Wednesday, January 9, 2013

කඳුළු ඇහැරෙන දවසක්...




මූණු පොත දිගහැරියම අද මුලින්ම ඇස් අගට කුලක් අරන් ආවෙ යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ පාසල් ප්‍රේමය ගැන ලියවිලා තිබුණ සටහනක්... එය අවසන් උණේ මේ විදියට...
 
'' ඉතින් එදා සිට මා විඳි දුක් කන්දරාවක් වේ නම් ඈ ඊට වග කිවයුතු වෙයි.... මා අතින් වුණු පවු කන්දරාවක් වේ නම් එයින් බාගයකට වත් ඈ වගකිවයුතු වෙයි... '' ( උපුටා ගැනීම  වරදක් නම් සමාවෙන්න... )
 
මේ කියවීමෙන් බරවුණු හිත... තෙත් වුණු දෙනෙත තවත් හිරි වැටුණ අහම්බෙන් සවන් වැකුණු මේ ගීතයෙන්... කීර්ති පැස්කුවල් ගායනා කරන මේ ගීය මින් පෙර සවන් නොගැටුණු  අපූරු විරහ ගීයක්. යූටියුබ් හරහා රස විිය හැකියි... (http://www.youtube.com/watch?v=kO5p3Eergsk) කවුරු ලිව්වද දන්නෙ නැහැ... හිත පත්ළටම දැණුනා.. ... පද පෙළත්, සංගීතයත්, හත් යා වෙලා එන හැීම් සමුදාය හිත හිරිවට්ටන සුළුයි...  

තරු දහසක් පායන රෑ අුරු උණාදෝ
පෙමින් බැදුණු හිත කෙලෙසක නපුරු උණාදෝ......
මට සතුරු උණාදෝ

නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන්
පිපුණු කුසුම් පරවෙන්නෙත් හිත අනාදරෙන්
ුන් සිසිල හිරු උණුසුම දෙන අහස්තලෙන්
තරු බිුවක ආදරයෙන් ඵලක් නෑ ඉතින්....
මට ඵලක් නෑ ඉතින්

පෙමක සුවද විගනු බෑ දුරස් වූ සිතින්
පවසක් සන්සිවනු බෑ තුෂර බිුවකින්
කදුළු බික් නොමැති නෙතින්
වැළපුණත් ඉතින්
ආදරයට අනුකම්පා මට එපා ඉතින්...
යළි මට එපා ඉතින්

තරු දහසක් පායන රෑ අුරු උණාදෝ
පෙමින් බැදුණු හිත කෙලෙසක නපුරු උණාදෝ......
මට සතුරු උණාදෝ


දරාගන්න අපහසුම මානසික වේදනාව ප්‍රේමයේ විරහවද? ප්‍රේමයේ විරහව බොහෝ දෙනෙක් ජීවිත ගමනේ සදාකාලික පරාජිතයන් බවට පත්කරනවා... තවත් අයව මිනීමරුවන්, අපරාධකරුවන් නපුරු සිතැත්තන් බවට පත් කරනවා... පසුගිය දිනක කොටුවේ ගුවන් පාලම මතදී මන්නා පහරින් මරුමුවට පත් පොලිස් නිළධාරිනිය එක් නිදසුනක්...
 
ඒ වගේම ප්‍රේමයේ වියෝගය සුන්දර නිර්මාණකරුවන්, විශිෂ්ඨ නිර්මාණ බිහි කරනවා..
 
