පිටු

Friday, December 21, 2012

ගමද........? නගරයද......?




පුංචි කාලෙ ඉස්කෝලෙ, දහම් පාසලේ, සාහිත්‍ය සමිතියෙදි විවාද කරන්න ලැබුණු මාතෘකාවක්නෙ මේ... ලැබෙන්නෙ ''ගම'' නම් අපි ගම වර්ණනා කළා ඒකට හේතුත් ගොඩක් තිබුණා... ලැබෙන්නෙ ''නගරය'' නම් ඒ ගැනත් කියන්න බොහෝම කරුණු තිබුණා...

 බොහෝ කලාකරුවන්, ලේඛකයන් අත මේ ගම නගරය කියන මාතෘකාව කතාබහට ලක් වෙලා තියෙනවා නොයෙක් වර... මට මතකයි මංජුල වෙඩිවර්ධනයන්ගෙ කවියක තිබුණ ගමෙන් නගරයට ඇවිත් නගරයේ සියලු සැප පහසුකම් භුක්ති විඳිමින් ගම වර්ණනා කර කර ඉන්න කවියො ගැන... හරියටම මතක නැහැ මොන කවි පොතේද කියල. ( පිලිහුඩුවීද ? බලල කියන්නම් )

පහුගිය ටිකේම මට හරියට හිතුණ ‍ගමේ යන්නෙ කවදද? ගෙදර යන්නෙ කවදද කියල. ඒ මම නගරයට කැමති නැති නිසා නෙවෙයි. ඉපදුණු හැදුණු වැඩුණු ... ගමේ පවුලෙ අය, නෑසියන්, හිත මිතුරන්, ගහකොල අතර හිත නිවන ගතියක් තියෙනවා.. හිත සැනසෙන ආදරණීය බවක් තියෙනවා... ඒ නිසා ගමට හිත ඇදෙන ගතියක් තියෙනවා.

කොළොම්පුරට ඇවිත් දැන් අවුරුදු ‍දොළහක් ගෙවිලා... කොළඹ කියද්දි බොහෝ දෙනෙක්ගෙ හිත්වල තියෙනවා රැවටිලිකාර, භයානක තැනක් ‍වගේ හැඟීමක්. ඒත් මේ තරම් කාලෙකට මට නම් කිසිම භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා නැහැ. ‍යහපත් මිනිසුන් මුණ ගැහිල තියෙනවා. ජීවිතයට වටින අත්දැකීම් රැසක් එකතු වෙලා තියෙනවා..

දරා ගන්න බැරි දේවලට තියෙන්නෙ දූවිල්ල, විස දුම, මහා කන්කරච්චලය තමයි...

අද ගම නගරය කියල වෙනසක් නැහැ... කොතනත් එක වගේම හොද, නරක මිනිසුන් ඉන්නවා. ඒ නිසා ගමවත්, නගරයවත් සන්සන්දනය කරන එක තේරුමක් නැහැ.. මිනිස්කමේ පරිහානියක් හැමතැනම දකින්න තියෙනව වගේම, මනෂ්‍යත්වයේ සුවඳ විහිදුවන මිනිසුන් කොතනත් ඉන්නවා.

මට වැඩියෙන්ම ආදරය කරන අය ඉන්නෙ, මාව වැඩියෙන්ම තේරුම් ගන්න අය ඉන්නෙ ‍ගමේ, ගෙදර කියල මට හිතෙනවා. කුස්සියට වෙලා අම්මයි, තාත්තයි එක්ක කයියක් ගහන්න.... චූටි දෝණි ( නංගිගෙ) එක්ක සෙල්ලම් කරන්න, බයිසිකලය අරන් මහගෙවල් වල රවුමක් යන්න, නිදහසේ ගහකොල, වෙල්එළි, වැව් දෙණියෙ හුළග විඳින්න .... ගමට යන්න ආසයි.

නත්තල ගමට යන්න මට කුරුලු පිහාටුවක් එවල... හෙට ඔන්න ගෙදර යනවා මම. නත්තල් ආච්චි වෙලා.. ආයෙම එන්නෙ 30 ඉරිදා.. ගෙදර ගියාම අන්තර් ජංජාල නැහැ. කොම්පියුටරේ තියෙන්නෙත් බෝඩිමේනෙ... ඒ නිසා ඔන්න හැම දෙනාටම,

ආදරය........... සාමය...........සතුට පිරුණු  සුබ නත්තලකට ආසිරි පතනවා හදවතින්ම...

