‘‘සිංහබාහු එනකල්‘‘ කෙටි කතා සංග්‍රහය රස විඳින
විට මම ඔහු ගැන දැන නොසිටියෙමි. ‘‘චේ කෝ සහ තවත් කතා‘‘ පොත නිකුත් වූ පුවත ඇස
ගැටීමත් සමඟ මා එය මිල දී ගන්නේ ‘‘සිංහබාහු එනකල්‘‘ කෘතියේ කෙටි කතාමය ආනන්දය
පිළිබඳ මතකය ඔස්සේ ය. ‘‘චේ කෝ සහ තවත් කතා‘‘ ගැන මගේ වින්දනාත්මක කියවීම තරුරසී බ්ලොග් අඩවියේ අකුරු වන විට ද මම ඔහු පෞද්ගලිකව දැන
නොසිටියෙමි.
අදාළ නවකතාව ඔහු අත පත් කරනු සඳහා මුල්ම වතාවට මා ඔහු හමුවූයේ සාහිත්‍ය සංවාදයක නිමාවේ නිවසට දිව යන අතරතුර විහාරමහා දේවි උද්‍යානය කෙළවරකදී ය. එකී හමුව දිගුකාලීන සහෝදරාත්මක බැඳීමක ආරම්භය විය.
ඉනික්බිති අපි සාහිත්‍ය සංවාදවලදී ද, විවිධ දේශපාලන වේදිකා අබියස දී ද, වීදියේ අරගලවලදී ද හමුවූයෙමු. සාහිත්‍ය කලා ඇසුරේ පමණක් නොව, දේශපාලන ගමන්මඟේදී ද අපට එක්ව යා හැකි විය. ඒ සාහිත්‍ය කලාව, දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ජීවිතය සම්බන්ධයෙන් ද අපේ හදවත් සමාන්තරව ගමන් ගත් බැවිනි. අපට කතා කරන්නට බොහෝ පොදු මාතෘකා ද, පොදු අරමුණු ද, සිහින ද තිබිණි.
සාහිත්‍ය කලා මාධ්‍ය ලෝකය තුළ මට හමු වූ සොඳුරු ම මිනිසෙකි ඔහු. දයාබර ම සහෝදරයෙකි ඔහු. වදන් සපිරි අරුතින්ම ඔහු මට ලොකු අයියා කෙනෙකි.
ඉතින්, ඒ ඔහු අනෙකෙකු නොව අනුරසිරි හෙට්ටිගේ ය.
නවකතා කීපයකම හිමිකරු වුව ද මා මුලින්ම කියවූයේ ඔහු ලියූ ‘‘ස්මරණ‘‘ නව කතාව ය. අනතුරුව ‘‘බැඳමාරිය‘‘ නව කතාව ය. ඒ නවකතා දෙකම සිත් ගත්තේ වී නමුදු සටහනක් ලියා තැබීම මගහැරිණි. කෙසේ නමුත් මා තවමත් වඩාත් කැමති ඔහුගේ කෙටි කතාවට ය.
‘‘සන්ත බස්තියම් වීදිය‘‘ අනුරසිරි සහෝදරයාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි.
කොලොම්පුරේ ගෙන්දගම් අහස යට ඉපදුණු ඔහු තම ජීවිතය තුළ අත්විඳි රළු කටුක මෙන්ම සොඳුරු ස්මරණයන් කාව්‍යමය සංහිඳීමකින් මේ කෘතිය හරහා අප සමඟ බෙදා ගනු ඇතැයි විශ්වාස කරමි. ඉදින් සන්ත බස්තියම් වීදියේ සැරිසරන්නට මඟ බලා හිඳිමි.

‘‘අනුරසිරි අයියේ, ඔබට සුබ පැතුම්..“
කවිවලට වඩා නවකතා දෙක බලන්ට කැමතී...:)
ReplyDeleteමමත් ඔහුගේ මගහැරුණු අනෙකුත් නව කතා කියවන්න ඕන..
Delete‘‘බැඳමාරිය" ස්වර්ණ පුස්තක සම්මානයට යෝජනා වෙලා තියෙනවා නේද තරු අක්කේ ?
ReplyDeleteඅවසන් පොත් පහ අතරට ඇවිත් තියෙනවා.
Deleteකවිද, මම හිතුවෙ නවකතාවක් කියලයි.
ReplyDeleteකවි පොතක්.. ඔහු ගේ පළමු කාව්‍ය එකතුව...
Deleteචේ කෝ ? ... මේ ඉන්නේ
ReplyDeleteසුබ පැතුම් නව කවි පොතට , ‘‘බැඳමාරිය" ගැන මනෝජ් කියපු කතාව මාත් ඇහුවා වගේ මතකයි
ඇත්තටම ඔය චේ ව දැක්කෙ නැහැ කාලෙකින්...
Deleteඅනුරසිරි හෙට්ටිගේ නමැති සහෝදර කෙටිකතාකරුවා, නවකතාකරුවා කවියෙකු ලෙස මතුවන මේ මොහොත ආශ්වාදජනකයි.
ReplyDeleteතරුරසීගෙ සටහන ඊට අනුපාන සපයනවා.
ස්තුතියි..
Deleteඅනුර සිරි හෙට්ටිගේ කියල මහ රජාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක් හිටියා.. නේද
ReplyDeleteඒ කුමාරසිරි හෙට්ටිගේ බොලාගේ ගම් පැත්තෙම එකෙක්.
Deleteහරි නේ.. අපේ ගම් බලාත කීවේ අනුරාධපුරේද?? නෑ යකෝ මං හිතන්නේ අර පීචං මාතර පැත්තේ බුවෙක්..
Deleteසුබ පැතුම් කවියාණෙනි
ReplyDeleteකවි පොතක් නේ.... අපි අත්දෙකම උස්සලා... ජයවේවා
ReplyDelete