කහපාට ආදරය වත්පොත මත වරින් වර සැරිසරනු දිටිමි. ආදරය කහපාට
වන්නේ කෙසේද? මෙතරම්ම පිරිසක් මේ කහපාට ආදරයට ඇලුම් වන්නේ මන්ද? සොයනු රිසින්
වත්පොතේ සටහන් වූ මං ලකුණු ඔස්සේ මම නිධාන කතාව සොයා ගියෙමි.
හමුවූ නිධානය ‘තිලක සිත’ය.
ඒ වියුණු සටහනකි. ( බ්ලොග් අඩවියකි. ) කහපාට
ආදරය මසිත දිනා ගත්තේය. එබැවින්ම අතරින් පතර තවත් සටහන් කිහිපයක් කියවා බැලීමි. රස
ය. අතීතකාමයෙන් මෙන්ම, මනුෂ්‍යත්වයේ අසිරියෙන් මත්වන්නට රිසි වන්නාවූ සිත් පැහැර
ගැනීමේ හැකියාවක් තිලක සිතට ඇත. අතිශයින්ම සරල ය. එහෙයින්ම සිත්ගන්නා සුළුය. එතැන්
සිට මම තිලකසිතෙහි නිත්‍ය රසිකාවියක් වීමි.
මේ සිදුවීමට මසක් ඉක්මෙන්නටත් මත්තෙන්
රංගිගෙන් සිහි කැඳවීමකි.
‘‘තරූ, අපේ තිලකෙගෙ පොත එනවා. තිලක සිත.
අගෝස්තු 08 වෙනිදා. දිනේ වෙන් කරල තියාගන්න.” එදිනට යන්නෙමැයි සිත
ගිවිසා ගත්තේ ඒ මොහොතේය.
...........
තිලක සිත එළිදැක්වූ දවස කිසිදා මතකයෙන්
බැහැර නොවන්නකි. ඔව්නි, දෙව්නි දියණියන් තිලක ජීවිතය, තිලක සිත පොත මෙන්ම උළෙලද
හැඩ කළෝය. පහන් දැල්වීමට ඇරයුම් ලැබූවන් පිළිබඳව කෘතවේදීව කළ විවරණයන් බෙහෙවින්
සංවේදීය. මනුස්සකමේ සොඳුරු සුවඳ යාවී තිබිණි. එකී විවරණයන් කෘතියේ අන්තර්ගත
කතාවලින්ම උපුටා ගත් බව පසක් වූයේ පොත කියවන අතරතුරය.
සහෝදර බ්ලොග්කරුවන් වන නලින්, ඉවාන්, සුධීක
දැන හඳුනාගන්නට ඉඩ ලැබිණි. මාලතී සමඟ දීර්ඝ අල්ලාපසල්ලාපයකට ඉඩ දෙමින් රාත්‍රිය
පමාවූ දවසකි.
............
තිලකසිත, තිලකසිරි ඒකනායකගේ ය. ඔහු
වෘත්තියෙන් ඉංජිනේරුවකු වුව ද පුවත්පත් කලාවේදියකු ලෙසද කලක් සේවය කර ඇත. කතුවරයාගේ
ළමාවිය, පාසල් අවධිය, සරසවි දිවිය, පවුල් ජීවිතය, මෙන්ම රැකියා ජීවිතය තුළ ඔහු ලැබූ
අත්දැකීම්ද, ඔහු ම කියන පරිදි දශක හතරහමාරක ජීවිත ගමනේ ඇසු දුටු දෑද කෙටි කතන්දර
ලෙස මෙහි අන්තර්ගත ය.
තිලක සිත ගැන මතක සටහනක් තැබීම යුතු යැයි හැඟුණේ,
එය සහෝදර බ්ලොග්කරුවකුගේ කෘතියක් නිසාම නොවේ. මනුස්සකම් ගැන අපුරු පාඩම් රැසක්
කියාදෙන සරල සොඳුරු කෘතියක් වන බැවිනි. එක හුස්මට කියවිය හැකි කෙටි කතන්දර
ගොන්නකි. තිලක සිත කෘතිය, කතුවරයා විග්‍රහ කර ඇත්තේ ද ‘‘ජීවිතය......... කතන්දර
ලෙස” යනුවෙනි.
