‘‘මේ Black & Black කියල Coffee shop එකක් තියෙනවද, කොළඹ?“
මම පෙම්බරාගෙන් විමසමි.
‘‘දන්නෙ නැහැ ඇයි?‘‘
‘‘නෑ මේ එරික් ඉලයප්ආරච්චිගෙ පරදේසී නවල් එකේ එහෙම කෝපි
අවන්හලක් ගැන කියැවෙනවා. ඒ විස්තර දකිද්දි යන්නම ආස හිතෙනවා..‘‘
‘‘මැට්ටියෙ ඔය නවකතාවල තියෙන්නෙ ඇත්තම ඇත්ත ද? Black & Black නම් මන්දා.. Barista, Coffee Bean, Common Coffee House, Cup Cafe වගේ තැන් තියෙනවා..‘‘
‘‘ඇත්තද?‘‘
‘‘ඇයි ඔයා ගිහින් නැද්ද?‘‘
‘‘නැහැනෙ..‘‘
‘‘අනේ මන්දා ඔයා නම්.. ‘‘
ඒ කෝපි අසපුව පිළිබඳ කෙටි විස්තරය කොතරම් සිත් ගන්නේද
කිවහොත් එවන් කෝපි බිමක් සොයා ගැනීමේ සාංකාවෙන් පෙළෙන්නට වීමි. අන්තර්ජාලය
පිරික්සා බැලුවේ එබැවිනි.
මද වෙලාවකින් දුරකථනයට එන කෙටි පණිවිඩයකි. "dawasaka ekkaragena yannam."
‘පරදේසී‘ රැගෙන කලක් ගත වී තිබිණි. කියවීම දිනෙන් දින අතපසු වූයේ සිත බර කරන විදග්ධ බරසාර භාෂා රටාවක් හිතේ මැවී මැවී තිබුණු බැවිනි. එරික් ගේ නම සමඟම එවන් සම්භාව්‍ය භාෂාමය මංමුලාවක් සිදුවන්නේ මන්දැයි නොදනිමි. සිනමාවට ඇති ඇල්ම නිසා ම රාවයේ චැප්ලින් කොලමට හිත බැඳුණ ද විටෙක ඒ අකුරු අතර සැරිසැරීමට උදාසීන බවක් දැනේ. එය ද භාෂාව සමඟ ඇති වන දුරස්ථභාවය නිසා සිදුවන්නක් මිස විෂය හෝ අන්තර්ගත කාරණා කෙරෙහි ඇති අකමැත්තක් නොවන බව දනිමි.
මිත්‍ර ඉල්ලුමකට අනුව පරදේසී බාර කරන්නට සිදු වූ
දවසක දුම්රියේ දී පිටු කිහිපයක් පෙරළා බැලීමි. මගේ බරසාර හීනයට වෙඩි වැදුණි.
පරදේසී කෙරෙහි හද බැඳුණි. එය සකල කලාවන්ගේ අපූර්ව සංකලනයක් බඳු නවකතාවකි. කලා රස
වින්දනයෙහි මුවහත් මනසක්, සියුම් හදක් ඇති ලේඛකයකුට ම මිස මෙවැනි නවකතාවක් ලිවිය
හැක්කේ කාටද?
එරික් ඉලයප්ආරච්චි |
‘‘ඇයි ඔයා පරදේසී නවල් එකට ඔච්චර කැමති...‘‘
පරදේසී ගැන විටින් විට මාතින් කියැවෙන දෑ අසා
සිටින ඔහු විමසයි. ම්........ මම ද සිතින් විමසා බලමි. ‘‘ඇයි මම පරදේසී නවකතාවට
කැමති!!!‘‘
‘‘ඒ නවකතාව මට විඳින්න පුලුවන්... එක හුස්මට
කියවන්නත් පුලුවන්... මං කැමති මගේ හිත ඇදෙන කාරණා කීපයක්ම තියෙනවා... ඒ නිසයි මං
හිතන්නෙ මට පරදේසී දැනෙන්නෙ...