වසර ගණනක සිට මා ළගින් ඇසුරු කරන පවුලක සොහොයුරෙකුට ඔහුගේ වසර පහක ප්‍රේමය අහිමි වෙන්නෙ පෙම්වතිය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමත් එක්ක. සබතාවය බිී වැටුණු මුල් අවදියේ හිත හදන්නට පවුලේ අයත්, මා වැනි ළගින් ඇසුරු කළ අයත් ගත් වෙහෙස අපමණයි.. ( මට මගේ හිත හදා ගන්නට අසීරු උනත් අන් අයගේ හිත් හදන්නට හැකියාවක් තියෙනවා.. අනේ මන්ද දෙයියොත් කරන්නෙ මාර වැඩ තමයි... )
 
වැසුණු එක් දොරටුවක් වෙනුවට වෙනත් දොරටු රැසක් විවර කර ගන්නට ඒ මල්ලීට හැකි උණා.. ඔහු ඉන්පස්සෙ නාට්‍ය පාඨමාලාවක් හැදෑරුවා. දැන් ඔහු තවත් මිතුරෙක් සමග එක්ව නාට්‍ය කණ්ඩායමක් හදා ගෙන තියෙනවා.. ඔවුන්‍ ළමා/තරුණ  වැඩමුළුවලට නාට්‍ය කලාවෙන් දායකත්වය දෙනවා.. පසුගිය දිනක පැවති වයඹ පළාත් නාට්‍ය උළලේ හොදම සහය නළුවා වුණෙත් මේ මල්ලී...
 
දැන් ඔහු වෙනදට වඩා පොතපත කියවනවා. කවියට ලැදියි. ගීතයට ලැදියි. '' අක්කෙ අපූරු කවියක් තියෙනවා.. නියම සින්දුවක් ඇහුවා...'' විටෙක මාවත් දැනුවත් කරනවා... ඒ වගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා කලා කටයුතුත් එක්කම.
 
මේ මල්ලී ආදරයේ අහිමිවීම ජීවිතයේ ජයග්‍රහණයක් බවට හරවා ගත්තා කාලයාගේ ඇවෑමෙන්.. එය ලෙහෙසි කටයුත්තක් නම් වු‍ණේ නැහැ මුලදි. අදටත් මා දන්නවා ඒ හිත අහිමිවුණ ආදරය වෙනුවෙන් හඩා වැටෙනවා කාටවත් නොදැනෙන්න.
 
අතිශය සාධාරණ හේතුවක් මත අනෙකාගේ යහපත වෙනුවෙන් වෙන්වන්නට සිදු වුවහොත් එය දරා ගත හැකි වේවි ‍චේතනාවේ සද්භාවය නිසාවත්. නමුත් අසාධාරණ ප්‍රති‍ක්ෂේපවීමක්, හේතු නොදක්වාම ආදරයේ බන්ධන ලිහා දැමීමක් දර ගන්නට අසීරුයි නිසැකවම.
 
නැවත වතාවක් ආදරයේ වේදනාව දරන්න වෙනවට වඩා මිය යන්නට මා කැමතියි..

පසුව ලියා එක් කරමි...

විරහවෙන් ගොඩ යාම ලෙහෙසි නොවේ. මා ඉහත සහන් කළ සොහොයුරා එය සාර්ථකව ජය ගත හැකි මගක් සොයා ගෙන ඇතැයි මා හිතුවත් එයද සත්‍යයක් නොවන බව මට සිතේ. කුමක් කළද ආදරයෙන් හිස් වූ තැන පුරවන්නට අන් සියලු කාර්යයන් සමත් වී නැහැ නොවේද? කෙනෙක් ආදරය අහිමි වූ තැන වෛරයද, පළිගැනීමද ආදේශ කර ගන්නා අතර තවත් අයෙක් පළිගන්නේ තමන්ගෙනි. දඩුවම් දෙන්නේ තමන්ටමය. එයද වඩාත් හානිකරය.

ආදරය කළ අයෙක් අසාධාරණ ලෙස හැර ගිය පසු තවත් ආදරයක් ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමට දැනෙන බිය, සැකය.. තවත් කෙනෙක් විශ්වාස කිරීමට නොහැකි වීම පුද්ගල ජීවිතයක ගොඩනැගීමට කොතරම් නම් බලපානු ඇතිද? මෙවැනි හදවත් තුවාල සුව කර ගැනීම ලෙහෙසි පහසු නැත.
ඕෂෝ ආදරය ගැන පළ කළ අදහසක් මෙහිදි මා මතකයට නැගේ...

