Monday, April 29, 2013

සත්සර නදියක දිය දෝතක්






වේදිකාව මත රවුම් විසල් ඇස් දෙකක් සහෘද ඇස් පීරමින් ඔබ මොබ සැරිසැරුවා... දිගු රැවුල... උස් කර බැදි කොණ්ඩය වෙනස්ම පෞරුෂයක් මැවුවෙ.... ඒ අතර ගිටාරයත්, කටහඬත් ඉලක්ක කර ගනිමින් මයික්‍රෆෝන් සකස් වෙමින් තිබුණා. 

'' මේ තමයි මයික්‍රෆෝන් අබග්ගෙ..'' ඔහු කීවේ සිනාමුසු මුහුණින්. ඒ සමග ගලා ගියා අතීතයේ ගායක ගායිකාවන් මයික්‍රෆෝයට අත හුරු කර ගත් ආකාරය ගැන රසවත් කතාවක්.. සභාව සිනා වැස්සක නැහැවුණා.. 

'' මං කතාවට කැමතියි... කතා කරන්න කැමතියි... යාළුවො මට කියනවා... නදීක කතාව නවත්තල සින්දු කියපං.... කියල....හරි අපි සින්දුවක් කියමු.... '' ඔහු හරිබරි ගැහෙනවා.. ඒත් ආයෙම සින්දුව අමතක වෙලා කතාවක් පටන් ගන්නවා... සරල සුන්දර කතාබහක්... අතරතුර මද සිනා වැස්සක් වස්වන රසවත් කතාවක්... 

මටත් ඒ වෙද්දි හිතෙමින් තිබුණා දැන් ඉතින් ගීතයක් ඇහුණ නම් හොදයි වගේ හැඟීමක්... අතේ නිසොල්මනේ තියෙන ගිටාරය කොයි මොහොතේ නිදි ගැට හැර අවදි වේවිද? මිහිරි ගීතයකට සත්සර නාද රටා මවාවිද මං බලන් උන්නෙ නොඉවසිල්ලකින්...

කවුද මේ ඔහු....? ඔහු තමයි නදීක ගුරුගේ... 

නම කිවු සැණින් මතක් වෙන්නෙ අබා, සංකාරා, ඉර හඳ යට වගේ චිත්‍රපටිවල සංගීතය... ඇහිපිල්ලමක් යට, රස්තියාදුකාරයා, අගපිපිමල් වගේ ටෙලි නාට්‍යවල සංගීතය.... ඔහු ගැයු ගීත නම් ඒ තරම් මතකයට නැගෙන්නේ නැහැ. අන්තර්ජාලය පීරල හොයා ගන්න ඕන... ඒ සොයා යාමත් සුන්දරම අත්දැකීමක් උණා..

ළ.ක්‍රි.වී.යේ වාර්ෂික අනුශාසක සම්මේලනය සුපුරුදු විදියට මග්ගොනදී පැවැත්වුණා... බක් මාසයේ සති අන්තයක... ගීත රසවින්දන වැඩසටහනක් වෙනුවෙන් ඇරයුම් ලද සුවිශේෂ ආරාධිතයා උණේ නදීක... ඇත්තටම අපි ඉමහත් ආශාවකින් බලන් උන් අවස්ථාවක්.... ඒ බලා හිඳීම වඩාත් අර්ථවත් වූ පැය දෙකහමාරක් නදීක සමග ගෙවුණා....

ගිටාරය තත් කිහිපයක් නින්නාද නගල ගීයකට සැරසෙද්දිම පිටිපස උන් පුංචි එකෙක් අඬන්න ගත්තා.. ඒ අපේ ළ.ක්‍රි.වී. ජ්‍යෙෂ්ඨ අනුශාසක අයියෙක්ගෙ අක්කෙක්ගෙ පුංචි පැංචෙක්... 



