සේයා - ලාල් ලක්ෂ්මන් |
ගිනි ඉහෙන කාෂ්ටකයේ, නිල ඇවිලෙන අහසේ සුදුමැලි ලපයක්ව ලැගුම්ගෙන ඉවසිලි සහගතව කල් මරන සඳවත ය. කෙමෙන් කෙමෙන් අඳුර මෝදු වෙයි. සඳ සුදුමැලි සළු උනාලයි. බැසයන සූර්යයාගේ ගිනියම උකහාගන්නා එ සඳවත, ඒ ගින්නෙන්ම ඇවිලෙන්නාක් වැන්න.
අම්බෙයිකුලම දිය රැළි සරැළි පිස හමන වේදනාබර සුළඟේ හැපෙමින් වුව, අපි කලබල නගරයේ අපිළිවෙලත් කුණු කාණුවල දුර්ගන්ධයත් අමතක කරන්නට වෙර දරමින් සිටිමු. සියලු දුක්ඛ දෝමනස්සයන් හදවතින්ම දරාගත් දැවි දැවී දැල්වෙන, මැරි මැරී උපදින සඳ යායුතු මාවත පෙන්වයි.
ඒ වව්නියාව ය. නවම් පොහොයට පෙර දින ය. රෑ අහර, සයිවර් ය. මසාල තෝස, උළුඳු වඩ, ඉඟුරු තේ සමඟ මුසුවුණු අප්‍රමාණ ළෙංගතුකමින් කුසත් හිතත් පිරී යයි. තිස් වසරක යුද්දයට පවා පොලොවට සමතලා කර දමන්නට බැරිවුණු ‘මනුස්සකම‘ දෑස අබියස දිග හැරෙමින් ඇත.
උදෑසන...................
ගමනාන්තය, කොහෙදෝ නොදන්නා ඉසව්වකි. හිමිදිරිය ඉක්ම යන්නට පෙර කුටියෙන් පිටතට පිවිසෙමි. විසල් දේවස්ථාන කුළුණේ කුරුසියට නුදුරින්ම අහසේ තවමත් පහන් තරුව ය. හුදකලා තාරුකාව, ‘ඉර මඟ එන බව‘ මුමුණන්නාක් බඳුව එකළාව දිලෙමින් පවතී. නිස්කලංක හැඟුමින් පිරී යන සිත අලුත් හුස්මකට ඉව අල්ලන බව දැනේ.
ජීවිතය, නැවතිල්ලේ විඳින්නට ඉස්පාසුවක් නැති නගරය, අවදිවෙමින් තිබේ.
උදා අරුණලු සමඟින්ම අපි වව්නියාවෙන් නික්මෙමු. මහනුවර සිට යාපනය බලා දිවෙන ඒ නයින් පාර ය. පසුවන්නේ ඕමන්තය යි. මාන්කුලම් හන්දියෙන් වමට ය. මල්ලාවි පසුකර වෙල්ලාන්කුලම් හන්දියෙන් යාපනය මාවතට පිවිසෙමු. උතුරු වසන්තයේ හමා ආ සංවර්ධනයේ අංශුමාත්‍ර දැක්මක් හෝ ඇත්තේ නැවුම් තාර ඇතිරිල්ලෙන් වැසී ගත් මං මාවත්වල ය. එය ද ප්‍රධාන මාර්ග පමණි. ඇතුළ් ගම්මානවල තත්වය කාෂ්ටක ය. දුෂ්කර ය. අප ඒ බව අත්දැක ඇත්තෙමු.
සංවර්ධනයෙන් බිඳක් හෝ තම ජීවන අරගලයට වාරුවක් කරගන්නට දරන ප්‍රයත්නය ඒ නයින් මඟ දිගට හමුවේ. වී වේලන්නට කාපට් මාවත ආශිර්වාදයක් වී ඇත්තේ මත්තලට පමණක් ම නොවේ. රියදුරන් පවා ඒ වී වේලිල්ලට හුරු පුරුදුව ඇත්තාක් මෙනි. දීර්ඝව අතුරාලන වී පලස් මඟ හැර යන්නට තරම් සංයමයක්, මනුස්සකමක් රියදුරන් කෙරෙහි ඇත.
‘‘පාර මිනිස්සුන්ට හරි ප්‍රයෝජනයි. වී වේලල, ඔහොමම හවස් වෙද්දි ලොරිවලට විකුණනවා.‘‘ පැහැදිලි කිරීම අපට මඟ පෙන්වන ටෙරන්ස් පියතුමාගෙනි. (සවස ආපසු ගමනේ දී දෑසින්ම ඒ බැව් දකින්නට ද අපට හැකි විය.)
