පිටු

Friday, September 4, 2015

ඒ ප්‍රේමයේ නින්නාදය 'තරු ඇස් රහස්'


බිඳී බිඳී ඉහිරෙන සිහින අතර, අත්තටු පැළැන්ඳෙන සිහිනයක් යනු අසිරියක් ම නොවන්නේ ද?

මුදු මද අඳුරක් පැතිර ගිය අහස් තලය මත පෑයු පුංචි තාරුකාවක් මඳහසක් නගන්නේය. ඒ තරු ඇස සැඟවුණු රහස මම දනිමි. කවියට පෙම් බැන්ද බාල සන්දියේ සිට ම සිතේ පැතුමක් ගුලි ගැහී තිබූ බව ඒ තරුව දනී. පියාපත් ලැබ සුවිසල් අහස සරනු සඳහා මේ බිනර මහේ පෙරමං බලන්නේ ඒ මගේ දිවියේ අහිංසක පැතුම ය. සොඳුරුතම සිහිනය ය. 

ඉදින් මේ මගේ පළමු පොත ය. හැමදාමත් ජීවිතේ තනි නොතනියට හිත ළඟම හිඳින්නේ කවිය බැවින් කුළුඳුල් කෘතිය කවියට ම වෙන් කළෙමි.

මගේ කවි පොත, ‘‘තරු ඇස් රහස්” අපේ කවි පොතක් වන්නේ සම ප්‍රකාශන අසම සම දයාබරත්වය තුළ නව උත්පත්තියක් ලබන බැවිනි.

දුල් මල් විල් මෙන් ම ගල් මුල් ද සෙනෙහසින් බාර ගනිමි.

කවියට මෙන් ම, ජීවිතයට ද ප්‍රේමයෙන් පණ දුන්නෝ බොහෝ වෙති. ස්තූතියි කීම එකී ප්‍රේමය ලඝු කිරීමකි. එබැවින් මෙලෙස කියමි.

‘‘ඔබ මට දුන් සෙනෙහස පෙරළා ලොවට තිළිණ කරමි. 'තරු ඇස් රහස්' ලෙසින් මුද්‍රිත අවකාශයෙහි පියාපත් පළඳින්නේ ඔබ මවෙත පුද දුන් ස්නේහයේ නින්නාදයයි. අද මෙන් හෙටත් මා සමඟ හිඳිනු මැන..”



47 comments:

  1. සුබ පැතුම්!
    කවදද? කවදද එළියට දාන්නේ?
    අනිවා එනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      කවදාද කොහෙදිද කොහොමද ඉදිරියෙදි කියන්නම්... විශාල එළිදැක්වීමක් කරන්න අදහසක් නැහැ..... වෙනස් විදියේ වැඩක් මේ සාහිත්‍ය කලබලවලින් පසුව කරන්න හිතන් ඉන්නවා.. අනිවාර්යයෙන්ම කියන්නම්..

      Delete
  2. සුබ පැතුම්! තරු .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයාබර යාළුවේ...

      Delete
  3. සුබ පැතුම්! තරු රසී

    ReplyDelete
  4. ජය වේවා .. කවදාද ,කොහෙද කීයටද ? අපි අනිවා එතන

    ReplyDelete
    Replies
    1. මම කියන්නම් මල්ලි.. අනිවාර්යයෙන් එන්නම ඕනි තමයි...

      Delete
    2. එනවද කියලා අහන්නත් දෙයක්ද ? ඇවිත් කතාවක්තුත් පවත්වනවා..... ඕ... යේස් :P

      Delete
    3. අනිවාර්යයෙන් හැමෝටම කතා කරන්න අවස්ථාව දෙනවා.. කවි ගැන..

      Delete
  5. කවි පොතක්...දුෂ්කර, සුන්දර ආරම්භයක් ! මගේත් ඉහළ ම සුබපැතුම් !http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුෂ්කර සුන්දර ආරම්භයක්... ස්තුතියි..

      Delete
  6. මගේත් සුබ පැතුම් පිලිගන්න තරුරසී.

    ReplyDelete
  7. හදවතින්ම සුබ පැතුම් තරු අක්කේ.ඔන්න අපිත් එදාට එනවා හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.. අනිවාර්යයෙන් ඔයා නෑවිත් කොහොමද?

