දුර ඈත ඉගිල ගිය
වැහි ලිහිණියෙකි
රිදුණු අත්තටු පිරිමදින....
හිම මිදෙන සීතලේ
කවියක උණුහුමට
ගුලි වී නිදන...
මධු විතක දැල්වෙන
හද මතක
පපුතුරේ හොවා
කඳුලක දොවන....
අන්ධ අඳුර යට
තනි වුණු
තරුවකිය...
ලිහිණි ඇස
පිරෙන කඳුලක
සීතලට ගිනි ගැනෙන
රිදුණු තටු පිරිමදින
බිඳුණු හිත මල් පිපෙන
දිනක් ඒදැයි කෙදින
සුසුමකින් මග අසන....
හරිම ලස්සනයි
ReplyDeleteඇත්තද? ස්තුතියි නංගි...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්... කවුද ?
ReplyDeleteඇස් අගිස්සෙ කදුළු කැට හංගන් ඉන්න ලිහිණියෙක්...
Deleteලස්සනයි තරූ
ReplyDeleteස්තුතියි දෙව්මි... ඔයා මුලින්ම මේ පැත්තෙ ආවෙ නේද?
Deleteලස්සණ යි, කවුද ඒ වැහි ළිහිණියා?
ReplyDeleteදුර ඈතක ඉගිලිලා ගිය වැහි ලිහිණියෙක්...
Deleteඉස්සර ලිහිණීයෝ දකිද්දි ආසයි මං. ඒත් දැන් බයයි මං ලිහිණියෝ දකිද්ද.ඌ යටින් වහන් උනු උකුස්සෙක් සිටීදෝ කියා..
ReplyDeleteහැම ලිහිණියෙක්ම නපුරු නෑ බට්ටි... අහිංසක ලිහිණියොත් ඉන්නවා....
Deleteමේ සයිබරෙත් ළිහිණියෙක් හිටියා දැන් නෑනේ පේන්නවත්.නිර්මාණය අගෙයි
ReplyDeleteඒ ලිහිණියත් ඈතක පියඹල ගිහින්ද ?
Delete//රිදුණු තටු පිරිමදින
ReplyDeleteබිඳුණු හිත මල් පිපෙන
දිනක් ඒදැයි කෙදින
සුසුමකින් මග අසන.... //
ලස්සනයි අක්කෙ!!!
එහෙමනම් සතුටුයි නංගා...
Deleteසේකර සක්වා ළිහිණි පද්‍ය සංග්‍රහයෙනුත් රත්නශ්‍රී කවියෙන් වගේම ගීයෙනුත් මේ ආදරය ගැන ලිව්වා... තරූගෙ මේ කවියත් කියෙව්වාම දැනේනෙ ඒවගේ හැඟීමක්.
ReplyDeleteසක්වාලිහිණි කියවල නැහැනෙ මං... හොයා ගන්න ඕන අයියේ...
Delete