එරබුදු මල් සිනා සලන සොඳුරු වසන්තේ
කොවුල් ගීත මියුරු සරින් ඇසෙයි දසන්තේ
සුසුම් හෙළන හිත් බෝමයි සතර දිගන්තේ
අවුරුදු කුමරිය ළතවෙයි තනිව වසන්තේ....
දිළිඳු පැළේ සිඟිති මුවට සිනා කොයින්දෝ
දිළිඳු පැළට කළඑළි ගෙන එන්නෙ කවුරුදෝ
රසමසවුළු නොව කුසගිනි නිවන්නෙ කවුදෝ
අවුරුදු කුමරිය කොයි අත සොයන්නෙ කවුදෝ......
නැකැත් නැතත් හැමදා හිත ගිනි ඇවිළෙන්නේ
හාල් මිටක් නැති නැකතක් කුමට වඩින්නේ
දොළොස්මහේ පැතු පැතුම් බොඳවී යන්නේ
සුසුම් රැගෙන නව අවුරුදු කුමට ලබන්නේ......
උහුළන්නට බැරි බදු බර දුරු වී යන්නයි
වංචා, දූෂණ, නාස්ති නැති වී යන්නයි
සුදු වාහන, අතුරුදහන් යළි නොඇසෙන්නයි
උතුරුකරේ දමිළ සොයුරු සිත් සැනහෙන්නයි
අගති අයුක්තිය දුරු වී ඇත්ත දිනන්නයි
භේද බින්න දුරු වී සැනසුම ලැබ දෙන්නයි
නැති බැරි අත මිට සරු වී සතුට ලැබෙන්නයි
තුන්සිය හැටපස් දවසෙම අවුරුදු වෙන්නයි......
This comment has been removed by the author.
ReplyDeleteහැමෝම වගේ කියන්නන් වාලේ නොකියා, ඇස්දෙක ඇරලා මේ රට දිහා බලලා, ඇත්ත තත්වය තේරුම් අරගෙන මේ වගේ දෙයක් ලිව්ව එකට මට සතුටුයි.
ReplyDeleteමට හිතෙන දේවල් ටිකකුත් කවි වලින්ම ලියන්න හිතුවත් මම කවි වලට හපනෙක් නෙමෙයි නිසා නිකම්ම කියලා දානවා කියලා හිතුවා.
අද අපේ මාධ්‍ය දිහා ගෙදර ඉඳගෙන කට ඇරගෙන බලාගෙන ඉන්න ගොඩක් දේශමාමක මිනිස්සුන්ට නම් හිතෙනවා ඇති, "ෂා... නියමයිනෙ. අපේ රටේ අවුරුද්ද මිනිස්සුන්ට එන්න එන්නම ජයයිනෙ, අනේ වාසනාවන්" කියලා. සමහර විට "සාධු සාධු" කියලත් පුරුද්දට වගේ කියවෙනවා ඇති. සමහර වෙලාවට එහෙම හිතෙන එකේ වැරුද්දකුත් නෑ. ඇයි ඉතින් CIB එක පැත්තෙ, NoLimit එක පැත්තෙ, FashionBug එක වටේ පොඩි රවුමක් දැම්මනම් පේන්න ඇතිනේ හිටිය මිනිස්සු තොගේ. තව ඉතින් ඔය KFC, McDonels, PizzaHut වලට එහෙම එබිලා බැලුවනම් දකින්න ඇති මිනිස්සු පොරකකා අවුරුදු සමරන හැටි. ඒ වගේ දේවල් බලලා සිල්ලර මානසික චින්තනයකින් හිතන, අපේ රටේ සම හරක් කියයි ඉතින් අවුරුදු නම් මේ පාර හැමෝටම ජයයි කියලා.
ඇත්ත තත්වය දකින්න නම් ඉතින් පහලම පන්තියෙ ඉඳන් උඩ බලන්න වෙනවා. අපේ රටේ මධ්‍යම පන්තිය කියන එක ටික ටික ක්ෂය වෙලා යනවා කියන එක හැමෝම දන්නවනේ (ඒකෙන් වෙන ප්‍රතිඵල නම් මම මෙතන කියන්න යන්නේ නෑ. මොකද ඒක අත්‍යාවශ්‍ය නොවන හින්දා) ඒ කියන්නේ සරලවම "තියන එකාට කන පැලෙන්න තියනවා නැති එකාට නෑ". මම කිව්ව ඔය ටිකෙන් ඔයාලට පිටතින් පෙනිච්ච දේ තේරුම් ගන්න පුළුවන්නේ. ඒවායින් වැඩක් නෑ. මට කියන්න ඕනි වෙනම ටිකක්.
