පිටු

Sunday, August 7, 2016

ඉරිදාවක ඉරණම......




සුළඟ ය සුසුමකට වුව‍
නොඅවනත
නිර්ලෝභීව සිහිලැල්
සුවැති ඔසුවක් තවර තවරා
හදිසියෙන් දිව යන...

හුදෙකලා ඉරිදාවක
අසිරිය කැටයමක් කොට
ගීයක ඔබ්බවා
සිටි එෆෙමය
මියුරුතම ගී
සුළඟට මුහු කරන...

‘‘හිම කඳු යහනේ
වළා සඳැල්ලේ
මොහොතක් සැඟවෙමු
ලොවෙන් මුවා වී
අපේ සිහින උයනේ.....‘‘

‘‘දැල් වූ පහන් දැල්වී තියේවා...
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා...

ඒ වුණත් ඇස්
අඬන්නට ඕනෑම යැයි කියන
අද බෑ කොහොමවත්
වැඩ... වැඩ...හෙට බලමු
තරවටුවකට  ගුලිවෙන...

නොකියවන පොත් ද
පත්තර කෑලි ද
නාඳිනන සාරි ද
කැඩුණු සෙරෙප්පු ද
අනේ මන්දා,
ඕනෑ ම නැති දේවල්
කාමරේ හැම තැනම
ජීවිතේ වාගේ ම...

අස් කරමි... අස් කරමි...

ගින්නක් අවුළුවන පිණිස ය කඩදාසි
කාට හෝ දෙන්න අසුරමි මේ සාරී
කුණු ටැක්ටරය කවදා ඒ දැයි සී වී
කැඩුණු බිඳුණු ලටපට මල්ලක දාමී...

‘‘අම්මාහ්....‘‘
දැන් හොඳයි...
දීර්ඝ සුසුමක්...

උදේටත් කිසිවක් නොලැබ
හිස් කුස
අවලාද නගන්නේ
ගිනි ගිනි මතක් කර කර
දැන් ඉතින් උයන්නට ඕනෑ ය...

‘‘ජීවිතේ සුන්දර ද මෙතරම්...‘‘
රූකාන්තට නම් පිස්සු

‘‘දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය‘‘
රත්න ශ්‍රී ට නම් බනින්නට බැරිය‍

මිමී ට, චන්දුට, සසෙන්ට, සවිරුට
පාලුත් ඇති අද මම්මා එන්නැතිව
මුදු පහස, කිරි සුවඳ
රණ්ඩු සරුවල්, ඇඬිලි වැලපිලි
සිතින් විඳගමි...

නා පේ වී
කියවමි කසන්සාකිස්
ගැළවීම සොයා ගිය දිගු වන්දනා ගමනක්




14 comments:

  1. මෙහෙත් එහෙමමයී.. ෆේස්බුක් ස්ටේට් එකකුත් දැම්ම කම්මැලි ඉරිදාව ගැන.. මම කියවනව කාබුලිවාලා (අතරිං පතර බ්ලොග් ෆේස්බුක් කියෝනවා ..)

    ReplyDelete
    Replies
    1. කාබුලිවාලා... මං හත වසරෙ විතර ඉද්දි සිංහල පොතක තිබුණා. තාම නම අතක් වෙද්දිත් පපුවට හිර ගතියක් දැනෙනව

      Delete
  2. සදුදා ඉදන් හූල්ලමින් හැම වැඩක්ම පරදා
    සතියේ දින හයේම වැඩ සතුටක් නෑ කිසිදා
    තුටු වූවත් හැම සතියෙම රාත්‍රියේ ශනිදා
    දින හයටත් වැඩිය ඇතේ වැඩ කරන්න ඉරිදා
    අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. කවුරුන් කුමක් කීවත් අසතුටුයි ඉරිදාව
    මන්ද වැඩ සතිය අරඹන බැවින්

    ReplyDelete
  4. හිතේ සිත්තමක් ඇඳෙන්නට වචන ගලපලා තියනවා...හරිම ලස්සනයි...

    ReplyDelete
  5. මුල් දෙපදයේ එන "ට" සහ "නො" වෙන් කළ යුතු නෑ.

    ReplyDelete
  6. වෙනදනම් ඉරිද දවසට හරි කැමති... ඒත් මේ ඉරිද නම් මහ එපාකරපු දවසක් උනා....

    දවස ගෙවුණු හැටි වචන වලට පෙරලුව හැටි අපූඍුයි...

    ReplyDelete
  7. ඉරිදා....මගේ නිදාගන්න,රෙදි හෝදන දවස...

    ReplyDelete
  8. ඉරිදා....මගේ නිදාගන්න,රෙදි හෝදන දවස...

    ReplyDelete
  9. ම්මීට,චන්දුට,සසෙන්ට,සවිරුට වගේම "මම්මටත්"පාලු ඇති පොඩිඋන් නැතුවාම.

    ReplyDelete
  10. ඉරිදා...
    මටනං ආදරේ ළඟ ඉන්න දවස.
    සතියක් දෙකක් පාලුවෙ උන්නම යන්තමට ඔහු දකින, අත් බාහුවේ මූණ තදකරන් තොරතෝංචියක් නැතුව කියවන දවස...
    ඉරිදාව

    ReplyDelete
  11. ඉරිදට කසන්ස්කිස් කියවනන කම්මැලියි ළමයෝ ලඟදි සනත් බලසුරියගේ නියම පොතක් කියව්ව. කවියේ කිසියක් ශෝක ගතියක් තියනවා ඉරිදාව ගැන.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...