Friday, November 30, 2012

සීනු හඬින් ‍ලොව පිබි‍දෙනවා - නත්තල ‍දොර ළඟ හිනැ‍හෙනවා...




අද උුවප් ම‍‍හේ පළමු‍වෙනිදා... ‍මේ තමයි මාස ‍දොළ‍හෙන් මම වැඩි‍යෙන්ම ආස කරන මාසය... ආදරය කරන මාසය... ඒ ඇයි දන්නවද? නත්තල් මාසය එළ‍ඹෙන හින්දා... උුවප් මා‍‍සෙ හිමිදිරි‍‍යෙ හමන සීතල සුළං රැල්‍‍ලෙ ඉලම ති‍යෙන්‍‍නෙ අපූරුබවක්. නිවාඩුවක් අරන් පවු‍ලෙ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ලැ‍බෙනවා... සතුට ලබන්න ව‍ගේම ‍සතුට ‍බෙදන්නත් ලැබෙන අනගි අවස්ථාවක්.

ලිහිණී‍ගෙ නත්තල් මතකය  දැක්කම මටත් හිතුණා ම‍ගේ නත්තල් සැමරුම් ඔයාල එක්ක ‍බෙදා ගන්න. පුංචි කා‍‍ලෙ ම‍ගේ නත්තලත්... දැන් නත්තලත් අතර ‍‍ලොකු ‍වෙනසක් නැහැ... එදා ව‍ගේමයි අද සතුටත්... අද සතුට වැඩි ‍වෙන්‍‍නෙ පවුලට සාමාජික‍යො වැඩි ‍වෙලා තියන නිසයි.

නත්තලට අපි නත්තල් ගහ හදන්නෙ බට අතුවලින්. නත්තල් ග‍හේ සැරසිලි අවුරුදු ගාණක් පාවිච්චි කරනවා පරිස්සම් කරල තියා‍ගෙන. අම්ම නම් පුංචි ළම‍යෙක් ව‍ගේ නත්තලට ‍මොනාද ඕන කියල ඇහුවම හැමදාමත් කියන්‍නෙ නත්තල් ගහට සැරසිලි ටිකක් ‍ගේන්න කියලයි. චයිනා ස්ට්‍රීට් එ‍කෙන් මොනා හරි ටිකක් ‍ගෙනිහින් දුන්නම එයාට හරිම සතුටුයි.

අ‍පේ මල්ලි හතර ව‍ටේ ගව‍ලෙන් හදල ‍දෙනවා.. අන්තිමට අම්ම‍ගෙන් බැනුම් අහල තමයි ගෙදර ගව‍ලෙ‍න හදල ‍දෙන්‍‍නෙ. ගවලෙන හදන එක එයා‍ගෙම රාජකාරියක් ‍වෙලා. ‍මොකද එයා තමයි අවුරුද්‍දෙන් අවුරුද්දට අළුත් වැඩ දාලා ගව‍ලෙන ලස්සනට හදන්‍‍නෙ. අපිට ති‍යෙන්නෙ පුංචි සහ‍යෝගයන් ‍දෙන්නත් අගය කරන්නත්, අදහස් ‍දෙන්නත් විතරයි. ඔයාල හිතන්න එපා ‍ලොකු ගවලෙනක් කියල. පුංචි ග‍ව‍ලෙන් බඩු ‍සෙට් එකක් අපට ති‍යෙන්නෙ. ‍ජේසු ඉපදු‍ණෙත් මහ‍ලොකු තැනක ‍නෙ‍වෙයි‍නෙ නේද? ගව‍ලෙන හැදුවට ‍ජේසු බබා තියන්නෙ නැහැ. ‍ජේසු බබාව තියන්‍නෙ රෑ පූජාවට ගිහින් ආවට පස්සෙයි.

වැව මැද ගව‍ලෙන

අපේ පවු‍ලෙ අය ග‍මේ පල්ලි‍‍යෙ යාවජීව සාමාජික‍යො. ඒ නිසා ‍ගෙදර වැඩ විතරක්ම ‍නෙවෙයි පල්ලි‍‍යෙ වැඩත් කරන්න ‍වෙනවා. ඉතින් නත්තල් වැඩ ‍දෙගුණ ‍තෙගුණ ‍වෙනවා.

