පිටු

Tuesday, December 18, 2012

සාප්පු සවාරි...




ෂොපින් යන එක සාමාන්‍යෙයන් කාන්තා පාර්ශ්වය බොහොම ආසාවෙන් කරන වැඩක්නේ. ඒත් මට නම් එපාම කරපු වැඩක්... මම හරිම කම්මැලියි සාප්පු සවාරි යන්න. මගේ යාළුවොත් මේ බව දන්නවා. මා එක්ක ෂොපින් ගිහින් වැඩක් නෑ කියල තමයි එයාල කියන්නෙ.

ඉක්මණින්ම ගන්න ඕන දේ අරගෙන ‘‘ මම නම් හරි යමුද? කියල මං කියාවිලු. කතාව ඇත්ත තමයි. මට ඕන ඉක්මණින්ම ගන්න දෙයක් අරගෙන ආපහු හැරෙන්න. මේ නිසා තනියෙන්ම ෂොපින් යන්න තමයි දැන් මම පුරුදු වෙලා ඉන්නෙ. කවුරුවත් පස්සෙන් සාප්පුවක් සාප්පුවක් ගානෙ ඇවිදින කරදරෙන් නිදහස්... මට ඕන දේ ගත්ත ආවා...

කම්මැලි නොහිතෙන්නෙ පොත් අතර රස්තියාදු වෙන්න විතරයි.... පොත් සාප්පුවක නම් ඕන තරම් වෙලා ඇවිද ඇවිද ඉන්න ආසයි..... ආපහු යන්න හදිසියක් නැහැ. ඒත් ඉතින් පොත් අතර රස්තියාදු වෙන්න ආසාවෙන් එන යාළුවො නම් නෑ.

ෂොපින් ගැන ලියන්න හිතුනෙ අද ටිකක් කොටුවෙ ඇවිද්දා, පුංචි පුංචි බඩු ටිකක් ගන්න. වරුවක්ම නිවාඩු දාලා ගියේ ටිකක් ඇවිදින්න ඕනෙ කියල හිතාගෙන... තෝරල බේරල ඕන කරන දේවල් ගන්න ඕන කියල හිතාගෙන. ඒත් දෙක වෙද්දි ගන්න ඕන හැමදේම අරගෙනත් ඉවරයි. අපරාදෙ නිවාඩු දැම්මෙ කියල හිතුණා.

මම අකමැති උණත් සාප්පු සවාරි යන එකේ වාසිත් නැතුව නෙවෙයි....


·         අපට අවශ්‍ය කරන දේවල් අඩු මිලට, පහසුවෙන් ගන්න පුලුවන් මොන වගේ තැන්වලින්ද කියල දැන ගන්න ලැබෙනවා... ( ෂොපින් යන්න අකමැති නිසා මට මේ දැනුම නෑ... ඉතින් හදිසියකට ගන්න ඕන දෙයක් ගැන දැන ගන්න කාගෙන් හරි අහන්නම වෙනවා..)

·         නිතර ෂොපින් යන අය හොදින් දන්නවා මිල ගණන්... ඒ වගේම හෙට්ටු කරල මිල අඩු කර ගන්නත් දන්නවා... ( මං වගේ උදවිය කරන්නෙ වෙළෙන්දො කියන ගානක් දීල බඩු අරන් එන එක... සමහර විට අපරාදෙ කියල හිතෙද්දි පමා වැඩියි. )

·         නිතර සාප්පු සවාරි යද්දි සාප්පුවල අය එක්ක හිතවත් වෙනවා. එයිනුත් යම් වාසි තියෙනවා.. මිල ටිකක් අඩු කර ගන්න, හොදම දේ තෝර ගන්න අවස්ථා ලැබෙනවා. 



මට හිතෙන හැටියට අවාසි තමයි..

·         කාලය නාස්ති වෙන එක..
·         අනවශ්‍ය දේවලුත් ගොඩ ගහගන්න එක..
·         නිකරුණේ මුදල් වැය කරන එක...
·         තව ගොඩක් දේවල් තියෙනවා.... කුණු දූවිලි නෑම, විස වායුව ආස්වාස ප්‍රාස්වාස කිරීම, ලේ කෝප කර ගැනීම වගේ දේවල්...

සාප්පු යන්න තියෙන අකමැත්ත නිසාම මම පාවිච්චි කරන උපක්‍රම කිහිපයක් තියෙනවා.



