පිටු

Sunday, October 18, 2015

වතිකානුව තුළ අතුරුදන් වූ දෙවියන්ගේ සිනාව


මගේ දෑස් කෙවෙන්නට ගති. කඳුළු බිඳු ඇහි පියන් යටම නළියයි. මම සීරුවෙන් ඉන්නැයි කඳුළට පවසමි. ඔහු මිය ගොසිනි. මා නැවතී සිටියේ දෙසිය වැනි පිටුවේ බව බොඳ වූ නෙතට පෙණුනි.

‘‘සැප්තැම්බර් 29 වන දා උදේ 4.30 ට කෝපි ප්ලාස්කුව පාප්තුමාගේ අධ්‍යයන කාමරයේ තැබූ වින්සෙන්සා පාප්තුමාගේ නිදන කාමරයේ දොරට තට්ටු කර ‘‘සුබ උදෑසනක් ශුද්ධෝත්තම පියාණෙනි‘‘ කීවාය. ප්‍රතිචාරයක් නොවූ හෙයින් ඉවත ගිය ඇය 4.45 ට නැවත ආවාය. කෝපි බඳුන එසේම තිබිණි. 1959 සිට ලුසියානිට සේවය කළ වින්සෙන්සා, ලුසියානි කිසිදිනක වැඩියෙන් නිදාගන්නේ නැති බව දැන සිටියාය. නිදන කාමරයේ දොරට තදින් තට්ටු කළ ඇය පිළිතුරක් නොමැති බැවින් දොර ඇරියාය. උපැස් යුවළ පැළඳගෙන, ලියන කඩදාසි කිහිපයක් අතේ රඳවා ගත් ලුසියානි ඇඳ මත ඉඳගෙන සිටියේය. හිස දකුණට හැරී තිබුණ අතර දෙතොල් විවර වී තිබුණි. දැඩි වේදනාවක ස්වරූපයක් මුහුණේ දිස් විය. ඇය ලුසියානිගේ නාඩි වැටීම පරීක්ෂා කළාය....

පාප්තුමෙකු ලෙස දින තිස්තුනක් ගත කළ ඇල්බිනෝ ලුසියානි හුදකලාවම මිය ගොස් ඇත. මරණයට හේතුව? මරණය සිදු වු වේලාව? වසර හාරසීයකට මෙපිට කිසිම පාප්තුමකු මෙතරම් කෙටි කාලයකින් මිය ගොස් නැත. ඇල්බිනෝ ලුසියානි මිය ගියේ කෙසේද?‘‘

‘‘දෙවියන්ගේ නාමයෙන්‘‘ -  ඩේවිඩ් යැලොප්
පරිවර්තනය - ඇන්ටනී කුරුකුලසූරිය




ඒ සිනාසෙන පාප් තුමා ය. මේ දිළින්ඳන්ගේ පාප් තුමා ය. නැත්නම් හරිත පාප් තුමා ය.

ඒ සිනාසෙන පාප්තුමාගේ ජීවිතය, දැක්ම සහ වැඩපිලිවෙල වත්මනේ මේ දිළින්ඳන්ගේ පාප්තුමාගේ ජීවිතයට කොතරම් සමානකමක් දක්වන්නේද කියතොත් මේ පාප් තුමා ඒ ජීවිතයෙන් කොතරම් අභාෂය ලබන්නට ඇත්ද? එතුමාගේ චින්තනය කොතරම් බලපෑමක් කරන්නට ඇත්ද යන්න පැහැදිලි ය.

වඩාත් හිත තිගස්වන කාරණය නම් ඒ පාප් තුමා දින 33 ක පාප් ධුර කාලය අවසන් කරනුයේ අබිරහස් මරණයක් උරුම කරගනිමින් වීම යි. දෙවියන්ගේ සිනාව වතිකානුව තුළදී ම අතුරුදහන් කර තිබිණි.



ඔහු ඇල්බිනෝ ලුසියානි ය. 1978 වසරේ පළමුවන ජුවාම්පාවුළු  ලෙසින් ශුද්ධෝත්ත්ම පිය ධුරයට එසවෙන්නේ එතුමා ය.

දින 33 ක් වැනි සීමිත කාලයක් ශුද්ධෝත්තම පාප් ධුරය දැරූ පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ අබිරහස් මරණය පිළිබඳ වසර තුනක කාලයක් ඩේවිඩ් යැලොප් විසින් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලය මේ කෘතියයි. ‘‘සිනාසෙන පාප් තුමා‘‘ ලෙසින් නම් කළ මේ හැටපස් වියැති පාප්තුමා පාප්ධූරය දක්වා පැමිණි ගමන, පාප් ධූරයේ සීමිත කාලය තුළ තම කැඳවීම මනාව තේරුම් ගනිමින් ගත කළ නිදහස් මෙන්ම වගකීම්සහගත සුපරීක්ෂාකාරී කාලය, එතුමාගේ අභිරහස් මරණය, එම අභිරහස් මරණයෙන් පසු වතිකානුවේ ක්‍රියාකලාපය කෘතියෙහි අන්තර්ගත ය. එය කොහෙත්ම සුන්දර කතන්දරයක් නම් නොවේ. දේව කැමැත්තට හෝ මනුෂ්‍යත්වයට වඩා ධනය බලය කේන්ද්‍ර කරගත් ධනේෂ්වරයේ පාපිෂ්ඨ හස්තය ශුද්ධවූ සභාව තුළ වුව ද ක්‍රියාත්මක වන ආකාරය සාධක සහිතවම පෙන්වා දේන අතිශය භයංකර එලෙසින්ම වේදනාත්මක හෙළිදරව්වකි.