‘‘මගේ දැලි රැවුල” ළමාවියේ මතක ඇසුරින්
ගෙතුණු කතාවකි. මුහුණේ දැලිවලින් සිත්තම් කරගන්නා රැවුල පෙන්වමින් නිවැසියන් පිනවන
පොඩිත්තෙකි. ඔහු සවස වැඩ ඇරී පැමිණෙන පියා සොයා දිවෙන්නේද ඒ මුහුණේ මතුවන සිනා දකිනු කැමැත්තෙනි. නමුත්
ලැබෙන්නේ බැනුම් වරුසාවකි. ඉකිබිඳිමින් හඬා වැටෙන පොඩිත්තා මවගෙන් විමසනුයේ අපුරු
පැනයකි. ‘‘කවද හරි මගේ මූණෙ ඇත්තටම රැවුල ආවොත් එදාටත් තාත්ත මට බනියිද?”
ඒ පොඩිත්තා කවුදැයි
අමුතුවෙන් කියන්නට අවැසි නැත. නුදුරු දිනෙක චූටි උක්කුන් සීයා වන්නට නියමිතව
සිටින්නේද ඔහු ම ය. රහස දැනගන්නට තිලක සිතේ ‘චූටි උක්කුන් අයියා’ කියවිය යුතුය.
ශ්‍රී පාන් බාගේ, අමරා සමග ට්‍රිප් එකක්,
ලෝක රස්තියාදුකාරයා, ගුරුතරුව, වට්ටක්කා එවැනිම ළමා වියේ මතක ඇසුරින් ලියැවුණු
රසවත් කතා කිහිපයකි.
අතීතයට, ගමට, පවුලට, මනුෂ්‍යත්වයට ඔහු දක්වන
ළැදියාව අප සමාන හදවත් ඇත්තවුන් බව නැවත නැවතත් සිහිපත් කරවයි. සොඳුරු සිතැත්තියගේ
උපන්දිනය, බත්පිඟන් තුන, රිදී පහන් වැට, ලොකු අක්කා ඒ බවට නිදසුන්ය.
වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඇසුරින් ලියැවී ඇති
තුන්වැනි දේශකයා, අමුත්තා, කැස්පියන් හඳ.... රසවත් කතන්දර ය. ඇසු දුටු සිදුවීම් ඇසුරින්
ලියැවී ඇති අම්මා අම්මා, පහුවෙලා හමු වූ තාත්තා, කහපාට ආදරය..... ජීවිතය, මනුෂ්‍යත්වය
ගැන සෙනෙහස දල්වයි.
සරසවි ජීවිතය ඇසුරින් ලියැවී ඇති කතා විටෙක
හාස්‍යයද, තවත් විටෙක රිදුමද කැඳවයි. කතුවරයාගේ සරසවි දිවිය ලාංකීය සමාජයේ ප්‍රබලතම
භීෂණ යුගයකට සමපාත වීම මත ගෙතෙන කතා අහිමි වූ වටිනා තරුණ ජීවිත ගැන මහත් කම්පාවක්
ඇති කරයි.
ඔවිනි සහ දෙවිනි කතුවරයාගේ ජීවිතයට මෙන්ම
තිලක සිත බොහෝ කතාවලටද ජීවය දුන් දේවදූතිකාවෝය. දෙදෙනාගේ ළමාකම මැනවින් මතුවන චිත්‍ර
සටහන් කෘතියට ගෙන එන රමණීයත්වයද අපූරුය. ඔවිනි ගේ දඟකාරකම් සමඟ මව්පිය දූ දරු
සම්බන්ධතා ගැන මනෝ සිත්තමක් මැවෙන අවසන් කතාව බෙහෙවින් මගේ සිත් ගති.
‘‘ඔයා බත් කෑවද?” එකී කතාවේ මාතෘකාවයි.
දඟකාර දියණියකගේ සහ පියෙකුගේ ආදර බැම්ම ගැන කියැවෙන සංවේදී සිදුවීම් කිහිපයක් එහි
ඇතුළත් ය.
