Monday, August 12, 2013

සහනයේ ස්නේහය..සහ.. රිදුම් දෙන ප්‍රේමය



උදෑසන සිහිළැල් මිහිදුම් සළුවකින් වැසී ඇත. කුරුළු කෙවිල්ලන්ගේ කිචිබිචිය හාත්පස නිස්කලංකයද.. හිතේ සැහැල්ලුවද කිතිකවයි. හේතුවක් නොදන්නා මන්දහාසයකින් හිත පිපෙයි. සිතුවිලි ර දෙයි.

පුස්තකාල බිම සන්සුන් හුදකලාවක වෙළී ඇත.

‘‘කවි වැඩමුළුව කොතනද තියෙන්නෙ?” ‍කහපැහැ මල් ඇතිරිල්ලේ හැඩතල ඉරටු ඉදල් පහරින් මකා දමමින් සිටින කොලු ගැටයකුගෙන් මම විමසමි.

 “පඩිපෙල නැගල උඩ තට්ටුවෙ කෙරවලේම හෝල් එකේ” අඳුරු දත් පෙළ පෙන්නා සොඳුරු සිනාවක් පාන ඔහු පිළිවදන් දෙයි.

මම සිනහවකින් තුති පුදා පියගැටපෙළ වෙත පිවිසෙමි. පියගැටපෙළ ඉස්මත්ත හුදකලා දිගු කොරිඩෝරයකට විවර වේ. ඈත මෑත කිසිවකුත් නොපෙනේ. ‍හාත්පස නිසලබව බි දමන්නට ලෝබ සිතින් මම හෙමිහිට පා තබා ඇවිද යමි. කොරිඩෝරයේ මැද දී හදවතේ ඇණවුමකට හිස එස වේ. කවුරුන්ගේ හෝ දෑස් බැල්මකට මා ඉලක්කයක් වී ඇතැයි සිතේ. නිවැරදිය.

සහනයේ ස්නේහයේ පිළිරුව කො‍රිඩෝරයේ කෙළවර යකඩ වැටට බර දී බලා හිඳියි. අපේ දෑස් හමුවෙත්ම ඔහු අත වනයි. සිනාවත දල්වාගෙනම මම පය ඉක්මන් කරමි.

“දිග පාළු කොරිඩෝ එකේ ලතාවට ඇවිදගෙන එද්දි හරිම කලාත්මකයි. චිත්‍රපටියක රූප රාමුවකට තිතට හරියනවා..” ඔහු සැනසිල්ලේ වදන් ගොනු කරයි. ඒ හ ගැඹුරුය. තැන්පත්ය. ළෙංගතුය. හිත පහන් වී යයි. ‍

‍මසිතේ නින්නාද නගන එක් ප්‍රේම පාරමිතාවක හැඩතල වර්ණ ගැන්වෙන්නේ ඔහුගෙනි. නමුත් ඒ බව ඔහුම නොදනියි.

ඒ ප්‍රේමය අපේය යන හැඟුමිනි. අයිති කර ගැනුමේ තෘෂ්ණාවෙන් තොරය. සිත නිවන ප්‍රේමයකි. සහනයේ ස්නේහයකි.

තවත් ප්‍රේම පාරමිතාවක් ඇත. ඒ ම‍ගේ ය යන හැගුමිනි. තෘෂ්ණාවෙන් බර ය.  සිත නිරන්තරයෙන් රිදුම් දෙවන ප්‍රේමයකි.

එක් ප්‍රේමයක් ස පහනක් වැනිය. දුර සිට සැනහෙන්නට සකිරණක් වුව ප්‍රමාණවත්ය.

නමුදු අනෙක් ප්‍රේමය හද කුටියටම කැදවා දල්වා තබා ගැනුමට රිසි පහනක් වැනි ය. ඒ එළිය මටම පමණක් විය යුතු යැයි සිතේ. 

සිතක අරුමය....

“ඉතින් කොහොමද අයියෙ?” මම විමසමි.

