පිටු

Friday, September 8, 2017

‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ - මගේ කුළුඳුල් නවකතා ප්‍රයත්නය


‘‘තරුරසී පාළුවට ගොසිනි. ඒ මා නවකතාවක ගිලී සිටිය බැවිනි.

අවසන, මම නවකතාවක් ලීවෙමි. එය මගේ කුළුඳුල් මුද්‍රිත නවකතාව වන්නේය. මින් පෙර පාසල් සමයේ දි අත්අකුරින් අභ්‍යාස පොත්වල නවකතා කිහිපයක් ම ලියා ඇත. එබැවින් මෙය මගේ කුළුඳුල් නවකතාව යැයි කීම සාධාරණ නොවේ.

මේ කතා සංකල්පය උපත ලබන්නේ 2012 වසරේ වප් මහේ අවසන් සති අන්තයේ ය. තිඹිරි ගෙය තුලන දහම් මධ්‍යස්ථාන ය. එකී ගැම්මෙන් ම 2013 වසරේ නවකතාව ලිවීම ඇරඹුවෙමි. පළමුවෙන් ම මා ලියූ වාක්‍ය තවමත් මතකය.

‘‘දිව්‍ය පූජාව අවසන්.“

ඒ වාක්‍යය ද සමඟ ඒ පරිච්ඡේදය ද යම් යම් සංස්කරණයන්ට ලක් වී කෘතියෙහි ඇතුළත්ව ඇත්තේය. 2013 වසරේ ලියූ පරිච්ඡේද කිහිපයකින් අනතුරුව එතනින් එහා යා ගත නොහැකිව අතරමං වීමි. මම සෝර්බා, බත්තලංගුණ්ඩුව, මගේ ආදරණීය යක්ෂණී පිටු සැකසීම ඇරඹීමි.



ඉනික්බිති එළඹි සෑම වසරකදී ම නවකතාවේ යම් යම් කොටස් ලියැවිණි. නමුත් ඒ සියල්ල විසිරුණු සිතුවිලි කැබලි ලෙස තැන තැන තැන්පත් වූවා පමණි.

2016 වසරේ නවකතාවක් ලිවීමේ තාක්ෂණික  ක්‍රමවේද පිළිබඳ මා මිත්‍ර දිමුතු සමඟ වූ කතිකාවක් අතරතුර නැවතත් මට අලුත් ජීවයක් ලැබිණි. ඒ අනුව සැලසුම් සකස් විය. කතාව අලුතින් ගෙතීම ඇරඹිණි. නමුත් ටික දිනකි. නැවතත් අතරමඟ වැඩ අතහැරිණි. මෙම වසරේ මුල හොඳටෝම හිත රිදුණු බිඳුණු දවසක මට නැවතත් මගේ කතාව සිහිපත් විය. නව ජවයකින් ගොනුව විවෘත කරගතිමි. එදිනම සවස ඊමේලයක් ලැබිණි.

‘නරකද නවකතාව සුද්ද බුද්ද කරල ගත්ත නම්. මේ සැරේවත් පළකරන්න.‘

පුදුමය, එදා උදෑසන මා තුළ ද ඒ සිතුවිල්ල පැන නැගී වැඩේට අත ගසා තිබූ බැවිනි. සත්සමුදුරු ගෙවා සිතුවිලි රැහැන් බැඳෙන්නේ කෙබඳු අරුමයකින්ද නොදනිමි.

ඉතින්, මෙවර මම එය ලියා අවසන් කළෙමි. නවකතාවක් ලිවීම කෙබඳු දුෂ්කර පරිශ්‍රමයක්දැයි කියන්නට වදන් නැත. වරෙක ඇල්ලක් සේ සිතුවිලි කඩා හැලෙන අතර, තවත් විටෙක පව්වක් සේ සොලවාලිය නොහැකි පරිදි සිතුවිලි ගල්ගැසෙන්නේය. නවකතාව යනු කිසිදා ලියා අහවර කළ නො හැකි දෙයක් යැයි මේ මොහොතේ පවා මට සිතෙන්නේය. දැන් මා අත පිටපත තිබුණේ නම් මට තවත් දෑ ලියන්නට, වෙනස් කරන්නට ඇත.

