පුරුෂ බලාධිකාරයටම යට වුණු දේශපාලන මඩ ගොහොරුවෙ ගැහැණුන්ට සුදු නෙළුම් වගේ පිපෙන්න ඉඩක් ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි. එහෙම අවස්ථා කාන්තාවට ලබා දෙන්න තරම් නිහතමානී දැනුවත් දේශපාලඥයො ඉන්නවද? සමාජයට බැහැල මිනිස්සු එක්ක පොදු යහපත වෙනුවෙන් වැඩ කරන්න සූදානම් කාන්තාවෙ ඉන්නවද? හිටියත් ඒ අයට ඉහ ගහගන්න පුලුවන් ක්‍රමයක් මේ දේශපාලු දේශපාලනය ඇතුළෙ තියෙනවද? ඒ ඔක්කොම හරි ගියත් කාන්තාවකට ඡන්දය දෙන්න සූදානම් ජනතාවක් ඉන්නවද?
අප හමුවේ තියෙන බරපතල ප්‍රශ්න මේ.... සමස්ත සමාජ ක්‍රමයේ යහපත් වෙනසකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා පනතකින් පමණක් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අමාරු වේවි. සතර දිගන්තය වියුණුවෙ ඒ ගැන තැබූ සටහනත් බලන්න.
මේ ගැන කාලෙකට කළින් ලියවුණු ලිපියක් මතක් වුණා, පළාත් පාලන ආයතනවල 25% කාන්තා නියෝජනය සම්බන්ධව පනතක් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්න ගිහින් සිද්ද වුණු අලකලංචිය නිසා.. මේ ලිපිය නම් ලියවුණේ මහ මැතිවරණයට කළින්. පෙම්බර ආකෘතිය මගේ අදහස් කියාපාන්න උදව් කරගත් තවත් අවස්ථාවක්.. කියවලාම බලන්නකො.
"යාම්තමට හතරවටින් අඳුරක් ගාටමින්
තිබුණා. විහාර මහාදේවිය සිසාරා ඉගිල්ලුණ හුළඟ වගේම තණබිස්සත් සීතල
අත්දහසකින් අපිව වැළඳගනිමින් උන්නා.. හිතට දැණුනෙ මහා නිදහසක්. ඇත්තටම
ඉස්සර මෙහෙම නිදහසක් තිබුණෙ නෑ විහාරමහාදේවි උද්‍යානයෙ. සෙල්ලමට වැටෙන
බබාලට ලැබුණු නිදහසවත්, පෙම් කරන කොලු කෙල්ලන්ට තිබුණෙ නෑ... ශෘංගාර
රසවින්දනය දෑහින් කොල්ලකන්න තිබුණු ස්වභාවික ආශාව හින්ද ප්‍රේමවන්තයින්ට
ලැබුණු නිදහසවත් වල්පල් දෙඩවිල්ලක් වෙනුවෙන් හරි එක් වෙන කණ්ඩායමකට තිබුණෙ
නෑ.....
දෙතුන් දෙනෙක් එකතු වෙන හැම විටම කාකි
උකුසු ඇස් අපි වටකර ගෙන හිටියා. තාප්ප නැති නිදහස් ලස්සන කොළඹක් හැදුණට අපේ
ජීවිත වටේට කටුකම්බි හත්පොටක් පැටලුණු තාප්ප ගොඩනඟල තිබුණා. මතුපිටින්
උජාරුවට බැබලුණ ලස්සන කොළඹ කුට්ටිගල් යටින් ගන්දස්සාර කුණු කාණු පුරුදු
විදියටම ඉතිරිලා පිටාර ගලන්න මඟ බලමින් උන්නා. අපේම හෙවණැල්ලට පවා බය හිතෙන
තරමට, අපි අපිම දිහා සැකෙන් බයෙන් බලන තරමටම රෙජීමයේ උකුසු ඇස් අප්‍රසන්න
විදියට අපි දිහාටම යොමු වෙලා තිබුණා...
දැන් යාම්තම් ඒ කරදරයෙන් නිදහස් කියල හිතෙනවා. අඩුම තරමෙ නිල් උකුසු ඇස් වෙනුවට කොල උකුසු ඇස් මතුවෙන තුරුවත් ( එසේ නොවේවා..) සැනසුමෙන් හුස්ම ගන්න හැකි වටපිටාවක් තියෙනවා.. ඒත් රාජපක්ෂ ගෙදර යැව්වට ඒ ක්‍රමය ගෙදර යවන්න තාමත් අපිට බැරි වෙලා.... (ඔන්න කතාව වෙන පැත්තකට ගියානෙ...)
