Oil Paintings by Andrei Belichenko |
ඔයාට මං
කිව්වද?
මට මතක නෑ..
ඔව් මං බලන්
හිටියා
බලන් ඉඳල ම
ඇති වුණා...
මොහොතක්
දෙකක්, දවසක් දෙකක්
අවුරුද්දක්
දෙකක්..
නෑ අවුරුදුම
දහතුනක්...
දහතුන
නපුරුයි ලු...
එහෙම වෙන්නෙ
කොහොමද
අපි ළං වුණ
දෙදාස් දහතුන...?
ඒ තමයි
සුන්දර ම අවුරුද්ද...
ආදරේ පළමු
පාඩම බලා හිඳීමලු
එහෙම කිව්වෙ
පාවුලෝ
ඇල්කෙමිස්ට්
පොතේ
ඇල්මැරුණු අකුරු
මතකද ඔයාට
පාවුලෝ
අදහාන උන්නාට මට
යසයි ඒ ලැබුණු
දඬුවම...
සන්තියාගෝ සැරිසරද්දී
හීන හඹාගෙන
කවුරු හරි
මං වගේ
මෝඩ ම
කෙල්ලෙක්
ඉන්නත් ඇති
බලාගෙන
හීන එළිවුනේ
පය පාමුල ම
ජීවිතේ අන්තිම
නරක
විස්මිත
විහිළුවක්...!!!
ඔයාට මං
කිව්වද
මට මතක නෑ..!!
බලා හිඳීමේ
පාඩම
පාඩම් කරලාම
තිත්ත උණා මට
එතනින් එහාට
අත්හැරීමේ
පාඩම ප්‍රගුණ කළේ මම
තනියෙන් ම
ඔයා හමුවෙන
කල් ම...
එතැන් සිට,
ආයෙමත් පළමු
පාඩම
‘‘බලා හිඳීම”
පාඩම් ම
විතර ද ජීවිතය
ජීවිතය නැත්නම්
දුෂ්කරම පාඩම ද...
ආයෙමත් ආත්මීය
අරගලය
අත්හැරීම ප්‍රගුණ
කළ යුතු ය මම
තිරසර ව
ඇලීම ගැටීම
බැඳීම..
බිඳීම
සියල්ල අවසන
අත්හැරීම
මේ තරම් ම
අසීරු වෙන්නෙ කෝම..?
තරූ අහලා නැද්ද සනාතන පුනරාවර්තනය ගැන? ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ නම් eternal recurrence කියලා. ලෝකෙ හැම දෙයක් ම යලි යලිත් එකම දේ සිදුවෙන එක.
ReplyDeleteලස්සනයි තරූ................
ReplyDeleteජීවිතය තමා දුෂ්කරම පාඩම...
ReplyDeleteපොඩ්ඩියේ, රත්න ශ්‍රී විජේසිංහයන් ගේ මේ කවි ටික කියවලා තියේද ?
Delete//දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
Deleteකටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස //
හරිම ලස්සන අදහසක්. කවි ටික කියෙව්වා මනෝ. ගොඩාක් ස්තූතියි. :)
Deleteඅත්හැරීමේ පාඩම කලා නම් හරියට
ReplyDeleteබලා හිඳීමේ පාඩම ආයෙමත් කරන්න ඕනේ නැහැ නේද?
තරු අක්ක අමාරුම පාඩම් දෙකක්ම කරලනෙ.
ReplyDeleteAn experience close to my heart.
ReplyDeleteඅතිවිශිෂ්ඨයි ! ! !
ReplyDeleteබොහෝ විසඳුමක් නැති ප්‍රශ්න වලට හොඳම විසඳුම අත්හැරීමයි කියනවනේ
ReplyDeleteඅත්හැරීම ලේසියි... කාලයට ඉඩ දුන්නම...
ReplyDeleteඅල්ලා ගැනීම තුළ නොව අත්හැරීම තුලද ආදරය ඇත
ReplyDeleteහිහි ඒ පඩි ටෝක මයියා වෙතින් හිහි
අපූරුයි කවිය
තරු ඇස් රහස්!
ReplyDeleteමේ කවිය කියවද්දි මගෙ ඔලුව ඇතුලෙ ආයෙ ආයෙම ඇඳුනෙ ඒ වචන තුන.
ලස්සනයි අක්කේ!
No comments.. sorry!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි..........
ReplyDelete