“ඊයෙ ගෙදරින් පිට වෙච්ච ගමන නංගියා. පුත්තලමෙ ළමයින්ට වැඩක් තිබුණා. හැන්දෑවෙ මීගමුවෙ තරුණ කණ්ඩායමකට කතා කරන්න තිබුණා. රෑ එහෙමම යාළුවෙක්ගෙ ගෙදර නැවතුණා. උදේ ‍මේ වැඩේට ආවා.”

කුටුම්භයක හිමිකාරයෙක් වුව ද සමස්ත කුටුම්භයන්හි සැනසුම සිය හිසින් දරා ගත්තකු සේ නිරන්තර ගමනටම දිවි කැප කළ අයෙකි ඔහු. රබර් සෙරෙප්පු දෙකත්, හම් බෑගයත් පාට පිච්චුණු කලිසම, කමිසයත් සමග ඔහු එංගලන්තයේ මහාරාජිණියට වුව ආදරය, ජීවිතය ගැන කියා දෙන්නට නොපැකිළව යනු ඇත.

“අක්කා හොද නිසා හොදයි. ගෑණියෙකුට ලේසි නැහැ ඔයා වගේ පිරිමියෙක් එක්ක ජීවත් වෙන එක...”

සිනාවක් සමග මා එලෙස කීවද සිත කියන්නේ වෙනෙකකි. මානව දයාවෙන් පිරි එවන් මිනිසකු වෙනුවෙන් හදවතින්ම කැපවන්නට ඇත්නම් කොතරම් අපූරුද? එකී දිවිය කුරුසියක් වුව කම් නැත. එකසිතින් උර දරාගෙන කපාල කන්ද වුව නගින්නට හැකිය.

“ඇත්ත... අවම වශයෙන් භක්තිය වගේ හැගීමක්වත් නැතිව ගැහැණියකට අමාරුයි එහෙම කැපකිරීමක් කරන්න. විශේෂයෙන් මං වගේ ගෙයක් දොරක් නැති තාලෙට ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන්... ඒ අතින් මං මාර විදියට අගය කරනවා අපේ නෝනෙව...දරුවන්ගෙ වැඩ, ගෙදර වැඩ, තනියම කරගහගෙන අඩුම ගාණෙ ඇණුමක් බැනුමක් රැවුමක් ගෙරවුමක්වත් නැතිව ධෛර්යය දෙන එක... ඒක හරිම අධ්‍යාත්මික වැඩක්. ” ඔහු හිනැහෙමින් පවසයි. දෑසේ ආදරය දිදුලයි. පතිනිය වෙනුවෙන් උපන් සෙනෙහස... ඔවුන්ගේ ප්‍රේමය නමින් උපන් ගෞරවයෙන් මසිත ද පිරීතිරී යයි.

“ පිරිමියෙකුට ලේසියි.. ගෙදරින් පිටවෙන එක.. ඒත් ගෑණියෙකුට ඒක අමාරුයි. බැන්දොත් බැඳුණාම තමයි. දරුවෙක් ලැබුණට පස්සෙ ඉතින් ලෝකෙම දරුවා. තවදුරටත් සමාජයට ආදරය කළ ගැහැණිය ඉතිරි වෙන්නෙ නැහැ... මට දරුවෙක් හිටිය නම් මම කවදාවත් ඒ දරුවා දාල සමාජ වැඩට එළියට බහින්නෙ නැහැ. එහෙම තමයි සිද්ද වෙන්නෙ...”

“ඒක ඇත්ත. මං දන්න ඉතාම හොද සමාජ ක්‍රියාකාරිනියො විවාහයත් එක්ක සාම්ප්‍රදායික කාන්තාවගෙ භූමිකාවට කොටු වෙලා නැති වෙලා ගියා. මෙහෙමයි, කාන්තාව ස්වභාවයෙන්ම පිරිමියා මත යැපෙනවා. එහෙම නැතිව නිදහස්ව ස්වාධින ඉන්න පුළුවන් අය අඩුයි. යැපීම වරදක් නෙවෙයි. ස්වාධීනව ඉදීම වරදකුත් නෙවෙයි. වඩා වැදගත් තමන්ගෙ හිතට එකගව පරිපූර්ණව ජීවත් වෙන එක... මාතෘත්වය ප්‍රබලයි පීතෘභාවයට වඩා. තාත්ත කෙනෙක් දරුවෙක් අත් හැරියත් අම්ම කෙනෙකුට අමාරුයි ඒක කරන්න. පිරිමියගෙ විප්ලවය ගෙයින්එළියෙ වෙද්දි ගැහැණියගෙ විප්ලවය ගේ ඇතුළෙ සිද්ද වෙන්නෙ ඒ නිසයි. මේ කාරණා දෙකම එක වගේ වැදගත් සමාජයේ ඉදිරි ගමනට...”