'' පුංචි පැටව් ටිකකුත් ඉන්නව නේද? අපි මුලින්ම ඒ අය වෙනුවෙන් ගීතයක් කියමු... ''

ඔහු වයනවා... ගීතය ගයනවා.. නමුත් ඒ වචන නැති ගීයක්... ගීතය ගැයෙන්නෙ සිවුරුවම් නදින්.. පුංචි පැංචන්ගෙ හැුම් හ වියැකිලා යනවා.... 

ඒ සිවුරුවම් හ බටනලාව තරම්ම ඉසියුම්.... නදීකගේ තනු නිර්මාණවල ආත්මීය බැීමක් තියෙනවා මේ සියුරු සන් නදට... එය ඔහු‍ගේ අනන්‍යතාවයේ ලකුණක්... දවසක් උණත් අහන් ඉන්න පුළුවනි, ඒ තරම්ම මිහිරියි. 

සම්මේලනයට පෙර නදීක ගැන තොරතුරු හොයමින් ඉන්න කාලෙ මනෝරම තමයි කීවෙ ඔහු ඉතාම ඉහළ සාහිත්‍ය ඇසුරක් තියෙන කෙනෙක් බව... ඔහුගේ භාෂාව හරිම පොහොසත්.. ඒ අපූරු සාහිත්‍ය ළැදියාව මේ කතාබහ තුළිනුත් මතු උණා...

'' මං නිතර කියන කතාවක් මේ.... අකුරු කියන්නෙ සත්තු ජාතියක්... එයාල එක්ක යාළුවෙන අයට අළුත් ලෝකයක් විවෘත වෙනවා. විචිත්‍රවත් ලෝකයක් විවෘත වෙනවා...'' නදීක විචිත්‍ර කියන වචනය නිතර කතා බහට යොදා ගන්නෙ ශ්‍රාවක සිතුවිලිත් විචිත්‍රවත් කරමින්... 

'' මං කතා කරද්දි බොහෝ වාරයක් ඔබට විචිත්‍ර යෙදුම අහන්න ලැබේවි.. මං ඒ යෙදුමට හරිම කැමතියි. විචිත්‍ර කියන වචනය හරිම විචිත්‍රවත්...'' ඔහු ඒ බව කියන්නෙත් සිනාවක් මවමින්... 

නදීකගෙ අතීත කතාත් ගී තරම්ම මිහිරියි... 

නුවරඑළියෙ ජීවිතේ ගෙවුණ කාලෙ නුවරඑළිය පුස්තකාලෙන් උද්භිද විද්‍යා පොතක් අරන් ගිහින් බැලුවලු... ඒ 1995 අවුරුද්දේ... මෑතක ආයෙම නුවරඑළි ගිය වෙලාවක පුස්තකාලෙට ගියාලු. පැරණි මතකයන් අළුත් කර ගන්න. උද්භිද විද්‍යා පොත තිබුණ තැනම ඒ විදියට තිබුණාලු. පොත අතට ගත්තම කුළු හල හලා අන්න ගත්තලු... ඒ ඇයි කියනවනම් 95 දී ‍නදීක පොත කියෙව්ව‍ට පස්සෙ කවුරුවත්ම ඒ පොත අරගෙන නැතිලු... '' කවුරු හරි ආයෙම ඇවිත් ඔයාව ගෙනිහින් කියවයි '' කියල පොත සනසල තියල ආවලු...
ඒ කතාවටත්, ඔහු කියූ විදියටත් සිනාවක් නැගුණත් ‍වත්මන් පරපුර පොතපතින් ඈත් වීම කොයි තරම් ඛේදනීයද ? කියවීමට යොමු වෙන අය උණත් කියවන දේවල ගුණාත්මක බව ගැන විග්‍රහයක ඉන්නවද කියන එක ගැටලුවක්.... 

මේ තවත් සුන්දර අතීත කතාවක්... 

