පිටු

Tuesday, April 25, 2017

ඒ පෙම් යුවළ සහ මම



ඒ පෙම් යුවළ සහ මම
තද බද දුම්රිය මැදිරියේ හරි මැද
රිදී කණුවක දැවටීගෙන...
තුන්කාන්සෙන් ගලන
දාඩිය බිඳිති පිස දම දමා
මම...

‘මේ මෙතැන හරි දාඩිය
ඉන්නට අමාරුයි මට‘
මුමුණයි ඈ හෙමිහිට
සුදු සැරයටිය මිටි කොට අතට...

දිග හැර අත්වාරුව
ඇන මැන පා පුවරු සීමාව
ඔහු අමතයි ඇයට...

‘එන්න මේ මෙතැනට
හරි සනීපයි මෙතැන
හුළං හමනව ජයට‘

දිගු කොට සුදු සැරයටි මිට
කැඳවයි ඈ පා පුවරු අගිස්සට
ඒ රිදී කණුවට...
ඉනික්බිති ඒ පෙම් යුවළ
ඉසුරුමුණි ප්‍රේමය පරයන
සිනා ඉහිරුණු මුහුණු
හරව හරවා ඒ මේ අත...

‘ඔහ්... බලාගෙන ඔය ඔතන
හරිම අවදානම්‘
හිතින් හිත හිත මම
දාඩිය බිංදු පිහ පිහ
තදබද මැදිරියේ හරි මැද
රිදී කණුවේ එල්ලීගෙන
තනියම....

( කෝච්චි කවි )

34 comments:

  1. ඒ පෙම් යුවල සහ ඔයා:D

    සරල, ලස්සන පද පෙළ අක්කේ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරල මදිවට හැරෙන තැපෑලෙන් කෝල් එකකුත් ගත්තෙ ඒ තරම්ම කවිය හිතට අල්ලල නේද?

      Delete
  2. අපූරුයි තරු අක්කි, මේක ඔයාගේ අත්දැකීමක් කියලමයි මට හිතෙන්නේ, කෝච්චි වල මේ වගේ දෙවල් අනන්ත වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කෝච්චි කවි විදියටම ඒ අත්දැකීම් ලියන්න හිතුණා. මීට කළින් ලියවුණු කවි කීපෙකුත් තියෙනවා...

      මේක නම් හරිම ආදරේ හිතුණු දසුනක්...

      Delete
  3. දෑසින් නොදුටුවද "ප්‍රේමය" අන්ධ නැත.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රේමය නම් කොහෙත්ම අන්ධ නෑ ඇත්තටම...

      Delete
  4. හුහ්.. මගේ කේන්තිය තවත් අවුස්සනවා

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙ සේෆ්ටි මැනේජර්ස්ලා නෑ නොවැ... කේන්ති ගන්නෙ මොටද ඔය තරම්!!!

      Delete
    2. විහිළු කළාට කවියෙන් මතුකරන්න උත්සාහ කළ කාරණය හරියටම අල්ලගත්තෙ කළණෙ කියල හිතෙනවා...

      Delete
  5. තරු රසි වැඩට එන්නේ දුම්රියයේය
    එනවිට දුටු සුන්දර දසුනකිය මෙය
    ලියා ඇති විධිහ සුන්දරය
    කණගාටු නොවී ඉන්න පෙම්වතෙක් නැත්නම් ළඟදීම ලැබෙනු ඇතිය

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ඔහොමත් කවි විඳින රටක් තියෙනවද?

      මං පැත්තකට දාලා පොදු අර්ථයකින් කවිය දිහා බලන්නකො...

      Delete
    2. ඒ පෙම් යුවළ සහ මම
      .................
      ................
      රිදී කණුවේ එල්ලීගෙන
      තනියම....
      #වින්දා

      Delete
    3. විහිළුවට අනේ.
      ඇත්තම් කියනවා නම් මට අර අමරදේවගේ සින්දුවත් මතක් වුණා. කබාය ඉරිලා ...කවුරු දකින්නද එක. ඔය දෙන්නගෙන් කාටහරිත් ඒක කියන්න වෙනවනේ. එතකන් ඔය සොඳුරු මොහොත රස විඳින්න ඕනේ.

      Delete
    4. මට මේ කවියෙන් මතුකරන්න අවශ්‍ය වුණේ ඊට වඩා වෙනස් අර්ථයක් අයියේ... මම කියන භුමිකාව මම මේ විදියට පාවිච්චි කළේ ඒ වෙනුවෙන්මයි... ඒත් ඒක කාටවත් හරියට අහුවුණේ නෑ වගේ...

      Delete
  6. එල ද බ්‍රා
    මටත් ඔහම හිතෙනවා වෙලාවකට

    ReplyDelete
  7. ‘ඔහ්... බලාගෙන ඔය ඔතන
    හරිම අවදානම්‘

    මටත් හිතුනා ඒකම

    අපූරුයි අක්කෙ

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ආදරයෙදි අවදානම් ගන්න වෙනවා නංගි.

      Delete
  8. හරි අපූරුවට මැවුනා කවිය කතාවක් වෙලා ... හරිම අපූරුම කවි පෙළක් අක්කා !