( ලංකාව පුරාම බොහෝ දෙනෙක් කරදර ගොඩකනෙ මේ දවස්වල ඉන්නෙ... ඉතින් ආගම් භේදයකින් තොරව අපි හැකි විදියට මිනිසුන්ට සහනයක්, සතුටක්, ධෛර්යයක් වෙන්න උත්සාහ කරමු. )

20 comments:

  1. ඔව් හොඳ මිනිස්සු ඉන්න හැම තැනම ලස්සනයි තරු ඔයා කියනවා වාගෙ නගරය ගම කියලා වෙනසක් නැ. පරිස්සමින් ගිහින් එන්න. නෑදෑ හිත මිතුරන් එක්ක සතුටින් නත්තල් සමය ගත කරන්න.. සුභ නත්තලක් වේවා...!

    ReplyDelete
  2. ඔයාටත් සුභම සුභ නත්තලක් පතනවා.... සමාවෙන්න තරූ ඒත් කවුරුහරි ගෙදර යනව කිව්වම මට හරීම ලොකු ඉරිසියාවක් දෑනෙනව මොකද මට සෑහෙන්න කාලෙකට ගෙදර යන්න වෙන්නෙ නෑති නිසා.... අම්මි තාත්ති ලග දෑනෙන සෑනසීමනම් කා ලගවත් නෑ නේද? කොහොමත් සුභ පතනවා මම....

    ReplyDelete
  3. මං නම් නගරයේ හැදිල නගරයේ ම පාසැලකට ගිහිල්ල අද වෙනකොට ගමක ජීවත්වෙන කෙනෙක්. ඒ කාලෙ ගම ගැන දැනගෙන හිටපු බොහෝ දේවල් හැබෑ ම ගමට පය ගැහුවහ ම බොරු ය කියල හැබෑවට ම දැනගත්ත. පොත්වලින් හරි වෙන නිර්මාණවලින් හරි අපේ අය ගම සුන්දර කරල ලෝකෙට බොරුවක් නේද දෙන්නෙ කියන එක බොහොම හොඳට පැහැදිලි වුණා.ඒ හින්ද ලිපියෙදි අක්ක මතු කරන කරුණට මාත් එකඟයි. එහෙනම් ඔන්න පරිස්සමෙන් ගිහින් එන්න. සුබ නත්තලක් වේවා!!!

    ReplyDelete
  4. ඕනිම තැනක් හොඳ වෙන්නෙ එතන ඉන්න මිනිස්සුංගෙ තියන හොඳ කමේ තරමටයි කියනවනෙ...

    සුභ නත්තලක් වගේම සුභ අළුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරනව :)

    ReplyDelete
  5. ගම නගරය ගැන කිව්වම මගේ මතකයට මෙන්න මේ ගීතයත් ආවා......
    හද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුබ මා හට.....

    සුභම සුභ නත්තලක් වේවා....!!!

    ReplyDelete
  6. ගමේ නගරයේ නෙමෙයි ළෝකේ කොහෙත් එහම තමයි... හොඳ නරක දෙකම තියෙනවා... හැබයි ගමේ යනවා කියන්නේ පොඩි කාළේ අම්මා ගාව ඉන්නවා වගේ තමයි.....

    ReplyDelete
  7. ඔන්න එහෙනම් මාත් අයිනක ඉඳන් සුබ පතනව ..
    සුබ නත්තල් සමග සුබ අලුත් අවුරුද්දක ට ...

    ReplyDelete
  8. සුභ නත්තලක් වේවා අක්කේ..

    ගෙදරින් පිට ඉන්න කෙනෙක් තමයි දන්නෙ ගෙදර ඉඳිද්දි තියෙන සනීපෙ.. මමත් අවුරුදු පහක්ම ඔය කට්ට කෑවනෙ..

    හැබැයි පොඩි කාලෙම ගමෙන් නගරෙට ආපු කෙනෙක්ට නගරෙ හුරුවුනාම ගමේ අගයක් දැනෙන්නෙ නැතුව ඇති. අක්ක කොළඹට සේන්දු උනේ අවුරුදු කීයෙදි විතරද?