‘‘ ආදරය වෙනස් වෙන දෙයක් නොවේ.. වෙනස් වන්නේ පුද්ගලයන් පමණි. ආදරය නැවත වෙනත් පුද්ගලයෙක් ලෙස හමුවනු ඇත. වරද ඇත්තේ ආදරයේ නොවේ. පුද්ගලභාවය තුළය.” (මගේ මතකයේ රැඳී ඇති අයුරිනි.)

එය ඇත්තකි. ආදරය සුන්දරය. එය අසුන්දර කරනුයේ අප විසින්මය. ජීවිතය අපායක් කරනුයේ ආදරය නොවේ. ආදරය නොහදුනන මිනිසුන් විසිනි. නමුත් ජීවිතය අතහැර යා හැකි නොවේ.

ආදරය නොකර සිටින්නට බැරිය. ආදරය නොවි සිටින්නටද බැරිය. නමුත් ආදරයේ වේදනා අවම කර ගැනීමට හැකි තරම් බැීම්වලින් දුරස් වී සිටීමට සිතමි. එය වරදක්දැයි නොහැගේ. ගිණිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරිඑළියටත් බය වන බව නම් ඇත්තම ඇත්තකි..

11 comments:

  1. හ්ම්ම්...හැමෝගෙම වගේ ජිවිත වල ඔයාකාරයේ විදවීම් තියෙනවා... කාලයකදී සතුට ගෙන දුන් දේවල්ම කාලයකදී දුක ලං කරනවා. ජිවිතේ හැටි ඔහොම තමා.... කාලයත් එක්ක අපි නැවතත් යතාතත්වයට පත් වුනත් අර අතීත මතක හැමදාම ජිවිතේ රැදිලා තියෙනවා..... ඒකයි ඇත්ත.....

    ReplyDelete
    Replies
    1. ඉඳහිට මතකයන් අවදි වෙනවා.. ඒ වගේ වෙලාවට මෙවැනි ලිපි ලියවෙනවා.. අනිත් හැම මොහොතම ජීවිතය ගලාගෙන යනවා සාමාන්යඅ විදියට...

      Delete
  2. ජීවිතය අපට රිසි ලෙසම ගෙවෙන්නේ නෑ...මේ වගේ දේවල්වලටත් ලක්වෙන්න වෙනවා....නිර්මාණය සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඇත්ත.. ලියල හිත හදා ගන්න එක හොදයි නේද? මන්නයක් හරි පිස්තෝලයක් හරි අතට ගන්නෙ නැතිව.

      Delete
  3. නමුත් කාලය සියල්ල විසඳනවා.. අත්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. කාලයටත් මාව අමතක වෙලා ගිහින් මල්ලී...

      Delete
  4. කවුදෝ කියලා තියෙනවා ආදරය කරන්න හිතා හදා ගද්දී දුකත් විඳින්න හිත හදා ගන්න කියලා.ආදරය කරද්දී දුක නොවිඳපු මනුස්ස පරාණයක් නැතුව ඇති..

    ReplyDelete
  5. දුක් විදින්නේ නැත්තම් ආදරේ දැනෙන්නෙත් නෑ.. පාසල් ආදරෙන්නම් ගොඩක් වෙලාවට වෙන්නේ ඒකට හුරුවෙන එක තමා...

    කොහොම වෙතත් අවංකව කරන ආදරේ කවදහරි ජයගන්නව කියලයි මමනම් හිතන්නේ...
    ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක්..

    ReplyDelete
  6. ආදරය ප්‍රේමය වගේ සියුම් දේවල් හදවතට වඩාත් දැනෙන්නේ අහිමි වූදාටයි. හබැයි හිත හදාගෙන ගියක් කවියක් රසවිඳින්න පුරුදු වුණාම ඒක අමතක වෙනවා..

    ReplyDelete
  7. කඳුලක් නැත්තම් ආදරෙදී සතුටක් නෑ අක්කියෝ..ඕවා ඔහොම තමා....

    ReplyDelete
  8. හැම බැඳීමක ම අවසානය දුකක්......

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...