පිටු

Tuesday, December 31, 2013

ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට...






2013 දුරුතු මහේ දවසක හිම කැටයක් හමුවුණා මට....
නොලියවුණු කවි කන්දක් පාමුල හුදකලාවක හිර වුණ...
හීතල හිම කැටයක් උණත් හරිම උණුසුම් හදවතක්...
තනිකමට සින්නක්කරව පවරා දුන්
ගල්ගැහුණු හදවතත් සැළුණා සත්තකින්.....

නපුරුයිලු 2013 බොහෝදෙනෙක් සාංකාබර සිතින්...
ඒත් සුන්දරම වර්ෂයයි ජීවිතේ  පුරාම හමුවුණ මට නම්...
මගේ ‍නොවන මගේම ප්‍රේමයක් හිත රැුණ...
ුළුත් ගැලුවා හීතලට... සුසුමන් නැගුණා උණුහුමට...
ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට...

ළා හ එළියේ කප්පරක් කණාමැදිරි රැුම් එළිදකින..
සීනියාස් මල් යායට.. දාස්පෙතියා මල්ගොල්ලට
මැදිවුණු හුදකලා පුංචි ගෙපැළක...
පණගැහෙන ප්‍රේමණීය හදවතක්... ඉතිරි කළා මට 2013

මුවින් මුව පැතුවත් සුබ නව වසරක්...  
සුබවෙන්නෙ කොහොමද නව වසර....
දිළින්දන්ටත්.. සොබාදහමටත් සරණක් නැති මෙහෙව් දේශයක...
හිතන සිතුවිල්ලටත් වැට බින්නට අර අදින අරුමපුදුම බිම්කඩක...
බලාපො‍රොත්තුවක් පමණයි ඉතිරි මනුස්සකමේ නාමයෙන්....
අත්අල්ලාගන්න එකට... ජීවිතේ පුරාම රැකගත් හොහිත් එක්ක...

මිනිස්කම වෙනුවෙන්... ප්‍රේමයෙන්... මෛත්‍රියෙන්
තවත් පියවරක් ඉදිරියටම යන්න 2014 දිත්
ධෛර්යයම ලැබේවා... හැම හිතකටම...

35 comments:

  1. නව වසරත් මෙලෙසින්ම සාර්ථක වේවා තරූ...!
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ නව වසරක්... නව වසර සුබ වේවි නිසැකවම ප්‍රාර්ථනාවන් යහපත් නිසා...

      Delete
  2. සාර්ථක නව වසරක් වේවා තරු අක්කේ !!!

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේවත් ඔයාගෙම කියලා නිර්මාණයක් එළි දක්වන්න පුලුවන් වේවා කියලත් පතනවා !

      ආනන්දයෙන් ප්‍රඥාවට යන ලස්සනම ලස්සන නව කතාවක් දෙන්ඩ අපට.

      Delete
    2. සුබ පැතුමට තුති... ඔයාටත් ධෛර්යවන්ත නව වසරකට ආසිරි මල්ලි..

      නවකතාවක් ලියන්න නම් ආසයි මල්ලි... ඒත් ඒ තරං හපන්කමක් කරන්න හැකි වේවිද?

      අවුරුද්ද පුරාම ඔයා තරුරසී ලියවිලි එක්ක හිටියා... ස්තුතියි මල්ලි...

      Delete
  3. ලබන්නා වූ නව වසර සුබ දායක වසරක් වේවා ඔබටත් තරු....

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් නලින් ඔබටත්..

      Delete
  4. Replies
    1. අමුතු සුබ පැතුමක්.. කොහොම වුණත් ස්තුතියි... ඔබටත් සුබ නව වසරක්...

      Delete
  5. සුභම සුභ නව වසරක් වේවා අක්කේ සතුටින් ඉතිරේන්න ඕනේ !!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සතුටින් ඉතිරෙන සුබ නව වසරක් නංගී

      Delete
  6. කවියක් වගේ ලියවනිල්ලක් ද, ලියවිල්ලක් වගේ කවියක්ද?

    මොකක් වුනත්

    හැපි මෙව්වා එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. මේ නොකවි ගණයට අයත් එකක් මට හිතෙන්නෙ...

      ඔබටත් 2014 සුබ වේවා අයියේ..

      Delete
  7. වසන්තයේ පැතුම් මල් පුදින සුබ නව වසරක් වෙවා

    ReplyDelete
  8. සියලු පැතුම් ඉටුවන තව කවි සිතිවිලි පහල වෙන සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. අගේ ඇති සුබ පැතුමක්.. ස්තුතියි...

      සුබ නව වසරක් ඔබටත්...

      Delete
  9. සිතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!!!
    ගොඩ වදින්න අවසරයි.. දිගටම

    ReplyDelete
    Replies
    1. අවසරයි.. අවසරයි...

      සුබ නව වසරක් ඔබටත්..

      Delete
  10. හිම කැටයකින් පටන් අරන් තිබ්බම මට එක පාර ඔළුවට ආවේ මගේ ඩ්‍රාෆ්ට් එකේ තියෙන පෝස්ට් එකක්.. මේකට කවියක් කියන්නද කතාවක් කියන්නද? කෝම වුනත් ලස්සනයි..

    සුහ නව වසරක් වේවා අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඩ්‍රාෆ්ට් එක පෝස්ට් කරන්න බලන්න...

      ස්තුතියි මල්ලි පසුගිය වසර පුරාම ඔයත් නංගිත් මට දුන්න ආදරයට.. හොදහිතට...

      ඔයාල දෙන්නටත් සුබ නව වසරක්ම වේවා.. එකම කැදැල්ලක කූඩු වෙන්නට ලැබෙන..

      Delete
  11. //ඒත් සුන්දරම වර්ෂයයි ජීවිතේ පුරාම හමුවුණ මට නම්...
    මගේ ‍නොවන මගේම ප්‍රේමයක් හිත රැඳුණ...//

    මටත් කියන්ට තියෙන්නේ මෙච්චරයි. :)
    තරුට වාසනාවන්ත නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි නොවෙනස් ආදරයෙන් වසර පුරාම හිත ළගින් උන්නට...

      ඔයාටත් සුබ නව වසරක්...

      Delete
  12. එසේනම් ගෙවීගිය 2013 වසරට වඩා උදාවුන මේ 2014 තරු අක්කාටත් සාමය,ප්‍රේමය පිරි නව වසරක් වේවා.....!!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ධෛර්යයයෙන් ආදරයෙන් පිරුණු නව වසරකට ආසිරි මගෙන්..

      Delete
  13. ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි... සතුටින් ජීවිතේට මුහුණදෙමු නේද?

      Delete
  14. //බලාපො‍රොත්තුවක් පමණයි ඉතිරි මනුස්සකමේ නාමයෙන්....
    අත්අල්ලාගන්න එකට... ජීවිතේ පුරාම රැකගත් හොඳහිත් එක්ක...//

    නව වසරෙදි තවත් බොහෝ අත් අල්ලාගන්නට හැකි වේවා!!!

    ReplyDelete
  15. එය නම් එසේම වේවි තමයි තිසර.. අද උදේ අත්දැකීම්වලින්ම මට එහෙම හිතුණා...

    ReplyDelete
  16. Replies
    1. ඇනෙන්නෙ නැති සුබ අනාවක් නේද?

      Delete
  17. අමුතුයි....
    සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
  18. සුභ නව වසරක් තරූ :)

    ReplyDelete
  19. උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...