    ReplyDelete
  9. සුබ නත්තලක් වේවා අක්කා. ඔයා කියපු කතා ටික අහලා මටත් පියාඹලා ගෙදර යන්න හිතුනා. ඒත් ඉතින් අපිට කොයින්ද කුරුළු පිහාටු :(

    ReplyDelete
  10. ඇත්තටම ගම වගේම නගරයත් අත හරින් බෑ මොකද මේ දෙම එකිනෙකට වෙනස් වුනත් යමෙකුගේ පැවැත්ම උදෙසා මේ දෙකම අත්‍යවශ්‍යයි.

    ඉඳහිටලා ගමට ගියාම යාන්තමටසිහිල් සුළං පොදක දැවටිලා නිදහසේ ඉඳල එන්න පුලුවන්.

    සුබ නත්තලක්.

    ReplyDelete
  11. ඔන්න මමත් යනවා..තරු අක්කටත් සුබම සුබ නත්තලක් වේවා !

    ReplyDelete
  12. ඔබටත් සුබම සුබ නත්තලක් උදාවේවා කියා පතනවා හදවතින්ම සොයුරිය.

    ReplyDelete
  13. තමං ඉපදුනු, හැදුනු වැඩුනු ගම තරං සුන්දර තැනක් තිනවද වෙන!

    සුභ නත්තලක්! විනෝද වෙලා එන්න ආයෙමත්! :)

    ReplyDelete
  14. ඉස්කෝලේ 4 වසරේදී තිබුණු විවාද තරඟයකදීත් මාත් හිටියේ ගම හොඳයි කියලා කතා කරපු පිලේ...

    ReplyDelete
    Replies
    1. ආහ් සුභ නත්තලක් කියලාත් ප්‍රාර්ථනා කරනවා ඕන් :)

      Delete
  15. ගමේ තියෙන සුන්දරත්වයට සමකරනන් පුළුවන් කිසිවක් නැහැ ලෝකේ මොනම දියුණු නගරෙක හෝ වේවා. ගමේ තියෙන සුන්දරත්වය ගන්න බැහැ. සුභ නත්තලක් වේවා!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
  16. දැන් ගම නගරෙට වඩා දියුණුයිනේ... :D

    සුභ නත්තලක් සහ සුභ අළුත් අවුරුද්දක් අක්කියෝ..

    ReplyDelete
  17. මුලින්ම කියලා ඉන්නම්,

    සු බ න ත් ත ල ක් වේ වා ! ! !

    මොන හේතුවක් හින්දද දන්නේ නෑ මම නම් ගෙදර ඉන්නම ආස නෑ. කොහේ හරි කමන් නෑ ඇවිදින්නමයි හිත. ගෙදර ඉන්නවා කියන්නේ මරන්නා වගේ වැඩක් !
    අර කිව්වත් වගේ කොළඹ ජීවිතේට වඩා ගම හොඳා. කොළඹ ඉන්නකොට සෑහෙන වියදමක් යන්නේ. අඩුම තරමේ මිරිස් කරලක් පවා ගන්න වෙන්නේ සල්ලි වලට නෙව. :)

    ReplyDelete
  18. //පහුගිය ටිකේම මට හරියට හිතුණ ‍ගමේ යන්නෙ කවදද? ගෙදර යන්නෙ කවදද කියල. ඒ මම නගරයට කැමති නැති නිසා නෙවෙයි. ඉපදුණු හැදුණු වැඩුණු ... ගමේ පවුලෙ අය, නෑසියන්, හිත මිතුරන්, ගහකොල අතර හිත නිවන ගතියක් තියෙනවා.. හිත සැනසෙන ආදරණීය බවක් තියෙනවා... ඒ නිසා ගමට හිත ඇදෙන ගතියක් තියෙනවා.//

    මටත් මේ දවස්වල මෙහෙම්මම හිතෙනවා..

    //ලංකාව පුරාම බොහෝ දෙනෙක් කරදර ගොඩකනෙ මේ දවස්වල ඉන්නෙ... ඉතින් ආගම් භේදයකින් තොරව අපි හැකි විදියට මිනිසුන්ට සහනයක්, සතුටක්, ධෛර්යයක් වෙන්න උත්සාහ කරමු.//

    ඔව්,එහෙම කරමු.

    ReplyDelete
  19. නත්තලට සුබ පැතුම් එක් කළ හැමදෙනාටම ස්තුතියි... පිළිතුරු ලියන්න නොහැකි උණේ සතියක්ම ගෙදර හිටිය නිසා. ඔයා‍ලගෙ සුබ පැතුම් දැක්කම ලොකු සතුටක් දැණුනා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...