·         ගන්න ඕන මොනවද කියල කළින් සැලසුම් කර ගැනීම.
·         වියදම් කරන මුදල තීරණය කරල ඒ මුදල පමණක් ළග තබා ගැනීම
·         ගන්නෙ කොතනින්ද කියල කළින්ම සැලසුම් කිරීම
·         පළමු හෝ දෙවන සාප්පුවෙන් මිල දී ගැනීම
·         අත්‍යවශ්‍යම කරුණකදී අත්‍යවශ්‍යම දෙයක් පමණක් මිල දී ගැනීම
·         හැකි තරම් සාප්පු සවාරි නොයා සිටීම
·         කොළඹ නගරයේ සාප්පු ගානෙ ඇවිදිනව වෙනුවට ගමේ යන ගමන් ආසන්න නගරයෙන් අවශ්‍ය කරන දෙයක් ගැනීම ( මේ නිසා අපේ පැත්තෙ අය ඇදුම් පැළදුම් ගන්න කොළඹ, මීගමු, වත්තල එද්දි මම කොළඹ ඉදන් ගිහින් එහෙන් ඕන කරන දෙයක් ගන්නවා... )


බුදු හාමුදුරුවො දේශනා කළ සරල අල්පේච්ඡ දිවි පැවැත්ම කොයි තරම් වටිනවද? ඒ වටිනාකම තේරුම් අරන් ජීවත් වෙනව නම් මේ වගේ විකුණන විකිණෙන සමාජයක වල්මත් නොවී පොළවෙ පය ගහල ජීවත් වෙන්න පුලුවන් කියල මට හිතෙනවා... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ උත්සව සමයක...   

30 comments:

  1. ඔයා නම් නියමයි .. ඔය වගෙ හිතන කෙල්ලො අද කාලෙ හොයාගන්න ම අමාරුයි .. [දැන් ඉතින් ආඩම්බර වෙන්න එහෙම එපා]
    කවද හරි .. බඳින එකා නම් හැබෑ වාසනාවන්තයෙක් වෙනවා.

    ReplyDelete
  2. "පළමු හෝ දෙවන සාප්පුවෙන් මිල දී ගැනීම"

    ඔය ශොපින් කරන ගොඩක් දෙනා කරන්නෙත් ඕකම තමයි.. සාප්පු දහයක් දොළහක ඇවිදලා ඉවරවෙලා ගන්නෙත් පළමු හෝ දෙවන සාප්පුවෙන් තමයි...

    ReplyDelete
  3. ලුණුවිල මගෙ ගමේ නංගිලා දෙන්නෙක් කෝල් කරලා මට කිව්වා එයාලත් එක්ක වත්තල කැන්ඩි එකට යන්න එන්න කියලා. (9 වෙනි ඉරිදා ) අනේ තරු අක්කා මට නම් එපාම උනා. අපි එතැනට යද්දී උදේ නමයට ඇති. එතකොටත් සෙනඟ පිරිලා. සෙන්නග අස්සේ හිර වෙවී මොන ඇඳුම් තෝරනවද..මම නම් මෙලෝ දෙයක් ගත්තෙ නෑ. ගන්න හිතට හරි යන දෙයක් තිබුනෙත් නෑ..

    මේ කාලෙට සේල් කඩ පිරිලා. මමත් ගියා නුගේගොඩ සේල් දාලා තිබ්බ සපත්තු කඩ දෙක තුනකට.. සේල කිව්වට ඒ තරම්ම අඩුවක් තිබුනේත් නෑ.මේ වගේ උත්සව කාලෙදි තමා සේල් මුවාවෙන් කඩ කාරයෝ හම්බ කර ගන්නෙ

    (ආ තරු අක්කා නත්තලට දිග නිවාඩුවක් අරන් ගෙදර යන්නෙ කවද්ද? මම නම් 22 යනවා. ඔන්න ඉතාලියේ ඉඳන් බ්ලොග් ලියන අපේ ගමේ කෙනෙක් ඇවිත් මට කතා කලත් එක්ක. නත්තලට ගෙදර එනවයි කියලා )

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල සේල් කියන්නෙ නම් අලි බොරුවක්... සාප්පුවල විකිණෙන්නෙ නැතිව පල් වෙවී තියන ඒවා ඇගේ ගහන උපක්ර්මයක්... සේල් කිව්වට මිල අඩුවකුත් නෑ.... පොත් සේල් නම් ඉතින් මීට වඩා වෙනස්.. පොත පරණ වුණත් මිල අඩු උණාට පොතේ වටිනාකමේ අඩුවක් නැහැනෙ.

