අද හරිම අපූරු
දවසක්.. බලන බලන අත අළුත් සාරි, අළුත් ඇඳුම් ඇඳගෙන බැබලි
බැබලි සිනා විසුරුවන ලලනාවෝ...
‘‘කට කණේ ” කියන්නෙ මේ වගේ වෙලාවලට තමයි.
හිතේ කහටක් නැතිව හැමෝම හිනා වෙලා සුබ පතනවා
එකිනෙකාට. අනේ මේ බැබළෙන මුහුණු හැමදාම තියෙනවනම් ? ජනවාරි පළමුවෙනිදා තරම් සිනා ගඟ පිරිල, ඉතිරිලා පිටාර ගලන වෙනත් දවසක් නැහැ
මුළු වසරටම...
මරණයක පසුවදන
පහුගිය ජනවාරි
පළමුවෙනිදා උදෙන්ම ගියේ මළ ගෙදරක.. මේ ජනවාරි පළමුවෙනිදා උදෙන්ම අහන්න ලැබුණ
මරණයක් ගැන. තරමක් දුරින් ඥාති වෙන බාප්ප කෙනෙක්. මං හිතන්නෙ අවුරුදු 45 ක් නැතිව
ඇති. මරණයට හේතුව අධික බීමත්කම.. ඇත්තටම නම් ආසන්නතම හේතුව අධික බීමත්කම.. නමුත් ඒ
මරණයට බලපෑ හේතු ගොඩක් තිබුණා..
ඉතාම අඩු
වයසින් ඔහු හිතුවක්කාර විවාහයකින් බැඳුණෙ මගේ පුංචි කෙනෙක් එක්ක. දෙන්නම ළාබාල වයසෙ. ජීවත්
වෙන්න හරියට වත්කමක් තිබුණෙ නෑ. පළමු දරුවා ලැබුණට පස්සෙ පුංචි රට ගියා.. ආයෙම
ආවාම දෙවෙනි දරුව ලැබුණා. එයාවත් දාලා ආයෙම රට ගියා. විවාහ ජීවිතේ ඒ දෙන්නට
සතුටින් ඉන්න කාලයක් තියෙන්නම නැතිව ඇති. විවාහ ජීවිතේ ගැන බරක්පතලක් නොමැතිකම,
අතමිට හිගකමට එකම විසඳුම රට යෑම
කියල හිතීම එයාලගෙ ජීවිත අකාලයේ විනාශ වෙන්න බලපෑව කියල මට හිතෙනවා.
පුංචි හිටියෙ
හැමදාම රට. බාප්පා වැරදි මගක ගිය එකට දොස් කියන්නත් බෑ. වැරදි තීරණවල කෙළවර දික්කසාදය.
ඒ අතර බීමතට ඇබ්බැහි වීම... අද මරණය..
ජීවිතේ
වටිනාකම හරියටම තේරුම් ගන්නකල්, ජීවිතේ සතුට තියෙන්නෙ මිලමුදල්වලම නෙමෙයි කියල
තේරුම් ගන්නකල් මේ වගේ අකාලයේ ජීවිත විනාශ වීම් වළක්ව ගන්න බැරි වේවි...
අම්මා නමින්
උපන් කඳුළු
අද අළුත්
අවුරුදු එකතුවට ආයතනයේ ප්‍රධානියා එන්න ටිකක් ප්‍රමාද උණ නිසා අපට අපේ සහෝදර නිළධාරීන්
කිහිපදෙනෙක්ගෙ ගීතවලට ඇහුම්කන් දෙන්න අවස්ථාව ලැබුණා. උත්සව සභාව මෙහෙයුවෙ සුබ
සාධක සංගමයේ සභාපති තුමා. ඔහු අධ්‍යක්ෂවරයෙක්... එක් සොයුරියක් ගායනා කළේ මේ
ගීතය...
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා..................