ඒක නවකතාවක් විතරක්ම නෙවි. සකල කලාවන්ගෙ සංකලනයක්. සංගීතය, චිත්‍ර,
සාහිත්‍යය, ඡායාරූප, ජීවමාන ප්‍රතිමා කලාව, සිනමාව මේ හැම දේම තියෙනවා. සමහර
සිදුවීම් විස්තර වෙන්නෙ හරියට සිනමා රූප රාමු වගේ. එරික් මාර සිනමා රසිකයෙක්නෙ. මං
හිතන්නෙ ඒ විඳීම නවකතාව ගොඩනඟන්නත් උදව් වෙලා තියෙනවා.. මමත් ඔය හැම කලාවකටම
කැමතියිනෙ. ඒ නිසා කතාව කියවගෙන යද්දි එක එක විදියෙ කලා කෘතිවලින්, කලාකරුවන්ගෙන් පිරුණු කලාගාරයක සැරිසරනවා
වගේ හැඟීමක් දැනෙනවා... මං ඒකට කැමතියි...
හවානා නුවර වීදි චිත්‍රයකි. |
තවත් දෙයක්, මේ පවතින සමාජ, ආර්ථික වටපිටාව නිසා
අත්තටු කපල දාගන්න සිද්දවුණත් මං හරිම ආසයිනෙ රස්තියාදු සැරිසරට... පරදේසී නවකතාවෙ
ප්‍රධාන චරිතය මං කැමති විදියෙ සැරිසරන්නෙක්. ගම් රටවල් අතර විතරක් නෙවි, සාහිත්‍ය
කලාව, සංස්කෘතිය, මනුෂ්‍ය ජීවිත අතරත් එයා සැරිසරනවා. ඒක හරිම සුන්දර තවත් වෙලාවකට
මාරාන්තික රස්තියාදුවක්... මං ඒකටත් කැමතියි. මං දකින හීනයකට පොතක පිටු අතර හරි
පියාපත් පැළැන්ඳෙන එක සතුටින් විඳින්න පුලුවන්...
කියුබානු ජීවමාන ප්‍රතිමා කලාවෙන්... |
පරදේසී ඇතුළෙ අන්තර්ජාතික ප්‍රේමයන් තියෙන්නෙ.
ඒත් ඒ ප්‍රේමයන් ඇතුළෙ වුණත් ඉන්නෙ සුන්දර කොදෙව් ආදරවන්තයෙක්... විශ්වීය ප්‍රේමයක්
නඩත්තු කරන්න උත්සාහ කළාට එයාට ඒක අමාරු වැඩක්. මටත් ඒක අමාරු වැඩක්නෙ... ඒ නිසා
තේරුම් ගන්න පුලුවනි. කොච්චරවත් ඇස්වල කඳුළු පුරවගන්න, හිත බර කරගන්න, ජීවිතයම
ආදරය කරගත්ත ඒත් ආදරය අහිමිවෙන ආදරවන්තයෙක්...
අපේ සමාජවාදී සිහින රාජ්‍යයට හීනි කම්මුල් පාරවල්
ගහන්න වගේ දැනෙනවා කතා නායකයා එක්ක කියුබාවෙ සැරිසරද්දි ලැබෙන අත්දැකීම්වලට... අපි
හිතන තරම් සමාජවාදී චේතනා සුපිරිසිදු නැති බව, පිරිසුදු වුණත් මේ ධනවාදී ගෝලීය
වටපිටාව ඇතුළෙ ඒ හීන මහපොළවට ගේන්න කොයිතරම් අමාරුද කියන එක, එතැනත් වැඩියෙන්ම පටි
තදකරගන්න සිද්දවෙන්නෙ, පීඩාවට පත්වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සුම තමයි කියන ඛේදනීය
ඇත්ත අවබෝධ වෙන්නෙ දුකකුත් එක්ක. චිංගීස්ගෙ සමුගනිමු ගුල්සාරි කියවද්දි දැනෙනව
වගේම රිදුමක් දැනෙනවා.. ඒ තරම්ම බරපතල විදියට නැතත්...