      ( මමත් ගමේ යනවා නංගි 22.. ආයෙම එන්නෙ 30.. මේ සැරේ මගේම ගෙදර තමයි නත්තල් සමරන්නෙ. ගෙට ගෙවැදීමත් නත්තල එක්කම. කුලියපිටි පැත්තෙ ආවොත් මට කතා කරන්න... ඔයා ළග මගේ දුරකථන අංකය තියෙනව නේද? )

      Delete
  4. මෙන්න තනිකරම මගේ ජාතියේ එක්කෙනෙක්.... හි හි...

    ෂොපිං කියන්නේ මටත් පෙන්නන්න බැරි වැඩක්.... අනිවාර්යයනේම ගෙදරට ඕනේ කරන බඩු ටික පවා මම පොතක ලියාගෙන තමයි යන්නේ.. ඔය කිව්ව අවාසි ටික මටත් තියෙනවා... හැබැයි පොඩි මුදලක වාසිය වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න මට නම් හිතෙන්‌නෙම නෑ... ගන්න ඕනේ දේ ගන්න ඕනේ තැන මං දැං දන්නවා.. ගෙදරට බඩු ගන්න ගියත් අපේ නැන්දම්මා කියන තැන් වලින් බඩු ගන්න යන්න මට බෑ.. ඇයි ඉතිං ගාන අඩු උනත් එක්කෝ වෙලාව නෑ.. නැත්තම් අපේ මහත්තයා නෑ.. මං තනියෙන් කොහෙවත් යන්නෙත් නෑ.. මං කරන්නේ හැමදාම ගන්න තැනින් අරගෙන ගාන ටිකක් අඩුවෙන් නැන්දම්මට කියනවා.. හි හි...

    ඇඳුම් උනත් මේ වෙනකොට මට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් තැන් මම දන්නවා.. ගාන වැඩි උනත් වැඩි කාලයක් පාවිචිචි කරන්න පුළුවන් දේවල් මං ගන්නවා.. අනිත් එක මට ඇඳුම් ගැන නම් එච්චර ප්‍රශ්නයක් නෑ.. ගෙදරනේ ඉන්නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. මං වගේ තවත් අය ඉන්න එක සතුටක්.... හිරූ..
      මට නම් ගමන් බිමන් එමටයි... වැඩටත් යනවනේ.. ඒත් ඇඳුම් නම් සීමාසහිතව තමයි තියෙන්නේ... ඔයා කියන කතාව හරි. ටිකක් වැඩි මුදලක් දීල උණත් හොද ඇදුමක් ගත්තම කාලයක් අදින්න පුළුවන්...

      Delete
  5. //බුදු හාමුදුරුවො දේශනා කළ සරල අල්පේච්ඡ දිවි පැවැත්ම කොයි තරම් වටිනවද? ඒ වටිනාකම තේරුම් අරන් ජීවත් වෙනව නම් මේ වගේ විකුණන විකිණෙන සමාජයක වල්මත් නොවී පොළවෙ පය ගහල ජීවත් වෙන්න පුලුවන් කියල මට හිතෙනවා... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි//

    +++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. උඩුගං බලා පීනන එක ලේසි නැහැ.. නමුත් කළ යුතුයි. එහෙම නේද?

      Delete
    2. එහෙමයි එහෙමයි! හරියටම හරි! :)

      Delete
  6. //කම්මැලි නොහිතෙන්නෙ පොත් අතර රස්තියාදු වෙන්න විතරයි.... පොත් සාප්පුවක නම් ඕන තරම් වෙලා ඇවිද ඇවිද ඉන්න ආසයි..... ආපහු යන්න හදිසියක් නැහැ.//
    අක්ක මේ කියල තියෙන්නෙ මං ගැනද මන්ද.....

    ReplyDelete
    Replies
    1. එක රෑනෙ කුරුල්ලො එක අත්තෙ වහනවා කියල කතාවක් තියෙනව නේද මල්ලි... පොතපතට ආදරේ කරන අය තමයි ගොඩක් වෙලාවට බ්ලොග් ලියන්නෙත්, බ්ලොග් කියවන්නෙත්...