‘‘රෝමානු කතෝලික සභාව පිරිසිදු කිරීමේ හා ප්‍රකෘතිමත් කිරීමේ අගනා ප්‍රතිපත්තිය නිසා දිවි පිදූ, මෑත කාලයේ ප්‍රාණ පරිත්‍යාගශීලියකු ලෙස ඔහුව පිළිගත යුතුයි.‘‘ 

‘දෙවියන්ගේ නාමයෙන්‘ කෘතිය අවසන් වන්නේ එලෙසිනි. නමුත් ඒ නිමාවක් නොවූ අඛණ්ඩ වගකීමක් බව ද අප වටහා ගත යුතු ව ඇත.

1984 වසරේ පළ වූ මෙම කෘතිය කතෝලික සභාවේ වාරණයට ලක් වී ඇත.

‘දෙවියන්ගේ නාමයෙන්‘  මේ මොහොතේ කියවීම අතිශය වැදගත් වන්නේ වර්තමාන පාප් වහන්සේගේ දැක්ම සහ කාර්යභාරය කොතරම් දුෂ්කර ද, ඒ වෙනුවෙන් එතුමාට මුහුණ දෙන්නට සිදුවිය හැකි අතුරු ආන්තරා කෙබඳුද යන්නත් තේරුම් ගැනීමට ය.

සැබවින්ම දේව රාජ්‍යය මිහිමත උදා කිරීම වෙනුවෙන් වැඩ කිරීම යනු ම අති දුෂ්කර කල්වාරි ගමනකි. ඒ සැබෑ දේව රාජ්‍යය යනු යුක්තිය, සාධාරණය, සමානාත්මතාව රජයන ප්‍රේමයේ රාජ්‍යයක් වන බැවිනි. ජේසුතුමන්ගේ ජීවිතය මෙන්ම පළමුවැනි ජුවාම් පාවුළු පාප්තුමාගේ ජීවිතය ද අපට පෙන්වා දෙන්නේ එයයි.

තහනම් ගහේ ගෙඩිය යන්න ලිංගික කාරණාවකට ලඝු කර දැමීම බරපතල ඓතිහාසික, ආගමික, සමාජයීය අත්වැරැද්දකි. එය තණ්හාව ආශාව මුල් කරගත් බල ලෝභයට, ධන ලෝභයට ගොදුරුවීමට මනුෂ්‍යයා තුළින් පැන නගින්නාවූ සහජ ප්‍රාථමික උවමනාවේ සංකේතයකි. ඒ උවමනාවට යටත්ව තමා තුළ පවතින දේවත්වයට එරෙහිව යාමෙන් මනුෂ්‍යත්වය ද කෙලෙසේ. ධනේෂ්වරය විසින් පැළ කොට පාලක පන්තියේ අනුහසින්, පූජක පන්තියේ ආශීර්වාදයෙන් මනාව නඩත්තු කරනා තහනම් ගස් ය සැමතැන. 

ඉතින් ආදම්, ඒව ට මෙන්ම බොහෝ පාප්වරුන්ගේ සිට කාදිනල්වරුන්ටද, පූජක ගිහි පැවිදි පිරිස් හටද, පාලකයන්ට සහ ධනවතුන්ට ද ඔබට සහ මට ද සුගති උද්‍යානය බොහෝ දුර ඈත විය හැකිය.


21 comments:

  1. හ්ම්,මේ ලිපිය ලියන්න අක්කාට ප්‍රස්තුත වුනේ "රාවයේ" තිබුණු අර අක්කාම ෆේස්බුක් එකේ බෙදාගෙන තිබුනු ලිපිය නේද? ධනය,බලය හොයන එව්වා කරපින්නාගෙන දුවන සමාජයක එව්වාට විරුද්ධව කටයුතු කරන එක සැඩ පහරක උඩු ගං බලා පිනනවා වගේ වැඩක්.
    යේසුස් වහන්සේ එදා ලියන්නන්ගේ,පර්සිවරුන්ගේ ආධිපත්‍ය බිදින්න කටයුතු කෙරුවා.හැබැයි කතෝලික සභාව ඒ ආධිපත්‍ය යලි ගොඩනගන්න වගේ කටයුතු කරන්නේ.

    තහනම් කල පොතක් බව කිව්වාම කියවන්න අසා හිතුනා.