............
පෙම්බරා උන්නෙ මහා කතාවක පැටලිලා. ලංකාවෙ දේශපාලනයේ ස්ත්‍රී භුමිකාව තමයි මාතෘකාව. මටත් ඒ ගැන තිබුණ උනන්දුවක් ටිකක් විතර... ඒ හින්දම අහන් උන්නා හුඟාක්........ උවමනාවෙන්... මං උන්නෙ ටිකක් ඈතින්.. ඒ වගේ වැදගත් කතාබස් අස්සෙ, මිත්‍ර සන්ධානයන් අස්සෙ ටිකක් ඈතින් ඉඳන් එයා දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක් වෙලා.. ‘‘අයිතිකාරයා වගේ ළඟින්ම ඉන්න හදන්න එපා හැම වෙලාවෙම. නිදහස් වෙන්න. ඔයත් නිදහස් වෙන්න.. මාවත් නිදහස් කරන්න...‘‘ එහෙම නිහඬ තර්ජනයක් තිබුණා මුල් දවස්වල.. මමත් ඒකට පුරුදු වුණා... අයිතිය ගැන සැකයක් නොතිබුණ නිසාම නෙවෙයි අයිති කරගන්න තණ්හාවක් නොතිබුණ නිසා.
ඒත් අයිතිකාරය නෙවෙයි වගේ ඈතින් ඉද්දි ඉඳහිට හෙලන බැල්මක මහා ආදරයක් දැවටිලා තියෙන බව දැණුනා. ‘‘රෑ වුණා වැඩියි වගේ.. මං එන්න පරක්කු වෙයි.. පරිස්සමට යන්න‘‘ කියල, බස් එකට නග්ගන වෙලාවට හෙම තණ්හාවක් නොදැනුනාම නෙවි... ( මාත් හරිම මෝඩයි... ඉතාම වැදගත් සජීවි සංවාදයක් අස්සෙ කමකට නැති හෘද සංවාදවල පැටලෙනවා....)
‘‘පාර්ලිමේන්තුවේ 25% ක කාන්තා නියෝජනයක් ඉල්ලුවට.. කවුද අපි පාර්ලිමේන්තු යවන කාන්තාවො, ඒ ගැන සක්‍රීය සංවාදයක් තියෙනවද සමාජයෙ... රූපය හරි ජනප්‍රියත්වය හරි නෙවෙයි ගැහැනු දේශපාලනයට කැන්දන සාධක වෙන්න ඕන................
.... සමාජය වෙනස් කරන්න ගැහැනුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. ආදරවන්ත මැදිහත්වීමක් ඇතුළෙ.. දැනුවත් බුද්ධිමත් දේශපාලනික මැදිහත්වීමක් ඇතුළේ... ඒත් කරුමෙට අපේ රටේ පාර්ලිමේන්තු යවන්න බලන සුදුසුකම් ඒව නෙමෙයිනෙ............
....... කාන්තාව ඒ තැනට ගොඩනඟන්න වමේ ව්‍යාපාර වුණත් මෙතෙක් සැලකිය යුතු දායකත්වයක් දුන් බවක් පේන්නෙ නෑ.. එහෙම වුණා නම් වමෙන් මීට වඩා කාන්තා නියෝජනයක් බිහිවෙන්න තිබුණා......‘‘
අන්න එහෙම සංවාදය දිගින් දිගටම ඇදුණා.. ලාංකීය දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය ගැන වෙනම පර්යේෂණයක් කරන්න ඕන.. මට හිතුණා.. ඡන්දෙ ඉල්ලන්න නම් මගේ අදහසක් නෑ. ඒත් ගැහැනු අපිටත් දේශපාලනය ඇතුළෙ සක්‍රීයව කටයුතු කිරීමේ හැකියාව, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, ගැහැනුකම වෙන්දේසි නොවන සමාජයක නිදහස්ව හැසිරීමේ වටපිටාව තියෙන්න ඕන මට හිතුණා....