නදීක පුංචි කාලෙ එයාගෙ අයියට ගිටාරයක් තිබුණලු.. නදීකටත් ආස හිතුණලු ගිටාරය වාදනය කරන්න ඉගෙන ගන්න. ඔන්න අයියත් බොහොම කැමැත්තෙන් උගන්වන වැඩේ බාර ගත්තලු. එක දවසක් ඉගෙන ගත්තලු. ඊළග ද‍වසෙ එද්දි ගිටාරය නැතිලු. පෝනියෙක් ඉන්නවලු. අයිය ගිටාරය විකුණල පෝනියෙක් ගෙනත්ලු... දන්නව නේද මේ අයිය කවුද කියල... ඒ සුමුදු ගුරුගේ.... 

නදීක සමග ගෙවුණු හෝරා දෙකහමාර ඇතුළෙ මං වඩාත්ම කැමති උණේ ඔහු අයිවෝ ඩෙනිස් මහතාගේ ''ඉර වට යන ගිරවුනේ''...... ගායනා කළ අවස්ථාව. ඔහු මේ ගීතය ගැන කතා කළේ හරිම ආදරයෙන්, ගෞරවයෙන්... වත්මන් හා වැටෙන විරහ ගී රැල්ල සමග සන්සන්දනය කරමින්.... 

විරහව උණත් කොයි තරම් මිහිරිව හදවතට ආමන්ත්‍රණය කරනවද? ඒ ආමන්ත්‍රණය සාරවත් වෙන්නෙ අපි යොදා ගන්න භාෂාව අනුව.... 

''පැරණි මූලාශ්‍ර හරිම වැදගත් නූතන ලෝකය කියව ගන්න.'' නදීක කියනවා...  

මද අුර හාත්පසින් වට වෙලා... ගිටාරයත් සිවුරු සන් නදත් පමණයි සංගීතය.. ඒ අතර ජන ගී ආරට ගැයෙනවා ගීතය නදීකගේ ගැඹුරු ලලිත හින්... දහවල පුරා පහර දුන් හිරු ගින්දර නිවා දමලා... සිහිල් සුළං රැල්ලක් හමාගෙන යනවා... දවස පුරාම හිත්වල පෙළ ගැහිල තිබුණ ළතැවුල්, කලබල කොහෙදෝ ඈතකට ඉගිල්ලිලා... ගීතයෙන් තුන් හිතම පිරී යනවා... ඒ ‍කොයි තරම් අසිරිමත් මොහොතක්ද? මගේ වචන පොහොසත් නැහැ ඒ සෞන්දර්යය විස්තර කරන්න... 

ඉර වට යන ගිරවියනේ... මගේ ගිරවිය කොයිද අනේ....

වනන්තරේ තුරු වදුලේ... කූඩු වෙලා උන්නු අපී
නිරන්තරේ ආල මතින් ... ළෙංගතු වී උන්නු අපී
මගෙ ගිරවි‍ය කොයිද කියන්
වට යන සාවුනේ...

කයිතාලම් හීන් හින් ... කවි සීපද සින්දු කියා
ඈ රහසේ පුරු උඩින් මට නොකියා යන්න ගියා
මගෙ ගිරවිය කොයිද කියන්
වනයට හිමි දේවනේ...

හිත පපුවට ගිනි ඇවිලී මට තනිකම් දැණුනාවේ
සතර වරම් දෙවි සරණින් ඈ නිදුකින් උන්නාවේ
ම‍ගෙ ගිරවිය කොයිද කියන්
සත්පත්තිනි සාමිනේ... 


'' අපි ගීතයක විින්නෙ දුකද? කුලද?

සංගීතය... ගීතය වගේම සියලුම කලාවන් මිනිසුන්ගෙ පරිකල්පන ලෝකය පුළුල් කරන්න ඕන... තමන්ව අධ්‍යාත්මිකව ඉහළට ඔසවා තබන නිර්මාණ රස විින්න යොමු වෙන්න ..

කලාකෘතියක් බලල, අහල, රස විල වෙනම අධ්‍යාත්මික තලයකට යන්න හැකි වෙන්න ඕන.... ''

( මේ ගීතය මුල් ගායනය අයිවෝ ඩෙනිස්.. පද රචනය ආචාර්ය අජන්තා රණසිංහ. සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ... මුල් ගීතයත් නදීකගේ හින් ගැයෙන නව නිර්මාණයත් යූ ටියුබ් හරහා රස විඳින්න පුළුවනි.... )

නදීක ගීතයත් සමග අපව ගෙන ආවා සුන්දර ගමනක්... 



