Thursday, December 11, 2014

වත් සියපත් ය සුසුවඳ



වත් සියපත් ය සුසුවඳ
පත් ඉරු මත්තෙ සුපිපුණු
අත් හැරි විසල් අහසට
හිත් ආරන්නෙ රොන් සුණු

සියක් දහසක් පෙති මත
ලියැවුණු කවෙන් කව
හමනා සුගන්ධයෙහි දැවටුණු
අතිමහත් ප්‍රේමයකි...
මානව දයාවකි....

විටෙක සුසුවඳම නොව
රළු පරළු අමන නොමිනිස්
රුදුරු කටු සැමිටියෙන්
පහර ලත් හදවතක
කම්පනීය ගැස්ම ය....

විනිවිදිමින් දූෂිත වගුරුබිම
එහි දුඟඳ මේ යැයි පවසන
සුවඳවත් ලොවක් වෙනුවෙන්
එළිමහනට එන්නැයි
අපට ඇරයුම් කරන........

ඇසග කඳුළක තෙතමනය
ගිලිහි සුසුමක ගිනි සැර ය
කැකුළු හදවතක පුසුඹ ය
කව්ම නොව ඒ ජීවිතය.......

වත් සියපත් ය සුසුවඳ

හිත් මත 
කව් මකරන්ද තවරන...... 


4 comments:

  1. ලස්සන කවි සිත්තමක්.. !

    ReplyDelete
  2. //කැකුළු හදවතක පුසුඹ ය
    කව්ම නොව ඒ ජීවිතය.......//
    ජීවිතයම වුවද එය මෙලෙස
    සංවේදීව අකුරු කරනට
    තිබිය යුතුවේ එකලස් හිතක්
    කවි සුසුවඳ රැගත් සියපතක
    අපූරුයි අගෙයි කවි ගෙත්තම..

    ReplyDelete
  3. අපූරුයි කවිනේ..........................

    ReplyDelete
  4. කවි පොතක් වගේ,ප්‍රකාශක,මිල කොහොමද තරු අක්කේ ?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...