පාර දෙපස එක යාය ට රන්වනට පැසී දිලෙන කෙත් වතු ය. තවත් තැනෙක ගොයම් කපා අස්වනු රැස් කරගත් බව හඟවන ඉපනැල්ල ය. විටෙක ඉමක් නොපෙනෙන කැලෑව ය. බිඳෙන් බිඳ හිරුට දිය උරාගන්නට ඉඩ දී හැකිලී යමින් පවතින වැව්, දිය කඩිති ය. හිරු උදාවත්ම භුමියෙහි කාෂ්ටක බව වැඩි වැඩියෙන් දැනෙන්නට වෙයි. තුන්කාන්සෙන් දාඩිය හලාගෙන බයිසිකල් පැද යන ළමා ළපටින් ය; තරුණ තරුණියන් ය; වැඩිහිටියන් ය. මාර්ග දියුණු වීමත් සමඟ ඉගිල්ලී යන බස් රථ, ටිපර් රථ, වාහනවලට යට වී තැලී පොඩි වී සුන්බුන් වන පා පැදි උතුරුකරේ බහුල බව අසන්නට ලැබිණි. පාරාදීසය පහළ වුව ද දුප්පතාගේ දුක තවත් වැඩි වනු මිස සරණක් නොලැබෙනු ඇත්ද?
ඒ නයින් මඟ දෙපස කළඑළි ගැන් වූ කෝවිල් ය. සුවිසල් දෙව් මැදුරු ය. අඩුවක් නැතිවම හමුදා කඳවුරු ය. කඳවුරු බිමට අයත් බවට කටු කම්බි පොටින් ලකුණු තැබූ භූමි වපසරි, මාවත දෙපස දිගින් දිගටම පෙනේ. ඒ අතරින් පතර දලුලමින් වැඩෙන බෝ පැල ය. බෝපැල මැදිකරගෙන ඉදිවෙමින් පවතින පන්සල් ය.

හමුදාව විසින් ඉදිකෙරුණු, සොල්දාදු සත්කාර විඳින්නට ඉඩහසර ලබා දෙන අවන් හල් ය. දියුණුවක පෙර ලකුණු දක්වන කඩපිල් ය. ෂෙල්, බෝම්බ, උණ්ඩ පහරින් කැඩුණු බිඳුණු නිවාස, පැල්පත්, තහඩු මඩු අතර ඉදිවෙමින් පවතින නව නිවහන් ය. අසීරු නමුත් ධෛර්ය සම්පන්න ජීවිතය දලුලමින් පවතී. මඟ දෙපස වන්නේ එවන් ලකුණු ය. ඒත් ඒ ජීවිතය ඇත්තෙන්ම කෙබඳුදැයි, දෑසින් මිස නැවතිල්ලේ විමසා බලන්නට තරම් ඉඩක් නැත. කාලය හරස් ව ඇති බැවිනි.
සේයා - ලාල් ලක්ෂ්මන් |
පළමු නැවතුම...
එක් නැවතුමක ජීවිතය බෙදා හදාගනු පිණිස වන මඳ විරාමයකි. ‘මුලංකාවිල් දෙව් මැදුර‘ ය. දෙව් මැදුරු බිමේ ‘කුඩා පොල් අතු මැදුරු‘ කිහිපයකි. ඒ වනාහී දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන පන්ති කාමර බව පැහැදිලි ය. පසෙක වන්නේ ළදරු පාසල යි.
දෙව්මැදුර පිටුපස අවතැන් කඳවුරක දක්නට ලැබෙන කුඩා තහඩු නිවාස දෙකකි. නිල ලැගුම් ගෙය අත්හැරි ආනන්ද කුමාර් පියතුමා තම නිවස්නය කොට ගෙන ඇත්තේ ඒ කුඩා තහඩු නිවසයි. ‘‘Father of Nature’’. කුමාර් පියතුමන්ව එබඳු හෘදයාංගම ‘නාමකරණයක’ රඳවන්නේ, අපට හමුවන තවත් තරුණ පියතුමෙකි. විවාදයක් නැත. සැබවින්ම ඒ ‘‘සොබාදහමේ පීතෘවරයෙකි’’. වේට්ටියක් සහ කමිසයකින් සැරසුණු ඔහු අප හමුවට පැමිණ සිටින්නේ නිදහස් නිරුවත් දෙපතුළිනි. විසල් පලුගසක සෙවණේ අපි දැන හඳුනා ගනිමු. කතා බස්, ආගිය තොරතුරු ගැන ය.