‘‘මීට අවුරුදු දෙක තුනකට කළින් දවසක් මම
දාඩිය දමා තිබූ කමිසය ගළවා පුටු ඇන්දේ එළා පත්තරය කියවමින් සිටියෙමි. ඊළඟ පුටුවට
ළමා පත්තරයක් සමග පැමිණි ඔවිනි මා කළ ලෙසම පුංචි ටී ෂර්ටය ගලවා පුටු ඇන්දේ දමා
පත්තරය කියවන්නට පටන් ගත්තාය.
‘තාත්තෙ, තාත්තෙ’ ඊළඟට ඇගේ කරච්චලය පටන්
ගත්තාය.
‘තාත්තා දන්නවද වැඩක්. මෙහෙම ෂර්ට් එක
ගලවාගෙන නිදහසේ ඉන්න පුලුවන් මේ ගෙදරින්ම තාත්තටයි මටයි විතරනේ. මටත් තව ටික
කාලෙකින් එහෙම ඉන්න බැරි වෙනවා.’
ගැහැණු ළමයින් වයසින් වැඩෙන කතාව ඇය දුටු
සුන්දර විලාසය ඒ විදිහ ය. ඇයගේ අලුත් උපන්දිනයක් එළඹෙන විට මට සතුටක් සේම බර
කල්පනාවක්ද හිතට එන්නේය. අපි හැමෝම ආපහු වතාවක් ළමා වියට අතින් අල්ලාගෙන යන්නට
සිටින්නේ ඇයයි. ඒ තව අවුරුදු කීයකටද?
269-270 පිටු
‘‘...... කියන්න පුතේ මොකක්ද ඕනි ඔයාට. අනිද්දනේ
බර්ත් ඩේ එක?”
ඇය මහා පුදුම ප්‍රශ්නයක් මගෙන් ඇසුවාය.
‘‘තාත්තේ කාටවත් තුවාල වෙන්නැති පොඩි
බෝම්බයක් කීයක් විතර වෙයිද?”
දෙයියනේ මේ කෙල්ල අහන්නේ මොකක්ද? මම
තෝන්තුවාවට පත්වීමි.
‘‘මොකද මොකද පැටියෝ එහෙම එකක් ඉල්ලන්නෙ?”
‘‘නෑ, ඔය තාත්තගේ ලැප්ටොප් එකට ගහන්න
හිතෙනවා මට පුංචි බෝම්බෙකින්.”
270 පිටුව
මව්පියන්ගේ ආදරය, අවධානය, ඇගයීම දරුවන්
කොතරම් නම් බලාපොරොත්තු වෙනවාද? ඒ තැන පරිගණකය, දුරකථනය හෝ අන්වස්තුවක් හෝ
පුද්ගලයෙක් අයත් කර ගැනීම කොතරම් මානසික පීඩනයක් දරුවකු තුළ ගොඩනගනු ඇත්ද? ඔවිනිගේ
බෝම්බ කතාව දුටු සැණින් මා සිතුවේ ඒ ගැන ය.
අතීත මතක අවුස්ස අවුස්සා රසවත්ව ගොතන්නට
තිලකසිරි හපනෙකි. ඒ වගට තිලක සිත සාක්ෂි ය. මතකයන් කොතරම් දීර්ඝ වුවද එය කෙටි කර,
අතීතය වර්තමානය මනාව පාස්සමින් පාඨකයා වෙහෙසපත් නොකරන කතන්දර ශෛලියක් ගොඩනගා ගන්නට
කතුවරයා සමත්ව ඇතැයි සිතේ.
මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ සැනෙන්, සංස්කරණයකටහෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි.
මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ සැනෙන්, සංස්කරණයකටහෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි.
අතීතය රහ කරන්නට, අතීත කඳුලකින් වුව සහනශීලී
සිනාවක් වර්තමානයට ගෙනෙන්නට, මනුස්සකමේ අසිරියෙන් දෑස තෙත් කරගන්නට, කතා ගොත ගොතා
සිනා මවන්නට රිසි පාඨකයින් තිලකසිතට මනාපය පිරිනමනු ඇතැයි සිතමි. සරලව, රසවත්ව
කතන්දර ශෛලියෙන් ගොඩනගන බොහෝ ජීවිත අත්දැකීම් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීමට
සමත්ය.
