තමන් ආදරය කරන
අය වෙනුවෙන් දිවි පිදීම තරම් ප්‍රේමයක් තවත් නැහැ කියලයි ජේසු කිව්වේ... තමන් ආදරය
කරන අය ළඟ නැති වීම දරාගැනීමත් මේ තරම් අසීරු කොට, දිවි පිදීම කෙතරම් අසීරු විය හැකිද? සමහර විට ඒ දරාගැනීමත් දිවි පිදීම තරම්ම අසීරුයි. දුෂ්කරයි.. එය මැරි මැරී ඉපදීමක්...
ඒ පාස්කු
ඉරිදා. ජේසු මරණයෙන් උත්ථාන වීම සමරන දිනය. බොහෝ කතෝලික නිවෙස්වල පාස්කු සාද... ජේසුට
වුණත් දුක හිතෙනව ඇති මගේ කුරුසියේ මරණයට ලැබුණු අර්ථය මේකද කියල...
පාස්කු ඉරිදාය
කියා අවංලගු නොකර, සුපුරුදු විදියට මාසික සිනමා දැක්ම එදින පැවැත්වීම පාස්කු
ඉරිදාට අලුත් අර්ථයක් එක් කළා.. 1980 වසරෙ මේ වගේම මැදින් මහක 24 වැනිදා වෙඩි උණ්ඩයකින්
නිසල කළ එල්සැල්වදෝරයේ අගරදගුරු ඔස්කා රොමේරෝ පියතුමාගේ ජීවන අත්දැකීම ඇසුරු කරගත්
Romero චිත්‍රපටයයි
එදා අපේ නෙත් අබියස දිගහැරුණෙ. චිත්‍රපටය ගැන කතා කළේ ප්‍රේමන් සොයුරා...
අගරදගුරු ඔස්කා රොමේරෝ පියතුමා |
ඒ වෙද්දි
එල්සැල්වදෝරයේ තියෙන්නෙ අතිශය දරුණු හමුදා පාලනයක්. එයට විරුද්ධව නිදහස ඉල්ලා
තැනින් තැන ජනතාව නැගී සිටියා. මුලුමනින්ම කතෝලික වු ඒ ජනතාව තම නිදහස් අරගලයට
පාවිච්චි කළේ අවිහිංසාවාදී පිළිවෙතක්. ඔවුන්ට පිහිටට තිබුණු එකම තැන පල්ලිය. නමුත්
පාලකයන්ගේ දැඩි මර්දනය නිසාම ඒ අවිහිංසාවාදී අරගලය ක්‍රමයෙන් අවි අතට ගන්නා අරගලයක්
බවට පරිවර්තනය වෙමින් තිබුණෙ. හමුදා පාලනය සමඟ එකට සිටි පියතුමන්ලා වගේම ජනතාවට
ශක්තියක් වෙමින් ජනතාව සමඟම සිටි පියතුමන්ලාත් සිටියා. රොමේරෝ පියතුමාත් හමුදා
පාලකයන් සමඟ ඉතාම හිතවත්ව කටයුතු කරමින් සිටියදී, විටින් විට අත්දකින්නට ලැබුණු
අත්දැකීම් නිසා එතුමා පාලක පන්තියේ කෘෘරතර ස්වභාවයත්, ජනතාවගේ දුක්ඛිතබවත් පිළිබඳව
ක්‍රමයෙන් අවබෝධ කරගත්තා.
ඒ සිත්හැරීමට
ආසන්නතම සිදුවීම් වුණේ ජනතාව සමඟම සිටි පියතුමන්ලා වගේම අහිංසක ජනතාවත් හමුදා
පාලනය විසින් අතිශය දරුණු විදියට මරාදැමීම. හමුදා පාලනය ජනතාවගේ සාධාරණ ඉල්ලීම්
පවා නොසලකා හැරීම. ඒ වන විට රොමේරෝ පියතුමා අගරදගුරු තනතුරට පත් වෙලා. මරා දැමුණු
පියතුමන්ලා එතුමාගේ සමීපතම මිත්‍රයන්. ජනතාව විඳින පීඩාව අවබෝධ කරගත් රදගුරුවරයා
ජනතාව ඒකරාශී කරමින්, දැනුවත් කරමින්, ජනතාව සමඟ සිටිමින් හමුදා පාලනයට එරෙහිව අවිහිංසාවාදී
පිළිවෙතකට යොමු වෙනවා. එය පාලක පන්තියට කොතරම් තර්ජනයක් වුයේද යත් 1980 මාර්තු මස 24
වැනි දා රොමේරෝ රදගුරුතුමා දිව්‍ය පූජාව පවත්වමින් සිටියදී වෙඩි තබා ඝාතනය
කෙරෙනවා.
චිත්‍රපටය තුළ
අතිශය සංවේදී විදියට දිග හැරෙන්නෙ මේ සත්‍ය කතාව. ඒ වෙඩි උණ්ඩයත් එක්ක අපේ හදගැස්ම
පවා නතර වෙලා ඇස් තෙත් වෙනවා.