පියතුමා විසින් අමුත්තන් පිළිගැනෙන කුටිය ද, පුස්තකාලය අවකාශයද, සාලය ද ලෙස භාවිත කෙරෙන තහඩු කුටියට පිවිසෙන්නට ඇරයුමකි. බුදු දහම, හින්දු දහම, ඉස්ලාම් දහම, කිතු දහම එකලෙස ම ගරු බුහුමන් ලබන බවට සලකුණු කුටිය පුරාම ය. හැම දහමකම හරය පිරිපුන් මනුස්සකම වෙත අප ඔසවා තබන බව වටහා ගත නොහැකි සමාජයකට කුමන දහමකින් වුව පලක් වෙද? නමුත් සොබාදහම සමඟ ඒකාත්මිකව දිවි ගෙවන පියතුමා තුළ නම් සැම දහමකම උතුම් බව තහවුරුව ඇති වග අතිශයින් පැහැදිලි ය.
කුඩා තහඩු කුටියෙහි වරිච්චි බිත්ති සැරසී ඇත්තේ යුද්ධය අතරතුර ජීවිත පරිත්‍යාග කළ දෙමළ පියතුමන්ලා ගේ සේයා රූ වලිනි. දුෂ්කරම අතීතයක පීඩිත ජනතාව අත් නොහැරි ධෛර්යසම්පන්න මිනිසුන්ගේ ජීවිත පරිත්‍යාගයන්හි මහා ප්‍රේම පාරමිතාව ඒ සෑම සේයා රුවක් සමඟම බැඳී පවතී.
සේයා - ලාල් ලක්ෂ්මන් |
1985 වසරේ ‘‘තරුණ අය ගැන කල්පනාවෙන් ඉන්න.‘‘ කියමින් එක් අතෙක බයිබලය ද, අනික් අතෙහි කොන්තයද ගෙන අතුරුදහන් වූ මේරි බැස්ටියන් පියතුමා ගේ සේයා රුව ය. එතුමන් ඝාතනය කළ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අංශ වෙත ය. කාලයේ වැලි තලාවෙන් වසා දැමූවද යුක්තිය ඉටුනොවූ තවත එක් අයුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයකි.
යාපනයේ අල්ලෙයිපිඩි පිලිප්නේරි දේවස්ථානයේ සේවය කරමින් සිටියදී 2006 අගෝස්තු 20 වන දින අතුරුදහන් වූ ජිම් බ්‍රවුන් පියතුමාගේ අධිෂ්ඨානපූර්වක බැල්ම තවත් සේයා රුවක ඇඳී ඇත. යුද්ධයේ බියකරුම දිනවල අල්ලෙයිපිඩි ප්‍රදේශයේ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම හේතුවෙන් පියතුමා සහ නාවික හමුදාව අතර විරසකයක් පැවති බව ද, එතුමාට නාවික හමුදා නිලධාරියකු තර්ජනය කළ බව ද, පියතුමාව අවසන් වරට දැක ඇත්තේ නාවික හමුදා මුරපොල අසලදී බව ද ප්‍රකට කතාවකි. නමුත් අදටත් සිදු වූයේ කුමක්ද කිසිවෙක් නොදනිති. පරීක්ෂණ නැත.
2009 මැයි මස යුද්ධය අවසානයේදී හමුදාවට භාර වූ ජනතාව අතර සිටි ෆ‍්‍රැන්සිස් ජෝසප් පියතුමාටද සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී. ඒ වෙනුවෙන් අධීකරණයේ නඩුවක් පවරා ඇතත් තවමත් තීන්දුවක් නැත.
පියතුමන්ලාගේ ඉරණම එබඳු නම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතා ද? බොහෝ ජනමාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයන්, සාමාන්‍ය වැසියන් යුද්ධය අතරතුරත්, ඉන් පසුවත් අතුරුදහන් වූ බව, මරා දැමුණු බව නොදන්නේ කවුරුන්ද? ඔවුන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුවිය යුතු ය. ඒ ජාත්‍යන්තරය සැනසීමේ අදහසින් හෝ ඡන්ද මංකොල්ල කෑමේ අරමුණින් නොව මනුෂ්‍යත්වයේ නාමයෙනි. මේ බිම ඉපදුණු කාටත් ජාති, ආගම් භේදවලින් තොරව නිරුපද්‍රිතව නිදහස්ව දිවි ගෙවීමේ අයිතිය ඇති බවට අනාගත පරපුරට ලබා දෙන නිශ්චිත සහතිකයක් ලෙසිනි.