ඉදින්, මගේ ප්‍රථම මුද්‍රිත නවකතා ප්‍රයත්නය ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය“ නම් වන්නේය.

‘සම‘ ප්‍රකාශනයකි. මිල රු. 400 කි. එළිදැක්වීම් කිසිවක් නැත. පොත් ප්‍රදර්ශනයේ J 286 සම පොත් කුටියේ දී කියවනු රිසි ඔබ ට පොත මිල දී ගත හැකි වනු ඇත.

මේ ගීතය අසන්න. මට නවකතාවකින් කියන්නට අවැසි වූ දෑ, ගීතයක පදවැල් අතර රැඳී ඇත්තේ කොතරම් අපූර්ව ලෙස ද? ගේය පද රචනය කුලරත්න ආරියවංශයන්ගෙනි. ගායනය සුනිල් එදිරිසිංහ ය. තනු නිර්මාණය රෝහණ වීරසිංහගෙනි.






56 comments:

  1. සුබපැතුම් තරු අක්කේ, එහෙනං මේ සැරෙත් කුටියේදී හම්බ වෙමු . ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි, අනිවාර්යයෙන්ම හමුවෙමු. මම 15,16,17,23,24 අනිවාර්යයෙන්ම ඉන්නවා.

      Delete
    2. මට එන්න වෙන්නේ 18-22 අතර දවසක.. වීක් එන්ඩ් වල අපි ගෙදර යන්නේ නැද්ද ? හුහ්.. පොතක් අස්සන් කරල ඩිස්කවුන්ට් එකත් බලල තියල යනව හොඳයි ...

      Delete
  2. ගන්නෙමු. කෙසේ හෝ කියවන්නෙමු.

    ReplyDelete
    Replies
    1. සැප්තැම්බරෙන් පස්සෙ හොඳ නිවාඩුවක් ලැබුණම දෙන්නටම ඇහෙන්න මම පොත කියවන්නම්... දෙන්නටම නෙවෙයි ඔයාලගෙ යාළුවො හැමෝටම...

      Delete
  3. තරුරසී කියන්නෙ කවුද
    එයා පොතක් ලියලලු නෙහ්
    ගන්න ඕනද ඉතිං
    කල්පනා කරනව නෙහ්
    හ්ම්ම්
    අර තරු ඇස් රහස් එයාගෙ ලු නෙහ්
    හ්ම්ම්ම්ම්
    ඒනං ගන්නමවෙයි නේ
    ගත්තෙ නැත්තං තරහ වෙයිද
    පිස්සුද.. හැටිද
    පිස්සු නෙහ්
    හැටි අනේ

    :-D:-D :-D :-D :-D :-D :-D :-D



    සම කුටියෙ හම්බෙමු හිටං ;-)

    ReplyDelete
    Replies
    1. හරි හරි හිටං... කොහොමත් ඉඳගන්න ඉඩක් නෑනෙ හිටං තමයි...

      Delete
  4. සුබ පැතුම් තරු අක්කේ..!.මේ ගමනත් මුලින්ම එන්නේ ඔතනට හොඳේ.

    ReplyDelete
    Replies
    1. අනිවා... අපේ හමුවීමේ සංවත්සරයත් තියෙනවනේ...

      Delete
  5. මාව සන්තෝසේටම පිම්බිලාද කොහෙද... නියමයි අනේ.....

    මේ ලියවිල්ලේ මම කොන් ටිකක් හොයාගත්තා. ඒවා මෙතන නොලියන්නම්...

    පොතක් නම් ගන්නවාමයි!!!! රහස් තිබ්බ පොතත් තියෙන එකේ......