ආරම්භය මා බාල කාලේ ගීතය............

ක්ලැරන්ස්ගෙ මලට බඹරෙකු සේ.... ( ඒ ගීතයලු නදීක මුලින්ම ගිටාරයෙන් වාදනය කළේ...)

ඈත එපිට හිම කන්දෙන් ගීතය....( ඒ ඉල්ලීම මගෙන්...මම ආසම ක්ලැරන්ස‍්ගේ ගීතයක්.... ) ... '' ක්ලැරන්ස් ගීතය ඇතුළෙ භාෂාව සරල සාහිත්‍යමය තලයකට ගෙන ආවා... හරිම විචිත්‍රවත්...'' 

ගීත අතරතුර නදීකගෙ විචිත්‍රවත් කතා බහ....  ගීතයකට ගොනු වෙන භාෂාවේ සුන්දරත්වයයි ඔහු මතු කරන්නෙ.... 



ජිප්සීස් තමයි ගීතයේ භාෂාව එදිනෙදා ජීවි‍තයේ ව්‍යවහාර බසට අරන් ආවේ... පාවෙන පීරිසියක්, ලුණුදෙහි වගේ ගීත සමාජයට පණිවිඩයකුත් දුන්නා... අසූව දශ‍කයේ බිහි වුණූ මේ නිර්මාණ අද ලියැවෙන බොහෝ ගීතවලට වඩා ඉදිරියෙන්...
 


අමරසිරි පීරිස්ගෙ මලක් උණේ ඇයි නුඹ මට,..... ළුනේ....

මේ ගීත ගායනා කළේ අපි හැමෝම එකට... ගීත  සමාධිගත කළා අපේ හිත්.. ඒ අතරතුර මතු වූ කතා බහ බුද්ධි කලම්බනයක්... හිතන්න අළුත් දෙයක්.. දකින්න අළුත් මානයක්....

ගිටාරය සහ සිවුරුවම් නද සමග ඔහු වාදනය කළ සංගීත ඛණ්ඩය '' උත්ථානය" නමින් යූ ටියුබ් හරහා රස විිත හැකියි....

සත්සර නදියක දිය දෝතක් හිත් ගිමන් නිවූ මොහොතක්...  කාලය එතැනම නතර වෙනවනම් කියල මට හිතුණා.. ඒ තරමට ගීතය, සංගීතය, සියුරු සන් නද හිත දැහැන්ගත කළා... ඒත් කාලය ගෙවෙන්නේ  අසුරු සැණින්.. විශේෂයෙන්ම අපි ආදරය කරන අතිශය සුන්දර නිමේෂයන් ගෙවී යන්නෙ නොදැනීම....

අවසානයේ නදීකගෙන් බොහොම ආදරණිය ඉල්ලීමක්...


  • කියවන්න හැකි තරම්... භාෂාව තමයි ලෝකය දැන ගන්න තියන හොදම මාවත..



  • ක්‍රමයෙන් භාෂාව අත්හැරල සංගීතය රස විින්න හුරු වෙන්න... සංගීතය විශ්ව භාෂාවක් වෙන්නෙ එතකොටයි... යානි, කිටාරෝ වගේ සංගීතඥයන්ගෙන් පටන් ගන්න... මෝසාට්, බිතෝවන් දක්වා යන්න...


සරල සුන්දර මිනිසකු සමග සුන්දර කතා බහක යෙදෙමින්, මිහිරි ගී රස ගුලක නැහැවුණු ඒ හෝරා කිහිපය ජීවිතේ අමතක නොවන සොුරුතම නිමේෂයක්... ඇත්තටම......

Tuesday, April 23, 2013

සුසුමකින් මග අසන



දුර ඈත ඉගිල ගිය
වැහි ලිහිණියෙකි
රිදුණු අත්තටු පිරිමදින....

