විකල් සිතුවිලි පොළා පැන
කළඹවා ඉස් මස් මනස්
අණ දෙන්නේම මට,
මාව ම කුදලාන
මේ මරු කටෙහි හෙළාලන්නට...
ආදරේ කටු ඉඹුල පේ වුණ
මරු කටෙහි පත්ළටම...
ස්නේහයේ කෙම්බිමක්
සොයා දුවැවිද හෙම්බත් වු
අන්ත අසරණ හදක්
කීතු කීතු ව යන හැටි
බලා ඉන්නට පුළුවනි...
ඊටත් පස්සෙ මට පුළුවනි
තරහ නොවී ඔයත් එක්ක
මා එක්කම තරහ වෙන්න...
ලස්සනම කවියක්.
ReplyDeleteස්තුතියි..
Deleteඅර මොකෝ? වෙනාතක් බලා ගන්නේ නැතුව..
ReplyDeleteඅනේද කියන්නෙ..
Deleteවැරදුන දේවල් වලට වැරදි කාරයෝ හොයලා වෙන සෙතක් නැත.
ReplyDeleteකවුරුවත් වැරදි නැහැ.
Deleteගොඩක් වෙලාවට කරන්නේ එහම තමයි
ReplyDeleteඒත් මහ මෝඩ වැඩක්...
Deleteතමන්ට තමන්වම එපා කරගත්තායින් පස්සේ අනුන් එක්ක ගැටීමක් නැතුව තමන් එක්ක ගැටෙන්න පුළුවන්.නරක නැහැ එකත්.
ReplyDeleteWoW!!
ReplyDeleteගති
ReplyDeleteජයවේවා!