      Delete
  7. කතාව හරි. මනුස්සයාගෙන් සරල අල්පේච්ඡත්වය ඈත් වෙන තරමටම ආසවන් පස්සේ යන එක වැඩියි. ඒ වගේම සපුරගන්න තියෙන අවශ්‍යතාත් වැඩියි.
    පුදුමයි ගෑනු කෙනෙක්ගේ කටින් ෂොපින් යන්න කමති නෑ කිව්ව එක.අක්කා වගේ අදහස් තියෙන ගෑනු ලමේක් හොයන් යාලු වෙන්න ඕන මොකද එතකොට ෂොපින් යන වදය නෑනේ. නේද තරු අක්කේ ? :)

    ReplyDelete
    Replies
    1. හොයා ගන්න ගෑණු ළමයව තේරුම් අරන් සතුටින් ඉන්න මල්ලී.... ඔයත් කැමති, එයත් කැමති දේවලුත් ඇතිනේ... අනික ඉතින් ආදරේදි යම් යම් කැපකිරීම් කරන්නත් වෙනවා...

      Delete
  8. මම හිතාගෙන හිටියෙ මම මහ අසාමාන්ය ගෑනු ලමයෙක් කියල ... මේ ඉන්නෙ තවත් ඒ වගේ අය....මටත් එපාම කරපු දෙයක් තමයි සාප්පු ගානෙ ඈවිද ඈවිද ඈදුම් ගන්න එක... ඒත් මගෙ සහෝදරිය සහ අනිත් පවුලෙ අය බෑලුවහම මම හිතුව මම මහ කම්මෑලි ලමෙයක් කියල...
    හෑබෑයි මටත් පොත් සාප්පු වල ඕන තරම් වෙලා ඉන්න පුලුවන්... ඒකට කවුරුත් එකතු උනාම මට කරදරයි...

    ReplyDelete
    Replies
    1. අපි වගේ අය තවත් ඕන තරම් ඉන්නවා නදිනි... සතුටුයි හොදේ...ඔයා පළමු වතාවට මගේ බ්ලොග් එක පැත්තෙ ආවෙ.

      Delete
  9. ඔය සොපින් කතන්දරේ නං පිස්සුවක්.. මිනිස්සු අන්තිමට කුණු ගොඩවල් උස්සාගෙන යනවා මොකද තමන්ට අවශ්‍ය දේ ගැන අවබෝධයකින් තොරව ගිහිල්ල අන්තිමට තමන් ට උවමනා නැති දෙයක් අඩු ගානට අරගෙන එනවා. පසු තැවීම් පමණයි ඉතිරි වන්නේ. ඒත් හැදෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කුණු ගොඩවල් උස්සගෙන එන එක නම් ඇත්ත... දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික අන්තිමට වෙළදුන්ට පූජා කරල ළතැවී ළතැවී ඉන්නවා...

      Delete
  10. හරියට මම වගේ... ඇත්තම කිව්වොත් මම නම් මලාට තනියම ෂොපින් යන්නෙ නෑ.අපේ අම්මයි,නංගියි,එහෙම නැත්නම් යාලුවෙක් හරි තමයි මාව ඇදන් යන්නෙ.ඇදුම් වගේ දේවල් ගැනීමේ ලොකු ආසාවකුත් නෑ.තියෙන,ආස කරන එක දෙක පට්ට ගහනවා නැති වෙනකම්ම.එහෙම ශෝපින් ගිය දවසට මට හොදටම කේන්ති යනවා අපෙ අම්මයි නංගි කරන දේවල් වලට.ගන්න ගියපු දේවල් නෙමෙයි නැති දේවලුත් ගන්නවා.සාප්පු දහයක දොළහක රස්තියාදු වෙනවා.පාරෙ යද්දිත් ගාට ගාට දෙපැත්තේ තියෙන දේවලුත් බල බල,ඒවත් අරගන්නවා.මම අඩියෙන් අඩිය පිටිපස්ස හැරී හැරී බලන්න ඕනේ මෙයාල කොහෙද කියල.අයියෝ මතක් වෙද්දීත් එපා වෙනවා.

    ඉක්මණින්ම ගන්න ඕන දේ අරගෙන ‘‘ මම නම් හරි යමුද? ”

    ඔන්න ඔය ටික තමයි මගෙ ශබ්දකෝෂයෙනුත් ඔය වගේ අවස්ථාවල පිට වෙන්නේ.හැබැයි මට ගන්න ඕන දේවල් බොහොම සීමිතයි.අම්ම හරි නංගි හරි තමයි තව ගොඩක් දේවල් මේක හොදයි මේක හොදයි කියල ඇගේ ගහන්නෙ.