අ‍පේ ගම්පළා‍‍‍තෙ කතෝලික අය අඩුයි. ඉතින් සිංහල අවුරුද්දට අපිට පිරිල ඉති‍රෙන්න කැවිලි ‍පෙවිලි ලැ‍බෙනවා. නත්තලට අපිත් පුළුවන් විදියට ඒ හැ‍මෝටම කැවිලි පිගානක් ‍දෙනවා. කැවුම්, ‍කොකිස්, මුංකැවුම්, අතිරස, ආස්මී, බටර් ‍කේක්, කිරිබත් තමයි අ‍පේ ‍ගෙදර හැ‍දෙන්‍‍නෙ. පවු‍ලෙ සාමුහික ආර්ථික‍යේ සරු බවේ හැටියට තමයි ‍මේ කැවිලි පිගාන තීරණය ‍වෙන්නෙ. සමහර නත්තල් තිබුණා, කිරිබතුයි, කැවුම් ‍ගෙඩියි විතරක්ම දුන්න. ‍මොකුත්ම ‍නොදුන්න නත්තලුත් තිබුණා. ඒත් අපට අවුරුදු හිග උ‍ණේ නම් නැහැ.

නත්තල් ‍කේක්...

නත්තල් ‍කේක් කියල ‍වෙනම ජාතියක් ති‍යෙන බව මම දැන ගත්‍තෙ‍ කොළඹ බෝඩිම් වුණාට පස්‍‍සෙයි. අ‍පේ ‍ගම්වල නත්තල් ‍කේක් හදන සිරිතක් නැහැ. අ‍පේ ගෙදර නම් හැමදාම හදන්‍‍නෙ බටර් ‍කේක් තමයි. කැවිලි හදන එක අම්ම‍ගෙ රාජකාරිය. කේක් එක දාන්‍නෙ තාත්තා.. ‍කේක් නැත්නම් අ‍පේ තාත්තට නත්තල් නෑ. ඉතින් ‍කේක් තැටියක්වත් දානවමයි. ‍බේකරි‍යෙන් පුළුස්සගන්න ‍කේක් එක ‍ගෙනාව ගමන් ‍අම්ම‍ගෙ  බැනුම් මැද්දෙ ලොකු පලුවක් කපාගෙන කන එක තමයි තාත්ත‍‍‍ගෙ පළ‍වෙනි රාජකාරිය.

නත්තල් සැමරුම

විසි හතර රෑ පූජාවට යන නිසා විසිපස්වෙනිදා අ‍පිටම ‍වෙන්වුණ දවසක් ‍වෙනවා... නත්තල් පූජාවට ගියාමත් හරිම සතුටුයි. පල්ලියට එන හැ‍මෝම ග‍මේ අය.. ඒ ව‍ගේම හැ‍මෝම නෑදෑ‍යො. ඉතින් පූජාව ඉවර උණාම හැමෝටම නත්තල් සුබපැතුම් පිරි නමන්න ‍‍ලේසියි. පූජාව ඉවර‍වෙලා ‍ගෙදර ආවම ‍‍ජේසු බබාව ගවලෙ‍නෙන් තියනවා.

නත්තල් දා උ‍දේ පළමු රාජකාරිය තමයි කිරිබත් හදන එක. ඉන්පස්‍‍‍සෙ කැවිලි පිගන් හදල අහල පහල අයට ‍බෙදල ‍දෙන එක. කැවිලි පිගන් හදන වැ‍ඩේ බාර ‍වෙන්නෙ මට. තියන හැටියට පිරිමහල ඒ වැ‍ඩේ කරන්න මට දැන් අවුරුදු විස්සක විතර පලපුරුද්දක් ති‍යෙනවා. අතමිට තියන හැටියට අම්ම කැවිලි හදනවා. කැවිලි ති‍යෙන හැටියට කිරල මැනල ‍බෙදන මිම්ම මා ළග ති‍යෙන බවයි ‍ගෙදර අය‍‍ගෙ විශ්වාසය.

පුංචි කා‍ලෙනම් වැඩියම ආස කැවිලි පිගාන අරන් ‍ගෙවල්වලට යන්න. ‍මොකද වැල කතා කළාම සබන් කෑල්ලක්, ‍පොතක් එ‍හෙමත් නැත්නම් මුදලක් තෑගි විදියට ලැ‍බෙන නිසා. දැන්නම් ඒ තෑගි ලබන අවස්ථාව බාල පරම්පරාවට දීලයි ති‍යෙන්‍‍නෙ. අනික දැන් තෑගි ‍ලබන වයස ‍නෙවි දෙන වයසනෙ. මම නත්තලට නිවාඩු අරන් ‍ගෙදර යද්දි අ‍‍පේ අය කියන්‍‍නෙ “නත්තල් ආච්චි ආව කියලයි.