‘‘අපිට හුරු පුරුදු නැති ෆාද කෙනෙක්? ’’ මේරි බැස්ටියන්, ජිම් බ්‍රවුන්, ෆ්‍රැන්සිස් ජෝෂප්, කරුණාරත්නම් ආදී වූ පියතුම් සේයා රූ අතර ජීවිත කතාව හමුනොවූ මේ ‘පිය චරිතය’ කවුද? අපි අතර සිටින සොහොයුරෙක් විමසයි. ඔහුගේ සාවධානය අගය කටයුතු වේ. එය අපට අලුත් ඉතිහාසයක තතු කියයි.
‘‘ඒ ජෝන් ලොරාට් ෆාද. චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ යුද්දය ඇවිළෙද්දි අවතැන් වුණු මිනිස්සු එක්ක පලෙයි ඉඳල යාපනේ ගිය ගමනට ඒ ෆාද සම්බන්ධ වුණා. මං එතකොට සහෝදරතුමෙක්. බිෂොප් එක්ක මම නැවතුණා. අපට යන්න විදියක් තිබුණෙ නැහැ. යන්න එන්න බැරි වයසක අය අනූවක් විතර රැක බලාගන්න සිද්දඋණා. ලොරාට් පියතුමා වතුර විස වෙලා වමනෙ ගිහින්ම අනාථ කඳවුරකදි මැරිල තිබුණා. මම බේරුණෙ අර වයසක මනුස්සයො එක්ක මට රැඳෙන්න සිද්දවුණ නිසා. ඔය කතාව මතක් කරන බිෂොප් නිතරම මට මෙහෙම කියනවා.
‘‘You are still alive. You should be a ringing bell throughout that entire life. ’’
ඔවුන් පවසන්නේ මෙය යි. ‘‘ඔබ තවමත් ජීවතුන් අතර. ඔබ ඒ සීනුව ඔය ජීවිතේ පුරාවටම නාද කරමින් සිටිය යුතුයි.’’ ජීවිතේ පුරා ම සීනුව අවදි කරමින් සිටිය යුතු වක්‍රෝත්තිය ‘මතකය අවදි කරමින්, පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නඟමින් සිටිය යුතු’ වීම ය. ආනන්ද කුමාර් පියතුමාට කිසිවක් අමතක නැත. ඔහුට ඇත්තේ තවමත් පණ ගැහෙන මතකයකි. පියතුමා මෙසේ සිය ප්‍රාණ පරිත්‍යාගී මිත්‍රයා මෙනෙහි කරයි.
‘‘ලොරාට් ෆාදව මරල දැම්ම නෙවෙයි. වතුර විසවෙලයි මැරුණෙ. ඒ නිසයි ඒ ගැන වැඩිය නොකියවෙන්නෙ. ඒත් පැහැදිලිවම ඒ මරණෙත් ප්‍රාණ පරිත්‍යාගයක් තමයි.’’
දීර්ඝ කතාව අවසානයේ නැඟෙන දීර්ඝ සුසුම් වැලකින් පුංචි කුටිය පවා සැලී යයි. ජීවිතය පුදුමාකාර ය. අත්හරින්නට හෝ අල්ලාගන්නට සිදුවන්නේ කුමන අවස්ථාවකදී ද? කුමක් උදෙසා ද? පූර්ව නිශ්චයන් ජීවිතය අබියස පරාජිත ය. කුමක් වුව ජීවිතයෙන් පළායන්නට නොව සැබෑ මිනිසුන් ලෙස ජීවත් වන්නට මහා ධෛර්යයක් අවැසි බව නම් නිසැක ය.
සේයා - ලාල් ලක්ෂ්මන් |
මුලංකාවිල් ප්‍රදේශය ද යුද්ධයේ නීරස වධගාවිනාවන්ට කාලයක් තිස්සේ නිරාවරණය වූ ප්‍රදේශයකි. අප්‍රමාණ දුක්ඛ වේදනාවන්ගෙන් පිරි ජීවිත කතන්දර හැම ගෙමිදුලක් ගානේම වන බවට සැකයක් නැත.
