒ මේසයෙන් වාඩි වූයේ ඈ හන බව නොදැනය. බත් පත දිග හරිත්ම යුවතිය හිස ඔසවා මදෙස බැලුවාය. මද සිනාවක් මුවග රැිණි. නමුදු නෙතේ කුළු වියළී නැත.

'' නංගි ලෙඩෙක් බලන්නද ආවෙ..'' මම ඇසුවෙමි. ඇයගේ දුකට හවුල් වීමේ ක්ෂණික ඕනෑකමක් මසිත පිළිසිිණි. ඇය නිසැකවම සරසවි යුවතියක් විය යුතුය. කළු පැහැ හතරැස් බෑගය, බරසාර පොත් කිහිපය එයට සාක්ෂි සපයයි.

'' ඔව් අක්කෙ...''

'' මමත් අපේ ලොකු ආච්චි ළග ඉන්නෙ... 19 වාට්ටුවෙ...වාට්ටු‍වෙ ඉන් කන්න හිතන්නවත් බෑ නංගි... ඒකයි මෙහෙට ආවෙ....''

මොහොතක නිසලබවක්... ඈ මගේ දෙනෙතින් සිතට එබිකම් කළා වන්නට පුළුවන.

'' මගෙ ‍බෝයි ‍ේ‍රන්ඩ් ඉන්නෙ අක්කෙ.. 2007 ඔපරේෂන් එකක් කලා... හොට හිටිය. දැන් ආයෙම කැන්සර් එක මතු වෙලාලු...''

පිට පනින කුලක්.... මම බත් ඇට ගණන් කරමි. කන්නට පිරියක් වී නම් මේ කඳුල සමග ඒ පිරියද අතුරුදහන් විය.

'' ඔයා කැම්පස්ද නංගි''

'' ම්ම්ම්... ජපුර අන්තිම අවුරුද්ද අක්කෙ... මැනේජ්මන්ට් කරන්නෙ... ''

'' ඉතින් ලෙක්චර්ස් නැද්ද?''

'' උදේ තියෙන ඒවට ගිහින් දවල්ට හොස්පිට්ල් එනවා... දාල යන්න හිතෙන්නෑ... මෙහෙමම ඉඳල හැන්දෑවටත් බලලම යනවා...'' අසරණ සිනාවකින් ඈ මදෙස බලයි.

'' ඒ වාට්ටුවෙ නර්ස්ලා ඩොක්ටර්ස්ල දැන් මාව හොඳට දන්නවා... ඒ හින්දා හතර වෙද්දි වෝඩ් එකට ගියත් මොකුත් කියන්නෙ නැහැ. දවල්ටත් දෙක විතර වෙනකල් අයිය ළඟට වෙලා ඉඳල මම එන්නෙ..... කැම්පස් එකේ යාළුවො කවුරුවත් මේ ගැන දන්නෙ නෑ අක්කෙ.... ගෙදරිනුත් මට දැන් ප්‍රශ්න... අපි දෙන්න යාළු උණේ ඉස්කෝලෙ යන කාලෙමයි. අපි එකම ගමේ.. ඉතින් මේ වෙන හැමදේම අපේ ගෙදර අය දන්නවා....  එයාල කොහොමටවත් කැමති නැහැ අපේ සම්බන්ධෙට... ඒත් මං කොහොමද අක්කෙ අයියව නොබල ඉන්නේ.... මේ තත්වෙන් ඉද්දි මං කොහොමද එයාව අමතක කරල දාන්නෙ... මට පිස්සු වගේ අක්කෙ... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.....  ''           

ඈ ඉකි ගසයි. කුළු දෙපේළියක් කොපුල් තල හරහා ගලා යයි. මම බත් පාර්සලය අකුලමි. කියන්නට කිසිත් හිතට නැගෙන්නේ නැත. මම හෙමිහිට ඇගේ අතක් අල්ලා ගනිමි. කාලය ගෙවී යයි. ලොකු ආච්චිට කවා පොවා පැමිණ ඇති බැවින් දුවන්නට හදිසියක් ද නැත. ඈ දැන් කෙටි නින්දකට වැටී ඇතැයි මම සිතින් සිතමි. මොහොතකට පසු හිස ඔසවන ඈ.... මදහසක් නගයි.

'' අක්ක කෑවෙත් නෑ නේද? සොරි අක්කේ.... මට කියන්න කෙනෙක් නෑ හිතේම හිර කර ගෙන ඉන්නවා...ඔයාව තමයි අහුවුණේ හිතේ බර ටිකක් හරි හෑල්ලු කර ගන්න. ''  

'' ඒකට කමක් නෑ... දුක් ගන්නා රාළගෙ චරිතය මට හොට හුරුයි... '' මමද පෙරළා සිනාසෙමි. නැවත ඈ හවන්නට මට අවැසි නැත.

ඒ අපේ පළමු හමුවීමයි.

ඉන්පසු කිහිපවතාවක්ම මම ඇගේ පෙම්වතා බලන්නටද ගියෙමි. තට්ටය පෑදුණු හිස, ඉදිමුණු උදරය, අසරණ සිනාව.... කිසිදා මා මත‍කයෙන් දුරස් නොවේ. මා මහරගමින් සමුගෙන ආ දා ඈ මට දුන්සුදු බුදු රුවේ පින්තූරය තවමත් මා සන්තකයේ ඇත.

මෑතක් වන තුරුම අප අතර සබතාවය දුරකථනයේ පිහිටෙන් ගෙන ගියද කලබල උදෑසනක අහිමි කර ගත් දුරකථනයද සමග ඇගේ සබතාවයද ගිලිහී ඇතුවාක් මෙනි. වරින් වර කතා කළ අවස්ථාවල

'' අයිය ආයෙම හොස්පිට්ල් අක්කෙ....'' එසේ නොවේ නම්

'' අයියා මේ ටිකේ ගෙදර ගිහින් අක්කේ... දකින්නවත් විදියක් නෑ...'' ඈ පැවසූ බව මට මතකය. දැන් ඇගේ දුරකථන අංකය මා සන්තකයේ නැත. ඇයට මා අමතක වීද? එසේත් නැතිනම්?

-----------------------------ef-------------------------------

''සතීගේ කතාව'' සැබවින්ම මට හමු වූ සතී ගැන මතකය අළුත් කරවීය. ''සතීගේ කතාව'' කියවන්නට ඔබත් රිසි වෙතැයි සිතමි.

කර්තෘ                         - කරුණාසේන ජයලත්
පළමු මුද්‍රණය                 - 1977

( 1971 භීෂණ සමයේ කරුණාසේන ජයලත් ශූරීන් කැළණිය විශ්ව විද්‍යාලයේ රැවුම් කවුරේ සිරකරුවකු ලෙස සිටියදී සිත් හි පිළිසි ගත් කතා පුවතකි මේ. )

තුන්වන මුද්‍රණය             - 2007
මිල                             - රු. 275/-
ප්‍රකාශනය                      - කණිෂ්ක ජයලත්
බෙදා හැරීම                 - සරසවි පොත් හල