      Delete
  8. සුබ පැතුම් තරු.......පොත එළි දකින දිනය දන්වන්නකෝ අපටත්. ටිකක් වේලපහින් දැන්නුවොත් යමක් කරන්නත් හැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. විශේෂ එලිදැක්වීමක් කරන්න අදහසක් නැහැ නලින්... පුංචි වැඩක් විදියට පොත එළියට දෙන්නත්, පසුව වෙනස් විදියක කතිකාවක් කරන්නත් තමයි හිතුවෙ..

      කොහොම වුණත් අනිවාර්යයෙන් කියන්නම්.. ස්තුතියි...

      Delete
  9. සුබ පැතුම් තරූ අක්කේ.. ඇත්තටම සතුටුයි.. කවද්ද නිකුත් වෙන්නේ කියලත් ඉක්මනට අපිට කියන්නෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි කියන්නම්...

      Delete
  10. සතුටුයි...!!!
    දෙසැම්බරයේ දී මිළට ගෙන කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... කියවා අදහසත් කියන්න.

      Delete
  11. සතුටුයි.....සුබ පැතුම්.....

    ReplyDelete
  12. නේහා ගැන කවියක් පොතේ කොහෙවත්ම නැති වෙයිද?

    ReplyDelete
  13. තරූගේ කවි හිතට වගේම හොඳ හිතටත් ලැදි අපේ පවුලේ සියලුම දෙනාගේ උණුසුම් සුබ පැතුම්!! මේ පොත එළි දැක්මට අපිනම් එනවාමයි

    ReplyDelete
    Replies
    1. තිලක සිත එළිදැක්වූ දා සිට ඔබ හැමදාමත් ඇහුවා මගෙන් පොතක් කරන්නෙ කවදද කියල.. ඒ දිරි ගැන්වීමටත් පවුලේ හැම දෙනාගෙම ආදරයටත් හදවතින්ම තුති අයියේ...

      Delete
  14. සුභ පැතුම් තරු අක්කා...

    ReplyDelete
  15. සුභ පැතුමි.අපිත් පොත අරගෙන බලන්නමි

    ReplyDelete
    Replies
    1. බලන්න. අදහස කියා එවන්න.. ස්තුතියි.

      Delete
  16. පවසන රහස් ඔබේ තරු ඇස් දැක ගන්න..
    අවසර දහස් වර ආසිරි ගෙන එන්න... :)

    ReplyDelete
    Replies
    1. කළණ මිතුරු බැඳුමෙන් නිතරම පෑහී
      සිටිනා කලණ සුපැතුම් පිළිගමි පේ වී...

      Delete
  17. අප්‍රමාණ සන්තෝසයි තරූ..අප්‍රමාණ සන්තෝසයි..මගෙත් හිතාදර සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් තරුරසී තුළින් මාව දිරිගන්වන ඔබටත් හදවතින්ම ස්තුතියි රවී...

      Delete
  18. තරු ඇස් රහස් ගැන ඇත්තේ අපමණ සතුටක්. සයිබරයේ ඉපදුනු කවි, පොත් විදියට කල එලි බහින එක කොයිතරම් අපූරුද! උණුසුම් සුභපැතුම් අක්කේ! අපි අනිවාර්යයෙන්ම එනවා....

    ReplyDelete
    Replies
    1. බස්සි නැතිව කොහොමද තරු ඇස් රහස් කියන රාත්‍රියකට.. මොකද වෙන්නෙ කියල මම ඉදිරියෙදි කියන්නම් නංගී...

      Delete
  19. සුබ පැතුම් තරු. මේ විදියේ පොතක් එලි දැක්වෙනබව ගොඩක් කාලෙක ඉඳන් දැනගෙන හිටියා. :)

    ReplyDelete
  20. සුභ පැතුම්.... කියවනතුරු ඉවසිල්ලක් නෑ. කොහොමද කවදද?විස්තර කියමුකො.

    ReplyDelete
  21. මගේ සුබ පැතුම් නැගෙණිය! වෙඩ්ඩා දැමූ පෝස්ටුවකින් මේ බව දුටුවා. ඒත් ඔයාගෙ පොතක් කියලා දැන් දැනගත්තේ. ජය!

    ReplyDelete
  22. ඒ තරූ................... සතුටුදායක අාරංචියක් නෙවැ.. සුපිරියි.... කොහොම හරි හොයාගන්නවා ෂුවර්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...