දැනට තියෙන දේශපාලන අවකාශය නිළියන්ගෙන්, රූප සුන්දරියන්ගෙන් මුදවගෙන මහපොළවෙ පයගහල ජීවත්වෙන ධෛර්යවන්ත ගැහැනු අතට ගන්න විප්ලවයක් කරන්න වෙනවා... පෙම්බරා වගේ පිරිමි උන්න නම් හැමතැනම ටිකක් හරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුණා ඒ ගැන.... ඒත් ඉතින් මේ සිරි ලංකාවනෙ...

ලංකාව ඇතුලේ දේශපාලනය කරන බහුතර කාන්තාවන් පොළොවෙ පය ගැසිම තබා පොළොව තියෙන්නේ කොහෙදවත්ද කියා නොදන්නා පිරිස්,නමුත් පසුගිය මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් නියමාකාර කාන්තා නියොජනය ඉදිරිපත්,එහෙත් ලංකාවේ කාන්තාවක්වත් තවත් කාන්තාවකට මානපයක් ප්‍රකාශ කරන්න දක්වන්නේ පුදුම අකමැත්තක්,
ReplyDelete‘‘ලංකාවේ කාන්තාවක්වත් තවත් කාන්තාවකට මානපයක් ප්‍රකාශ කරන්න දක්වන්නේ පුදුම අකමැත්තක්,‘‘ මේ කතාව බොහෝ දුරට හරි. දේශපාලනිකව ලංකාවෙ බහුතර කාන්තාව දැනුවත් නැති එකයි මේකට හේතුව මට හිතෙන්නෙ. ඒ දැනුම අවබෝධය බිම් මට්ටමට අරන් යන්න ඕන. එතකොට ස්ත්‍රි දූෂකයන්ට, කුඩුකාරයින්ට, මහජන දේපළ කොල්ලකන අයට ඡන්දෙ දෙන එක ගැන කාන්තාව දෙවරක් හිතාවි..
Deleteපහුගිය ටිකේ දේශපාලන කතා ඇහුවනම් මේ පෙම්බරා කවුද කියල හොයා ගන්නත් තිබ්බ.. හැක හැක හැක..
ReplyDeleteඅන්න අවසථාවක් තියෙනවා.. ජන හද හඳුනන.. ජනතාවගේ හද ගැස්ම අකුරු කරන.. පොළොවේ පය ගහල (පය කියුවට සෙරෙප්පුව) ඉන්න තරුරසී නෝනට ජනතා සේවයට එන්න.. මේ විහිලු නෙවේ.. ඉල්ලමුද ඊළඟ පාර? 25% ට කියන්නේ අනිවා චාන්ස් එකක් ගත හැකි.
මේ... මගෙ පෙම්බරා කවුද කියල හොයන්න මහන්සි වෙනවට වඩා නරකද, පාර්ලිමේන්තු යවන්න හොඳ ශක්තිමත් කාන්තාවො ටිකක් හෙව්ව නම්.
Deleteසිරාවටම මටත් ඕක හිතුන අප්පා. තරූ අක්ක මොකද කියන්නෙ? අපි එන්නම් කැන්වසින් යන්න.
Deleteමේ නිදහස්, සාමකාමී ජීවිතේට මං කොයි තරම් ආදරේද කියල ඔයාල දෙන්නම දන්නෙ නෑ වගේ අප්පා..
Deleteඅර අසහාය කාන්තා නියෝජිතවරිය පවිත්‍රා වන්නිආරච්චි වගේ 25% හිටියොත් කොහොමට හිටීද?
ReplyDeleteදැනට දේශපාලන අවකාශයෙ කාන්තාව නියෝජනය වෙන්නෙම ඔය වගේ තේරුමක් නැති අයගෙන්නෙ. මේ තත්වය වෙනස් වෙන්න ඕනි. වෙනස් කරන්න ඕනි. ඒක තමයි අභියෝගය මල්ලි.
Deleteස්තූතියි, ඔබ මගේ වයස දන්නවනම් මල්ලි කීම කෙසේ වෙතත් සීය කියන්න බැරි නෑ lol
Deleteආ.. ඉයන් මල්ලි.. කොහොමද?
Deleteආ.. ඉයන් මල්ලි.. කොහොමද? x 2
Deleteපුරුද්දට මල්ලි කියවුණා. ඇත්තටම නම් ඉවාන් ට කියන පුරුද්දට... ටැපලුණා. සමාවෙන්න ඕනෑ..
