අනවසර
කුඹල් ගෙය
සාලේ
හරි මැද ම
පොකුරු
වීදුරු පහනේ
පළිඟු මිණි වැලක
එල්ලීගෙන...
මුතු
දිලෙන දිස්නයේ
අමුතුවට
අඳුරු
රළු දුඹුරු පෑයට
අනවසර
කුඹල් ගෙය
සාලේ
හරි මැද ම...
එසවෙනා
කොසු මිට
රොස්
සිතින
සැණෙන්
විළිබරව
හැකිළීගෙන
මැටි
කුටිර කවුළුවෙන්
එබීගෙන
එබීගෙන
ළෙල
දෙන සිඟිති ඇස්
සිනා
අහුරක් අයදින
හිස්
කුසින් නැගෙන දෙස්
ඉවසන...
අම්ම,
අප්පා කොයිද
මඟ
බලන..
akke drama ekata tickets ada ethanin ganna puluwanda??
ReplyDeleteඔව් නංගි. එතනින් ගනන් පුලුවන්.. ඔයා 7 ටද එන්නෙ.
Deleteඕං අපි එදා නාට්‍ය බැලුවලු.. ඔයා පේන්න හිටියෙ නැහැ නොව... මං හතර අතේ ඇස්කරකවකවා බැලුවා.ගියේ තුනයි තිහේ ෂෝ එකට.. කාලෙකින් හිතට වදින නාට්‍ය ටිකක් බැලුවා.දැන්වුවාට ස්තූතියි ඒ ගැන..
Deleteමං ගියේ හතට නංගි.. ඇත්තටම හොඳ නාට්‍ය දැක්මක්.. අපේ මල්ලිලා නිසා කියනව හෙම නෙවෙයි හොඳද?
Deleteතොටලඟ සිහිකරවයි!
ReplyDeleteඒ දුටු දර්ශන තමයි මේ සිතුවිල්ල ඇති කළේ...
Deleteමේක කුඹල් ගේ ගැනම නෙවී නේද...
ReplyDeleteමං කීවෙ ඔව් කුඹල ඉන්නව තමා ඒත් මේක කුඹලගෙම කතාව නෙවි
මංද මට එහෙමත් හිතුන...
තොටළඟ
ReplyDeleteලස්සනයි අදහස අක්කේ.
ReplyDeleteකාගේ උනත් දුකේදී හිත උනුවීම උතුම් මනුස්ස ස්භාවයක්..
ReplyDeleteකතා දෙකක් - එක කවියකින්
ReplyDeleteහොරෙන් ලියා ගත් ඔප්පුත් නැති හින්දා
ReplyDeleteසැපට ඉන්න නිල නිවසුත් නැති හින්දා
යන්න,එන්න වෙන තැනකුත් නැති හින්දා
අනවසරයි කියා ගේ කැඩුවම හරිදැයි මන්දා...
මෙන්න කවි!!
ReplyDelete