රොමේරෝ
රදගුරුතුමාගේ විප්ලවීය ජීවිත මෙහෙවර අගය කරන්නට කතෝලික සභාව ඉදිරිපත් වෙන්නේ නැහැ.
ලතින් ඇමරිකාව තුළ ඒ වෙනුවෙන් විශාල හඬක් නැගුණා. නමුත් සභාව අනුගමනය කළේ නිහඬ පිළිවෙතක්. එල්සැල්වදෝරයේ වැසියන්ට නම් ඝාතනය කළ අවස්ථාවේ සිට ම එතුමා සාන්තුවරයෙක්. පීඩිත
ජනතාව එතුමන් අමතක කළේ නැහැ. තම දුක් පීඩාවන් එක්ක රොමේරෝ රදගුරුතුමා ඉන්න බව, තම
නිදහස වෙනුවෙන් මැදිහත් වන බව ඒ ජනතාව විශ්වාස කළා. මරණයට පවා බිඳ දැමීමට නොහැකි
වූ ප්‍රේමයේ බැඳීමක් ඒ...
රොමේරෝ
රදගුරුතුමා සාන්තුවරයට එසවීමේ ක්‍රියාදාමයට සභාවේ අවධානය යොමුවෙන්නෙ වර්තමාන ෆ්‍රැන්සිස්
පාප්තුමන්ගේ පත්වීමත් සමඟ.
‘‘යුක්තිය සහ
මිනිස්කමේ සමාජයක් වෙනුවෙන් ගෙන යන අරගලය කියන්නෙ මරණය හොයා ගෙන යන ගමනක් නෙවි. මරණය
අනිවාර්ය දෙයක් නෙවි. එය ලැබෙන දෙයක්. ප්‍රාණ පරිත්‍යාගී වීම සත්‍යය, සාධාරණත්වය,
නිදහස සොයා යන ගමනෙදි ලැබෙන දෙයක්.. යහපත් සමාජයක් අපේක්ෂා කරන බොහෝ විප්ලවවාදීන්ගේ
ජීවිත මරණයෙන් කෙළවර වෙන්නෙ මේ නිසා. ඒවා නිකම්ම මිනිස් ඝාතන නෙවෙයි. ඒ මරණයන්ට
ගැඹුරු අර්ථයක් තියෙනවා...
..... දුප්පතුන්ට
යමක් දීම, පීඩිතයින්ට පිහිට වීම ක්‍රිස්තියානිය නෙවෙයි. ඔවුන්ගේ නිදහස වෙනුවෙන් පීඩිතයන්
සමඟ සිට ගැනීමයි ක්‍රිස්තියානිය. එය කෙළවර වෙන්නෙ මරණයෙන් වුණත්.. ‘‘
ජේසු කුරුසියේ
ඇණ ගසා මරා දැමීමත්, රොමේරෝ රදගුරුතුමා වෙඩි තබා මරා දැමීමත් පිළිබඳ චිත්‍රපටයට
පෙර හැඳින්වීමේ දී ප්‍රේමන් සොයුරා දැක්වූ අදහස් ඒ....
චිත්‍රපටය
ගැනත්, ප්‍රේමයේ පරිත්‍යාගශීලීභාවය ගැනත් හිතමින් ඉන්න අතරෙයි ‘‘ක්‍රිස්තු දුක් ප්‍රාප්තිය
නව යුගයක ඇරඹුමයි‘‘ ලිපිය කියවන්නට ලැබුණෙ. එය ඕෂෝගේ දේශන ඇසුරින් ඉරුදින පුවත්පතේ
ඉරුසර අතිරේකයේ පළවන ලිපි පෙළක 2016.03.27 ඉරිදා ලිපිය... පරිවර්තනය ෂර්ලි චන්ද්‍රා
ප්‍රනාන්දු.
‘‘...........
ජේසු තුමා වටා මහ සෙනඟක් ගැවසුණත් පාවාදීමෙන් පසු එතුමා තනිවුණා. එතුමට ඒ දුෂ්කර
ගමන තනියම යන්න සිද්ද වුණා. ජේසු ජීවත්ව සිටි කාලයේදී ප්‍රාතිහාර්යය පෑමේ සුවිශේෂී
බලයක් පෙන්නුම් කළත් සාමාන්‍ය මනුෂ්‍යයකු විදියට මරණයට මුහුණ දුන්නා. දෙවියන්ගේ
කැමැත්තට හිස නැමුවා. එතුමන් සතු නිර්භීතකමත්, මුදු තෙත් ගතියත් කුරුස ගසේදී පවා
නැති වුණේ නැහැ.
ඔබ පවසනවා
ජේසු ගේ දුක් ප්‍රාප්තිය ගැන අහද්දි ඔබ බියෙන් හැකිලෙනවා කියලා. එය සාමාන්‍ය
මිනිස් ඝාතනයක් නෙවෙයි. එය ලෝක ඉතිහාසයේ ඉතාමත් අර්ථාන්විත හා වැදගත් සිදුවීමක්.
