Artist: Corby Eisbacher |
ගාබ්‍රියල් දූත තෙම
මංගලම් කියන්නට
ආවෙ නෑ තාම
අඳුර කැන්දා කුටියට
වසා දැම්මා කවුළුව
කාලෙකට කළින් මම....
නිදි නොනිදි තුන්යම
දුටු නේක සිහින’තර
සුදු පියුම හොඬින් ගත්
සුසුදු ඇත් පොව්වෙක්
උන්නෙ නෑ එළිසබෙත්....
කිරි හීන බොඳ වුණේ
අකලටම...............
කොයි දරුවත් මට
මගේ දරුවෙක්
හිත හදාගත්තා මම
අන්තිමට....
ඇත්ත එළිසබෙත්,
ඔයා කිව්ව හැමදාම
නිදිවදින්න නම්
එකයි කොයි පිරිමියත්..
ඒ වුණත්,
තුන්හිතම කූද්දන ප්‍රේමයක්
කුස දරන හීනයට තානයක්
ඇත්තෙ නෑ හැම පිරිමියෙක් ළඟම
ඒ නිසයි
තනි යහන තනිකඩව
තවම.....
ඇඹරැල්ලා මාළුවයි
පොලොස් ඇඹුලයි
පරිප්පු තෙම්පරාදුවට
පරිප්පු තෙම්පරාදුවට
කලවම් පලා මැල්ලුමයි
කෙහෙල් කොලයේ එතූ
බත්පත
අරන් ආවා උදහැනැක්කෙම
අතිජාත මිත්‍ර ස්නේහයට
උත්තමාචාරය උත්තරීතර
කුස ඔත් දරු කළලයද
ඉල්පුණා මෙනි ප්‍රේමයෙන් බරව...
ඉතින්, එළිසබෙත්
අම්මලා වෙන්න හැකි නෙවැ අපට
එකම දරු පැටියෙකුට.............
2014.08.06
අපූරුයි.. රහයි.. එහෙම නොවන එකයි කරුමේ...
ReplyDeleteලස්සනයි තරු....
ReplyDeleteග්‍රේබ්‍රියෙල් නොඑන එක හොඳයි මේ සමාජයේ හැටියට. මොකද ඔහු ඇවිත් කියන්නේ මවත් නොදන්නා, ඊටත් වඩා පියාත් නොදන්නා පිළිසිඳීමක් ගැන නේ!
ReplyDeleteමෙතන ඇත් පැටියා හොඬෙන් අරන් එන්නේ (සුදු නොව) රතු නෙළුම් මලක් විය යුතුයි.
ඒක සංකේතයක්.
කෙසේ වෙතත්, ඔබ ගේබ්‍රියෙල් සහ ඇත් පැටවා සංකේත සහිතව ලියූ මේ කවිය මට සිහි කෙරුවේ මංජුල වෙඩිවර්ධන ලියූ ගොල්ගොතාවේ මලුව අමඳින්නී ගීතයයි.
ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී
Deleteපෙම් කතාවේ මළුව අමදින්නී
මග්දලාවේ මරියනී
වන්දනාවේ
වංක ගිරියේ
අම්බපාලී
මග්දලාවේ මරියනී
කැට මුගුරු ගෙන පසුපසින් ආ උවැසුනේ
ඝන අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
අනේ මරියා රුදුරු කතරක තනිවුණේ
සංසාර අසපුවේ ගීතිකාවෝ රැව් නැගී
කම්මුලේ අත ගසාගෙන සඳ ඉකිබිඳී
ඔරසමේ හද විලාපය මත මල් පිපී
ජීවිතේ හැටි කියා දුන්නෙද මරියනී
http://monsoonmn.wordpress.com/
Deleteසින්දුව මෙතනින් අහන්න:
Deletehttp://www.boondi.lk/article.php?ArtID=906
Singer: Amarasiri Peris | අමරසිරි පීරිස්
Music: Darshana Ruwan Disanayake | දර්ශන රුවන් දිසානායක
Lyrics: Manjula Wediwardena | මංජුල වෙඩිවර්ධන
කකා.....මේ ගීතය හොයලා දුන්නාට බොහෝම ස්තූතියි!! වරක් දෙකක් ඇහුවා. අමතක වෙලා තිබුනේ. ඉතාම රසවත් ගීතයක්.
Deleteඅපුරුයි...
ReplyDeleteදුකයි...
හිතට අල්ලල ගිය අපූරු නිර්මාණයක්...
ලස්සන කවි සිත්තම.. මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කියෙව්වා වගේ !
ReplyDeleteඑලස්....
ReplyDeleteඑළිසබෙත් හොයාගෙන එළිසබෙත් ගාවට ඕනේ කෙනා ඇවිදින් වගේ අන්තිමේදී හරි.
ReplyDeleteTharu...++++++++++
ReplyDeleteලස්සනයි තරූ අක්කේ..
ReplyDeleteකියන්න දෙයක් නෑ ලස්සනයි....
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteඑළිසබෙත් බැහැදැකලා තවම ඇවිත් නෑ වගේ...
ReplyDelete//අම්මලා වෙන්න හැකි නෙවැ අපට
එකම දරු පැටියෙකුට.............//
මේකට උත්තරේ මේ කවියෙම තව තැනක තියනවා...