පිටු

Monday, December 31, 2012

හැම දවසක්ම අළුත් දවසක්




දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වෙලා දින දසුනෙ... අළුත් අවුරුද්දක් උදා වෙද්දි ආශාවෙන් බලා හිටිය කාලයක් තිබුණා... 

හැමදාමත් නත්තලට හදන නත්තල් ගහ, ගවලෙන සමුගන්නෙ ජනවාරි පළමුවෙනිදටත් හැඩ වැඩ පෙන්වමින් අපි දිහා බලා ඉදල අළුත් අවුරුද්දටත් ආසිරි පතල...

පුංචි කාලෙ ඉන් මගෙ පුරුද්දක් තිබුණා දෙසැම්බර් 31 හැන්දෑවට වතුර වීදුරුවකට සමන්පිච්ච මල් දාලා ජේසුට පහන් පත්තු කරන තැන තියන එක.. පහුවෙනිදා උදේට ගෙදර හැමෝම ඒකෙන් ටිකක් බිව්වා.. ඇයි එහෙම කළේ, කොහෙන්ද පුරුදු උණේ කියල නම් මතක නැහැ. ඒත් ඒ සමන්පිච්ච මල් වීදුරුවෙ අපූරු නැවුම් බවක් තිබුණා. උදෙන්ම ඒ වගේ දසුනක් හිතටත් නෙතටත් ප්‍රියයි... කැම්පස් ආවට පස්සෙ ඒ පුරුද්ද ඉබේම මග ඇරිල ගියා...

දෙසැම්බර් 31 රෑට, එහෙමත් නැත්නම් ජනවාරි පළමුවෙනිද උදේට අනිවාර්යයෙන්ම පල්ලි යන එක බොහෝ කිතුනුවන්ගෙ සිරිතක්.. එයින් නව වසරට දෙවිුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒත් පහුගිය කාලෙ හොස්ටල්වලයි, බෝඩිම්වලයි ගෙවුණු ජීවිතේ මේ සිරිත රැකුණට වඩා මග හැරුණ අවස්ථා වැඩියි.

ඉගෙන ගන්න කාලෙ දෙසැම්බර් 31 රෑ 12 ට පහනක් පත්තු කරල පොතක් බලා ගත්තා.. ඒ නව වසර පුරාම ඉගෙනීමේ වැඩ හොින් කර ගන්න ලැබෙන්න කියල හිතල. එවැනි ප්‍රාර්ථනා ජීවිතේ අධිෂ්ඨානයන් උණාම ඉලක්කවලට යන්න ලේසි වෙනවා... හැබැයි අද මං හිතනවා ජීවිතේ හැම දවසක්ම ජනවාරි පළවෙනිදාවක් වගේ නැවුම්, අධිෂ්ඨානශීලී දවසක් වෙන්න ඕන කියල.

කැම්පස් ජීවිතෙන් පස්සෙ අවුරුදු පහක්ම හිටිය නුගේගොඩ බෝඩිමේ ඇන්ටි දෙසැම්බර් 31 රෑ දොළහ වෙනකල්ම ඇහැරගෙන ඉන්නව බුදුන් වින්න. එයා බුදු කාමරේට යන්නෙ මගේ කාමරේ මැදින්... යස රට නිදන් ඉන්න මාව ඇහැරවල මටත් පහනක් ලෑස්ති කරල දෙනව රෑ 12 ට පත්තු කරන්න. ඉතින් මමත් පහන පත්තු කරල යැදුමක් පැතුමක් කරනවා. මගේ ඕනකමටත් වඩා ඇන්ටිගෙ හිත සතුටු කරන්න.

