සමිදුනි සමාවෙන්න.... නත්තල් දා පල්ලි
එන්න
අළුත් ඇදුම් නෑ.... මනාපෙකුත් නෑ
සුබ පැතුමක් පිරි නමන්න හිත නැමෙන්නේ නෑ
ගලක් හිර වෙලා පපුවේ හුස්ම ගන්න බෑ.....
බුලත් අතක් දී වදින්න අම්ම අප්ප නෑ
නෑසිය හිත මිතුරන් කොයි අත ගියේද නෑ
නත්තල ඇවිදින් ගියාවෙ ඒකෙන් කම් නෑ
කාල බීල ජොලි කරන්න ඕන කමක් නෑ......
නැති බැරි වාදම හින්දම ලෝකෙම තිත්තයි
ඇති හැකි නැති බැරි පරතර බොහොම විසාලයි
සාමය ප්‍රේමය කිව්වට වචනම විතරයි
අපේ බිමට සුබ නත්තල් තව දුර ඈතයි....
- අවතැන් කදවුරේ සිට -
( 2011 නත්තල් සමයේ ලියූ කවියක්.... )
මේ අවුරුද්දටත් මේකම කියන්න පුළුවන්ද ටිකක් වෙනස් කරලා..
ReplyDeleteමේ අවුරුද්දෙත් මේ තරම්ම දුක් විඳින පිරිසක් උතුරෙ නැහැ කියල හිතන්නෙ කොහොමද? උතුරට වසන්තය ආවට හැමදේම නැති වුණ මිනිස්සුන්ට කවදාවත් වසන්තයක් දැනේවිද?
Deleteතාමත් අවතැන් කඳවුරු ඇති ඉතිරි වෙලා...මේ වගේම ඒ අවතැන කඳවුරු වලට වෙලා පුංචි දරුවො බලා ඉන්නවත් ඇති මේ වගේම.....
ReplyDeleteඅවතැන් කඳවුරු කියන නම නැති උණාට නංගී.... තමන්ගේම ගේ දොර අහිමි වෙලා තැන් තැන්වල ජීවත් වෙන පිරිසක් තාමත් ඉන්නවා නංගි. අම්ම තාත්ත කවුරුවත්ම ඉතිරි නොවුණ ළමයි පිරිසකුත් ඉන්නවා... අනිත් කොණ බ්ලොග් ලිපිය ඔයා දකින්න ඇති නේද? යුද්ධය නිසා තමන්ගෙ අය නැති වෙලා අසරණ වුණ දරුවො දකුණෙත් කොයි තරම් ඉන්නවද?
Deleteකවදා ලිව්වත් සදාකාලික වලංගු අදහසක් තරු
ReplyDeleteනත්තල කියල අපි සතුටු උණාට එහෙම හදවතින්ම සතුටු වෙන්න බැරි ලොකු පිරිසක් ලෝකය පුරාම ඉන්න බව මට අමතක කරන්න අමාරුයි.
Deleteපව්..පුංචි ළමයි.
ReplyDeleteඇත්තටම පුංචි ළමයි පව්... නංගි...
Deleteඔය වගේ අයට නත්තලේ පණිවිඩේ අරගෙන යන්න තියෙනවා නම් ගොඩක් වටිනවා නේද තරු අක්කේ. එතකොට නත්තලට හොඳ දෙයක් කලා කියලා සතුටු වෙන්න පුලුවන්. නැත්නම් කාලා බීලා ජොලි කරලා පහුවදා නිකන්ම නිකන් හිස් බවක් තමයි තියෙන්නේ.
ReplyDeleteඇත්තයි මල්ලී... ඔන්න ඔය නිකම්ම නිකං බවක් නොදැනෙන විදියට නත්තල සමරන්න මම උත්සාහ කරනවා...
Deleteමම අහලා තියෙනවා නත්තල් දවසට හුගක් අය නැති බැරි අයට හුගක් තෑගි දෙනවා කියලා. ඒක තමයි නියම නත්තලක් වෙන්නේ මගේ හිතේ.
ReplyDelete