‘‘අපි ඉතුරු වුණා. දැන් ඉතින් මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා. ’’
තරුණ වැන්දඹුවන්, තරුණ තරුණියන්, වයස්ගත මව්පියන් සමඟ කතා බහ කරන විට බොහෝ දෙනෙකු තුළින් මතුවන්නේ එවැනි අදහසක් බව ආනන්ද කුමාර් පියතුමා පවස යි.
1992 වසරේ ඉරණතිව් දූපතේ සිට ජීවිතය සොයා පළා ආ දමිළ පවුල් 175 ක් දැන් පවුල් 300 ක් බවට වැඩෙමින් ඉරණමාදා නගර් නම් තාවකාලික ගම් පියසක තවමත් දිවි ගෙවනුයේ තම උපන් බිමට යාමේ ප්‍රාර්ථනාවන් එලෙසම සිත් තුළ රඳවා ගනිමිනි. නාවික හමුදාව භාරයේ පවතින ඒ දූපත අවට අවසර ගෙන ධීවර කටයුතු කිරීමේ අවස්ථාව උදා වී ඇත ද තවමත් තම ගම්බිම් වෙත යාමේ අවසරය ඔවුනට හිමි වී නැති බව පවසන විට සිය බැටළු රැළ කෙරෙහි සැබවින්ම කණස්සලු වන්නාවූ සැබෑ එඩේර පිය ලකුණු ආනන්ද පියතුමාගේ වතෙහි ද සලකුණු වේ.
‘‘දරුවන්ට හරි, ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු දෙන්න ඕන. ධෛර්යය දෙන්න ඕන. ඒක අපි කළ යුතුම දෙයක්. ඕනම වෙලාවක එන්න. මෙහෙ නැවතිලා මිනිස්සු එක්ක වැඩ කරන්න. අර මිෂන් හවුස් එකම නිකම් වහල දාලා තියෙන්නෙ.. ’’ඒ ආදරණීය ඇරයුම අපට ය.
අපි පියතුමාගෙන් සමුගනිමු. නැවතත් ගමන ඇරඹි ඇත. ගමනාන්තය ඇත්තේ තවත් බොහෝ දුරිනි.
සේයා - ලාල් ලක්ෂ්මන් |
ගමනේ ඉතිරි අඩ තවත් සටහනකින්....
කඳුළු අතරින් කියෙව්වෙමි.... පසුගිය කාලය මතක් වුනි... මුලංකාවිල් යන්න බැරි උනත්... මුලංකාවිල් නම සමීපයි. බොහෝ රෝගීන් ඒ දෙසින්...ඒවගේම බොහෝ අවදානම් හදිසි අවස්ථා ඒ දෙසින් එනවා... දැන් පාරවල් ගැන ඇසුවාම සතුටුයි.
ReplyDeleteඔයාගෙ වෛද්‍ය ජීවිතයේ මුල් ම පත්වීමෙන් ලැබුණුු අත්දැකීම් මොන වගේද කියල හිතාගන්න පුලුවන් නංගි...
Deleteදැන් පාරවල් නම් හැදිල තියෙනවා...
වැළලුනු ජීවිත සහ අක්මුල් සිඳුනු හදවත්..ජීවිතයම ඔවුනට දුක් ප්‍රාප්තියක් නොවේද? සෝබරවූ හදින් යුතුව කියවීමි...:(
ReplyDeleteඋතුරේත් ඉන්නේ මිනිස්සු.දකුණේ මිනිස්සුන්ට ජිවිතේ ගැන තියෙන අයිතිය උතුරේ මිනිස්සුන්ටත් ඒ විදියටම තියෙන්න ඕනේ.
ReplyDeleteයුධ නටබුන් බලන්න තවමත් දකුණේන් සැදැහැවත්තු වන්දනාවේ යනවාද අක්කේ ?
//ගමනාන්තය ඇත්තේ තවත් බොහෝ දුරිනි. //
ReplyDeleteසුබ ගමන්..
අපිට විනාඩි 5ක් ලයිට් නැතුව ඉන්න බෑ, සෙරප්පු දෙකක් නැතුව එලියකට යන්න බෑ... ඒත් දුක කියන වචනෙ නමටම ඈදගෙන ඉපදෙන මැරෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද? අපි එන එන අලුත් ටැබ්,ෆෝන් හොයන කාලයක පොතක අකුරක් ලියාගන්න පෙරුම්පුරණ දරුවන් කොච්චර ඉන්නවද? ගිනි ගහන අව්වත් කෑලි කපන්න පුලුවන් කළුවරත් කියන දෙකම මේ අයට එක වගේ තමයි...
ReplyDelete