රැකියා ජීවිතේ ඇරඹුණාට පස්සෙ නව වසරෙ වැඩ පටන් ගන්න මුල්ම දවසෙ කාර්යාලයෙදි සිව් ආගමික වතාවත් සිදු කෙරුණා. ඒ හැම අවස්ථාවකම කිතුනු පියතුමෙක් සම්බන්ධ කරන වගකීම පැවරුණේ මට. ළ.ක්‍රි.වී. ළමා ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා අවුරුදු ගාණක් වැඩ කළ නිසාම නිර්මල මරිය නිකාය මට මගේ පවුල වගේ වෙලා. ඒ නිසා පියතුමෙක් සම්බන්ධ කර ගැනීම කවදාවත් අපහසු උණේ නැහැ. මේ වතාවෙ ආගමික පිළිවෙත් ඕන නැහැ කියල චක්‍රලේඛයක් ඇවිත්ලු. රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව විතරක් දුන්නම ඇතිලු. ( ආගම දහම අදහන මිනිස්සුන්ට හිතට එකව රාජ්‍ය සේවයේ යෙදෙන එක අද හරිම අමාරු වැඩක් නිසා වෙන්න ඇති. )

පුංචි කාලෙ ඉල අළුත් අවුරුද්දක් පිළිගන්න කොයි තරම් පේ වෙලා බලන් උන්නත් 2012 පටන් ගත්තෙ නම් මම වෙනස්ම විදියකට. දෙසැම්බර් 31 රෑ හො හැටි නිදා ගත්තා. පල්ලි යන් කියල ඇන්ටි බල කළත් ගියේ නෑ. ( දැන් නවාතැනේ ඇන්ටි කතෝලික ) ජනවාරි පළවෙනිද ගියේ මළ ගෙදරක. එදත් පල්ලියකට ගොඩ උණේවත් නැහැ.ඒත්  හැම මොහොතකම හදවතින් මම දෙවියන් එක්ක සංවාද වෙමින් 2012 වසර පුරා ජීවත් වුණේ. ( පල්ලි යාම ටිකක් එපා වෙලා තිබුණ උණත්. )

2012 වසරෙ මට කිසි නරකක් උණෙත් නැහැ. ජනවාරි 25 අත්තිවාරම් කපල, මුල්ගල් තිබ්බ ගේ පොඩ්ඩ යම්තම් ඇතුළට වෙලා ඉන්න පුළුවන් විදියට එකලසක් කර ගෙන නත්තලේදි පදිංචි උණා. ‘‘මගේ ගේ කිව්වට එහෙම කියද්දි හිත ඇතුළෙන් වරදකාරී හැීමක් දැනෙනවා.

ඇත්තටම ඒක මගේ නෙවෙයි, අපේ ගේ...

ගේ හදාගන්න නිර්ලෝභීව තමන්ගෙ ඉඩමෙන් කොටසක් දුන්නෙ ලොකු නංගී. ගේ හදන්න ඉතිරි කර ගත් මුදලත්, ණය ගත් මුදලත් ගෙවන්නෙ මගේ වැටුපෙන් උණාට ඒ මේ රටේ මිනිසුන්ගෙ දහඩිය මහන්සිය..... අනික මම කොළඹ ඉද්දි ගේ හැදුණෙ අම්ම, තාත්තගෙ නංගිලගෙ, මල්ලිගෙ වෙහෙස මහන්සියෙන්. බිත්ති බැන්දෙ, වහළෙ ගැහුවෙ ගමේම අය. ඒ නියම කුලියවත් අය කර නොගෙන. හිතවත්කම සහ හො හිත මත තමන්ගේම වැඩක් වගේ කරල දුන්නෙ.

ගේ හදන්න පටන් ගත්ත දා ඉඳල ලැබුණ ආශිර්වාදයන්, දිරි ගැන්වීම් මෙතෙකැයි කියන්න බැහැ.

මේ විදියට බැලුවම මමය, මගේය කියල කිසිම දෙයක් මේ ලෝකෙ නැහැ නේද කියල හිතෙනවා. අපි කන බත් ඇටයක් ගානෙ, අපේ ඇගේ දුවන ලේ බිංදුවක් ගාණෙ, අපි ලියන අකුරක් ගානෙ කෝටි සංඛ්‍යාත මිනිසුන්ගෙ දහඩිය මහන්සිය, කැපවීම, ආදරය තියෙනවා...

2012 වසරේ මම ලැබූ අනිත් ජය මගේ බ්ලොග් එක.