අපේ කථකයා කියුබාවෙ හවානා නුවර පැවැත්වෙන සාහිත්‍ය
වැඩමුළුවට සහාභාගි වෙන අතරෙ කියුබාව, ලතින් ඇමරිකානු, ඉන්දියාව ඇතුළු ආසියාතික
රටවල ලේඛක ලේඛිකාවන් හඳුනගන්නවා. ඒ ජීවන අත්දැකීම්
එක්ක දිගහැරෙන දේශපාලන කතන්දර අපට අපේ රට ගැනත්, අපේ ලේඛන කලාව ගැනත් අලුතින්
හිතන්න පෙළඹවීමක් ඇති කරන තරම්...
මං කැමතිම නවකතාවෙන් මතු කරන තවත් පැත්තක් තමයි
ලියන්නෙක් තමන් ලියන දේට කොයි තරම් අවංක වෙන්න ඕනද? කැප වෙන්න ඕනද? කියන කාරණය. ලියන්නො
විතරක් නෙවි හැම නිර්මාණකරුවෙක්ම. ලංකාවෙ සිද්දනොවෙන්නෙත් ඒකමනෙ...
මං පරදේසීට කැමති කොටින්ම ජාතික අන්තර්ජාතික ප්‍රේම
කතන්දර, ගැඹුරු දේශපාලන කතන්දර, සකල කලාවන්ගෙ විස්මිත සෞන්දර්ය නවකතාවකට අරන්
තියෙන සරල, අපූරු ගතිය හින්දා...‘‘
‘‘හ්ම්‘‘
................
‘‘පාඨකයො කියන්නෙ අවලම් ජාතියකට“ යි කියමින් ආර්ජන්ටිනා ලේඛිකා මාර්තා මිලීනා අසූසීනා කට ඇරියේ අප සැම බියපත් කරන කතාවක් කියන්නට ය.
‘‘කියන්න ඕන දේ කෙළින්ම කියාපිය කියන්නෙ අපිව ජුන්ටාවෙ මැරයන්ට මාට්ටු කරන්න. ලතින් ඇමරිකාවෙ මැජිකල් කියන්නෙ වාරණයෙන්, මරණයෙන් බේරෙන විධියකට... රියලිසම් කියන්නෙ සිය දිවි නසාගන්න විස කුප්පියකට...‘‘
180 - 181 පිටු
..................................
‘‘පරදේසීවල මල්වත්ත පාරෙ යුනිවර්සල් මූවීස් ගැනත්
තියෙනවා. මමත් හොඳ ෆිල්ම්ස් හොයාගන්නෙ එතනින්නෙ. මතකද මං ඔයාට දවසක් කිව්වා රාවයෙ
චැප්ලින් කොලම ලියන එරික් ෆිල්ම්ස් ගන්න එතනට එන බව...‘‘
‘‘හ්ම්..‘‘
‘‘මේ නව කතාවත් හරියට චිත්‍රපටියක රූප රාමු වගේ
අකුරුවලින් මවල තියෙනවා...‘‘
‘‘හ්ම්... කවුද පොත කරල තියෙන්නෙ..‘‘
‘‘ගොඩගේ.. හයසීයයි...‘‘
‘‘හ්ම්..‘‘
..............................
එකී ගීතය ගැන අස්වින්දයාගේ ලෝකය බ්ලොග් අඩවියෙන් කියවන්න.
I am a truthful man
From where the palm tree grows
And before dying I want
To let out the verses of my soul
My verse is light green
And it is flaming red
My verse is a wounded stag
Who seeks refuge on the mountain
I grow a white rose
In July just as in January
For the honest friend
Who gives me his open hand
With the poor people of the earth
I want to cast my lot
The brook of the mountains
Gives me more pleasure than the sea
Guantanamera in
English
I am a truthful man
From where the palm tree grows
And before dying I want
To let out the verses of my soul
My verse is light green
And it is flaming red
My verse is a wounded stag
Who seeks refuge on the mountain
I grow a white rose
In July just as in January
For the honest friend
Who gives me his open hand
With the poor people of the earth
I want to cast my lot
The brook of the mountains
Gives me more pleasure than the sea
විශිෂ්ඨයි.. ඔබගේ හදුන්වාදීම හා කරුණු ඉදිරිපත් කිරිම...
ReplyDeleteමගෙ හිත බැඳුණා පොතට.. පොත් කියවන්න කැමති අයගෙ අවධානය යොමු කරවන්නත් හිතුණා...
