පිටු

Tuesday, January 21, 2020

හිමියනි ! හිස් ය මේ දිවි බඳුන !





සෙබළ උත්තමාචාර වියැකී
හිස් ව ගිය අවකාශයේ පාවී
හමා ආ සුසුදු අරලිය මලක්
මුදුන් වූ පස් කණ්ඩිය මත රැඳිණ...

හත් දොහක, තුන් මහක, අවුරුද්දක
දැල්වුණ පහන් එළි
දුබලව නිවී යද්දී
පා සටහන් සඟවා
නිදිකුම්බා යාය වැතිරිණි...

මුදුනත බිඳී ගිය
පස් වැටිය මත
ඒ අරලියා මල ?
කොහේ වේ දැයි
කවුරු නම් දනී ද ?

නිදිකුම්බා ගොල්ලකි
දැන් ඒ ඉසව්ව ම
සුවඳක් නැතත්
යායට මල් පිපුණ...

4 comments:

  1. අරලිය මලෙක සුවඳ නැතත්
    මලක් නොවේද නිදිකුම්බාත්
    පරිසරයක් අවදි කරන.

    ReplyDelete
    Replies
    1. නිදිකුම්බා මල් යායට පිපුණම පුදුම ලස්සනක්. උඳුවප්, දුරුතු මාස කියන්නෙ කැලෑ මල් පිපෙන වසන්ත කාලෙ.

      Delete
  2. දස දහස් ගණනක් වූ වැන්දබු සෙබල බිරින්දෑවරුන්ගේ කතාව!

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු 25කට විතර කළින් අපේ ගමේ අයිය කෙනෙක් නැතිවුණා. ඒ මතකයත් එක්ක අවුරුදු විස්සකට කළින් ලියවුණු කෙටි කවියක් තමයි මෙහෙම දිගෑරල ගත්තෙ.

      බ්ලොග් එක පාළුවට යනව දකිද්දි දුකයි. ලියන්න ඕන කියල හිතුණා.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...