පිටු

Wednesday, March 2, 2016

ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති,



ලේ ඉහුණු බිම්කඩක
මල් රොන් සුණු සුවඳ
ඉව කරනු කෙලෙසක...
දූවිලි ෂෙල් වැකුණු
අතු ඉති කටු තුඩු මත
මලක් වුව නොපිපීම
කවර නම් අරුම ද...

කාෂ්ටක මඟ දිග
අඳුරු ළඳු දෙනි මැද
කුමක් නම් සොයන්නෙද
ඒ පුංචි සමනල්ලු...

අත් නොහැරි අත්බවෙක
අතරමඟ විසිකෙරුණු
දුෂ්කර ම ජීවිතය
හැර නොයා දිනන්නට
කියා දෙන දුයිෂෙන්
කවුරුන්ද?
පියාපත් එපමණ ම
සවි ඇද්ද?

නන්දිකඩාල්
කලපුවෙන් ඔබ්බට
කය දුෂ්කර ප්‍රාර්ථනාව*
මුමුණන්නෙද නිහඬවම
රෑනින් රෑන සැරිසරන
ඒ පුංචි සමනල්ලු...


සේයා - ලාල් ලක්ෂ්මන්


නවම් පොහොය දා අපි වව්නියාවේ ඉඳන් වලෙයිපාඩු දක්වා දුර ගමනක් ගියා. කඩිනම් දුෂ්කර ගමනක්. ගියා නොගියා සෙයින් ගිහින් ආ ගමනක්. දරුවන් වෙනුවෙන් ආදරය අරන්... 


පල්ලවරායම්කට්ටුව හන්දියෙන් හැරුණු තැන සිට අබලන් ගුරු පාර දෙපස දිගටම රෑන් රෑන් පුංචි සමනල්ලු උන්නා. සුදු පාට, කහ පාට, අලු පාට සමනල්ලු. නිමක් නැතිවම.. දිගටම.. පේන මානෙක මලක් නොවුණට, මඟ දිගටම සමනල් රංචු. හරියට අපිව පිළිගන්න වගේ, එහෙමත් නැත්නම් අපට පේන්න වගේ... එහෙමත් නැත්නම් මොනවදෝ නැති වුණ දෙයක් හොයනවා වගේ...

මට තාමත් මතක් වෙනවා, ඒ පුංචි සමනල් රංචු...


.......

*කය දුෂ්කර ප්‍රාර්ථනාව කියන්නෙ ජේසුගේ දුක් විඳීම සිහිපත් කරන උච්ච ස්වරයෙන් ගැයෙන විලාප ගී ගායනාවක්. ජේසුතුමන්ව පාවා දීමේ සිට මරණය දක්වාම වන සිදුවීම් එකින් එක මෙහිදී ගායනා කරනවා. ඒ මරණයට අපත් වගකිව යුතු නේද කියන පසුතැවීම සහ සමාව යැදීමේ පශ්චාත්තාපී කොටසකුත් එයට ඇතුළත්. කය දුෂ්කර ප්‍රාර්ථනාව ගද්‍යමය ගායනාවක්. කවි ගායනාවක් නෙවි. ඒක තමයි විශේෂත්වය. 



මෙය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කළ දේශනා නවයේ පසම් පොතෙහි එන්නක්.
කය දුෂ්කර ප්‍රාර්ථනාව යූ ටියුබයෙන් අසන්න, මෙන්න ලින්කුව.....

 අතීතයේ අපේ ගම්වලත් චතාරික සමයට (පාස්කු කාලයට) පසම් ගායනා කෙරුණා. රැයක් එළිවන තුරු පසම් ගායනා කිරීම පුංචි අපට නම් ජේසුගේ දුක් විඳීම, මරණය මෙනෙහි කරන දුකින් පිරුණු රැයකට වඩා අසිරිමත් අපූරු රැයක් වුණ බව මතකයි.. ඒ ගැන වෙනම ලියන්න ඕන..

