පිටු

Thursday, August 2, 2012

ලොව ඇයි දරුණු මෙතරම්...



කණමැදිරි එළිවත් නොදැල්වුණු
අමාවක ගණ කළුවරට
මග හසර කියමින් තරු ලකුණු
අහස් තලයේ පිබිදුණා....

ඒ මං ලකුණු දැක බිය වැදුණු
රුදු සිතැත්තන්ගේ හී තුඩින්
රතු එළි නිවී තරු කැට එකින් එක
මහ පොළව මත වැද සැවුණා

මුදු සුව පිටමං කළ කළල් දිය
රළු කටුක දුදම හිස දරාගෙන
ඉරා මඩ සළු පිබිද විත්
සුදු නෙළුම් සුවින් හිනැහුණා

ඒ සුව විිනට රිසි නොවූ සිත්
මත් බමර තුඩ අග විස ‍පොවා
නටු මතින් උදුරා සුදු නෙළුම්
විසුරුවා දිය යට සැවුවා

17 comments:

  1. කවි පද ටිකනම් කාලෝචිතයි කියලයි හිතුනේ.....

    ලොව ඇයි දරුණු මෙතරම්...????

    ReplyDelete
    Replies
    1. දැන් සිද්ධ වෙන දේවල් ඇහෙද්දි දකිද්දි හරිම වේදනාවක් දැනෙනවා හිතට... ඒත් තරු එළි වලටත් දැන් හරිම තහංචිනේ...

      Delete
  2. මම අන්තිම කවියට ගොඩක්ම ආසයි යාළු..හරිම ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ.... මේ කවියත් කාලෙකට ඉස්සර ලියවුණු කවියක්...

      Delete
  3. කොතරම් හොඳ කළත් නරක පොඩ්ඩක් හරි තියෙනවා. අනෙකෙකුගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා මිනිසුන් බොහෝමයි. කවි පද නම් හරිම අගෙයි. කාලෙකින් කවියක් කියෙව්වෙ. දිගටම ලියන්න නංගී...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි අක්කා ඔයාගෙ කාර්යබහුල ජීවිතෙන් මගේ කවිය කියවන්න වෙලාව වෙන් කර ගත්තාට........ දැන් සිද්ධ වෙන දේවල් දකිද්දි මෙහෙම කවි ලියවෙනවා... හැබැයි මේ කවිය කාලෙකට ඉස්සර ලියවු‍ණේ...

      Delete
  4. ගීතයකට හොඳ පද පෙළක්. මන් මේ තරුට කරදරයක්ද කියලා බලන්න ආවේ

    ReplyDelete
    Replies
    1. පින්තූරෙයි, මාතෘකාවයි නිසා පෞද්ගලික දුකක් වගේ දැනෙනවා නේද? සමාජයේ පිරිහීමත් යහපත් වටිනාකම් මරා දැමීමත් පොදුවේ වගේම පෞද්ගලිකවත් විඳවන්න වෙන කාරණයක් නම් තමයි බින්දි...

      Delete
  5. ලෝකේ හැටි ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. ඇත්තයි. ඒත් පුංචි වෙනසක් හරි යහපත් පැත්තට කරන්න උත්සහ කරමු.

      Delete
  6. කවියෙන් කියූ අදහස නූතනයට ගැලපෙනවා. මේ සමාජය එතරම් කුරිරු බවක් දැනුනේ පසුගිය කාලයේ සිදුවුණු දේවල් දිහා බලද්දි. නෙළුම් කැකුළුවන් ළමා ළපටින් අකාලේ මේ ව්‍යසනවලට ගොදුරු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියෙ... මිනිස් හදවත්වල පුංචි හරි යහපත් වෙනසක් කරන්න අපි උත්සාහ කරන්න ඕන කියලයි මට හිතෙන්නේ.....

      Delete
  7. ඕක තමයි හලෝ ලෝක ස්බාවය...
    පිපෙන්න තියෙන මල් හිටන් නටුවෙන් උදුරලා දිය යට ඔබනවා..

    ඔන්න මාත් මේ පැත්තට ආවා. මම් තමා ඔහේගේ 28 වෙනි ෆලෝවර් !!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා... ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  8. තව කෙනෙක්ගෙ ජීවිතයත් තමන්ගෙ ජීවිතය වගේම වටිනවා කියලා අමතක වුණ ලෝකයක්..!
    කාලෝචිත කවි පෙළක්..!
    සුබ පැතුම් තව තවත් නිර්මාණ බිහිවන්නට..!!! :)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...