පිටු

Wednesday, December 18, 2013

උඳුවප් සීත සමග


ඳුවප් සීත සමග
නත්තල් මතක ඇවිත්
හිත ළ කරමින් සක්මන්
ඉපදෙනු මැනවි යළිත්
පවසයි මා හද රහසින්...

නත්තල ආදරයයි
ආදරෙ මංගල්ලෙයි
පවසයි මා හද  රහසින්
තැවි තැවී සිටියා මිස
නොලැබෙන ආදරේ ගැන
පෑවද ආදරේ සැබවින්
නත්තල විමසයි මහදින්....

නත්තල ජීවිතයයි
ජීවිතෙ මංගල්ලෙයි
පවසයි මා හද රහසින්
ගෙවෙමින් යන විදියට
ගෙවෙන්න හැරියා මිස
ජීවත් වුණාද හැබහින්
නත්තල විමසයි මහදින්.....

පද රචනය - මහින්ද නාමල්
තනු නිර්මාණය සහ ගායනය - ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා


‘‘කිතුසර  කණ්ඩායම නිර්මාණය කළ ‘‘උපතකට ගැයෙන ගී නත්තල් ගීත එකතුවේ එන මං කැමතිම ගීතයක් මේ....... මට මාවම ප්‍රශ්න කර ගන්න, මට මාව අළුත් කර ගන්න මතක් කරල දෙන නත්තල් ගීතයක්...

මමත් අහනවා වෙලාවකට මගෙන්...

නොලැබෙන ආදරේ ගැන තැවි තැවී සිටියා මිස පෑවද ආදරේ හැබහින්... ?

ඇයි නැත්තෙ... හැමදාමත් කළේ ඒකනේ... මගේ හිත කියනවා... ඒ ගැන තියෙන්නෙ සතුටක්... මමත් ඩිංගක් හරි ආදරවන්ත කෙනෙක් වෙන්න ඕනෙ... ඒ නිසානෙ මේ තරම්ම ආදරණීය මිනිසුන් ඇසුරට ලැබෙන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙන්නෙ...

ගෙවෙමින් යන විදියට ගෙවෙන්න හැරියා මිස ජීවත් වුණාද හැබහින්?

අන්න එතැන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... නිදහසේ පාඩුවේ ඉන්න තියෙන කැමැත්ත, සරල සන්සුන් දිවියකට ඇති අසීමිත ඇල්ම, ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න අකමැති අලස ගතිය... මෙන්න මේ වගේ කාරණා නිසාම මට ම ප්‍රශ්නයක්... මම ජීවිතේ ගෙවෙන්න හැරියා මිස හැබහින්ම ජීවත් වුණාද කියන එක...


නත්තල් හීතලේ උපතකට ගැයෙන ගී එකතුවේ හැම ගීයක් ගැනම ලියන්න හිතක් තිබුණා.. ඒත් අම්ම දරුවෙක් වෙලා, මං ඒ දරුවගෙ අම්ම වෙලා හිත මහා ගින්දරකින් දැවෙද්දිත් සනසමින්, නළවමින්, කවමින් පොවමින් එහෙ මෙහේ දුවමින් ගෙවුණු පහුගිය කාලෙ ලියන්න තරම් නිරවුල් හිතක් තිබුණෙ නෑ... දැන් ඉතින් අම්ම ආයෙම අම්ම වෙලා, මං ලොකු දූ වෙලා ඈ නිරෝගී සුවයෙන් ඉන්න නිසා හිත සැහැල්ලුයි...

ඒත් ලිවීමේ උවමනාව මහා මේඝයක් වගේ හිත පුරා සැරිසරද්දිත් සිතුවිලි උල්පත කොහෙදෝ තැනක හිරවෙලාද කියලත් හිතෙනවා... රුවන්ගේ ‘‘මීළ මීවිත කවි එකතුව එළිදුටු මොහොතෙත් හිතුණෙ කාලෙකින් කවියක් ලිව්වෙ නෑ නේද කියල.. මගේ කවි හිත අවතැන් වෙලා...

ආයෙම... ආයෙම... ආයෙම... මට මං වෙන්න කවදා හැකි වෙයිද?



7 comments:

  1. අම්මා දැන් සනීපයෙන් නම් ලොකු දෙයක්... ගීතය බොහොම හොඳයි... හැමදාම ඇහෙන දේට වඩා වෙනසක්...

    //ආයෙම... ආයෙම... ආයෙම... මට මං වෙන්න කවදා හැකි වෙයිද?//

    මේ මොහොතෙත් ඔයා ඔයාම තමයි... සමහර විට ඔයා හිතං හිටියට වඩා පොඩ්ඩක් වෙනස් ඇති.. ඒත් ඒ ඔයාම තමයි :)

    ReplyDelete
    Replies
    1. උපතකට ගැයෙන ගී සීඩී එකේ හැම ගීතයක්ම වෙනස්... අහල බලන්න තිසර..

      ඇත්ත මේ ඉන්නෙත් මම ම තමයි... මට වෙන්න ඕන මම නෙවෙයි...

      Delete
  2. සන්තානම් මෑණියනි... මහින්ද නාමල් අයියා සිංදුත් ලියනවද ?
    ලස්සනයි නෙ. !
    මේ ඒක නෙමේ... මට මහින්ද නාමල් අයියෑ දේශනයක් තිබ්බොත් කියන්ඩ ඈ.. හරිද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කියන්නම් මල්ලි...

      Delete
  3. මට මං වෙන්න පුළුවන් වෙන්නේ සියළු වගකීම් වලින් නිදහස් වුනාමයි..එතකම් මට මං වෙන්න අමාරුයි..මම මේ කියන්නේ මම හිතන මං සහ මට වෙන්න ඕන මං ගැන.

    ReplyDelete
    Replies
    1. යුතුකම් සහ වගකීම් ඉටු කරන්න ඕනනෙ කොහොමත් අපේ ආදරණීයයන් වෙනුවෙන්.. මේ ලෝකය වෙනුවෙන්...

      ඉතින් බැදීම්වලින් නිදහස් වෙනකල් නිවන ඈතයි තමයි...

      Delete
    2. අරූ ගෙ අදහසට එකඟ යි.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...