සේයා රූ - ලාල් ලක්ෂ්මන්







17 comments:

  1. ළමා කාලයේ පල්ලියේ ගෙවුනු චතාරික දින සිහිවුණා

    ReplyDelete
    Replies
    1. මටත් දැන් චතාරිකය මතකයක් පමණක් වෙලා.. ගමේ වගේ නෙවිනෙ මෙහෙදි පල්ලියෙන් ඈතයි..

      Delete
  2. අපූරැ සටහනට ස්තූතියි තරෑ

    ReplyDelete
  3. හර්දයාංගම මානුෂීය සටහනක්

    ReplyDelete
  4. ඔය තමා මහපොළව.............. අපි ඉන්නේ ගොඩක් උඩ තරූ........

    ReplyDelete
  5. චතාරික සමයද වතාරික සමයද?

    ReplyDelete
  6. මහ පොළොවේ පායපු තරුවක් අඳුනගන්න ලැබුනට බොහොම සන්තෝසයි..

    ReplyDelete
  7. ලස්සන සටහනක්. කවදාවත් ගිහිල්ල නැති අත්තක්.

    ReplyDelete
  8. කවදාවත් ගිහිල්ල නැති පැත්තක් කියලයි ලිය වෙන්න ඕනේ. :)
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3177-2016-03-06-00-34-06

    ReplyDelete
    Replies
    1. මමත් ගියේ පළමු වතාවට...

      ස්තුතියි අයියෙ නෙළුම් යායේ ඉඩක් හැදුවට...

      Delete
  9. අර කළු ලෑල්ලක් විතරක් තියෙන වහලක් නැති පන්ති කාමරේ කොයි තරම් දුකක් දරාගෙන ඇතිද ?

    යේසුව ඇණගහන්න කියලා ඉල්ලපු මිනිස්සු බරණබස්ව නිදහස් කරන්න කියලත් ඉල්ලුවා.අදත් ඒ වගේමයි.නිවැරදිකාරයෝ දඬුවම් විදිනවා,වැරදිකාරයෝ නිදහසේ ඉන්න කොට.

    ReplyDelete
    Replies
    1. ඔව් හලෝ.. .මට ඒ පින්තුරේ දැක්ක ගමන් පපුව 'ඩොන්' ගෑවා. ඉක්මනට අන්තිම පින්තුරේට ගියා. ආයෙමත් හුස්මක් අරගෙන තමයි උඩට ස්ක්‍රෝල් කලේ. මොකද අන්තිම පින්තුරේ තිබ්බ හිනාවල් මගේ හිතේ තෙත් කළා.

      රසි... ඔය යුද්දේ තිබ්බ කාලේ යන්න බැරුව හිටපු උදවිය යාපනේ ට්‍රිප් එහෙම ගියා නේද? මම වගේ එකෙක්ට නම් යන්න බැහැ. සොහොන් බලලා කොහොමද සතුටක් ඇතිවෙන්නේ?? හරියට හිට්ලර්ගේ වදකාගාර බලලා ලැබෙන කාලකන්නි සතුට වගේ නේද? අනේ මන්ද.. මම කොටියෙක් කියල හිතෙනවා මට නිතරම

      Delete
    2. යාපනේ විනෝදයට යන අයට නම් මේ ගම්මාන ඇතුළෙ, කැලෑ ඇතුළෙ මිනිස්සුන්ගෙ දුක් අමාරුකම් දකින්න ලැබෙන්නෙ නැහැ උපේක්ෂා.. ප්‍රධාන පාරවලින් හැරිලා ටිකක් ඇතුළට යන්න ඕනි...

      Delete
  10. හරිම සංවේදියි අක්කේ...ඒ වගේම මේ රූප පෙළ දැක්කම ඒ ගැන යමක් ලියන්න හිතුනා...ඉඩ ලැබුණු ගමන් ලියන්න ආසවෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ලියන්නකො.. මේ ගැන ලියවුණු ලිපියක් සහ තව පින්තූර ටිකක් තියෙනවා. හෙමිහිට පළ කරන්න ඕනි.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...