    කම්මැලි නොහිතෙන්නෙ පොත් අතර රස්තියාදු වෙන්න විතරයි.... පොත් සාප්පුවක නම් ඕන තරම් වෙලා ඇවිද ඇවිද ඉන්න ආසයි..... ආපහු යන්න හදිසියක් නැහැ. ඒත් ඉතින් පොත් අතර රස්තියාදු වෙන්න ආසාවෙන් එන යාළුවො නම් නෑ.

    අන්න හරි මමත් ආසම කරන වැඩක්.කොටින්ම කිව්වොත් සමහර පොත් බලන්න ගියාම මං ඒ පොතෙන් බාගයක් කියවනවත් එක්ක.මාත් එක්ක ගියපු එකාටනම් අම්බානෙකට තද වෙනවා.දවසක් අපේ නෑදෑ මල්ලි කෙනෙක් මාත් එක්ක ගිහින් වුට මාව පොත් සාප්පුවෙන් එලියට ගන්න සැහෙන ගේමක් දෙන්න උනා..මිනිහ එදා හිතා ගත්තලු ආයිත් නම් මාත් එක්ක පොත් ගන්න යන්නේ නෑ කියල.... හි හි ...



    · ගන්න ඕන මොනවද කියල කළින් සැලසුම් කර ගැනීම.
    · වියදම් කරන මුදල තීරණය කරල ඒ මුදල පමණක් ළග තබා ගැනීම
    · ගන්නෙ කොතනින්ද කියල කළින්ම සැලසුම් කිරීම
    · පළමු හෝ දෙවන සාප්පුවෙන් මිල දී ගැනීම
    · අත්‍යවශ්‍යම කරුණකදී අත්‍යවශ්‍යම දෙයක් පමණක් මිල දී ගැනීම
    · හැකි තරම් සාප්පු සවාරි නොයා සිටීම
    · කොළඹ නගරයේ සාප්පු ගානෙ ඇවිදිනව වෙනුවට ගමේ යන ගමන් ආසන්න නගරයෙන් අවශ්‍ය කරන දෙයක් ගැනීම

    ඔන්න ඔය ටික මමත් පිළිපදින දේවල් ටිකක්.කොහේ ගියත් ඉක්මනින්ම අදාළ වැඩේ කරගෙන ගෙදර එන එක තමයි මගේ අරමුණ.

    හැබැයි ඉතින් ඔය ෂොපින් කිරිල්ලට මම ආස නැති උනාට හැමදාමත් මගෙ තේරීම හොදයි කියලයි මාත් එක්ක ෂොපින් යන හැමෝම කියන්නෙ...එයාලත් ඇදුම් එහෙම තොර ගන්නේ මට කියල....
    ඔය කොහෙවත් නොයා ගෙදරට වෙලා නිදහසේ තමන් කැමති දෙයක් කරගෙන ඉන්න එක කොච්චර ශෝක්ද....

    ReplyDelete
    Replies
    1. දමිත්ට නම් සාප්පු සවාරි හොද දඩුවමක් දීල වගේ...

      හැබැයි ඔයාගෙ තේරීම්වලට අනිත් අය කැමති නම් හොද දෙයක් තෝර ගන්න පුංචි උදව්වක් දෙන්න කැපවීමක් කළාට කමක් නෑ කියලත් මට හිතෙනවා.... අනිත් අයගේ සතුට වෙනුවෙන්...

      Delete
  11. මමත් මේ ශොපිං වලට කාලය ගත කරන්න අකමැතිම කෙනෙක් . දවල් කෑම පැයේ දුවල ගිහින් ඕනෙ කරන දේවල් අරන් එනවා . ඊට අමතරව යන්නේම නෑ . ලිස්ට් එක ලියා ගන්නවා කලින්ම, තෝරාගත් සාප්පු කීපයක් තියෙනවා මගේ කැමැත්තට සරිලන දේවල් තියන .
    ….. අවසන් මොහොත වෙනකම් ඉන්නත් කැමති නෑ තෑගි දෙන ඒවත් කලින්ම අරන් තියල තියනවා . ඒ නිසා ගොඩක් කාලය ඉතුරුයි .