මිල රු. 400
කි. කර්තෘ ප්‍රකාශනයකි.
...............
බ්ලොග් අඩවියක පළවන ලිපි මුද්‍රිත මාධ්‍යයෙන්
නැවත එළිදක්වන විට එම කෘති හඳුන්වන්නේ Blook නමින් බව
තිලක සිත එළිදැක්වීමේ උළෙලේ අශෝක ඩයස් මහතා කළ කතාවෙන් දැනගන්නට ලැබිණි. මේ
පිළිබඳව වත්පොතේ ඇතිවූ සංවාදයකදී පැතුම් කියා තිබූ පරිදි මින් පෙර එවැනි පොතක් පළ
වී ඇත. ඒ c-u-l-t.බ්ලොග් අඩවියේ පළ වූ ලිපි ඇතුළත් කොට චින්තන ධර්මදාස එළිදැක්වූ
Cult කෘතිය ය. තවත්
බ්ලූකයක් ළඟදීම එළිදකින බව දැනගන්නට ඇත. ඒ ඉසිවර පරපුරේ සංවේදී වෛද්‍යවරියක වන බෝධිනී
සොයුරියගේ අනිත් කොන කෘතිය ය. තරුරසීත්
මුද්‍රිත කෘතියක්ව දෝතට ගැනීමේ සිහිනයක් සිතෙහි දළුලන්නේ මේ මං ලකුණු ඔස්සේ ය.
ලංකාවේත් අනාගතයේ
දිනෙක බ්ලූක් සම්මාන උළෙල ක් පැවැත්වෙනු ඇතැයි
සිතිය නොහැකිද? එසේ වේවායි පතමු.
බ්ලුක් සම්මාන උළෙලක් තිබ්බොත් තරු අක්කාටත් සම්මානයක් නියතයි...:)
ReplyDeleteමේ පොත අරගන්න පුළුවන් කොයි වගේ තැන් වලින්ද ?
සම්මාන කෙසේ වෙතත් තරුරසී නමින් පොතක් කරන්න ආසයිි...
Delete"තරුරසී"ටත් පොත් රාක්කයේ ඉඩක් වෙන් කර තබමි.
ReplyDeleteතුති වේවා............
Deleteතිලකසිත ගැන හැමෝම ලියන කියවන දේවල් දකිද්දි ලොකු සතුටක් දැනෙනවා. දන්න තරමින් තිලකසිත සිංහල බ්ලොග් කලාවේ මිහිරිම ඉමක් හොරකම් කරගෙන. ඔහුගේ සංයමයෙන් ලියවෙන සංවේදි රචනාවලින් අපි හැමෝම මත් වෙලා. ඒක හොඳ දෙයක් හා වෙන්න ඕනේ දෙයක්.
ReplyDeleteචින්තනගේ බ්ලොග් එක පේපර් ආටිකල් බ්ලොග් එකට එන එක නේද වෙන්නේ? රන්දිව පත්තරේද කොහෙද මේ ලිපි පලවෙනවා. ඊට පස්සෙයි බ්ලොග් එකට එන්නේ මා දන්නා තරමින්. ඒ සටහන් නම් පොතක් වුනා. ඒකට හරියටම blook කියන්න පුලුවන්ද?
ඒත් එක්කම තරුරසී කියවන්නත් ඉක්මණින් අපිට ඉඩක් ලැබේවි කියලා උපරිමයෙන් බලාපොරොත්තුවෙනවා. ;)
Deleteපත්තරෙන් බ්ලොග් එකට ආව නම් ඒ ලිපි ඇතුළත් මුද්‍රිත කෘතිය බ්ලූක් වෙනවද කියන එක ගැන නම් හොයා බලන්න ඕන............ රංගි.....
Deleteඔයයි මුලින්ම තිලක සිත පොත ගැන ආරංචිය ගෙනාවේ... ස්තුතියි.