ඇයි බදින්නෙ නැත්තෙ? කවද හරි තනිවෙනව නේද? සාම්ප්‍රදායික ප්‍රශ්නමාලාවේ කඩුතුඩු ඇණ කිසිදිනක හදවත නොපාරන ඔහු සියුම් නහරවලට එන්නත් කළ හැකි සුවසහනයේ වචන පමණක්ම තෝරා බේරා අමුණන්නේ කෙලෙසදැයි විටෙක සිත විස්මපත් වේ.

සරණබන්ධනයෙන් බැදෙන ගැහැණියකට සමාජය තුළ සම්මත ගොඩනැගුණු රාමුවක් ඇත. බොහෝ කාන්තාවන් ඒ රාමුව තුළට යන්නේ ස්වකැමැත්තෙන්මය. බිරි, ගෘහණිය, මව යන භූමිකාව ඒ රාමුගත වීම සාධාරණීකරණය කරන සාධකය. 

සෝර්බා වර්ගයේ පිරිමින් සිටිය හැකිය. නමුත් සෝර්බා වර්ගයේ ගැහැණුන් සිටිය හැකිද?  පූර්ණ නිදහස අත්විදින්නට නම් සියලුම බැදීම්වලින් වියුක්තව සිටිය යුතු නොවේද? මේ සත්‍යය දැන දැනම සිත ඇලෙන්නට බැදෙන්නටම රිසි වන්නේ ඇයි.... ?

ස්නේහය පිරීගිය ඔබෙ නයන නිල් පොකුණ
දිය නිලන වැසි සමයේ රැල් නගා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර...

කවි කතාබහ ඇරඹී ඇත. වස්සානයේ කවි පද මුව අගින් වෑස්සේ. සමස්ත ලොව වෙත ස්නේහයෙන් පිරී ගිය නිල් නයන දිදුළයි. ගලා එන සෑම වදනක්ම තුළම දිවමතුරක් මෙන් ජීවිතයට ඇති ආදරය දැවටී ඇත. මම කවිය තුළ දැහැන් ගත වෙමි.

රත්න ශ්‍රී සොබාදහම විනිවිදින අපූරුව. ජීවිතයට ඇති ආදරය... වස්සානය කවි පන්තියේ අකුරක් අකුරක් ගාණේ සොබාදහමට, ජීවිතයට මෙන්ම හේමමාලිට ඇති සෙනෙහසද මතු වනුයේ...

‘‘....... දහස් ගණන් දරුවන් අතුරුදහන් වෙද්දී අපේ කලාකෘතීන් ඒ ගැන කඳුලක් හෙළුවාද? අසාධාරණය තුළ ජීවත් වන විට මිනිසා සාහසික වෙයි. එවිට ඔහු මර්දනය කිරීමෙන් අසාධාරණ ගොඩට තවත් අපරාධයක් එකතු වනු ඇති බව අපේ නවකතා, කෙටිකතා, කවි, චිත්‍ර,ගී, සින්දු නොකියන්නේ ඇයි?

මේ අයුක්තිය ගැන එක් කතාන්දරයක්වත් එක් ගෙදරක ඇත.

එක් ගමක දුක් විඳින නවකතා සිය ගණනකි. කෝපයෙන් පිපිරෙන කෙටිකතා සිය ගණනකි. රැව්පිළිරැව් නංවන ගී සින්දු කවි දහස් ගණනකි.

කලාකරු නැති බැරි මිනිහාගේ කටහ විය යුතුය.දුකෙහි ස්වර නාදයත්... අයුක්තියෙහි දී විනිශ්චයකාරයාත් විය යුතුය.....