    නියමයි.. කියන්නේ නියමම නියමයි!!!!

    ReplyDelete
    Replies
    1. ඔය කිරිබත්, වැලිතලප, අලුවා, කිරි ටොෆි හෙම කපද්දිත් අස්කොන් ටිකනෙ අපිට ලැබෙන්නෙ හා නැද්ද?

      ස්තූතියි කෙල්ල... බුක් ෆෙයා ආවොත් ‘සම‘ කුටිය පැත්තෙ එන්න.

      Delete
  6. හදවතින්ම සුබපතනව තරු අක්කේ. මට නම් කියවනකල් ඉවසිල්ලක් නැහැ. අනේ ඉක්මනටම ඕඩියෝ එකක් කරන්නකෝ.එතකොට මටත් පුලුවන් පොත අහන්න.ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඕඩියෝ එකක් කරමු කියල සත්‍ය නංගිත් කිව්වා. බලමුකො නංගී. කොහොමත් ඔයාලට දවසක එක තැනකට එකතු වෙන්න පුළුවන් නම් මම හමෝටම අහන්න කතාව කියවන්නම්.

      Delete
    2. එහෙම කියනවා නම් මේ අපිවත් ගන්න අනේ සෙල්ලමට! ජීවී කටහඬකින් ඇහෙනකොට මාරයිනේ අප්පා

      Delete
    3. ඇත්තටම එහෙම වැඩක් ලෑස්ති කරන්න ඕන. සත්‍යා, කසුන් එක්ක කතා බහ කරල මම දැනුම්දීමක් කරන්නම්.

      Delete
    4. හොඳ අදහස.. රෙකෝඩ් කරල අපිටත් එවන්න :)))

      Delete
    5. කතාවෙ දේවදූතයෙක් දිව්‍ය කුමාරයෙක් වගෙ එහෙම ඉන්නවනං එයාට මයි වොයිස් ඕකේ?.....:)

      Delete
  7. සුභ පැතුම් තරූ. අර වයසක කවියෝ තුන්දෙනත් එක්ක මේ පාරත් මං එන්නං..

    ReplyDelete
    Replies
    1. අවුරුදු කීයක්ද? තාම ඔයාට ඒ කතාව අමතක වෙලා නැහැනෙ.

      Delete
  8. හෘදයාංගම සුබ පැතුම්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ මහත්මයා. ඔබ නොලියන එක නම් හරිම අඩුවක්...

      Delete
  9. සුබපැතුම් තරු අක්කේ...

    මටත් එක වතාවක් තුලන දහම් මධ්‍යස්ථාන යට යන්න අවස්ථාව ලැබුනා. තිඹිරි ගෙය එතනෙ කියපු නිසා පොත කියවන්න ආසාවෙන් ඉන්නෙ...

    audio එක voice කරන්න කෙනෙන් නැත්තම් මම එක කරලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඕඩියෛා් බුක් එකක් විදියටම කරන්නයි හිතන්නෙ. ස්තූතියි නංගි. සත්‍යා එක්ක මේ ගැන කතා බහක් යනවා. මම ඔයාට කියන්නම් හරියටම.

      Delete
  10. මීලඟ හමුවේදී පොතක් මිලදී ගන්නම්. එය කියවා අදහසක් ප්‍රකාශ කරන්නම්. ඔබගේ ලේඛක දිවියට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් අයියේ...

      Delete
  11. අවුරුදු 4කට පස්සේ මේ සැරේ ප්‍රදර්ශනේ බලන්න එන්න පුළුවන්. මේ පොතත් ඔන්න ලිස්ට් එකට දාගත්තා. මට සෝර්බා නම් ග්‍රීකයා සහ සියවසක් හුදෙකලාව පොත් දෙකත් මේ සැරේ ගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. මගේ පොත සහ සෝර්බා ගන්න ‘සම‘ ස්ටෝල් එකට එන්න. J 286.

