පිටු

Tuesday, December 4, 2012

බෙත්ලෙහෙමෙන් පෑයු තාරකයාණෝ....



සුවසේ නිදමි... හිනැහෙමි පිදුරු ඇතිරිල්ලේ
සුර ගී අසමි... නැළවෙමි අහස් තොටිල්ලේ
ඇකයේ නිදමි... අම්මේ ඔබේ තුරුල්ලේ
නිසැකව දනිමි... යා යුතු ගමන
මෙහෙවර  දිවිය මුළුල්ලේ.....

දිළිදුන් අතර දිළිදෙක් විලස
ආවේ උපත ලබාලා
දෙව් පෙම කෙලෙස මනුසත සමග
යා වෙද කියනු සිතාලා...

කුරුසිය ගමන උරුමය හැින
නොබියව දිවිය ගෙවාලා
අම්මේ දිනෙක ඔබෙ පුතු මියේ
මනුබව ඉහළ නගාලා...

3 comments:

  1. ආහ... නත්තලට තව ටික දවසයි නෙව :)

    ReplyDelete
  2. සුන්දර නිර්මාණයක් තරු...නත්තලට ඔය පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. නත්තලුත් එනවා..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...