Tuesday, March 1, 2016
නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...
සරා සසර ගව් සිය දුර සපැමිණ
නුරා සුසර මල් හී සර විදිමින
දරා සුනෙර සදිසිව නෙක අණවින
අරා ගැඹර හද ඔබම ය සසොබන...
සසල හදකි මේ දැවුණ නිදැල්ලේ
උදුල සඳකි මළ දවස මුළුල්ලේ
පතළ කුළුණු ගුණ පිරුණු සෙවිල්ලේ
නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...
දුලා පුළුලු හද මැදුර කොයින්දා
බලා හිඳිමි මඟ එනු කොයිබින්දා
හෙලා ඇසග වැහි දුකඳුර සින්දා
පළා යම් කෙලෙස, නොහිම් පෙමින්දා...
...................
( තරුරසීට සුබ උපන්දිනයක්... මම තරුරසී වුණේ නම් බොහෝ කලින්.. මගේ තනියට තරුරසී බ්ලොග් අඩවිය ඉපදිලා අදට අවුරුදු හතරයි... )
Subscribe to:
Post Comments (Atom)
සසල හදකි මේ දැවුණ නිදැල්ලේ
ReplyDeleteඋදුල සඳකි මළ දවස මුළුල්ලේ
පතළ කුළුණු ගුණ පිරුණු සෙවිල්ලේ
නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ.
මේ කවියට නම් හොඳටම හිත ගියා
නිකමට ලියවුණ එකක්.. කාලෙකට කළින්..
Deleteසුබ පතපු කමෙන්ට් එක වැටිලා නෑ. තරු රසීට සුබ උපන්දිනයක්
Deleteතරු රසී බ්ලොගයට සුභ උපන්දිනයක්.....තරූ ඔබටත් සුභ පැතුම්....
ReplyDeleteස්තුතියි..
DeleteHAPPY BIRTHDAY තරු රසී...........!!!! <3
ReplyDeleteස්තුතියි...
Deleteසුබ උපන් දිනයක් තරු රසී! තවත් වසර ගනනක් බ්ලොග් කරනයේ යෙදෙන්න හැකි වේවා!
ReplyDeleteඒ එසේම වේවා...
Deleteතරුරසී අඩවියට චිරාත් කාලයක් වැජඹීමට ආසිරි
ReplyDeleteඑසේම වේවා.. ස්තුතියි.
DeleteHBD !!
ReplyDeleteදකින්නත් නැහැ දැන්...
Deleteසුබ උපන්දිනයක් තරුරසී...අද පොඩ්ඩිගේ ඇත්ත උපන් දිනේ. හරියට දැනුනේ මට සුබ පතනවා වගේ.
ReplyDeleteබ්ලොග් එක පටන් ගෙන තියෙන්නේ සුබ දවසක...ලු...:D
ඔව් ඇත්තටම මේ පළමුවෙනි උපන් දිනේ නේ නේද?
Deleteසුබ උපන්දිනයක් පොඩ්ඩි... ඔයාගෙ උපන්දිනය නම් ඔන්න අමතක වෙන එකක් නැහැ. අපි අඳුනගත්තෙත් තරුරසී නිසානෙ.. කැඩපත නිසා ඒ ඇඳුනුම්කම වැඩිදියුණු වුණා...
Deleteසෑහෙන කාලෙකින් අපේ පලාතෙ කැඩපත දැක්කේ නෑ..
Deleteසුබ පැතුම්...!!!
ReplyDelete"රෙසිකා" නැතුව ඔබේ නම "රසිකා" වුනා නම් තමයි මං වැඩියෙන් කැමති!
;-)
එහෙම වුණා නම් මාත් කැමතියි.. ඒත් දැන් ඉතින් මක්කා කරන්නද?
Deleteඑහෙම නම් තමයි "තරුරසී" කියන නම ටක්කෙටම හරියන්නේ, නැතිනම් "තරුරෙසී" නේද?
Deleteවස කැතයි.. ඒකනෙ මං කොම්බුව අහක් කළේ.. ඔයාටත් ඕන නැති ඒවමයි මතක් වෙන්නේ...
Deleteසුබ උපන්දිනයක් එහෙනම්..!!
ReplyDeleteකවි පෙළ හරි මිහිරියි.. මයෙ හිතේ තරු අක්කට වඩාත් ගැළපෙන්නෙ සඳැස් ආර ද කොහෙද..))
ටිකක් උත්සාහ කරල ලියපු කවියක්.. වෙනසක් කරන්න හිතුණා.
Deleteමේ වගේ වචන භාවිතා වෙන කවි දැන් ලියවෙන්නෙ වත් නැහැ නේද? සුභ උපන්දිනයක් තරු රසී ට...
ReplyDeleteස්තුතියි තිසර.. මුල් කාලෙ ඉඳන්ම ඔයා තරුරසී දිරිමත් කළ සොඳුරු සහෘදයෙක්..
Deleteතිසර කිව්වත් වගේ මේ වගේ ලයාන්විතව කවි පද අහන්නත් ආසයි දැං.
ReplyDeleteතරුරසීට අවුරුදු හතරයි.. මල් හතයි. සුභ පැතු්ම්
හරිම මටසිලිටි වචන!
ReplyDeleteසුබ උපන්දිනයක් තරුරසී බ්ලොගේට! :)
එලිසමය එලිවැට මාත්‍රා පිහිටුවා සඳැස් කවි ලියැවෙන්නේ දැන් ඉතාම කලාතුරකින්. ඒකට ප්‍රධාන ම හේතුව නව පරපුර භාෂා ශික්ෂනයක් ලබා ගැනීමට උත්සාහ නොකිරීම. භාෂාවක් තමන්ගේ පාලනයේ තියෙනවා නම් කලහැකි නිර්මාණවලට හොඳ නිදසුනක් තරූගේ මේ කවිය.
ReplyDeleteඅනිවාර්යයෙන්!
Deleteමටත් මෙහෙම ලියන්න බැරිකම ගැන මම ඉරිසියා කරනවද මන්ද
සුබ උපන් දිනයක් තරු රසී!
ReplyDeleteසුබ උපන්දිනයක්..
ReplyDeleteසුබ පැතුම් තරු අක්කේ.
ReplyDeleteකවිය නම් හරි ලස්සනයි.ඒ තාලෙට මම ගොඩක් කැමතියි.
සුභ උපන් දිනයක් තරුරසී.
ReplyDelete