පිටු

Monday, August 3, 2015

ප්‍රේමයෙහි පවතිමි....


පෙම්වත,
එතරම්ම මුරණ්ඩුද
මයෙ ස්වර ව්‍යංජන
ඉස්පිලි, පාපිලි, ඇලපිලි
ඉස්සි ඉස්සී, ගැස්සි ගැස්සී
මෙතරම්ම වධ දෙනවද
ඔබට...............

මිහිරි මී පැණි ගල්වන
ඉසියුම් කවිකාරකම් පවා
නොඉවසුම් අමනාපෙන්
විස දළ පහරක්ව
හදවත පසා කරලන්නට තරම්....

කියන්නත් තහනම්
ලියන්නත් තහනම්
අඬන්නත් තහනම්
දොඩන්නත් තහනම්.... 

තියුණු ය.. මුවහත් ය...
වදනසිපත ඔබ ලෙළවන
පතිත වනු පෙරම ළය මත
සැලී සසැලී ඉරිතැලී 
ආත්මය දෙදරවන..
අසනි වැස්සක්ව‍
සන්තානය කඩා හැලෙන.... 

පෙම්වත,
ඉදින් නික්මෙමි
සපථ කළ හදින්
හැරී බලනෙමි වරක් 
ස්වර්ගීය කවියකි ඔය දෑස
සිහිලැල්ම ස්නේහයෙන්
ඉරිතැලුණු ආත්මය සනහන....

නවතිමි... හැරෙමි..
කඳුළකම දිය වෙමි
සුසුමකට ඇහැරෙමි
ප්‍රේමයෙහි පවතිමි........ 

( ප්‍රේම ගීතාවලිය 05 )

17 comments:

  1. ප්‍රේම චක්‍රය.... :)

    ReplyDelete
  2. මූණූපොතේ ප්‍රතිචාර......

    ‘‘මේක හරියට කිව්වොත් ඔයා පරිස්සමින් වියපු ලස්සන සළුවක් උඩින් මංජුල තැනින් තැන මල් ඉහගෙන ගියා වගේ ...‘‘

    ReplyDelete
  3. ප්‍රේමය ඇලජික් ලු..
    පෙම්බරයාණන්ට..
    ඉදින් මොකටද තවත්
    පවතින්නේ ප්‍රේමයෙහිම..
    සුවඳයි සුන්දරයි
    බාඳුරා මල වුවත්
    ඇලී ගැලුනොත්නම් එසුවඳට
    අවසන විනසයමැයි

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය ඇලජික් අයත් ඉන්නවද? ආ......................

      Delete
  4. ලස්සනයි
    ජයවේ තරුරසී!

    ReplyDelete
  5. සුසුමකට ඇහැරෙමි.
    ප්‍රේමයෙහි පවතිමි.

    අගෙයි...තරූ...

    ReplyDelete
  6. සුසුමකට ඇහැරෙමි.
    ප්‍රේමයෙහි පවතිමි.

    අගෙයි...තරූ...

    ReplyDelete
  7. කඳුළකම දිය වෙමි
    සුසුමකට ඇහැරෙමි
    ප්‍රේමයෙහි පවතිමි........

    අගෙයි තරූ

    ReplyDelete
  8. ඔය ඇස් පියාන ඔහොම ඉන්න
    රහසක් තියෙනව කියන්න
    රහස ඉවර වුනත් එපා
    මං යනතුරු ඇස් අරින්න...//

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමයද ආදරේ
    අරුමයද ආදරේ....

    ඔය ඇස් පියාන.....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එන තුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි හදත් ගොළුවෙලා
    මන්නයට අඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේද ආදරේ
    නොලැබේද ආදරේ.....

    ඔය ඇස් පියාන....

    - කිත්සිරි ජයසේකර

    ReplyDelete
    Replies
    1. මන්නයට නෙවෙයි මල්ලී...... මාන්නයට.......

      මාන්නයට අඬන්න බැරි වුණාට.. රහසින් අඬන්න පුළුවන්නේ...

      Delete
  9. මුරණ්ඩු ප්‍රේමය කොයි තරම් මිහිරිද
    අසනී වැසි වැටුනාට
    නොවෙනස් ආලය
    සොඳුරුය කවියක් තරමටම.

    ReplyDelete
    Replies
    1. හා.. හා.. කොහොමත් දැන් ඔයත් ප්‍රේම කවි ලියන කාලෙනෙ... මට වගේ අසනි වැසිම නොවැටේවා... ඔයාල දෙන්න වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය ඒකයි මල්ලි...

      Delete
  10. මනාට දුන්නනං සින්දුවක් හදයි...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...