පොත හොඳින්ම කියවා එහි අන්තර්ගතයේ තැනින් තැන උපුටා දක්වමින් ලියු මේ සටහනේ මම වඩාත් අගය කරන කොටස මේකයි .//මේ කතා ගොන්න තවත් ඔපමට්ටම් කළ හැකි යැයි මම සිතමි. බොහෝ විට අප බ්ලොග් සටහන් පළ කරනුයේ ලියූ සැනෙන්, සංස්කරණයකටහෝ නැවත කියවීමකට හෝ බඳුන් නොකරමිනි. බ්ලොග් කලාව තුළ මේ ක්ෂණික බව, ඉසියුම් නොවන බව එතරම් ගැටලුවක් නොවේ. නමුත් එකී ලිපිම මුද්‍රිත මාධ්‍යයට එන විට මීට වඩා සැලකිල්ලෙන් සංස්කරණය විය යුතු යැයි සිතමි. //
ReplyDeleteබොහොම ස්තුතියු ස්තුතියි තරූ . ඔබේ පොත දොරට වඩින තුරු බලා සිටිමි. ශුබ පැතුම් !!
මට මේ පෝස්ට් එකයි, කොමෙන්ට් එකයි දෙකම වටිනවා..
Deleteස්තුතියි සුබ පැතුමට........
Deleteමෙයිනුත් එහා තිලක සිත ගැන තව මොනවා කියන්නද? ඔබේ පොතත් එනතුරු මග බලා සිටිනවා තරු.....
ReplyDeleteතරුරසී පොතක් කරමු........... තුති වේවා නලින් අයියේ....
Deleteමේක ගන්න කියලා ඕඩර් එක දීලා බලන්න ඕන..
ReplyDeleteඑහෙනම් ලගදිම මටත් බ්ලුක් එක්ක ලියන්න වෙයි වගේ..
ඔයාගෙ කතා ටික එකතු කළාම අපූරු බ්ලූක් එකක් කරන්න පුළුවන් මල්ලි...
Deleteදැක්ක ලස්සණම පොත් විවරණය තරූ. පොත කියවලා බලන්ට පුදුම ආසාවක් ආවේ..
ReplyDeleteඔයාගේ පොතත් ඉක්මණින් එලි දකීවා කියලා පතනවා...:)
තිලක සිත අතට ගත්තම හරියට පවුලෙ කෙනෙක් දැක්ක වගේ සතුටක් දැනෙනවා..........
Deleteහහ් හා...
ReplyDeleteඑදා තිලක සිත එළියට පයින දවසෙ යන්න හිතං හිටියට සෙද්දෙ ඩියුටියක් දාල මාව කෑව..
හෙට
රන්දිල් ගෙ පොල එළියට දාන දවස..
ඒකටත් යන්න බැරි යෙනව
හය්යෝ
ජීවිතේ මේතරං දුක ඇයි අප්ප
ඒකත් මටම විතරක්
ඉස්සර මගෙ ජීවිතෙත් බොහොම ළඟින් උන්නා ආරක්ෂක අංශෙ කෙනෙක්... එයත් සමහර වෙලාවට කියනවා ‘‘මම මේ ආත්මෙදි කුරුල්ලෙක්වත් කූඩු කරන්නෙ නැහැ. මාලුවෙක්වත් ඇති කරන්නෙ නෑ... මේ මොන කරුමයක්ද? ‘‘ කියල.... මහේෂ්ට වගේ ඒකාකාරී ජීවිතේ දරාගන්නම බැරි තැන තමයි ඒ විදියට කතා කරන්නෙ.... හැබැයි අනිත් වෙලාවට නම් රස්සාවට ආදරෙයි, පණටත් වඩා.........
Deleteබ්ලොග් එක කියවන අය බ්ලුක් එක ගන්නම ඕනද??
ReplyDeleteඑහෙම අනිවාර්ය නැහැ.. පෞද්ගලිකව මම නම් කැමතියි පොත මිලදී ගන්න. බ්ලොග් කියවනවට වඩා මම කැමතියි පොත කියවන්න ඒ නිසා...
