පිටු

Thursday, October 22, 2015

තිත්ත පාඩමක්..!!!

Oil Paintings by Andrei Belichenko

ඔයාට මං කිව්වද?
මට මතක නෑ..
ඔව් මං බලන් හිටියා
බලන් ඉඳල ම ඇති වුණා...
මොහොතක් දෙකක්, දවසක් දෙකක්
අවුරුද්දක් දෙකක්..
නෑ අවුරුදුම දහතුනක්...
දහතුන නපුරුයි ලු...
එහෙම වෙන්නෙ කොහොමද
අපි ළං වුණ දෙදාස් දහතුන...?
ඒ තමයි සුන්දර ම අවුරුද්ද...

ආදරේ පළමු පාඩම බලා හිඳීමලු
එහෙම කිව්වෙ පාවුලෝ
ඇල්කෙමිස්ට් පොතේ
ඇල්මැරුණු අකුරු
මතකද ඔයාට
පාවුලෝ අදහාන උන්නාට මට
යසයි ඒ ලැබුණු දඬුවම...

සන්තියාගෝ සැරිසරද්දී
හීන හඹාගෙන
කවුරු හරි මං වගේ
මෝඩ ම කෙල්ලෙක්
ඉන්නත් ඇති බලාගෙන
හීන එළිවුනේ
පය පාමුල ම
ජීවිතේ අන්තිම නරක
විස්මිත විහිළුවක්...!!!

ඔයාට මං කිව්වද
මට මතක නෑ..!!
බලා හිඳීමේ පාඩම
පාඩම් කරලාම තිත්ත උණා මට
එතනින් එහාට
අත්හැරීමේ පාඩම ප්‍රගුණ කළේ මම
තනියෙන් ම
ඔයා හමුවෙන කල් ම...

එතැන් සිට,
ආයෙමත් පළමු පාඩම
 ‘‘බලා හිඳීම
පාඩම් ම විතර ද ජීවිතය
ජීවිතය නැත්නම් දුෂ්කරම පාඩම ද...

ආයෙමත් ආත්මීය අරගලය
අත්හැරීම ප්‍රගුණ කළ යුතු ය මම
තිරසර ව
ඇලීම ගැටීම
බැඳීම.. බිඳීම
සියල්ල අවසන අත්හැරීම
මේ තරම් ම අසීරු වෙන්නෙ කෝම..?



17 comments:

  1. තරූ අහලා නැද්ද සනාතන පුනරාවර්තනය ගැන? ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ නම් eternal recurrence කියලා. ලෝකෙ හැම දෙයක් ම යලි යලිත් එකම දේ සිදුවෙන එක.

    ReplyDelete
  2. ලස්සනයි තරූ................

    ReplyDelete
  3. ජීවිතය තමා දුෂ්කරම පාඩම...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩියේ, රත්න ශ්‍රී විජේසිංහයන් ගේ මේ කවි ටික කියවලා තියේද ?

      Delete
    2. //දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
      කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස //

      Delete
    3. හරිම ලස්සන අදහසක්. කවි ටික කියෙව්වා මනෝ. ගොඩාක් ස්තූතියි. :)

      Delete
  4. අත්හැරීමේ පාඩම කලා නම් හරියට
    බලා හිඳීමේ පාඩම ආයෙමත් කරන්න ඕනේ නැහැ නේද?

    ReplyDelete
  5. තරු අක්ක අමාරුම පාඩම් දෙකක්ම කරලනෙ.

    ReplyDelete
  6. An experience close to my heart.

    ReplyDelete
  7. අතිවිශිෂ්ඨයි ! ! !

    ReplyDelete
  8. බොහෝ විසඳුමක් නැති ප්‍රශ්න වලට හොඳම විසඳුම අත්හැරීමයි කියනවනේ

    ReplyDelete
  9. අත්හැරීම ලේසියි... කාලයට ඉඩ දුන්නම...

    ReplyDelete
  10. අල්ලා ගැනීම තුළ නොව අත්හැරීම තුලද ආදරය ඇත
    හිහි ඒ පඩි ටෝක මයියා වෙතින් හිහි
    අපූරුයි කවිය

    ReplyDelete
  11. තරු ඇස් රහස්!
    මේ කවිය කියවද්දි මගෙ ඔලුව ඇතුලෙ ආයෙ ආයෙම ඇඳුනෙ ඒ වචන තුන.
    ලස්සනයි අක්කේ!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...