මං තාම ආදරේ
ඒ ඉස්සර ඉර
ට
මුදු රැස්
ඇඟිලි තුඩගින්
සෙමෙන් හිස
පිරිමැද්ද..
උණුහුම්
හාදුවකින්
කොපුල් තල
කිති කැව්ව
ඒ ඉස්සර ඉර
ඉස්සර ම
ඉස්සර...
වැව් දිය
රැළි මත
පළිඟු
සිත්තම් මැව්ව
මුදු මල්
පියලි මත
පිනි
කඳුලැල් මැකුව
ඒ ඉස්සර ඉර
කොච්චර
සුන්දර ද...
හෙමි හෙමින්
අඩි තියා
නොසිතු
නොපැතූ සැණෙන
සුන්දරම
කවිකම්
අරන්
ඇවිදින් ළඟට
අරපරිස්සම්
මයෙ
හීන මල්
පොට්ටු මත
රොන් සුණු ඉහිරෙව්ව
ඒ ඉස්සර ඉර
කොච්චර
ළෙංගතු ද...
ඉර සැර වැඩි
කියා
යන්නෙ කෝමද
දුක ලියා
ඉස්සර ම මතක
හදවත තියා
ඉන්නෙ ඒකයි
මං හැර
නොයා....
2016.03.30
//අරපරිස්සම් මයෙ
ReplyDeleteහීන මල් පොට්ටු මත
රොන් සුණු විසිරෙව්ව
ඒ ඉස්සර ඉර// ++++++++++++++++++++++++++++++++++++
ස්තුතියි ටෙක්...
Deleteඅහිංසක පැතුම් කවදා හරි හැබෑ වෙනවා තරූ......... එතකල් ඉන්න... ජයවේවා..
ReplyDelete‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳීමයි..‘‘ මං නෙවෙයි පාවුලෝ කියන්නෙ එහෙම සන්තියාගෝ පොතේ..
Deleteඔව්.. සමහර මතක මග හැරලා යන්න හරි අමාරුයි තමයි... :)
ReplyDeleteසමහර මතක!!!!
Deleteසුන්දර මතකයන්
ReplyDeleteගෙන දේවි
ජීවිතයට ජීවය,,
ඇත්තයි...
Deleteඉර වුණත් එකම විදියට තියෙන්නෙ නෑනෙ
ReplyDeleteඒකනෙ.. මේ දවස්වල ඉර බලන්න එපැයි... හරිම සැරයි...
Deleteඕම කීවට දවස් දෙකක් තුනක් පෑව්වොත් ඉර අහන කතා අම්මෝ:D.........
ReplyDeleteලස්සනයි කවිය
ඇතුවත් බැරි නැතුවත් බැරි ඉර...
Deleteආයෙත් ඉස්සර ඉර පායාවි...
ReplyDeleteඅදයිනේ මන් මේ පැත්තේ ආවේ...ලස්සනයි පදවැල්..
ඉර ඉර මයි... අපි ඉතින් බඹර චක්කරේ වගේ කැරකෙන හින්දනෙ මේ ඔක්කොම අලකලංචි...
Deleteකාලයට ඉඩ දෙන්න එයා විසදාවි.
ReplyDeleteඉර... ඉස්සර වගේ ම...
Deleteමේ ඉර සැර වුනේ
ReplyDeleteදඩබ්බරකමකට නොවේ
එළිය කරන්නයි තවත් ලොව ඔබේ
ටිකක් ඉර සැර වුනේ
ඉර සැර වෙන්න මිනිස් ක්‍රියාකාරකම් බලපානවා... සැර අඩු කරගන්නත් අපිටම තමයි පුලුවන්...
Deleteඅමතක කරන්න බැරි මතක.. :)
ReplyDeleteඒකනෙ...
Deleteදැන් ඉර හරි සැරයි තමා. මාත් ආදරේ ඉස්සර ඉරට :)
ReplyDeleteහංසිටත් ඉස්සර ඉරක් තියෙනව වගේ...
Deleteමේ ඉර සැර වුනේ
ReplyDeleteදඩබ්බරකමකට නොවේ
එළිය කරන්නයි තවත් ලොව ඔබේ
ටිකක් ඉර සැර වුනේ
හ්ම්...
Deleteකවියෙ නමට ඉස්සර ඉර කියා යෙදුව නම් හොඳයි කියල හිතෙනව.. ඊළඟ කවි පොතට වුණත් ඒක ගැළපෙන නමක් නොවෙයි ද?
ReplyDeleteහොඳ අදහසක්... කවියෙ නම වෙනස් කරන්නම්... පොතක් ගැන නම් තාම අදහසක් නැහැ..
Deleteරැයක් දවාලක් නැහැ
ReplyDeleteහැමදා ම මහ මග ම
කැරකිලා මං වටේ
දොස් පරොස් ඇයි ඔබෙන්?
කැරකෙන්නේ මං නොවෙයි
කොපුල්තල පිරිමදිමි,
උදෑසන හැමදා ම.
දවල් වැඩ යමරෙට
මල් පියලි මත හිම ව,
පිනි කඳුලු අතුරන්න
බිම අතුල දිය බිංදු
අහස් කුස රන්දන්න,
මිහිකතේ ගී බුබුල
වැස්සක්ව වස්සන්න,
වැව් දියේ රළ නගන
මුදු සුළඟ උපදන්න,
වැඩ වැඩ හොඳටෝ ම වැඩ
විලි වහන කම්බිලිය,
කොළපාට කම්බිලිය
ආ! සැඳෑ පොරෝණය,
වියන්නෙත් මම ම නේ
ඉර සැර වැඩි ඇයිදෝ
නොදන්නා හැඩයි ඔබ?
මං නිවාඩු හෙට සිට
http://muthupahan.blogspot.com/
ආදරේ හරි කරදර
Deleteඉරටත් හරිම හිරිහැර
සැර වුණත් කොච්චර
ඔබ ඉර ය මට සුන්දර...
ලස්සනයි
ReplyDeleteවෙයි කියා
ReplyDeleteබයයි උඹ
හඳ...
හඳක් වුණොත් හොඳයි... ඒත් ඉරට මුවාවෙන්නෙ..
Deleteසැර ඉරටමද මේක ලිව්වේ.
ReplyDeleteසැර ඉර ට... ඉස්සර ඉර ගැන මතක් කරල දුන්නා.
Deleteලස්සන වචන ටිකක්.. හරි අපූරුවට අමුණලා.
ReplyDeleteමං ආසත් ඉස්සර ඉරට....
අදයි ගොඩ වුණේ... රහයි තරූ.
ස්තුතියි.. සාදරයෙන් පිළිගන්නවා.
Delete