Thursday, July 18, 2013

සමනල් ආත්මයක මරණ මංචකය අබියස





කුටුම්බයක පාමුල
පණ ගැහෙන සමනල් ආත්මයකි..

මල් වඩම් අනවැසිය
ශෝක ගී අනවැසිය
ලියා ඇත කවියෙන්ම...

''සිගතිමි ගෙල සියතින්ම මම

පණ ගැහෙන කවි සිතට

පැන් වඩනු මිස

පැන් ඉසිනු නොමැනවි... ''


ුලත් ඉකි බිියි...

සුසුමත් හද දවයි...

පැන් වඩන්නට නොව
පැන් ඉසින්නට ම ආයෙමි..
ඉසිවර හදක තෙත මිස
කවි චිතක දල්වන
සුසුම් ගිනි නැත මා සතුව...

''සමනලයෝ ඇසෙන්නෙද මෙය
ඔබට
නොදෙමි කිසි දින මම
මගේ හිත නම් කිසිවකුට
සින්නක්කර අයිතියට...''

2013.07.18

9 comments:

  1. කවියට කවියෙන් පිළිතුරක් ගොතන්නට
    පැකිලෙමින් දගකරන ඇගිලිතුඩු තදරකරන්
    වෙර යොදා හිරකරන් ගැහෙන සිත මගේ
    වඩන්න පැන් පොදක් පැමිණියොත් හැකි වෙද මෙසේ

    ReplyDelete
    Replies
    1. හැකිය... හැකිය... පැන් ඉසින අය තමයි දැන් වැඩි වැඩියෙන් අවැසි...

      Delete
    2. යන්තන් ගැටගහගත්ත කොහෙද ඉතින් අපිට පුරුද්දක් තියෙනවයෑ කවි ලියල.

      Delete
  2. "මම ද වෛර කරනා මට
    මගේ කීම නොඅසාම
    සෙනෙහසේ ඇඟිලි තුඩගින්
    පැන් බිඳක් ඉසින්නට
    කිසිවෙකු එනතුරා
    මගේ පණ ගැහෙන" බව
    සමනලයා නොකිව් බව
    දැනුනේද නුඹ සිතට...

    ReplyDelete
    Replies
    1. නොහැගුණි එය සැබවින්ම
      පහදන තුරා ඔබ...

      Delete
  3. සමනලයා මිය ගිය ද ආත්මය නොමිය යයි....

    ReplyDelete
  4. මංමුලාවු සමනළියකගෙනි පාර අසා තිබුනේ.............

    ReplyDelete
  5. // ''සමනලයෝ ඇසෙන්නෙද මෙය
    ඔබට
    නොදෙමි කිසි දින මම
    මගේ හිත නම් කිසිවකුට
    සින්නක්කර අයිතියට...''//

    සමනලයෝ ඇහුනාද??

    ReplyDelete
  6. සමනලායා සංකල්ප රූපයක් කර තබා මේ පවසන්නේ අපේ සරල මතුපිට ජීවිත නේද? හැබැයි කවි සිතින් එබිල බැලුවාම ජීවිතය අදාරය මහා සංකීර්ණයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...