හිම මිදෙන සීතලේ
කවියක උණුහුමට
ගුලි වී නිදන...

මධු විතක දැල්වෙන
හද මතක
පපුතුරේ හොවා
ුලක දොවන....

අන්ධ අුර යට
තනි වුණු
තරුවකිය...

ලිහිණි ඇස
පිරෙන කුලක
සීතලට ගිනි ගැනෙන

රිදුණු තටු පිරිමදින
බිුණු හිත මල් පිපෙන
දිනක් ඒදැයි කෙදින
සුසුමකින් මග අසන.... 


Friday, April 12, 2013

එක්, ප්‍රේම කතාවක් ඉකිබිදී.......





''යුග ස්ත්‍රී''  අනුරාධා නිල්මිණී සොයුරියගේ කුළුදුල් කවි එකතුවයි.

''යුග ස්ත්‍රී'' කරලියට වැඩි මුල්ම දවසේ මහජන පුස්තකාලයේදීම ඈ මට හමු විය. ඒ 2011 බක් මහේ 30 ‍වන දා මකරන්ද සාහිත උළලේ දී ය. ඒ මුල්ම දිනවල පිටුවෙන් පිටුව යුග ස්ත්‍රීයගේ කදුල..... සුසුම... සමග මම ද ඒකාත්මික වීමි. ඈ මගේ සිත් ගත්තාය. ඈ මගේ සිත කම්පනය කළාය. ඈ මගේ සිත කියවූවාය.  

 එවන් වූ යුග ස්ත්‍රී ඇසුරු කර වසර දෙකක්ම ගෙවී ගොසිනි. 

අද මෙන් එකල බ්ලොග් ලිවිල්ලක් නොවීය. අන්තර්ජාල ඇසුරක් නොවීය. එනිසාවෙන්ම සිත් ගත් මේ කවි එකතුව ගැන කිසිදු සටහනක් නොලියැවිණි. 

පොත් අල්මාරියේ සකසුරුවමට තැන්පත්ව ගිමන් නිවන්නට ගමේ නොගොස් ''යුග ස්ත්‍රී'' මා සමගම කොළොම් පුරේ නවාතැනේ පොත් අතරට මැදි ව හුදකලාව සිටියාය. එසේ නැවතී බලා හිදින්නේ යම් විටක, යම් කටයුත්තකට අවැසි විය හැකි........ යම් විටක හදවත ස්පර්ශ කළ යුතු යැයි මා සිතන පොත පතය.... 

මේ දවස් ගෙවෙන්නේ සාංකාවෙනි. ළතැවිල්ලෙනි. 

හදවතේ ඇතුළු ගැබටම පිවිස සියුම් හද වෙණ තත් පිරිමැදිය හැකි අළුත් කවියක් ඉව අල්ලමිනි. 

පෙරදා සැදෑවේ නවාතැනේ අතරමංව හුදකලාව සිටින පොත් එකතුව අත පත ගා හදවතේ සාංකාවට පිළියමක් සොයන විට ''යුග ස්ත්‍රී'' හිනැහෙමින් බලා සිටියාය. '' මට හැකි ඔය හිත තේරුම් ගන්න'' කියන්නාක් මෙනි.



අහඹු ලෙස පිටු පෙරළන අතර මේ කවියේ නෙත ද, සිත ද නතර විය.

ප්‍රේම කතාව

සති, මාස, අවුරුදුය ගණින්නට
හමුවීම්, වෙන්වීම් කිසිත් නැත
ආදරය කළා යැයි කියන්නට
නෑකමක්, නමක්, හදහනක් නැත...

අවාරේ හදවතක පිළිසිදී
එහිම වැතිරී දිනෙක මිය ඇදී
මතකයන්, අමතකව යා නොදී
එක්, ප්‍රේම කතාවක් ඉකිබිදී.......

මගේ සාංකාවේ.... ළතැවිල්ලේ නිධාන කතාව මේ කවිය තුළ ගොනු වී ඇතැයි මට සිතේ... නෑකමක්, නමක්, හදහනක් නැති වුවත්, මතකයන් අමතක නොවන අකල් වියෝවක් කොතරම් වේදනාවක් ද?