Deleteලංකාවෙ මාධ්‍ය සංස්කෘතියත් එක්ක ගෑණු ළමයින් ව තරුණ කාලෙ ඉඳල හැඩ ගස්සවන්නෙ මහ පුදුම විකාරරූපී ආකෘතියකට.ඒකත් එක්ක ලංකාවේ ඉන්දිරා ගාන්ධිලා, මාග්‍රට් තැචර්ලා බිහි කරන එක තරමක් අසීරු කාරණයක්.
ReplyDeleteඑකම ෆැක්ටරියකින්, එකම අච්චුවකට දාලා එවන බෝනික්කො වගේ කියලත් හිතෙනවා.. ඒ අතර අභියෝගාත්මක චරිතත් නැතුව නෙවි..
Deleteඔය පෙම්බරා නම් හොඳ කෙනෙක් වගේ . නමුත් ඔය ඔහොම දේශනා කරන ගොඩක් අයම ගෙවල් වල හැසිරෙන්නේ වෙන විධිහකට නේද? මම හුඟක් දැකල තියෙන දෙයක් තමයි ඒක. ගෙදරින් පටන් ගන්න ඉස්සෙල්ල.
ReplyDeleteමේ වගේ පෙම්බරුවො ඇත්තටමත් ඇති. නොදනිමි. හැබැයි උන්නත් එයාලව කුටුම්භයක සිරගත නොකර නිදහස්ව තියන එක තමයි හොඳ...
Deleteඅපේ රටේ තියෙන තව ඛේදවාචකයක් තමයි ස්ත්‍රීන් දේශපාලනය කෙරේ දක්වන අලස බව.ජන්දේ දවසට ජන්දේ දාන එක ඇරෙන්න දේශපාලනය ගැන කතා කරන ස්ත්‍රීන් ඉන්නේ කොයි තරම් සුළු පිරිසක්ද ?
ReplyDelete//අප රටේ කාන්තාවන්ට දේශපාලන නායකත්වය ලබා ගැනීමට නම් ඔවුන්ට දිවංගත ස්වාමි පුරුෂයන් දිවංගත පියවරුන් සහෝදරවරුන් ආදීන් සිටිය යුතුය.//
ඒ කොටස සතර දිගන්තයෙන් උපුටා ගත්තේ.ඒ කතාවේ සැහෙන්න ඇත්තක් තියෙනවානේ.
ඒ නිසාම තමයි කාන්තාව දැනුවත් කිරීම හරි වැදගත් වෙන්නෙ. නැත්නම් ඉතින් ඡන්දෙ දාට ගිහින්, පෞද්ගලික වාසිය, බාහිර පෙනුම නැත්නම් වාචාල කට ඔය මොනවා හරි දෙයක් නිසා කතිරෙ ගහල එනවනේ..
Deleteරනිල් ලොක්කනං ගෑණුන්ට නියෝජනේ දෙන්න සෑහෙන්න මහන්සි වෙනවා
ReplyDeleteවැඩේ නම් හොඳයි. ඒත් ඉතින් ඔතන්ට එන්න තරම් දැනුවත්, මහපොළවෙ පය ගහල ඉන්න කාන්තාවො ඉන්නවද කියල නම් සැකයි. හිටියත් දේශපාලන මඩ ගොහොරුවට පනින්න කැමති වේද?
Deleteදැන් ඉන්න කාන්තාවක් කීයෙන් කී දෙනාද ඉදිරිපත් වෙන්නේ.. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා හඩක් නගන්න ඒක තමයි බරබතලම ප්‍රශ්නේ.. ලංකාවේ පිරිමි අයටත් වඩා කාන්තා ප්‍රතිශතය වැඩි එකේ.. කාන්තාවනුත් හඩක් නගලා බලන්න.පිරිමි අය තමන්ට අයිතිවාසිකම් දෙනකම් බලා ඉදීම මෝඩ කමක් කියලා මං හිතන්නේ...
ReplyDeleteකාන්තාවන් හඩක් නැගුවොත් ඒ හඩ යටපත් කරන්න පිරිමි අයට බැරි වේවි.
මට නම් ලොකුම ප්‍රශ්ණෙ පෙම්බරා කවුද කියලා..........???/
ReplyDelete