බ්ලොග් ගැන නාම මාත්‍රිකව දැනගෙන, බ්ලොග් කියවල, ඉන්පස්සෙ තනියෙන්ම ඉගෙනගෙන බ්ලොග් එකත් හදා ගත්තා. අන්තර් ජංජාල පහසුකමත් ලබා ගත්තා. ඒ නිසා හදවතේ පිරුණු හිස්තැන් බොහොමයි.
පරාජයන්, හිත් වේදනාවන්, අමාරුකම් තිබුණෙ නැතිව නෙවෙයි... ඒත් ඒ හැමදේම අමතක කරන්න පුළුවනි ගොඩක් දෙනෙක්ගෙ ආදරය ලබන්න වාසනාවන්ත වෙලා තියෙනව නේද කියල හිතද්දි. නොලැබුණ දේට වඩා ලැබිල තියෙන දේවල් වටිනවා.

ඉතින් .... හැම දවසක්ම අළුත් දවසක්... හැම මොහොතක්ම අළුත් මොහොතක්... 2013 දිත් එය එසේම වේවා... ඔබටත් මටත්...

දුක් විින, අසරණ වුණ බොහෝ මිනිස්සුන්ට සැනසුම් සුසුමක් හෙළන්නට, තුටු කුළක් හෙලන්නට ඉඩක් ලැබෙන... ඒ වෙනුවෙන් හක් නගන්නට ශක්තිය, ධෛර්යය ලැබෙන සුබ නව වසරක් වේවා... 

22 comments:

  1. සුභම සුභ අලුත් අවුරුද්ද වේවා. තරුශී අක්කී

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ආදරය සාමය සතුට පිරුණු සුබ නව වසරක් වේවා...

      Delete
  2. ලෝකය කැරකෙනවා අපි වයසට යනවා...

    ගෙට ගෙවැදීමට සුභ පැතුම්... ඒ වගේම අලුත් අවුරුද්දටත්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත.. මල්ලි.. අර්ථයක් ඇතුව ජීවත් වෙලා තියෙනව නේද කියල හිතෙනවනම් ඒ ඇති. ඔයාටත් සුබ අළුත් අවුරුද්දක්.

      Delete
  3. කොළඹට වෙලා බෝඩිං ජීවිතේටයි රස්සාවටයි හිර උනාට පස්සේ ජනවාරි පළවෙනිදා දේව මෙහෙයට සහභාගි වෙන එක මටත් මඟ හැරුනා අක්කා. ඒත් මේ අවුරුද්දේ අපිට 1දා නිවාඩු. අම්මත් එක්කලා රාජගිරියේ පල්ලි යන්න ඉන්නේ. උදේම..

    අලුත් ගෙදර සමරාපු පලවෙනි නත්තල මතක සැමරුම් හුඟාක් එකතු කරන්න ඇති කියලා හිතනවා..

    හැම දවසක්ම අලුත් වෙන දා පටන් ගන්න අලුත් කාලයට මගෙන් සුබ පැතුම් තරු අක්කා...! සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් නංගි.. අම්ම ළග ඉන්න එක ලොකු සතුටක්. ජීවිතේ අළුත් වේවි නිසැකවම මේ නව වසරේ.

      Delete
  4. සුභම සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. දයාබර සිතුම් පැතුම් සියල්ල මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා නංගී..

      Delete
  5. සුබම සුබ නව වසරක් වේවා. අලුත් ගෙදර ගැන බොහොම සතුටුයි අක්කා. ලබන නව වසර ඊටත් වඩා හොඳ වේවි

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් නංගි.. අර්ථවත්, සුන්දර ලිපි වැඩි වැඩියෙන් අපට අරන් එන්න ලැබේවා...

      Delete
  6. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා...

      Delete
  7. ඔයාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  8. යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  9. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  10. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  11. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  12. ඔයාල හැමදෙනාටමත් සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  13. සියළු පැතුම් ඉටුවන සුබ 2013 ක් වේවා අක්කේ.. :ඩී

    ReplyDelete
  14. ඔබටත් එසේම වේවා.......

    ReplyDelete
  15. වාසනාවන්ත සුභ නව වසරක් වේවා අක්කේ !

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...