එස්.ජී. පුංචිහේවා මහතාගේ දේශනයක් ඇසුරින් ගොනු කළ කලාකරුවකුගේ වගකීම සම්බන්ධ අගනා කතාවකි ඒ. ඔහු එය විස්තර කරනුයේ තුන්සිතම කම්පනය කරවමිනි.

‘‘ඔබ ලියන්නෙ ඉතාම පුංචි දෙයක් වෙන්න පුළුවන් .. ඒත් ඒ පුංචි දේ උණත් ලොකු හැඟීමකින් ලියන්න.. වගකීමකින් ලියන්න... ලියන්නෙ මිනීමැරුමක්, සියදිවි නසාගැනීමක් ගැන වෙන්න පුළුවන්. ඒත් ඒ තුළිනුත් කිසියම් ජීවිත අර්ථයක් උත්පාදනය කරන්න උත්සාහ ගන්න. ජීවිතයට ආදරය කරන මිනිස්සු නැති වටපිටාවක ඔබ ජීවිතයට ඇති අප්‍රමාණ ආදරයෙන් ලියන්න. ඒ වෙනුවෙන් බලපෑමක් කරන්න අවම උත්සාහයක්වත් දරන්න....

ලිවීම කලාත්මක වැඩක්, සෞන්දර්යාත්මක වැඩක් වගේම දේශපාලනික වැඩක්. මිනිස්සුන්ගෙ චින්තනය වෙනස් කරන්න බලපෑම් කරන්න පුළුවන් ලේඛකයෙකුට. කවියෙකුට.

ඔහු පවසයි. කලාකරුවන්ගේ වගකීම හිත පුරා මහමෙරක්ව පතිත වෙද්දී රිදුම් දෙන ප්‍රේමයේ දෝංකාරයක්ද හදවත තුළින් මතු වේ.

෴෴
‘‘මට ඕන ඔබ ලියන දේවල් ඇතුළෙ බරපතළ ගෑනියෙක් දකින්න...” සමනල් හීන ගෙත්තම් කරමින් උන් කවි හිතට ඉලක්කෙටම වෙඩි තැබූ වචන...

‘‘ජීවිතේ බරපතළ අත්දැකීම් නැති කෙනෙකුට බරපතළ ලියන්නියක් වෙන්න අමාරුයි... ” මට මගේ පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න යැයි මම නොකියා කියමි.

‘‘ ගින්දරට පිච්චෙන බව දැනගන්න ගිනි තියා ගන්නම ඕන නැහැ. ඒකට තමයි ඇස්,කන් දීලා තියෙන්නෙ. මොළයක්, හදවතක් තියෙන්නෙ. සංවේදී, විවෘත ගැහැණියක් වෙන්න.. ලියද්දි ඔයිට වඩා බරපතළ විදියට හිතන්න...”
෴෴

කවිය... කලාව සමගම දවස වියපත් වේ. සමුගන්නට මොහොතය. යන්නම් කියන්නට ඉඩක් නැත. කවි කැමැත්තෝ වට කරගෙනය. මම ඈත සිට අත වනා සමුගනිමි. හමුවීම සතුටකි. නමුත් වෙන්වීම දුකක් නොවේ. තෘෂ්ණා සිතක් නොමැති කල හිත සැහැල්ලු වන තරම....

මාවතට පිවිසි විගස දුරකථනය අතට ගෙන බලමි. හැළහොල්මනක් නැත. සිත වේදනාවෙන් බර වේ. මෙතෙක් සිත පැවති සැහැල්ලුව පළා යන්නේ අසුරු සැණිනි.

තෘෂ්ණාවෙන් බර ප්‍රේමය සිත පෙළන තරම....





9 comments:

  1. //ඒ ප්‍රේමය අපේය යන හැඟුමිනි. අයිති කර ගැනුමේ තෘෂ්ණාවෙන් තොරය. සිත නිවන ප්‍රේමයකි. සහනයේ ස්නේහයකි.