සුජාතා අත්තනායක ගායනා කරන අම්මා ගැන ගැයුණු
අපූරු ගීතයක්.. මං හරිම ආස ගීතයක්. ගීතය අවසන් වෙන්නෙ,
‘‘ සිරිමා බෝ මුල මතු දින බුදු වනු
අම්මේ....” කියල...
ගීතය අවසානයේ මයික්‍රෆෝනය අතට ගත් අධ්‍යක්ෂවරයාට
කතා කර ගත නොහැකි උණා... ඔහු අඬනවා.
‘‘සමාවෙන්න.. ජීවිතේ මේ වගේ දරා ගන්න බැරි
අවස්ථා හමු වෙනවා. මට මගේ අම්ම මතක් උණා. මගේ අම්ම නැති වෙලා දැන් අවුරුදු
හතරක්... අපි අද මෙතන ඉන්නෙ අපේ අම්මල, තාත්තල නිසායි... ”
ඔහු කිව්වෙ සුලු වේලාවක් නිහඬව ඉඳල අනතුරුව. ඒ වෙද්දි අපි බොහෝ දෙනෙක්ගෙ
ඇස්වල කඳුළු. තනතුරුවලින් කොයි
තරම් ඉහළ ගියත් මේ මිනිස්සු ඇතුළෙ සංවේදී හදවත් තියෙනව නේද කියල මට හිතුණා.. නිතරම
මේ සංවේදීබව හංගගෙන ඉන්නෙ ඇයි දන්නෙ නෑ....
ජීවිතය නේද මේ.........සිනා කඳුළු මැදින් ඉදිරියට යන...
2013 වසරෙදිත් ඒ සිනා කඳුළු එක්ක ආදරණීයව, ධෛර්යවන්තව ජීවිතයට මුහුණ
දෙමු.
තරු බොහොම සමීප ලිපියක් මේක... ඇත්තටම තනතුරු එක්ක පිරිස් පාලනයට රලු බව නැතිව බැරි වෙනවා. ඒත් ඒ රලු බවට යටන් සංවේදි මිනිස්සු කොතෙකුත් ඉන්නවා...
ReplyDelete//2013 වසරෙදිත් ඒ සිනා කඳුළු එක්ක ආදරණීයව, ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දෙමු.//
ReplyDeleteමම හිතට ගත්තා තරු අක්කා...ස්තුතියි ඔයාට.... අපි සාරි අදින්නේ හෙට...:)
හරිම සංවේදී ලිපියක්. අලුත් අවුරුද්දේ හිතට ගන්න දෙයක් තියනවා. මේ සින්දුවට මමත් හරිම කැමතියි.
ReplyDeleteමටත් සාරි අඳින්න ඇත්නම් කියලත් හිතුනා.
ඔහේ නැද්ද අවස්තාවක් සරි අඳින්න . මන් නම් මේ පාර හැට්ට දෙකක්ම මහන ආවා . ආසාවට .
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! කඳුළු නැති සිනාවෙන් පිරි අවුරැද්දක් වේවා !!!
ReplyDeleteදිනේෂ් & මදාරා :)
අලුත් අවුරුද්ද සුභම සුභ වේවා කියල අපිත් ප්‍රාර්ථනනා කරනවා...
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා තරු අක්කේ.
ReplyDeleteඅපෙත් මාර්කටින් ටීම් එකම සාරි ඇඳන් ඇවිත් ලස්සනේ බෑ. බැබලි බැබලි ඉන්නවා :)
සුබ නව වසරක් වේවා..ඔහොම යමු ඔහොම යමු
ReplyDeleteහැපි 2013ක් ඈ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සිනා කඳුළුම තමයි . අපට නම් අවුරුදු ලැබුවේ ගුවන් තොටේදී . ලොක්කි කියනව ඒ වෙලාවේ අපි ටොයිලට් එකේලු. හික් .
ReplyDeleteපළවෙනිදා මාර නිදිමතේ . සීතලයි .ඇති වෙන්න නිදා ගත්තා .
බොහොම සංවේදී කථා දෙකක්......
ReplyDelete