      සියක් වසක හුදකලාව විදර්ශන පොතක්.

      Delete
    2. බොහොම ස්තුතියි. මම එන්නම්කෝ

      Delete
    3. එන වෙලාව කලිං කියහං උඹට පැනි බෝතලයක් ගෙනැත් දෙන්න

      Delete
    4. මොන පැණි ද බන්?

      Delete
  12. තරු අක්කව, ඉරක් වගේ බබළන්න උණුසුම් සුබ පැතුම්!!!
    ජය ජයම වේවා!
    සියලු කටයුතු සාර්ථක වේවා!

    ReplyDelete
  13. සුභ පැතුම් අක්කා... සතුටුයි හුඟක්

    ReplyDelete
  14. අපටත් එකක් තියල තියන්න. ආපු වෙලාවක ගන්න. සුභ පැතුම් තරු රසි.

    ReplyDelete
    Replies
    1. ඔයාට පොතක් තියන්නම් අයියේ, අනිවාර්යයෙන්ම.

      Delete
  15. මේ පුවත ෆේස්බුක් එකේ දැක, මෙහි කියවා, දැඩි සතුටක් ඇතිවුණා!
    ජයවේවා තරු.

    ReplyDelete
    Replies
    1. එෆ්බී සුබ පැතුමත් දැක්කා. හදවතින්ම ස්තූතියි අයියේ...

      Delete
  16. නෙලුම් යායෙදි වත් එකක් ගන්න ඕනෑ .

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය?

      ඇයි දැන් ඔන්ලයින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අවස්ථා තියෙනවනෙ. ග්‍රන්ථ, කේබුක්ස් වගේ...

      Delete
  17. Replies
    1. ස්තුතියි ලොකු අයියේ...

      Delete
  18. පොත් ප්‍රදර්ශනය පැත්තේ නම් යන්න වෙයිද කියන්න බෑ. වෙන කොහෙන්ද ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ප්‍රදර්ශනයෙන් පස්සෙ සරසවි, සුරිය, සුරස පොත් හල්වලට පොත ඒවි..

      Delete
  19. සුබ පැතුම් අක්කේ. තව තවත් ශක්තිය ලැබේවා.

    ReplyDelete
  20. සුබ පැතුමි තරූ මගෙ පොතත් ලැබෙන්න සලස්වන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මට අඳුනගන්න නම් බැරිවුණා සමාවෙන්න.

      Delete
  21. අපි මේ පොතත් එක්කම තරු ඇස් රහස් පොතත් ඕඩියෝ කරමු අක්කෙ.. තුශානි අක්කත් ඕඩියෝ කරන්න ඉන්නවානෙ.. දැන් මේ ලිඛිතත් කැමතීනෙ වැඩේට එකතු වෙන්න.. අපිට ලස්සනට වැඩේ කරගන්න පුලුවනී...
    ඔයාට සුභපැතුම්...
    අපි හමුවෙලා අවුරුද්දයි නේද:D

    එන දවසට කියන්නම්...

    ReplyDelete
    Replies
    1. අපි ආයෙමත්, ආයෙමත් හමුවුණානේ සතුටුයි නංගී.

      Delete
  22. සුභ පැතුම් තරුරසී . . !

    හරිම සංතෝසයි. මිතුරෙක් හරහා පොතක් ගෙන්වාගන්න උත්සාහ කරනවා අනිවාර්යෙන්ම.

    ඒ වගේම අර කිව්ව "නවකතාවක් ලිවීමේ තාක්ෂණික ක්‍රමවේද" ගැන ඉගෙන ගන්න එනවා දවසක් ඔයාව මුන ගැහෙන්න.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා අයියේ...

      අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කරමු.

      Delete
  23. නංගිට සුබ පැතුම්..පොත අරන් කියවලා විස්තර ලියන්නම් ...

    ReplyDelete
  24. සුබ පැතුම් අක්කි..!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...