පිටු

Wednesday, March 27, 2019

යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ...


යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
කළල විය, බිළිඳු විය, ළමා විය, නව යෞවනය, තාරුණ්‍යය, වැඩිහිටි විය, මහලු විය මේ කුමන ආකාරයේ ජීවන අවධියක් ගත්තත් එයටම අනන්‍ය විචිත්‍රබවක්, අගයක්, අර්ථයක් තියෙනවා. අදාළ ජීවන අවදිය ගතකරන්නා, පසුකරන්නා මෙන්ම සෙසු අයත් ඒ ගැන මනා වැටහීමකින් කටයුතු කළොත් තමයි ජීවිතය වඩා සුන්දර තැනක් බවට පත්වෙන්නෙ.

මනුෂ්‍ය ජීවිත පැවැත්ම තුළ ඉතාම වැදගත් ජීවිත සමයක් තමයි නව යෞවනය සහ තාරුණ්‍යය... එය ජීවිත ගමනේ අතිශය තීරණාත්මක කාලයක් වගේම සුන්දර වසන්ත සමයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
නමුත් මේ සුන්දර වසන්තය තුළත් සැඟවුණු අභියෝග, කුණාටු අනන්තයි. අපමණයි. නිදහස්, සාමකාමී, ආදරයෙන් සහ මනුස්සකමින් පිරුණු ජීවිතයක් දෝතින් පුදන සමාජයක් නෙවෙයි අද තියෙන්නෙ. ඒ බවත් තේරුම් අරන් ඉදිරියට ගියොත් ජීවිතයේ සැබෑ අරුත, සතුට අපට හමුවේවි.

ක්‍රිස්තියානි විමුක්ති දැක්ම ඔස්සේ ඒ ගැන සංවාද වන්නට, විමසිලිමත් වන්නට, අලුතින් සිතන්නට යොමුවක් දෙන වැඩසටහනක් ආරම්භ වෙනවා. ක්‍රිස්තියානි පසුබිමක් මත ගොඩනැගෙන නිසා කතෝලික, ක්‍රිස්තියානි අයට මූලිකව වැදගත් පාඨමාලාවක් වුණත් කැමති නම් සෙසු ඕනෑම කෙනෙකුටත් සහභාගි විය හැකියි. වැඩි විස්තර පහත දැක්වේ...

ගරු පියතුමනි, ගරු පැවිදි සොයුරියනි,
ආදර සොයුරු සොයුරියනි,

‘‘තාරුණ්‍යයට දෙව් දහමක්“ දේවධර්ම පාඨමාලාව

නව යොවුන් වියට සහ තාරුණ්‍යයට විමුක්ති දෙව් දහමේ ආලෝකය තුළ නව ලොව අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට අවැසි දිරිගැන්වීම සහ මඟපෙන්වීම ලබා දෙන නවමු ආකාරයේ දේව ධර්ම පාඨමාලාවක් ‘අද ජේසු‘ තරුණ සාමුහිකයෙන් සංවිධානය කරනු ලැබේ.

මෙය අවුරුදු 16 සිට ඉහළ තරුණ තරුණියන්ටත්, තරුණ තරුණියන් සමඟ වැඩ කරන ගිහි, පූජක, පැවිදි සැමටත්, තරුණ දරුවන් සිටින මව්පියන්ටත් එක සේ වැදගත් වන වත්මන් තරුණ ජීවිතයේ ගැටලුවලට දේව වචනයේ ආලෝකයෙන් පිළිතුරු ලබා ගැනීමට මඟ පෙන්වන පාඨමාලාවකි.

පහත සඳහන් මාතෘකා යටතේ මාසයේ අවසන් සෙනසුරාදා සවස මෙම පාඨමාලාව පැවැත්වේ. ( ආරම්භය මාර්තු 30 සෙනසුරාදා සවස 2.30 - 5.30 දක්වා මරදාන ෆාතිමා දෙව්මැදුරු පරිශ්‍රයේ දෙව් කොදෙව්ව ශාලාව ) 
පාඨමාලාවේ අන්තර්ගතය

1. ජීවිතාර්ථ දෙව් දහම
2. ආදරයේ දෙව් දහම
3. ලිංගිකත්වයේ දෙව් දහම
4. අධ්‍යාපනය හා රැකියාව පිළිබඳ දෙව් දහම
5. සොබාදහම හා තාරුණ්‍යය
6. දේව රාජ්‍යය හා තාරුණ්‍යය
7. පවුල, සමාජය හා තාරුණ්‍යය
8. සාහිත්‍ය කලාව සහ තාරුණ්‍යය
9. මාධ්‍ය හා තාරුණ්‍යය
10. සංතෘෂ්ඨියේ දෙව් දහම
11. යාච්ඤාව සහ තාරුණ්‍යය
12. ලංකාව හා කිතුනු තාරුණ්‍යය