Deleteපරදේසී කියවන්න ඉක්මනක් ඇති වුණා.කවුද ප්‍රකාශක.
ReplyDeleteගොඩගේ....
Deleteඔබ කොහොමත් කියවන්න ආස හිතෙන විදිහට ඔත්තුව දෙනවා තරූ......
ReplyDeleteමම ආසාවෙන් කියෙව්ව නිසා ලියන්න හිතුණා.. කියවල බලන්න..
Deleteඅරන් කියවන්න ඕන බලන්න.
ReplyDeleteස්තූතියි ඔත්තුවට.
ඔන්න අරන් යන්න තවත් පොතක්...
Deleteතරූ, " පොත් හඳුන්වාදීම්" කියල වෙනම ෂානරයක් ඇතිකල යුතු තරමට ඔබේ පොත් හඳුන්වාදීමේ ශෛලිය විශිෂ්ඨයි….:)
ReplyDelete‘‘සාහිත්‍ය කලා රසවිඳීම්‘‘ කියල තිබුණ නම් හොඳයි නේද? චිත්‍රපටි, ගීත ගැනත් ලස්සනට ලියන අය ඉන්නවනේ....
Deleteමෙහෙම කිව්වම නොගෙන කොහොමද ... :)
ReplyDeleteකියවලම ඔයාගෙත් අදහස ලියන්න..
DeleteJayawewa
ReplyDeleteස්තුතියි...
DeleteJayawewa
ReplyDeleteපොත කියවා නැහැ.කියවන්න ආසාවක් ඇති කළාට තුති..
ReplyDeleteඅනික පරදේසී කොහොම වෙතත් මේ වියුණුව නම් අපූරුයි..
අපූරු වදන් ගැළපුමක්..!!
කොෆී ෂොප්ස් ගැන කියද්දි තව දෙයක් මතක් වුණා.ඕවායෙ තියෙනව කෝපි බිබී කරන සංවාද.. බොහෝ විට ඉංග්‍රීසි සාහිත්යය ගැන. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ සැමියා,නිහාල් රාජකරුණානායක මහත්මයා දවසක් මටත් එහෙම සංවාදයකට එන්නැයි කියල ආරාධනා කළා.. තාම යන්න නම් පුළුවන්කමක් ලැබුණෙ නැහැ.
කෝපි අවන්හලක සිංහල සාහිත්‍යය ගැන කතා කරන්න බැරිද දන්නෙ නැහැ නේ...
Deleteමං හිතන්නෙ ‘‘සාහිත්‍ය විත් කෝපි‘‘ සංවාදය හොඳ වේවි...ගිහින් බලන්න..
සාහිත්‍යය ගැන කතා කරන්න නම් කොහෙ වුණාම මොකෝ
Deleteඅනික සිංහල සාහිත්‍යය ගැන කතා කරන්නෙ නැත්නම් අපි කතා කරන්න පටන් ගන්න ඕනැ.. නැද්ද හොඳයි..??
Deleteමං හිතන්නෙ අපිට නම් හරියන්නෙ වර්ෂා බෙලි මල්, කහට උගුරක් බිබී කොහෙ හරි ගහක් යට, ඇලක් දොලක් වැවක් ළඟ කරන සංවාද.. කෝපි කෝප්පෙක මුදලින් පොත් දෙකක් විතර ගන්න හැකි...
Deleteපැහැදිලිවම තරු අක්කෙ.. තුරු සෙවණේ කෙරෙන ඒ සංවාද ශෛලිය මොහොතකට මැවිල පෙනුණ.. අපිට හරියන්නෙ ඒ කියන විදිය තමා.කොහොමටත් කෝපි හෝ මත්පැන්වලට සීමා වෙච්ච සාහිත්‍ය සංවාද ඒ වගෙ සොබාදම් මුසුවකට ගෙන ආ යුතු වෙනවා..!!
Deleteආස හිතුනා කියවන්න...
ReplyDeleteඒකනෙ...
Deleteබෝතල් පත්තරෙයි... බෝතාල්.... පත්තරෙයි.......