අහල පහලට කැවිලි ‍බෙදුවට පස්සෙ මහ‍ගෙවල්වල යන එකයි සිරිත. යන්න කළින් ‍ගෙදර අයට වැල කතා කරනවා. මුලින්ම අම්ම තාත්තට විනවා. ඉන්පස්‍සෙ අපි අම්මට, තාත්තට වැල වැඩිමහල්ක‍මේ පිළි‍වෙලට විනවා...   අම්ම‍‍ගෙ මහ‍ගෙයත්, තාත්ත‍‍‍ගෙ  මහ ‍ගෙයත් ති‍යෙන්‍නෙ ග‍මේම නිසා ළගම ඥාති‍යො බැහැදකින එක හරිම පහසුයි. දැන් ඉන්‍‍‍නෙ අම්ම‍‍ගෙ අම්මත්, තාත්ත‍‍ගෙ අම්මත් විතරයි. වැල කතාබහ කරල, තෑගි‍බෝග හුවමාරු කරගෙන, සංග්‍රහ විල අසුරු සැණින් ආපහු ‍ගෙදර එන්‍‍නෙ ඊළග රාජකාරිය නත්ත‍ලේ වඩාත් ප්‍රීතිමත්ම අවස්ථාව නිසා.

නත්තල් සීයා එක්ක ගම ව‍ටේ...

මුලින්ම අ‍පේ ගමට නත්තල් සීය ‍කෙනෙක් ආවෙ 2004 අවුරුද්‍දෙ. ( ඒක ‍වෙනම ලියන්න වටින ලස්සන සං‍වේදී අත්දැකීමක්. ) එදා ආව දුප්පත් නත්තල් සීයව ටිකක් ‍පො‍හොසත් කරල දැන් ගම ව‍ටේම එක්කරන් යන එක අ‍පේ වගකීමක් ‍චාරිත්‍රයක් වෙලා. නත්තල් ගීතිකා ගයමින් අපිත් නත්තල් සීය එක්ක යනවා. පුංචි ළමයිනුත් ආසා‍වෙන් බලා ඉන්නවා නත්තල් සීය තෑගි අරන් එනකල්. නත්තල් සීය‍‍ගෙ තෑගි මල්ල පි‍රෙන්නෙ අපි හැ‍මෝ‍ගෙම දායකත්ව‍යෙන්. ‍

කෝච්චි‍යෙ සීයට පහයි කියල විකුණන පුංචි කතන්දර ‍පොත්, ‍‍‍කොටුවෙන් තොග මිලට ගන්න පුංචි ‍සෙල්ලම් බඩු, නත්තල් සැරසිලි.... අර‍ගෙන යන්නෙ මම. ( ඒකයි මට නත්තල් ආච්චි කියන්නෙ. ) නත්තල් සීයා අතින් ඒ පුංචි තෑග්ගක් ‍‍ගන්න පොඩි එ‍කෙක්ගෙ මූණ ඇදෙන හිනාව දැක්කම මට නත්තලට අළුත් ඇදුම් නැති එක ගැන ‍පොඩි දුකක්වත් දැ‍නෙන්‍නෙ නැහැ. පහුගිය අවුරුද්‍‍‍දෙ  ඉදන් අපි ‍කොහු‍මෝල් ‍තුනක ළමයින්ටත් නත්තල් තෑගි අරන් යනවා.

නත්තල් සීය එක්ක වැඩිහිටි නිවා‍සෙට ගිහින් ආච්චිල, සීයල එක්ක ගීතිකා කියල, සින්දු කියල නටල එන එකත් අපූරු පින්වන්ත වැඩක්. නත්තල් දව‍සෙ එයාලට දැ‍නෙන තනිකම ටිකක් හරි අඩු ‍වෙනවා. එයාල අ‍පේ ‍පොඩි උන්ව ළං කර‍ගෙන කදුළු පිරුණ ඇස්වලින් හුරතල් කරනවා. තමන්ගෙ  දරු මුණුබුරන් මතක් වෙනව ඇති. දැන් දැන් ආච්චිල සීයල ටිකත් ‍පොඩි උන් ව‍ගේ මග බලන් ඉන්නවා නත්තල් සීය එක්ක අපි එනකල්.

ඔය ගමන ගිහින් ‍ගෙදර එද්දි රෑ ‍වෙනවා. සතුට නිසා මහන්සියක් දැ‍නෙන්නෙ නැහැ. එයින් පස්සෙ දැ‍නෙන්නෙ  නත්තල් ඉවර වුණා ව‍ගේ හැගීමක්.. ඇත්තටම කිව්වොත් පුංචි දුකක්.....