Deleteඇත්තම කියන්න... බ්ලොග් කරුවන් පොත් ලියන්න ගත්තම, බ්ලොග් ලිවීමෙන් ඈත්වේයිද කියන බය මට තියනවා. කාලයක් තිස්සේ ලියන ලද බ්ලොග් සටහන් පොතක් වශයෙන් එළි දැක්වීමෙන් නම් එහෙම වෙන එකක් නැහැ. මොකද පොත ලියන්න බ්ලොගය ලියා තිබීම අවශ්‍ය වන නිසා.
ReplyDeleteමෑතකදි තවත් බ්ලොග් කරුවන් කීපදෙනෙක්ගෙම පොත් ගැන අහන්න ලැබුණා.
'අනිත් කොණ' බ්ලොග්කාරි පොත් දෙකක්ම ලියලා තියනවා. "අනිත් කොණ" සහ "මනුපුර සක්මන" නමින්. මනුපුර සක්මන කියන්නේ කවි පොතක් මම හිතන්නේ.
ඒ වගේම 'නිදහස් සිතුවිලි' ලියන රන්දිල් (බ්ලොගය නම් වැඩිපුර ලියන්නේ රවී) "සොඳුරු බාලේ ගෙවුණ තාලේ" කියලා අනුවර්තනයක් කරලා තියනවා. එයින් කතා කීපයක් බ්ලොගේත් පළවුණා.
මම තව දැක්කා, 'යව්වනය' බ්ලොග් අඩවිය ලියන චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න "ආලවක ආලිංගන" නමින් පොතක් එළිදක්වා තියනවා.
බ්ලොග්කරුවෙක් මුලින්ම පොතක් ලියලා තියනවා මම දැක්කේ 'කතන්දර'ගෙ "සිව් වසරක් මරදානේ" පොත.
'ඇල්කෙමියාගේ දිනපොත' ලියන ඇල්කෙමියා කොටස් වශයෙන් බ්ලොගයේ පලකරපු 'පිටස්තරයා' කතාව නවත්තලා ඒක පොත විදිහට එළිදක්වනවා කිව්වා. සිද්ධවුණාද කියලා දන්නේ නෑ.
'අරු ගේ අඩවිය' ලියන අරු ත් පොතක් පළකිරීම ගැන උනන්දුවෙන් හිටියා මතකයි. ඒකට හරියන්න හොඳ කතාවක් නම් අරු ලියාගෙන යනවා.
තරූ නම් කවි පොතක් කලොත් හොඳයි කියලා මට හිතෙන්නේ...
කවි පොතක් කරන්න තරම් මගේ කවි සුදුසු මට්ටමක නැහැ කියල හිතෙනවා තිසර... හැබැයි එකම එක කවි පොතක් හෝ කරන එකත් මගේ හීනයක්... කවදා වෙයිද නම් මන්ද?
Deleteපිටස්තරයා කියලා පොතක් මං දැක්කා පොත් ප්‍රදර්ශනයේදී
Deleteමේ පොත කියවලා බලන්න ඕන...
ReplyDeleteකියවන්න.
Deleteතරු මුණු ගැසීම සතුටක් ,පුදුමය කියන්න මමයි නලින් අයියයි ඔබ ගැන කතාවෙන අවස්ථාවේම තමයි එතනට ඔබ ආවේ. හරියට ඇහිලා ආවා වගේ ..
ReplyDeleteමම නලින් අයියව ඈතදිම අඳුන ගත්තා. මුහුණුපොතේ මුහුණු දැකල පුරුදුයිනෙ. දෙන්නගෙ කතාව නිම වෙනකල් බලන් උන්නට කතාවෙ නිමක් නැති නිසා තමයි ඇවිත් කතා කළේ....
Deleteඔයාලව අඳුනගන්න ලැබීම මටත් සතුටක්...
මගහැරුණු පොත්ගුලට යලි එන්න අවසරයි, බ්ලුක් වැඩේ නම් හොඳයි කියලයි මටත් හිතෙන්නේ, තාමත් සොෆ්ට් කොපිය කියවගන්න වරම් නැති පාටකයන් අතරට හාර්ඩ් කොපියක් අරන් යන්න පුලුවන්නම් මොනතරම් අපූරුද, ඔබේ පොත දොරට වදින තුරු මග බලමි. සුබ පැතුම්.
ReplyDelete