ReplyDeleteනෝනා.. කියෝපු පොත් තියෙනවයි?? දෙන්නන් කාසියට ඉල්ලගන්න ඇහැක්වේද ?
කාසි එපා.. පොත් දෙන්නම්.. බේරෙ වැව ළඟට එන්න....
Deleteඅදයි බ්ලොගයට ආවේ. ඔබේ ලිවීමේ ශෛලයට වශී වෙලා මුළු ලිපියම ඉබේම කියවුනා.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා.. ස්තුතියි අදහස් දැක්වීමට...
Deleteමේ ලේඛකයාගේ පොත් කිසිවක් මීට පෙර කියවා තිබෙන බවට මතකයක් නැහැ.
ReplyDelete(අඩේ බලන් ගියාම මම කිසිම ලේඛකයෙක්ගේ පොත් කියවලා නැහැ වගේනේ)
තරු අක්කා පොත් ගැන කියන්නේ අපිටත් ඒ පොත් කියවන්න උනන්දුවක්,ආශාවක් ඇති කරවන විදියටනේ.
ලියනගේ අමරකීර්තිගේ "අහම්බකාරක" පොත ගැන සටහනක් ලියනවා මම දැන් මාසයක් විතර ඉඳන්..
පාදා යාත්‍රා කියවන්න අරන් මුල් පිටු කිහිපයෙන් නැවතුණා මතකයි.. මේ පොතත් අරන් තිබුණා කියවීම කල්ගත වෙමින්.. හැබැයි කියවන්න ගත්තට පස්සෙ නම් තියන්න හිතුණෙ නැහැ...
Deleteඅහම්බකාරක ගැන ලියන්න ඔයාට දැනෙන විදිය. මමත් කැමතියි කියවන්න..
පොත හොයාගෙන කියවන්න හිතුනා ඔබේ සටහන අපූරුයි අක්කා..
ReplyDeleteඔයත් කැමති වේවි කියල මට හිතෙනවා...
Deleteනියම විචාරයක් !
ReplyDeleteස්තුතියි ප්‍රා.. විචාරයක් නෙවි විඳීමක් කියල හිතන්න...
Deleteපෙම්බරය එක්ක යන්න උරුලෑ කෝපි බොන්න.හෝර්ටන් ප්ලේස් එකේ තැනක් තියනවලු.
ReplyDeleteඅපිට වැඩකට නැති උගුඩුවන් ජාවා , සුමාත්‍රා වැනි ඉන්දුනිසියන් දුපත්වලට නම් රත්තරන් වගේ . අපේ උගුඩුවන්ගේ එහෙ ඉන්න නෑයන් එච්චර වටින්නේ මොකවත් හින්දා නෙමේ උන්ගේ වසුරු නිසා . කෝපි ඇට ගිලල හෙලන වසුරුවල තියෙන නොදිරවපු ඇට මේ පලාත්වල මිනිස්සුන්ට රත්තරන් වගේ .
Deletehttp://nelumwila.blogspot.com/2012/10/blog-post_13.html
ග්වන්තනමෙරා සින්දුව මට කියල දුන්නේ කාලයක් මාත් එක්ක යාලු වෙලා හිටපු මරියා කියල පේරු කෙල්ලක්. තවම ඒ අකුරු තියන කොලේ මා ළඟ. පරදේසිත් ලිස්ට් එකට දාගත්තා. අපේ සමාජවාදී සිහින ගුරුගිතය අම්මා වගේ කතා වලින් බැඳිච්ච එක තමා අවැසිය. මොකද සැබෑව එය නොවන නිසා.
ReplyDeleteමගේ සමාජවාදී සිහිනවලට කුළු පහරක් වැදුණ එක තැනක් තමයි අයියේ චූලයියාගේ නරක උන් ඇසුරෙහි පොත එළිදැක්වීම දවසෙ රුසියන් සංස්කෘත මධ්‍යස්ථානයේ කෙනෙක් කළ කතාව. ( මට නම මතක නැහැ. )
Deleteරුසියන් විප්ලවය හා බැඳුණු සාහිත්‍යය ගැන අපි දන්නෙ කොයි තරම් ටිකද කියල හිතුණා..