නත්ත‍ලෙන් පස්සෙ   නත්තල් කෑම ‍ගෙයින් ‍ගෙට. දවසින් දවස ‍ගෙවල් වැඩි ‍වෙනවා. මුලින්ම ‍ලොකු නංගි ‍ගේ හදා‍ගෙන ‍වෙනම පදිංචි උණා. නත්තලට ‍ගෙයක් වැඩි උණා. ඊළගට ‍‍පොඩ්ඩි. ‍තවත් ‍ගෙයක්. 

මේ අවුරුද්දෙ මම  නත්තල සමරන්නෙ ම‍ගේ දාඩිය මහන්සි‍යෙන් හදා ගත් ම‍ගේ ‍ගෙදර... ( තාම බා‍ගෙට උණත්...) මම ‍පෙරුම් පුරමින් ඉන්නෙ නත්තල් ගහක්, පුංචි ගව‍ලෙනක් හදන්න. පවුලෙ අයට ම‍ගේ අතින්ම උයල රස කෑම ‍වේලක් ‍දෙන්න.. ‍

වෙනම පවුල් පන්සල් ‍වෙලා හිටිය උණත් අපි තාමත් මහ‍ගෙවල්වල යන්නෙ හැ‍මෝම එකට. නත්තල කියන්නෙ ආදරය, සාමය, සතුට ‍බෙදා ගන්න උතුම් අවස්ථාවක්... ඒ උතුම්බව විඳින්න මට වාසනාව ලැබිල ති‍යෙනවා. 

නත්තල් සීයා ගමන පටන් ගන්න කළින්..  

පුංචි බබාලට නංගිට... මල්ලිට... ‍දෙන්න තමයි ‍ගෙන ආ‍වෙ මා...

බය‍වෙන්න එපා බබෝ මම නත්තල් සීයා

අ‍පේ නත්තල් සීයා වැඩිහිටි නිවාස‍යේ

6 comments:

  1. හරි මෙදා නත්තලට අපි එන්නම්කෝ ළිහිණිලාගෙයි ඔයාලගෙයි දෙදිහාම.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. //අ‍පේ ගම්පළා‍‍‍තෙ කතෝලික අය අඩුයි. ඉතින් සිංහල අවුරුද්දට අපිට පිරිල ඉති‍රෙන්න කැවිලි ‍පෙවිලි ලැ‍බෙනවා.//
    නන්ඳුටත් සිද්දවෙන්නෙ මේ ටික.. හිත ආයෙත් අතීතයට ගියා..

    //මම ‍පෙරුම් පුරමින් ඉන්නෙ නත්තල් ගහක්, පුංචි ගව‍ලෙනක් හදන්න. පවුලෙ අයට ම‍ගේ අතින්ම උයල රස කෑම ‍වේලක් ‍දෙන්න.. //
    මේ ලස්සන සීත උදුවප් මාසෙ අක්කගෙ ප්‍රාර්ථනා සියල්ල ඉටුවෙන්න හදවතින්ම උණුසුම් සුබ පැතුම්..! :)

    ReplyDelete
  3. ලස්සන නත්තල් මතක . බෞද්ධ වුනත් අපටත් නත්තල දැනුනා . ලොකු කාලෙත් නත්තල් දිවා භෝජන වලට යන්න ලැබුනා ...ම්ම් රස රස දේවල් කන්න ලැබුන ..

    ReplyDelete
  4. මම කතෝලික කෙනෙක් නොවුනට මාත් පොඩි කාලේ නත්තල් කාලෙට මාර ආසයි. නත්තල් දවසට මාත් බලන් ඉන්නවා නත්තල් සියා මටත් තෑගී දෙයි කියල.... ඕක අපේ තාත්ත දන්නා නිසා මම නිදා ගත්තම එයා කොට්ටේ ලගින් තෑග්ගක් තියනවා... උදේ නැගිට්ටම ඉතිං මට මාර හැපී. හැබැයි ටික ටික ලොකු වෙනකොට මට වැඩේ මාට්ටු....හී...හී...

    මේ නත්තල් කාලේ ඔයාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල මාත් ප්‍රර්ථනා කරනවා....!

    ReplyDelete
  5. තරූට නත්තල සහ එහි අතීතය සහ සමාජීය වැදගත්කම ගැන මාසය පුරාම ලියන්න පුළුවන් වේවි.නත්තලේ අරුත විඳගන්නෙ කොහාමද කියලා.. අද ලියල තියෙන තොරතුරුත් එක්ක නිවස පුංචි වුනත් මුලු නිවස ුරාම නත්තලේ මිහිරියාව බෙදේවි.. අපිත් සුබ පතනවා

    ReplyDelete
  6. හොද විස්තරයක් ගෙඩි පිටින්ම.. නොදන්නේ දේ තියෙන නිසා දෙපාරක් කියෙව්වා ස්තුතියි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...