පෙම්වත,
එතරම්ම මුරණ්ඩුද
මයෙ ස්වර ව්‍යංජන
ඉස්පිලි, පාපිලි, ඇලපිලි
ඉස්සි ඉස්සී, ගැස්සි ගැස්සී
මෙතරම්ම වධ දෙනවද
ඔබට...............
මිහිරි මී පැණි ගල්වන
ඉසියුම් කවිකාරකම් පවා
නොඉවසුම් අමනාපෙන්
විස දළ පහරක්ව
හදවත පසා කරලන්නට තරම්....
එතරම්ම මුරණ්ඩුද
මයෙ ස්වර ව්‍යංජන
ඉස්පිලි, පාපිලි, ඇලපිලි
ඉස්සි ඉස්සී, ගැස්සි ගැස්සී
මෙතරම්ම වධ දෙනවද
ඔබට...............
මිහිරි මී පැණි ගල්වන
ඉසියුම් කවිකාරකම් පවා
නොඉවසුම් අමනාපෙන්
විස දළ පහරක්ව
හදවත පසා කරලන්නට තරම්....
කියන්නත් තහනම්
ලියන්නත් තහනම්
අඬන්නත් තහනම්
දොඩන්නත් තහනම්....
තියුණු ය.. මුවහත් ය...
වදනසිපත ඔබ ලෙළවන
පතිත වනු පෙරම ළය මත
සැලී සසැලී ඉරිතැලී
ආත්මය දෙදරවන..
අසනි වැස්සක්ව
සන්තානය කඩා හැලෙන....
වදනසිපත ඔබ ලෙළවන
පතිත වනු පෙරම ළය මත
සැලී සසැලී ඉරිතැලී
ආත්මය දෙදරවන..
අසනි වැස්සක්ව
සන්තානය කඩා හැලෙන....
පෙම්වත,
ඉදින් නික්මෙමි
ඉදින් නික්මෙමි
සපථ කළ හදින්
හැරී බලනෙමි වරක්
ස්වර්ගීය කවියකි ඔය දෑස
සිහිලැල්ම ස්නේහයෙන්
ඉරිතැලුණු ආත්මය සනහන....
හැරී බලනෙමි වරක්
ස්වර්ගීය කවියකි ඔය දෑස
සිහිලැල්ම ස්නේහයෙන්
ඉරිතැලුණු ආත්මය සනහන....
නවතිමි... හැරෙමි..
කඳුළකම දිය වෙමි
කඳුළකම දිය වෙමි
සුසුමකට ඇහැරෙමි
ප්‍රේමයෙහි පවතිමි........
( ප්‍රේම ගීතාවලිය 05 )
ප්‍රේම චක්‍රය.... :)
ReplyDeleteහ්ම්... හ්ම්....
Deleteමූණූපොතේ ප්‍රතිචාර......
ReplyDelete‘‘මේක හරියට කිව්වොත් ඔයා පරිස්සමින් වියපු ලස්සන සළුවක් උඩින් මංජුල තැනින් තැන මල් ඉහගෙන ගියා වගේ ...‘‘
ප්‍රේමය ඇලජික් ලු..
ReplyDeleteපෙම්බරයාණන්ට..
ඉදින් මොකටද තවත්
පවතින්නේ ප්‍රේමයෙහිම..
සුවඳයි සුන්දරයි
බාඳුරා මල වුවත්
ඇලී ගැලුනොත්නම් එසුවඳට
අවසන විනසයමැයි
ප්‍රේමය ඇලජික් අයත් ඉන්නවද? ආ......................
Deleteලස්සනයි
ReplyDeleteජයවේ තරුරසී!
තුති...
Deleteසුසුමකට ඇහැරෙමි.
ReplyDeleteප්‍රේමයෙහි පවතිමි.
අගෙයි...තරූ...
ස්තුතියි අයියේ....
Deleteසුසුමකට ඇහැරෙමි.
ReplyDeleteප්‍රේමයෙහි පවතිමි.
අගෙයි...තරූ...
කඳුළකම දිය වෙමි
ReplyDeleteසුසුමකට ඇහැරෙමි
ප්‍රේමයෙහි පවතිමි........
අගෙයි තරූ
ස්තුතියිි...
Deleteඔය ඇස් පියාන ඔහොම ඉන්න
ReplyDeleteරහසක් තියෙනව කියන්න
රහස ඉවර වුනත් එපා
මං යනතුරු ඇස් අරින්න...//
ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමයද ආදරේ
අරුමයද ආදරේ....
ඔය ඇස් පියාන.....
ස්නේහෙන් නුවන් සැලෙන
පිළිතුරු ඔබෙන් එන තුරා
ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි හදත් ගොළුවෙලා
මන්නයට අඬන්න බැරි
තව කෙනෙකුට කියන්න බැරි
මට නොලැබේද ආදරේ
නොලැබේද ආදරේ.....
ඔය ඇස් පියාන....
- කිත්සිරි ජයසේකර
මන්නයට නෙවෙයි මල්ලී...... මාන්නයට.......
Deleteමාන්නයට අඬන්න බැරි වුණාට.. රහසින් අඬන්න පුළුවන්නේ...
මුරණ්ඩු ප්‍රේමය කොයි තරම් මිහිරිද
ReplyDeleteඅසනී වැසි වැටුනාට
නොවෙනස් ආලය
සොඳුරුය කවියක් තරමටම.
හා.. හා.. කොහොමත් දැන් ඔයත් ප්‍රේම කවි ලියන කාලෙනෙ... මට වගේ අසනි වැසිම නොවැටේවා... ඔයාල දෙන්න වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය ඒකයි මල්ලි...
Deleteමනාට දුන්නනං සින්දුවක් හදයි...
ReplyDelete