මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..
කුණු කසල නිකසලව සිනාවෙන් විකසිතව
හෙළි පෙහෙළි තණ පලස පිවිතුරුව
වසරකට වරක් මලානික වසන්තයේ එන
අමුත්තන් පිළිගන්න සැරසී බලා හිඳී...
මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..
සොහොන් කොත් සුදු සළු පැළඳ
සුදු වැලි අතුල අසුන් පනවාගෙන
මල් පහන් දෝතින් දරාගෙන
අමුත්තන් පිළිගන්න සැරසී බලා හිඳී...
මළවුන්ගෙ ලෝකයේ මල් පිපෙන
ඉටි පහන් දැල්වෙන මලානික වසන්තය ඇවිදින්..
මළගිය මතක කැටි කොට
මිලට ගත් මල් පොකුරක රන්දගෙන
වසරක් පුරාවට මිලින හිත අසල තබා
යන්නට
අමුත්තෝ ගාටමින් එති යති....
මියෙන බව දැන දැනම
නොමියෙන සේ දිවි ගෙවන
පණ ඇති මළවුන් දැක දැක
මළගිය ඇත්තෝ හිනැහෙති.. විටක වැළපෙති...
මළ ගිය මතක පණ එන
ඉල් මහේ මළවුන්ගෙ මාසයේ
පා තබා ඔබ එන්න හුදකලා මාවතේ
ලස්සනයි.. :)
ReplyDeleteස්තුතියි නංගි...
Deleteලස්සනයි අක්කියෝ..මම අසාම මේ ටිකට
ReplyDelete''මියෙන බව දැන දැනම
නොමියෙන සේ දිවි ගෙවන..
ඒකනෙ බට්ටි මම නිතරම කියන්නෙ හැකියාවන්ගෙන් වැඩක් ගන්න.
Deleteමේ මලවුන්ගේ මාසේ නෙව. මේ ටිකේ අපේ පැතු වල දාන මාන ගොඩයි.
ReplyDeleteඒක නෙමේ අක්කා ඉන්නේ ලංකාවේ නෙමේ නේ ?
මම හරිම ආසයි මළවුන්ගෙ දානෙට ලොකු කෙසෙල් කොලේකට බෙදන දානෙ බත් එකක් කන්න. ඒත් දැන් ඉතින් ඒවත් කේටරින් සර්විස් වෙලානෙ. අනික ඉස්සර වගේ කෙසෙල් කොලේටම ව්යංුජන බෙදන්නෙත් නැහැනෙ. වෙන වෙනම ෂොපින් කවරවල දානවා. ඉස්සර දානෙ බත් එකක තිබුණ සුවඳ, රසය දැන් නැහැ වගේ.
Deleteදැන් වට්ටක්කා ඩාන්ස් එකත් කේටරින්නෙ..
Deleteමධුරංග මල්ලි.. මම ඉන්නෙ ලංකාවෙ හොදේ. ඒ ගැන කළින් කියන්න අමතක උණා.
Delete@තරුරසි :
Deleteඒක නම් හරි අක්කේ. ඉස්සර වගේ බිම ඉදගෙන කෙහෙල් කොලේක දානේ කාපු කාලයක් මතක නෑ. දැන් පුටුවල වාඩි වෙලා කේටරින් කෑම නේ කන්න වෙලා තියෙන්නේ.
@හරී :
වට්ටක්කා ඩාන්ස් එක කිව්වේ මල බත ද :)
ඒ අර ජැකෝ ලාම්පුව වෙන්න ඇති. අපොයි වට්ටක්කා කියක් නාස්ති වෙනවද . මෙහෙත් ඔය නාඩගම .
Deleteකදිමයි ලස්සනයි....අගේ ඇති නිර්මාණයක් .
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතියි...
Deleteහ්ම්ම් හැමෝටම පොදු ලෝකය මිනිසුන් අමතක කරල හිටියට ...
ReplyDeleteලස්සනයි සිතුවිල්ල .
මළවුන්ගෙ මාසය කතෝලික අපට විශේෂයිනෙ ගිම්.. මේ මාසෙටම වෙන් වුණ පිළිවෙත් තියෙනවා. දැන් නම් කොයි තරම් දුරට ඒවා සිදු වෙනවද කියන එක නම් ප්රවශ්නයක්.
Deleteහ්ම්ම්ම් මාර විදිහට හිතට දැනුනා
ReplyDeleteහිතට දැනෙනවනම් ඒක මට සතුටක්.
Deleteඇත්තටම මේ නොවැම්බරය කතෝලික ආගමේ හැටියට මළවුන් සමරන මාසයක් බව අඩවියක ලියවිලා තිබුණා. හැබැයි එහි හරය නම් දන්නෙ නැහැ.
ReplyDeleteමළවුන්ගේ මාසය ගැන මම දන්නා කරුණු සහ මගේ අත්දැකීම් එකතු කරල ලිපියක් ලියන්න හිතුවා. නොදන්නා හැමෝම වෙනුවෙන්.
Deletehttp://dreamsofharee.blogspot.com/2011/11/blog-post.html
Deletehttp://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15737%3A-2-&catid=80%3Arelegion&Itemid=155&lang=si
http://www.silumina.lk/punkalasa/20071118/_art.asp?fn=ar0711187
http://catechismway.blogspot.com/2010/11/blog-post.html
කියවලා බලන්ඩ..
ස්තුතියි මල්ලි... මම ඒත් හිතුවා ඔයා නම් මේ ගැන ලියල තියෙන්න ඕනි කියල.
Deleteනොවැම්බර් 2 නේ දවස??????
ReplyDeleteමළගිය අය සමරන විශේෂ දවස නොවැ 02 තමයි. එදාට විශේෂයෙන් හැම කතෝලික සුසාන භුමියකම දිව්යගපූවාව පැවැත්වෙනවා මළ ගිය අය සිහිපත් කරලා. මළවුන් වෙනුවෙන් දානමාන දීම, දිව්යි පූජා පැවැත්වීම, පින් අතේ වැඩ කිරීම සාමාන්යොයන් නොවැම්බර් මාසය පුරාම සිදු වෙනවා.
Deleteකදිම නිර්මාණයකි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි ඔබට. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් පිටුවට.
Delete"මියෙන බව දැන දැනම
ReplyDeleteනොමියෙන සේ දිවි ගෙවන
පණ ඇති මළවුන් දැක දැක
මළගිය ඇත්තෝ හිනැහෙති.. විටක වැළපෙති.."
හරිම ලස්සන නිර්මාණයක්...... :)
කතෝලික අය මළවුන්ගේ මාසය සමරනවා කියලා අහලා තිබුනට ඒ ගැන මම හරියට දන්නේ නම් නෑ....
ලස්සන අදහසක් . මළවුන්ගේ මාසය ..හ්ම් . හරිම කණගාටු දායක බවක් ඇති වෙනවා නේද
ReplyDelete