මීට වඩා අපූරු කවි ''යුග ස්ත්‍රී'' තුළ බොහෝ ඇත. ඒ කවි කියවා අනුරාධා ස්ත්‍රීවාදිනියකැයි අවි අමෝරා ගත යුතු නැත. ස්ත්‍රී පුරුෂ දෙපසේම විවිධ අත්දැකීම්, ඒ හරහා මතුවන සමාජයීය හද ගැස්ම ඇගේ කවිය තුළ හමු‍ වේ.

මිනිසුන් උඩවැඩ

වැට පැන්නෙ
දැන දැනමයි
වැරදිලා නෙ‍වෙයි
වරද්දපු හින්දා....

හොයාගෙන ගියෙ
කවදාවත්ම
හම්බවෙන්නෙ නැති දෙයක්
තාම හොයනවා
උප-නුපන් ගෑනු හැමෝම

ලේ ගලන තොල් අගින්
පිටවෙන්නෙ නෑ
වචන.....
නෙමේ ඇත්ත
තිත්ත ඇත්ත!

ඒත්,
දූවිල සරොම් ඉඹ ඉඹ
පුජනන මැසිම
තවම වැඩ...!

කළාලෙත්
මහපොළවෙත්
ඇතිරිල්ලෙත්
එකම දේමයි...
''මිනිසුන් උඩ වැඩ
වැළපෙන වත මත
මිය ගිය සද වත
නොබිදී මුනි වත "

''........... විටක මිතුරන්ව සතුරු කර ගන්නා, විටෙක සතුරන්ව මිතුරු කර ගන්නා ඒ අපූරු ගැහැණියට මම කැමතිය. කිසිවක් ම‍ගේ නොවේය යන සිතුවිල්ල තුළම සියල්ල අත හැර යන්න සූදානමින් සිටින තෙතබරිත ඇස්වලටත් මම ප්‍රිය කරමි. මහා හයියෙන් අඩා සැණින් ගල් වන හිතටත්, මිටියාවත සිට මුදුනත විනිවිදින සිතුවිලිවලටත් මම ඇලුම් කරමි.

ලෝකය හා සකල විධ ගැහැණුන් අතර ගණුදෙනුව එයමය.

යුගස්ත්‍රී වෙනුවෙන් වෙනත් පූර්ව කියැවීම් අවැසි යැයි නොසිතමි. මේ සියලු වේදයන් මා කම්පනය කළ ඒවාය. එක්කෝ මගේ නැතහොත් තව කාගේ හෝ හුස්ම ය. ''

අනුරාධා තම කවි‍යේ ආත්මය හදුන්වා දෙන්නේ එලෙසිනි. 



'' එක් අතකින් ඇගේ කවිය කස පහරක් වැනිව රිදුම් දෙයි. තවත් අතකින් එම රිදුම්, තැළුම්, පෙළුම් නිවන ස්නේහී ඖෂධයක් වෙයි...''

පසුවදනෙහි ලා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් අනුරාධාගේ කවිය අරුත් දක්වන්නේ එලෙසිනි.

යුග ස්ත්‍රී පිළිබදව සොයා අන්තර්ජාලයේ සැරිසරන විට මෙම සබැදි හමු විය. වැඩි දුර තොරතුරු අවැසි නම් කියවා බලන්නැයි ඉල්ලමි. කවි කිහිපයක් ගැන හෝ මගේ අදහස් ලියා තබන්නට බැරි තරමට සිතට වෙහෙසය. ''මේ මම ආදරය කරන කවි එකතුවක්'' බව ලියා තබන්නට කැමැත්තෙමි. 


http://www.silumina.lk/punkalasa/20120325/_art.asp?fn=ar12032510
http://www.dinamina.lk/2011/03/16/_art.asp?fn=f1103162&p=1
http://www.divaina.com/2011/08/04/sarasavi%204.html
http://www.divaina.com/2012/02/09/sarasavi%205.html