පිටු

Wednesday, December 21, 2016

කෝඩුකාරී

මුහුදු වෙරළේ තනිව ඈත බලා සිටින යුවතියක්...
සිතුවම  Vicente Romero Redondo ගෙන්‍ෙ

කෝඩුකාරී
ප්‍රේමයේ නුරාගි සිඳු වෙරළේ
මා දැල් හෙලන්නී
ස්නේහයේ මීන දෙනුවන්
කෝ කොතැනදැයි අසන්නී
කෝඩුකාරී...

ඉරු සේල ළිහි ළිහී
වියන් බඳිනා පාඩුවේ
අම්බාව රැව් දිදී
කිම හදේ වීණාව බින්දේ...

පුලුක්කන දියඹෙහි මිදී
ගිමන් හරිනා ඉසව්වේ
මීන සිතුවිලි කැළඹි කැළඹී
නීල සයුරෙහි සලිත වේ...

ඇනියෙන් ගියත් කොයි
අවරෙන් ගියත් කොයි
රුවල් ඔරු සිඳු සරයි
නිදැල්ලේ...

තොටමුණක් කෝ කොහිද
තරු ලකුණු  නිනව් නැති දනව්වේ
වාරු බැඳි රුවල් අත් ගිලිහිලා
කවුරුන්ද මං ලකුණු සැඟෙව්වේ..


.............

ධීවර භාෂාවත් එක්ක කළ අත්හදා බැලීමක්...

අම්බාව - දැල් ඇදීමේදී වෙහෙස නිවා ගැනීමට සිදුකරන සමූහ ගායනය
පාඩුව - දැල එළීම සහ ඇදීම කරනු ලබන ප්‍රදේශය 

පුලුක්කන - මුහුද නිසලව පවත්නා කෙටි කාල සීමාව 
ඇනියෙන් ගියත් කොයි අවරෙන් ගියත් කොයි - ජීවත්වීම හෝ නොවීම එක හා සමානව පිළිගැනීම ( ජීවත් වුණත්, මැරුණත් එකයි. )

17 comments:

  1. ////කෝඩුකාරී
    ප්‍රේමයේ නුරාගි සිඳු වෙරළේ
    මා දැල් හෙලන්නී
    ස්නේහයේ මීන දෙනුවන්
    කෝ කොතැනදැයි අසන්නී
    කෝඩුකාරී...////////////

    හරිම ලස්සනයි තරු, සාර්ථක අත්හදා බැලීමක්!!!!!

    https://www.youtube.com/watch?v=Ht8CExPGBmY

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. <a href="https://www.youtube.com/watch?v=Ht8CExPGBmY>නිකං ඉන්න වෙලාවක මේ සින්දුව අහලා බලන්න.</a>

      Delete
    3. මරියසිලෝ මගේ මරියසිලෝ
      රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ //

      අඹකඳවිල ඔරු තොටුපොළ
      මේ මම උන් කල දැල් එල එල
      උඹ දුන් බර කැඳ ගොටුකොල
      පිනවයි බොල මගේ මන දොළ

      මරියසිලෝ මගේ මරියසිලෝ
      වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ //

      නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
      නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
      සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
      සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
      උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
      උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ

      මරියසිලෝ මගේ මරියසිලෝ
      රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
      ඒයි මරියසිලෝ මගේ මරියසිලෝ
      රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ

      අඹකදවිල ඔරුතොටුපොළ
      මේ මම උන් කල දැල් එල එල
      උඹ දුන් බර කැඳ ගොටුකොල
      පිනවයි බොල මගේ මන දොළ

      මරියසිලෝ මගේ මරියසිලෝ
      වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ

      ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
      ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු
      මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
      මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
      උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු
      උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු

      මරියසිලෝ මගේ මරියසිලෝ
      රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ //

      අඹකදවිල ඔරුතොටුපොළ
      මේ මම උන් කල දැල් එල එල
      උඹ දුන් බර කැඳ ගොටුකොල
      පිනවයි බොල මගේ මන දොළ

      මරියසිලෝ මගේ මරියසිලෝ
      වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ

      මරියසිලෝ මගේ මරියසිලෝ
      වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
      රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ ///

      නලින් පෙරේරා මේ සින්දුව කියනවා අහල තිබුණා... මුල් වතාවට අවධානයෙන් ඇහුවෙ. ස්තූතියි...

      Delete
    4. ලින්ක් එක හරි ගැස්සුවාට ස්තූතියි රසික.
      නලීන් මේ සින්දුව ලස්සනට කියනවා. මේක තමයි ඔරිජිනල් එක.

      ගායනය/සංගීතය.....ප්‍රදීප් තුෂාර ගෝවින්නගේ
      පද....රන්ජිත් වර්ණකුල

      Delete
  2. කොඩුකාරියක් නොවෙමි
    ප්‍රේමයේ,
    කොඩුකාරියක වෙමි
    ඔබේ හද පුදසුනේ

    සොඳුරු අම්බාව
    හද විණාවට වැඩියෙන්
    රැව් දේ සවන් තුල
    ලය පුරවා ආලයෙන්

    නිදැල්ලේ පාවේවි තිබුණත්
    ජිවිතේ
    ආදරේ දැල් දමා
    අදින්නෙමි ප්‍රේමයේ

    තරු ලකුණු නැති නමුදු
    මග සොයා ගන්නට
    ඇති ඔබේ හද සුවඳ
    තවම මට එන්නට.....


    ReplyDelete
    Replies
    1. මේ කවිය නංගිද කියල දුන්නෙ... හරිම ලස්සනයි.

      Delete
  3. වෙනද වගේමයි... ලස්සන පද පෙළ.. වචන වල තේරුම් දැම්ම එකත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔයා ගැනත් මතක් වුණා තේරුම් ලියද්දි

      Delete
  4. සින්දූපමාන ප්‍රේමයක්.. අපූරුයි තරු අක්කා.. ගීයක් ව ගැයෙනවා අසන්නට බලා ඉමි.. හර්ෂණගේ වගේ හඬකින් ගැයෙනවා නම් මල් හතයි..!

    ReplyDelete
    Replies
    1. ගීතයක ගතියක් මටත් දැනුණා... එහෙමනම් තව වෙනස් වෙන්න ඕන...

      Delete
  5. වෙනස් මානයක බස් වහරට එක්ව යන කව් පෙලක්..සුන්දරයි

    ReplyDelete
  6. ලස්සනයි. මේක අර වෙඩිවර්ධනගේ බත්තලන්ගුන්ඩුව පොත කියවල ලිව්වා එකක්ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක ලියවුණේ මුතුපන්තියෙ කළ සංචාරයක් නිසා... බත්තලංගුණ්ඩුව මතක් වෙන එකත් හරි. ධීවර ජීවිතම තේමා වෙලා තියෙන නිසා...

      Delete
  7. බත්තවංගුණ්ඩුව මතක් උනා..වචන පෙල ගැස්ම අපූරුයි නෙව

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...