    තවත් ප්‍රේම පාරමිතාවක් ඇත. ඒ ම‍ගේ ය යන හැගුමිනි. තෘෂ්ණාවෙන් බර ය. සිත නිරන්තරයෙන් රිදුම් දෙවන ප්‍රේමයකි.//

    මේ දෙකේ වෙනස හොඳට දැනුනේ අදනේ...:)

    ReplyDelete
  2. මේකට මම මාරම කැමති. කවි ගැන කියපු ටික තිතටම වැදුනා. උපුටන්න බැ අන්තිම හරියේ තියෙන ටික මගේ හිතට සිලින්ජරෙකින් විදලා ඇතුල් කලා වගේ දැනුනා.

    ReplyDelete
  3. //එක් ගමක දුක් විඳින නවකතා සිය ගණනකි. කෝපයෙන් පිපිරෙන කෙටිකතා සිය ගණනකි. රැව්පිළිරැව් නංවන ගී සින්දු කවි දහස් ගණනකි.//

    //කලාකරු නැති බැරි මිනිහාගේ කටහඬ විය යුතුය.දුකෙහි ස්වර නාදයත්... අයුක්තියෙහි දී විනිශ්චයකාරයාත් විය යුතුය.....//

    ඔය හරියනම් හිතට වැදුන මාර විදිහට ඇයි දන්නෙ නෑ. ප්‍රේමය පැත්ත මට වැඩිය දැනෙන්නෙ නැත්තෙ ඇයි කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

    මොනා උනත් තරූ අක්කා කතාව ගැන කියන්න වචන නෑ. ඔයාගෙ කතාවලට පුලුවන් ජීවිතේ විනිවිද දකින්න. වෙනත් අය නොදකින පැත්තක් දකින්න ඔයාට පුලුවන්. ජය වේවා!

    ReplyDelete
  4. //උදෑසන සිහිළැල් මිහිදුම් සළුවකින් වැසී ඇත. කුරුළු කෙවිල්ලන්ගේ කිචිබිචිය හාත්පස නිස්කලංකයද.. හිතේ සැහැල්ලුවද කිතිකවයි. හේතුවක් නොදන්නා මන්දහාසයකින් හිත පිපෙයි. සිතුවිලි රඟ දෙයි.//
    ලස්සණ ආරම්භයක්. හිතට දැනෙන ශෛලියකින් ලියලා තියනවා.

    ReplyDelete
  5. //අඳුරු දත් පෙළ පෙන්නා සොඳුරු සිනාවක්// මේ සිනහව හැමෝම ළඟ තියෙනවා නං අද ලෝකේ වෙනස් තැනක්. නමුත් අද හැම තැන ම සොඳුරු දත් පෙළ පෙන්නා අඳුරු සිනාවන් . . . ලස්සණට ලියවිල්ලක්, අක්කේ. කෙනෙ‍ක්ගේ හදවතට කරන සොඳුරු ඇමතුමක්.

    ReplyDelete
  6. ඇත්ත හැමදෙයක්ම කාලයත් සමග වෙනස්වෙලා.. අද කලාකරුවෝ කියන පිරිස අතේ ඇඟිලි ගනනටත් අඩුයි. අනෙක් අය බිසිනස් කරන කළදුටුකල වල ඉහගන්න අය. ඒ අයගේ කලාකෘති අද බොරුවක් බව ඇස්ඉදිරිපිටම ඔප්පුවෙනවා.

    සමාජය වෙනුවෙන් එදා මොන් පෙනිසිටියේ ව්‍යාජත්වයෙන් කියලයි හිතෙන්නේ

    ReplyDelete
  7. <>
    මේ විදිහට දේවල් සිද්ධනොවෙන නිසාමයි ගොඩක් දුරට සමාජ ප්‍රශ්ණ ඔඩු දුවන්නේ.

    ReplyDelete
    Replies
    1. //කලාකරු නැති බැරි මිනිහාගේ කටහඬ විය යුතුය.දුකෙහි ස්වර නාදයත්... අයුක්තියෙහි දී විනිශ්චයකාරයාත් විය යුතුය.....”//
      මෙන්න මේ ටික තමයි මම උඩ කමෙන්ට් එකට ආදේශ කරන්න හැදුවේ.

      Delete
  8. තෘෂ්ණාව නිසා ප්‍රේමය උපදී - ප්‍රේමය නිසා තෘෂ්ණාව උපදී...

    ඕක හරියට කිකිළි බිත්තරේ මෙතඩ් එක වගේ.........

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...