    සමජවාදී රටක් කියලා කිව්වා චීනය පට්ට ධනවාදී රටකවත් නැති කපටිකම් වලට පුරුදු වෙලා තියෙන හැටි පුදුමයකුත් නොවේනේ.

    ReplyDelete
    Replies
    1. මේ පොත කියවල ටික දවසක්.. ලිපියත් බාගෙට ලියල තිබුණෙ. ෆාද වික්‍රමගෙ ලිපිය කියෙව්වෙත් රාවය ආව දවස්වලමයි...

      ඊයෙ ආරංචියක් ලැබුණා මේ ලිපිය නිසා මැසනද් එකේ පූජාව තියන අවස්ථාවත් ෆාද වික්‍රමට අහිමි වූ බව.. ඉතින් රාවයේ ලිපියත් මතු කරලා පොත ගැන ලිපියත් අහවර කළා අද.. ඉරිදා දෙවියන් වෙනුවෙන් වෙන් කළ යුතු සබත් දවසෙ..

      මේ පොත තාම ලංකාවෙ තහනමක් නැහැ. මං හිතන්නෙ සභාවෙ ඉහළ පෙලේ අය තවම මේ පොත ගැන දන්නෙ නැතිව ඇති.

      Delete
  2. තරු කුතුහලය අවුස්සලා. ඒ හන්දම පොත හොයාගන කියවන්ට හිතුනා. දැන් කියවන්ට තියෙන පොත් ලිස්ට් එක දික්වේගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඔයාට ඉංග්‍රීසි පිටපතක් එව්වා.. බලන්න..

      Delete
  3. 1 ජුවාම් පාවුලු පාප්තුමා ලගදිම භාග්යවන්තවරයට ඔසවන්නයි සූදානම,මෙතුමා පටන් ගත්තු ගමනම තමා ප්‍රන්සිස් පාප්තුමා ගමන් කරන්නෙත්,,අසීරු ගමනක් කොහෙන් කෙලවර වේවිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ අසීරු ගමන ම තමයි ක්‍රිස්තියානි කැඳවීමත් නේද? ඩිලාන් ඉතාලියෙම නිසා ලොකු අවබෝධයක් ඇතිනෙ ගැටලුව ගැන.

      Delete
  4. මේ පොත කොහෙන්ද ගන්න තියෙන්නේ තරු

    ReplyDelete
    Replies
    1. මිල දී ගන්න තියෙනවද මම හොයල බලන්නම්. මටත් ලැබුණෙ අතින් අත යන පොතක්.. tharurasi@gmail.com මට මේලයක් එවා තියන්න විදියක් දැනගන්න ලැබුණම ඒ ගැන ලියා එවන්න හැකි...

      Delete
  5. තරු, කතෝලික සභාව ඉතාමත් හොඳින් සංවිධානගත ව්‍යාපාරයක්. ව්‍යාපාරයේ අරමුණුවලට කරදරයක් වන මාර්ග බාධක ඉවත් කරන්න ඔවුන් පසුබට වන්නේ නැහැ.
    කාටහරි අවශ්‍ය නම් ඉංග්‍රීසි පොතේ pdf එක මා ලඟ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..

      ස්තුතියි ඉංග්‍රීසි පිටපත ලබා දුන්නට. අවශ්‍ය අයට එය ලැබෙන්න සලස්වන්න හැකියි.

      Delete
    2. Can you please send me the PDF version (English). My email address is diligentsrilanka@gmail.com. also pl let me know form where can I buy this book? thanks - Linton Fernando

      Delete
    3. Today I read this article. Could you please mail me the pdf version chamari_2006@yahoo.com

      Delete
    4. මම අදයි මේ ලිපිය දැක්කෙ තියෙනවනම් මටත් pdf ඵක ඵවනවද chamari_2006@yahoo.com සිංහළ පොතේ publisher කවුද කියල දන්නව ද ස්තූතියි

      Delete
  6. අලුත් දැනුමක්... ස්තූතියි

    ReplyDelete
  7. නොදන්න දෙයක් කියා දුන්නාට ස්තුතියි. පල්ලියෙ මෙහෙම වැඩ වෙලා තියෙන බව මාත් අසා තිබෙනවා. මේ පොත කොහොමහරි කියවන්න ඕන.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. if u can pls send me a English copy of this pls .., tharindu.haig@gmail.com

    ReplyDelete
  10. can u pls send me an English copy of this book...

    ReplyDelete
  11. මිනිස්සුන්ගේ මේ කටයුතු දිහා දෙවියෝ කලකිරීමෙන් බලං ඉන්නවා ඇති . නරක මිනිස්සුන්ගේ වැඩ නිසා සමස්ත මනුෂ්‍ය ප්‍රජාව ම දෙවියෝ අතහැරලා දාන දවස වැඩි ඈතක නෙවෙයි කියල මගේ හිත කියනවා .

    මේ දිළින්ඳන්ගේ පාප් තුමා ගේ චරිතයට මම බුධාගමේ කෙනෙක් උනත් හරිම කැමති .

    ReplyDelete
  12. Who is the publisher I will try to find

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...