2012 සිංහල අළුත් අවුරුද්ද ඇවිල්ලා හීනයකටත් කලින් වගේ ඉවර වුණා. ගොඩක් දෙනා ආයිත් දෙලොව රත්වෙලා තමන්ගේ සුපුරුදු වැඩ වලට යන්න ලැහැස්ති වෙනවා ඇති. ඇයි දෙයියනේ අවුරුදු දවස් වල වියදම් කරා වගේ නෙමෙයිනේ, ඉස්සරහට තියන දවස් ටික ජීවත් වෙන්නත් එපෑයැ. සමහර විට දහඅතේ ණය වෙලා ගමට එන්න ඇත්තෙ, ඒවා ගෙවා දාන්නත් එපැයි. ඔබත් සිංහල අවුරුද්ද කියන එකට තමන්ගේ ගෙදර අය එක්ක දවස් හතර පහක් ඉඳලා ආයිත් වෙනදා මානසිකත්වයෙන්ම ජීවිතේ එපා වෙලා වගේ වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා නම්, ඔබට පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා තමන් ජීවත් වෙනවා කියලා කරන්නේ අවුරුද්දටම දවස් තුන හතරක් සතුටින් ඉන්න එක විතරද කියලා.(මේ ටික හරිම සතුටින් තමන්ගේ ජීවිතේ ගෙනියන අයට නෙමෙයි හොඳේ)
ගොඩක් අයට අවුරුද්ද මතක් වෙන්නෙ ටෙලිවිෂන් එකේ ඇඩ් ටික ඇහෙන කොට. "මල ජංජාලයයි අවුරුද්දක් කියලා එකක් එනවා නේද" කියලා. ඊට පස්සේ දහ අතේ කල්පනා කරනවා අම්මට තාත්තට නංගිට මල්ලිට මේ අවුරුද්දට ඇඳුමක් වත් ගෙනෙහින් දෙන්නේ කොහොමද ? ගෙදරට එන යහළු මිත්‍රයන්ට සලකන්නේ කොහොමද ? සහ තව එක එක ඒවා. විවාහක අය නම් හිතනවා ඇති, මේ පාර ගෙදර කැවිල්ලක් පෙවිල්ලක් හදලා ළමයින්ට ඇඳුමක් වත් අරන් දෙන්නේ කොහොමද කියලා. රටේ හැමෝටම දැනෙන්න ජීවන වියදම් වැඩි වුණාට ඒවට මුහුණ දෙන්න හැමෝගෙම ආදායම වැඩි වෙලා නෑ. ඒක හින්දා අවුරුදු පැත්තක තියලා එදා වේල ෂේප් කරගන්නේ කොහොමද කියලා ගොඩක් දෙනා කල්පනා කරනවා. ඉතින් වෙනදා පැය අටක් දහයක් වැඩකරන මිනිස්සු පැය 12ක් 15ක් වැඩ කරනවා. ඒකත්
කරන්නේ මහ ලොකුවට අවුරුදු සමරන්න නෙමෙයි. ගෙදර ගිහිල්ලා ගෙදර කට්ටිය එක්ක අවුරුදු නැකතට කිරිබතක් වත් හදාගෙන කන්න.
(මේ කමෙන්ට් එකේ ඉතුරු ට්ක ඊලඟ කමෙන්ට් එකේ...)
(ඉහතින් දාපු කමෙන්ටුවේ ඉතිරිය...)
ReplyDeleteමිනිස්සුන්ගේ ඔය වගේ ජීවිත දිහා බලන් ඉන්නකොට මට හිතුනා හැමදාම වගේ ගමේ ජීවිතත් කොහොමද කියලා හොයලා බලන්න. බැලුවහම එහෙත් නගරෙට දෙවනි නෑ. ඉස්සර තිබිච්ච අවුරුද්ද දැන් ගමේ නෑ.
