පිටු

Tuesday, March 1, 2016

නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...



සරා සසර ගව් සිය දුර සපැමිණ
නුරා සුසර මල් හී සර විදිමින
දරා සුනෙර සදිසිව නෙක අණවින
අරා ගැඹර හද ඔබම ය සසොබන...

සසල හදකි මේ දැවුණ නිදැල්ලේ
උදුල සඳකි මළ දවස මුළුල්ලේ
පතළ කුළුණු ගුණ පිරුණු සෙවිල්ලේ
නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...

දුලා පුළුලු හද මැදුර කොයින්දා
බලා හිඳිමි මඟ එනු කොයිබින්දා
හෙලා ඇසග වැහි දුකඳුර සින්දා
පළා යම් කෙලෙස, නොහිම් පෙමින්දා...


...................

( තරුරසීට සුබ උපන්දිනයක්... මම තරුරසී වුණේ නම් බොහෝ කලින්.. මගේ තනියට තරුරසී බ්ලොග් අඩවිය ඉපදිලා අදට අවුරුදු හතරයි... )


33 comments:

  1. සසල හදකි මේ දැවුණ නිදැල්ලේ
    උදුල සඳකි මළ දවස මුළුල්ලේ
    පතළ කුළුණු ගුණ පිරුණු සෙවිල්ලේ
    නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ.


    මේ කවියට නම් හොඳටම හිත ගියා

    ReplyDelete
    Replies
    1. නිකමට ලියවුණ එකක්.. කාලෙකට කළින්..

      Delete
    2. සුබ පතපු කමෙන්ට් එක වැටිලා නෑ. තරු රසීට සුබ උපන්දිනයක්

      Delete
  2. තරු රසී බ්ලොගයට සුභ උපන්දිනයක්.....තරූ ඔබටත් සුභ පැතුම්....

    ReplyDelete
  3. HAPPY BIRTHDAY තරු රසී...........!!!! <3

    ReplyDelete
  4. සුබ උපන් දිනයක් තරු රසී! තවත් වසර ගනනක් බ්ලොග් කරනයේ යෙදෙන්න හැකි වේවා!

    ReplyDelete
  5. තරුරසී අඩවියට චිරාත් කාලයක් වැජඹීමට ආසිරි

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. ස්තුතියි.

      Delete
  6. Replies
    1. දකින්නත් නැහැ දැන්...

      Delete
  7. සුබ උපන්දිනයක් තරුරසී...අද පොඩ්ඩිගේ ඇත්ත උපන් දිනේ. හරියට දැනුනේ මට සුබ පතනවා වගේ.

    බ්ලොග් එක පටන් ගෙන තියෙන්නේ සුබ දවසක...ලු...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මේ පළමුවෙනි උපන් දිනේ නේ නේද?

      Delete
    2. සුබ උපන්දිනයක් පොඩ්ඩි... ඔයාගෙ උපන්දිනය නම් ඔන්න අමතක වෙන එකක් නැහැ. අපි අඳුනගත්තෙත් තරුරසී නිසානෙ.. කැඩපත නිසා ඒ ඇඳුනුම්කම වැඩිදියුණු වුණා...

      Delete
    3. සෑහෙන කාලෙකින් අපේ පලාතෙ කැඩපත දැක්කේ නෑ..

      Delete
  8. සුබ පැතුම්...!!!

    "රෙසිකා" නැතුව ඔබේ නම "රසිකා" වුනා නම් තමයි මං වැඩියෙන් කැමති!

    ;-)

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නම් මාත් කැමතියි.. ඒත් දැන් ඉතින් මක්කා කරන්නද?

      Delete
    2. එහෙම නම් තමයි "තරුරසී" කියන නම ටක්කෙටම හරියන්නේ, නැතිනම් "තරුරෙසී" නේද?

      Delete
    3. වස කැතයි.. ඒකනෙ මං කොම්බුව අහක් කළේ.. ඔයාටත් ඕන නැති ඒවමයි මතක් වෙන්නේ...

      Delete
  9. සුබ උපන්දිනයක් එහෙනම්..!!

    කවි පෙළ හරි මිහිරියි.. මයෙ හිතේ තරු අක්කට වඩාත් ගැළපෙන්නෙ සඳැස් ආර ද කොහෙද..))

    ReplyDelete
    Replies
    1. ටිකක් උත්සාහ කරල ලියපු කවියක්.. වෙනසක් කරන්න හිතුණා.

      Delete
  10. මේ වගේ වචන භාවිතා වෙන කවි දැන් ලියවෙන්නෙ වත් නැහැ නේද? සුභ උපන්දිනයක් තරු රසී ට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර.. මුල් කාලෙ ඉඳන්ම ඔයා තරුරසී දිරිමත් කළ සොඳුරු සහෘදයෙක්..

      Delete
  11. තිසර කිව්වත් වගේ මේ වගේ ලයාන්විතව කවි පද අහන්නත් ආසයි දැං.

    තරුරසීට අවුරුදු හතරයි.. මල් හතයි. සුභ පැතු්ම්

    ReplyDelete
  12. හරිම මටසිලිටි වචන!

    සුබ උපන්දිනයක් තරුරසී බ්ලොගේට! :)

    ReplyDelete
  13. එලිසමය එලිවැට මාත්‍රා පිහිටුවා සඳැස් කවි ලියැවෙන්නේ දැන් ඉතාම කලාතුරකින්. ඒකට ප්‍රධාන ම හේතුව නව පරපුර භාෂා ශික්ෂනයක් ලබා ගැනීමට උත්සාහ නොකිරීම. භාෂාවක් තමන්ගේ පාලනයේ තියෙනවා නම් කලහැකි නිර්මාණවලට හොඳ නිදසුනක් තරූගේ මේ කවිය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්!

      මටත් මෙහෙම ලියන්න බැරිකම ගැන මම ඉරිසියා කරනවද මන්ද

      Delete
  14. සුබ උපන් දිනයක් තරු රසී!

    ReplyDelete
  15. සුබ පැතුම් තරු අක්කේ.

    කවිය නම් හරි ලස්සනයි.ඒ තාලෙට මම ගොඩක් කැමතියි.

    ReplyDelete
  16. සුභ උපන් දිනයක් තරුරසී.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...