ඊට පෙර නොතිබූ අලුත් දැක්මක් මෙතුළින් ප්‍රකාශ වුණා. ක්‍රිස්තු දුක් ප්‍රාප්තිය
නිසා ලෝක ජනගහණයෙන් අඩකට වඩා නව මාවතකට ප්‍රවිෂ්ට වුණා..‘‘
විශේෂ ස්තුතිය ප්‍රේමන් අයියාට...
තරු,
ReplyDeleteමෙහි ඔහු මරදැමූ දිනය 1980 මාර්තු 24 දින ලෙස නිවැරදි ව්ය යුතුයි.
රන්ජිත්.
ස්තුතියි. නිවැරදි කළා..
Deleteලිපිය පළ කරලා නින්දට ගියාම මතක් වුණා අවුරුද්ද වැරදුණු බව.. ඒත් එවෙලෙ දොළහත් පහුවෙලා නිසා එහෙමම නිදාගත්තා උදේ නිවැරදි කරන්න හිතාගෙන...
හැමදාම වගේ ෆිල්ම් එක බලන්නම හිතෙන විදියට ලියලා ඉතින්.. ඔය වෙලාවට තමයි ඉරිසියා හිතෙන්නේ..
ReplyDeleteඅනේ මේ ඔයා බලන ෆිල්ම්.. කෝ කළින් ගත්ත ඒවා බැලුවද?
Deleteදැං ඉතිං හොයාගෙන බලන්න ඕන..
ReplyDeleteමේ දවස්වල වෙලාවක් කොහෙද?
බලන්න.. මීට වඩා වෙනස් සිනමාත්මක කියවීමක් ලියන්න ඔයාට හැකි වේවි..
Deleteටොරන්ට් පැත්තෙ එහෙම ඇති නේද???
ReplyDeleteදන්නෙ නැහැ රසික.. හොයා බලන්න..
Deleteකලිං එක බැලුවෙ නෑ තාම
ReplyDeleteඒ අව්වස්සෙ මෙන්න තව එකක් දාල.. ඒකෙ ටොරන්ට් සීඩ් තියෙන පිටපතක් හම්බුන්නෑ
තියෙන්නෙ පොඩි සීඩ්ස් ප්‍රමාණයක් ඉතිං තාම බානව.
පුහ් ඊරිසියයි කියන්නෙ බොක්කෙන්ම
ඔව් ඉදගෙන
ඇයි අඩේ
ඉරිසියා කරන්නෙ ඇයි අනේ... ඔයාලත් පටන්ගන්නකො ඔය පැත්තෙ සිනමා දැක්මක්.. මාසෙකට වතාවක් යාලුවො ටිකක් එකතු වෙලා චිත්‍රපටයක් බලන්න.. ඒ ගැන කතා කරන්න...
Deleteඅමතර විස්තර දැන් ඕන තරම් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුලුවනි..
හෙමින් හොයාගෙන බලන්නම්. මේක ඩවුන්ලෝඩ් කරන්න ලිංක් එකක් හම්බුනොත් දාන්නකො.
ReplyDeleteලස්සන චිත්‍රපටියක් බව පෙනෙනවා. බාගෙන හරි බලන්නම්.
ReplyDeleteයේසුස්වහන්සේගේ මරණය සිදු වුනේ අනුන් වෙනුවෙන්.තමන්ට ඒ මරණය තුලින් ගැලවෙන්න ඉඩ තිබුණත් දෙවියන්වහන්සේගේ කැමැත්තට ඉඩ දීලා හිටියා.සමහර විට පාලකයෝ තමන්ට අවනත නොවන අය,අයුක්තියට,අසාධාරණයට එරෙහි නිර්දෝෂී මිනිසුන් මරා දානවා.එදා පිලාත් කෙරුව ඒ වරද ,අද තවත් පාලකයෝත් කරනවා.
ReplyDeleteහොඳ චිත්‍රපටියක් වගේ.බලන්න ගොඩක් ලස්සන චිත්‍රපටි ලැයිස්තුවක් තියෙනවා.මේකත් ඒ ගොන්නට එකතු වේවි.ඉඩක් ලදොත් බලන්නම්කෝ තරු අක්කේ.
බලන්න හොඳ චිත්‍රපටයක් හොය හොය හිටියේ. ඒත් මේක නෙට් එකේ තවම හොයාගන්න බැරි වුනානේ.
ReplyDeleteමෙච්චර ෆිල්ම් බලන මට මේ චිත්‍රපටය මිස් වෙලානෙ. මේ දවස් වල නවාතැන් මාරු කරන නිසා අවිවේකී වුණත් කොහොම හරි බලන්න ඕනෑ. ස්තූතියි ලස්සන ලියවිල්ලට.
ReplyDelete