දේදුන්නක් සේ ඔබ
පායා ඇවිදින්
අසුරු සැණින් අදුරු
වළා අතරින්
හිත රිදවා සැගවී
යන්නට....
හිරු ගිනිගත්
මද්දහනේ
දූවිලි හුළගේ හිනා
මැකුණු පුරවරයේ....
සේපාලිකා සුවදක් සේ
දැවටුණා මතකයි...
හිත පතුළටම ගොස්
සැගවුණා මතකයි...
ඔය දෙනෙතේ හසකැන්...
මුළු ලොවම නතර වී එක
තැන
මා පමණක් වූ මොහොතක
දැල්වුණ ඔය නෙත්
කැල්මට
තවම ළෙංගතුයි
මං..... සත්තයි...
තවම ළෙංගතුයි...
මං....