ඒ කාලේ ගොවිතැන් කරලා අස්වැන්න ගෙට අරගෙන ඉවරවෙන කොට අවුරුද්ද ලං වෙලා. මහ ලොකු වුවමනා කම් නොතිබුන ගැමි ගෙවල් වල අවුරුද්දට කොණ්ඩ කැවුමක්, පැණි වලල්ලක්, දොදොල් ටිකක්, ආස්මියක් වරදින්නේ නම් නෑ. මොකද අවුරුද්ද සමරන්න ඇති තරමේ සල්ලි ටිකක්, ගෙදර වී ටිකක්, ගමෙන් හොයාගත්ත පැණි ටිකක්, නොකිව්ව තව ඒවා ටිකක් එහෙම නොවැරදීම තිබුණු නිසා. ඊටත් වැඩිය ගෙදර සාමාජිකයෝ හැමෝම ගෙදර නිසා උදවු පදවු වලට කට්ටිය හිටියා. ඒත් දැන් එහෙම නෙමේ. ගොවිතැන් වලින් ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න බෑ. හැමදේම වවා කියා ගත්තත් අනික් වුවමනා දේවල් වලට සල්ලි නෑ. ඉතින් ගෙවල් වල ලමයිනුත් ඕ ලෙවල් වෙනකන් වත් ඉගන ගන්නෙ නෑ. ගාමන්ට් හරි යනවා. කුලී වැඩ කරලා හරි සොච්චම් මුදලක් හොයා ගන්නවා. එහෙමත් නැත්නම් තමන්ගෙ ශ්‍රමය කුණු කොල්ලෙට විකුණනවා. සමහරු උසස් පෙල හොඳට පාස් වුනත් මුල් හරියට එන්න බැරි නිසා උපාධියක් නොමිලේ කරගන්න විදිහක් නෑ. එහෙමත් නැත්නම්, රාජධානි වල පවත්වන ඩිප්ලෝමා කරන්නවත්, අකුරු හතරෙ ආයතන වල ඩිග්‍රී කරන්නවත්, ඇමරිකන් නම් මුලට තියන ඉන්ස්ටිටියුට් වල නෙට්වර්කින් කරන්න වත් සල්ලි නැති නිසා (අධ්‍යාපනේ ගැන කියන්න ගියොත් නම් වෙනම පෝස්ට් එකක් ලිවුවැහැකි) අඩු ගානක් වියදම් කරලා මොකක් හරි සර්ට්ෆිකේට් එකක් අරගෙන රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා. ඔය මොකක් හරි හේතුවක් හින්දා සල්ලිත් නෑ, ළමයි ගෙදර ඇත්තෙත් නෑ, අස්වැන්නෙ සරුවකුත් නෑ. ඉතින් මොන අවුරුදුද ?.
සමහර ගම් වල තවමත් හොඳට එරබදු මල් පිපෙනවා, කොහා හැම තිස්සෙම කෑ ගහනවා, ගස් වැල් ඵලින් බර වෙලා තියනවා. ඒ වුණාට ඔය දේවල් හොඳින්ම විඳින්න පුළුවන් සමහර තරුණ පිරිස් නගරෙ තියන අහවල් එකක් හොය හොයා එහෙට ආවඩනවා. අවුරුද්දට වත් ගමට එන්න මතක නෑ. එච්චරට ටවුම ඈස් යූෂුවල් වෙලා. උන්ට තේරෙන්නෙ නෑ විඳින්න ඕනි මොකක්ද කියලා. තේරෙන දවස වෙනකොට වෙලාවක් නෑ. ඉතින් තව අවුරුදු කීපයක් යනකොට ගමක් බලන්න වෙන්නේ, මාධ්‍ය ආයතනයක ගොඩනගන ඩමියකින්ම තමා. ඒක හින්දා හැමෝටම කියන්න තියෙන්නේ ලබන අවුරුද්දෙවත් හොඳ ගමකට ගිහිල්ලා පරිසරයේ තියන සුන්දරත්වය රූප පටියකටවත් අරන් තියාගනිල්ලා. මොකටවත් නෙමෙයි. අඩුම තරමේ තමන්ටවත් පස්සෙ කාලෙක බලන්න.
ඉස්සරහට ඉපදෙන ලමයින්ට මොනවා බලන්න ඉතුරු වෙයිද කියලා මම නම් දන්නේ නෑ. ගොඩක් වෙලාවට උන්ට සිද්ධ වෙන්නේ, මඩොල්දූව, අපේ ගම, බැද්දේ ගම කියන පොත් වල ඩිජිටල් සංස්කරණ ඊ බුක් එකෙන් බලලා, "මෙහෙම රටක්ද සිරි ලංකාව ! ?" කියලා හූල්ලන්න තමා.
මම ලියපුවා හරියට ගැලපිලා නම් නෑ වගේ. මොකද මම මේ පොස්ට් එකක් දාන්න ඔනි හෑලිනේ මෙතන ලියලා තියන්නේ. පොඩි කමෙන්ට් එකක් දාන්න යනකොට හිතට ආපු ටික ටික එකතු වෙනකොට දන්නේම නෑ හෙන ලොකු ලිපියක් වෙලා. කොහොම හරි කමක් නෑ. මේක කියවලා පොඩි අදහසක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
එහෙනම් ලබන අවුරුද්ද එනකන්,
සුභ අළුත් අවුරුද්දක් වේවා !