    ReplyDelete
  9. මේ කවිය පුරාම මම දැක්කේ ආදරය කරුණාව ලෙන්ගතුකම හා රැකවරණයයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්... ඔයා මේ ගැන එෆ්බී එකෙත් ලියල තියෙනවා මං දැක්කා... මට මේ කවියෙන් කියන්න ඕන වුණ දේ මෙන්න මෙතන හරියටම කියල තියෙනවා.

      http://mirrorarts.lk/life/notes/1117-osho

      ආදරයට මුහුණ දීලා ආදරය කේන්ද්‍ර කර ගෙන ජීවත් වෙන්න පුලුවන් කෙනා ආගමික පුද්ගලයායි.
      ආදරය කේන්ද්‍ර කර ගත් පුද්ගලයා කියන්නේ අනාගතයට භය නැති කෙනායි. ප්‍රතිඵල සහ විපාකවලට බය නැති කෙනායි. මේ මොහොතේ වර්තමානයේ ජීවත් වන කෙනායි. විපාක ගැන හිත කරදර කර ගන්න එපා. එහෙම හිත කරදර කර ගන්නෙ බය ට මුහුණ ලා සිටින බය කේන්ද්‍ර කර ගත් මනසයි.

      Delete
    2. ඕෂෝගෙ කියමනක්...

      Delete
    3. මේක ටිකක් විවාදාත්මකයි මට නම්. දාර්ශනික වශයෙන් නම් මාර අදහසක් කියලා හිතුනත්, ඇත්තම කතාව අනුව නම් ඒ ගැන මට 1%ක් වත් එකඟ වෙන්න බැහැනේ. මගේ වැරැද්ද වෙන්න ඇති. ( එක්කෝ මම සද්ද නැතුව ඉන්නවා... නැත්තම් දාර්ශනිකයෙක් කියපු දෙයක් වැරදියි කියන්න ගිහින් සමාජෙන් කොන් වෙයිද මන්ද)

      Delete
    4. හිතේ තියන් ඉන්නෙ නැතිව කියන්න අප්පා...

      ඇත්ත, අදහස ලස්සන වුණාට ප්‍රායෝගිකව මේ විදියට ජීවත් වෙන්න අමාරුයි. ඒත් ආදරයේ සැබෑ සුන්දරත්වය අත්දකින්න නම් අවදානම් ගන්න තියෙන බය නැති කරගන්න වෙනවා.

      Delete
    5. ප්‍රතිපල සහ විපාකයට බය නැති ආදර කියන්නේ සෙලෝලොයිඩ් වර්ගයේ ආදර කතා වෙන්න පුළුවන්. බොහොමයක් ඒකපාර්ශවික ආදර මියැදෙන්නේ මේ ප්‍රතිපලයට තියෙන බය විසින් අපව ඇදීම නිසා. එහි දුකක් වගේම සතුටකුත් තියෙනවා. ආදරේ දැනෙන තරමට ප්‍රකාශ කරන්න ගියානම්; ප්‍රතිපලය ගැන නොසිතාම; මේ ලෝකය මිට වඩා අර්බුද එක්කයි යන්නේ.

      ආදරය කේන්ද්‍ර කරගෙන ජිවත් නොවී, ජීවිතය කේන්ද්‍ර කරගෙන ආදරේ හැසිරවීම තමයි වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ. එහෙම ආදරේ කේන්ද්‍ර කරගැනීමෙන්, ජිවිත සමබරතාවය ගිලිහෙනවා. වර්තමානයේ ජිවත් වෙන එක බොහොම අගෙයි. ඒ උනාට විපාක සහ අනාගතය ගැන විමසීම වර්තමානයේ සතුටින් සිටීමට ඇති එකම මගයි.

      ආදරයේ අවදානම් සමහර වෙලාවට මරණියයි. මරණය හා සමානයි. පලවෙනි එක; ඒ කියන්නේ මරණිය බව නම් ඉවසුව කියමුකෝ.. මරණය හා සමාන දුකට මොකද කරන්නේ???? මැරෙන්නෙත් නැතුවම විඳවීම???????? ඒ නිසා ප්‍රතිපල දැනගෙන කිරීම වටිනවා.

      ටින් ටොන්..... මේ ඔබේ ____ සේවයයි. නැවතත් පාලක මැදිරියට!

      Delete
    6. මරු... මරු... ඔන්න ඔය ප්‍රා යෝගික තත්ත්වය නිසා තමයි මේ කවියෙ ප්‍රධාන භුමිකාව දාඩිය දම දමා වුණත් තද බද මැදිරියේ මැද කණුවක ගැට ගැහිල ඉන්නෙ... ජීවිතේ එහෙම තමයි...

      Delete
    7. මමත් ලිඛිත ගේ අදහසට වඩා එකඟයි. කවියේ මැද මට මැවුනේ අර ස්විස් පැත්තේ ගිහින් මහලු වුනහම සිය දිවි නසා ගන්න යුවල වල් ඉන්නේ. ඒ වගේ දෙන්නෙක්ව. (euthanasia ). ඒක සෑහෙන ඩිප්රෙසින් මටනම්. නමුත් ක්ක්ක්ක්ක්ක්ක්ක්ගනන් දෙන්න නම් හිනා වේවි ඒකට යනේ. ඔතනත් ටිකක් ඒ වගේ.

      Delete
  10. ලස්සනයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
  11. හරිම ලස්සනයි තරු අක්කේ. මට කඳුලුත් ආවා. මට ගොඩාක් දේවල් මතක්වුනා මගේ ආදරේ මතක.

    ReplyDelete
    Replies
    1. කඳුළු කැන්දන සොඳුරු ආදරේ...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...