විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘
කොයිබින්ද මේ මුදු සුමුදු නිල
ඇස සිහිල රන්දන...
පය පාමුළ ම
අපුල කුණු දිය ඇල
එතැන ම පල් වෙන...
හාත්පස අවුලුවන
කාක උන්මාදය
කසල මලු විසුරන...
හරහට වැතිර රළු සිල්පර
හූ තියන් ඔච්චටම
දුව යන යකඩ ලදරම
පීලි පන්නන
යන අතක් නොදැනම...
සතර මහ අපායේ
පිල්කඩ හිඳ ගෙනම
මෙතරම් මුදු සිනිඳුවට
හිනැහෙන්නෙද කෝම
මෝනිං ග්ලෝරි මල් වැල...
රහසක් හෙම කීවාද
හිරු රැස්
කප්පරක් කටුක දුක් මැද
එකම එක සිනාවක්
ඇති වග
ජීවිතය අස්වද්දන...
කුණ් කසල කන්දක් අබිමුවක වුව
ReplyDeleteඅහිතක් නැතිවම පිපිය හැක
මෝනිං ග්ලෝරි මලකට
සුවඳක වෙනසක් නැතිවම..
ලස්සන කවියක් තරු අක්කා...
කොම්පඤ්ඤවීදියේ ස්ටේෂම ළඟ රේල් පාර අයිනෙ කටු කම්බි වැටේ මෝනිං ග්ලෝරි මල් වැල දැන් මල් පුරවගෙන.. උදේම හිත සනසන දසුනක්..
DeleteMorning glory malak wanna Asiri! ☺
ReplyDeleteස්තුතියි..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුන්දරයි පද පෙළ.
ReplyDeleteතුති
DeleteLovely! Thanks for sending this to me.
ReplyDeleteManel akka
ඒ මල්වල නම කියල දුන්නෙ ඔයානෙ මට.. ඉතින් මල් දකින හැමවෙලාවෙම ඔයාව මතකෙට එනවා.
Deleteලස්සනයි.......
ReplyDeleteතුති
Deleteමෝර්නින් ග්ලෝරි කියල මල් ජාතියක් තියෙනවද?
ReplyDeletehttp://nelumyaya.com/?p=4493
තියෙනවනේ.. සර්ච් කරල බලන්න. එක එක පාටින්.. ලස්සනයි. මං හැමදාම උදේට දකින මල් වැලෙ නම් අමුතු ළා නිලක මල් පිපිල තියෙන්නෙ.
Deleteඅරුමැසි නෙක මල් පිපී හිනැහෙන
ReplyDeleteමල් උයන් මැද පිපුණි නම් මා අද
නුඹවත් දකීවිද මේ "හිමිදිරි උත්කර්ෂය"
මලක් නැති තැන මලක් වෙමි මම
ඇත්තමයි තිසර..
Deleteලස්සනයි ඔයාගෙ මේ පුංචි කවිය..
තිසරගේ කවියත් හරි ලස්සනයි.
Deleteතිසර...නියමයි!
Deleteදහසක් කම්කටොලු අපහාස අවලාද මැද සිනහවෙන සෑම ගැහැනියක් මිනිසෙක්ම මෝනින් ග්ලෝරි මලක්....
ReplyDeleteඅර්ථවත් ලස්සන පැදි පෙළක්
ජයවේ රසී!
ම්... ඇත්තටම...
Deleteපිපේ නම් මඩේ මහනෙල්
ReplyDeleteකුණු කන්දක් අසල
මෝනින් ග්ලෝරි මල් පිපිම
කුමන අරුමයක් විද මා හට
අරුමයක් නැහැ.. ඒත් හරිම ලස්සනයි..
Deleteමල්වත්තක මල් ගොමුවක පිපෙනවාට වඩා අගෙයි,
ReplyDeleteකම්බි වැටක දර ඉපලක පිපුනු මලක අගය වැඩියි,
අපූරු පදවැල තරූ…….මම ඔය මෝනිං ග්ලෝරි ගැන හොයනකොට දැක්කෙ කංකුං වලට කියන්නෙ Water Morning-glory කියලලු...හෙහ්,
කන්කුන් කතන්දරේ අදයි දැන ගත්තෙ. අපූරු සොයා ගැනීමක්..
Delete