    ReplyDelete
    Replies
    1. එක රෑනෙ කුරුල්ලොනෙ අපි.... දෙසැම්බර් පටන් ගන්නත් කළින් මමත් නංගිලාට, අම්මට තෑගි ගෙනිහින් දුන්නා... නත්තලට ඒවා මහල කරල අදින්නත් පුළුවන්නෙ එයාලට... ඊයෙ නම් ගිහින් නත්තල් සීයාගෙ තෑගි මල්ලට පුංචි අයට තෑගි ගත්තා...

      Delete
  12. pasugiya aurudu kipayakama mama, saliya oyath ekka shopin yanna awa...... mathakada eka dawasak api mada nagena office eke ayata thagi ganna kotuwa purama awidda......

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොයි තරම් ලස්සනද නංගි... පුංචි විදියට වුණත් අපි ඒ කළ නත්තල් උත්සව තමයි තාමත් ඔෆිස් එකේ අය ආදරයෙන් මතක් කරන්නෙ... හෙට ( 20) ඔෆිස් එකේ නත්තල් උත්සවය... මට ඔයාවත් මතක් උණා.. අපි නත්තල් උත්සව කරන්න මහන්සි උණ හැටි... ඒ කාලෙ වැඩියක්ම ලස්සන කතෝලික එකම කෙනා මං වෙලා මටත් වැඩියෙන් උනන්දුවෙන් බොදුනු ඔයාල හැමෝම නත්තලට සූදානම් වුණ හැටි තමයි..

      හැමදාමත් ඔයාල නත්තලට මට දෙන තෑග්ග ජීවිත කාලෙටම සුන්දර මතකයක්... අපේ ආදරණිය පවුලෙ දැන් ගොඩක්ම අඩු වෙලා වුණත් මේ සැරෙත් මට නත්තලට ලස්සන තෑග්ගක් ලැබුණා...

      Delete
  13. මාත් වැඩිය ආස නැති දෙයක් තමයි ඕක.... මේ දවස් වල ඇදුම් සාප්පු වල එහෙම මිනිස්සු පොර කකා ඇදුම් ගන්න හැටි දැක්කම එපා වෙනවා....

    ReplyDelete
    Replies
    1. කීයක් හරි හොයාගෙන මේ කාලෙටනෙ පවුලෙ අයට ඇඳුමක් පැළඳුමක්වත් ගන්නෙ... කොයි තරම් ආර්ථික ප්රකශ්න තිබුණ උණත් මේ දවස්වල මිනිස්සු කොහොමහරි සල්ලි ටිකක් හොයා ගන්නවා තමන්ගෙ පවුල වෙනුවෙන්....

      නැත්නම් උත්සව කාලවල සාප්පු නොයා අතරමැදි කාලෙක ඕන දෙයක් ගන්න එක වැඩිය හොදයි නංගි...

      Delete
  14. ඔයා වගේ හිතන අය අඩුයි අක්කේ....
    ගොඩක් දෙනා කරන්නේ කොලඹ ඇවිත් මහා සකීර්ණ ජීවිතයක් මවාගෙන එක තුලම ජීවත් වෙන එක........
    පොලොවෙ පය ගහල ජීවත් වෙන්න පුලුවන්නම් මේ ලොකේ ඕනම දේකට මුහුණ දෙන්න පුලුවන් කියලයි මම නම් හිතන්නේ.......

    අදමයි මේ පැත්තට ආවේ...... :)

    ReplyDelete
    Replies
    1. *සකීර්ණ= සංකීර්ණ*

      Delete
    2. පළමුවතාවට ‍නේද මේ පැත්තෙ ආවෙ...සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්...

      මේ වගේ හිතන අය ගොඩක් ඉන්නව මල්ලි අපි අතරම.. හැබැයි එයාලව කැපිල පේ‍න්නෙ නැහැ... ඒ තරමට සරල ජීවිත ගත කරන නිසා...

      කොළඹ ආවා කියල මම ගම අමතක කළේ නැහැ. ඒ වගේම මම කොළඹ..... ගම සන්සන්දනය කරන්න හදන්නෙත් නැහැ.. මේ දෙපැත්තටම මං ආදරෙයි... කැමතියි.. ජීවිතේට දෙවිදියක ආශිර්වාදයන් අරන් ආවා ගම වගේම කොළඹ නගරයත්...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...