සුනේත්‍රා....
සුනේත්‍රා.. සුනේත්‍රා...
තෘෂ්ණාව දුරු
කරන්න ඕන, නොඇලී ඉන්න ඕනය කිය කියා ලෝකෙ වටේ ඇවිදිනවා මදිවට ඒව පොත්වල ලිය ලිය ඔයා
අපේ සංසාරෙ දිග්ගස්සනවා.
සුන්දර
රස්තියාදුවට ලොබ බැන්ද හිතක අතිශය තෘෂ්ණා උපදවන තාලෙ පොතක් මේ. ‘‘කවිකාර කිවි
දේශය‘‘. නවසීලන්තයේ දකුණු දුපතේ සැරිසරක විස්තර අරන් එන්නෙ ගංඟා, ඇල දොල, විල්
සිසිලස, ඈත හිමෙන් වැසුණු කඳු මුදුන්, මෑත තණ බිම්, බැටලු මුව රංචු, අනන්තාප්‍රමාණ
මල්, සුන්දර මිනිසුන් සහ ඔවුන්ගේ ජීවිත අන්දර, ඓතිහාසික වගවිත්ති, ඕපදූප මේ
සියල්ලත් එක්කම.
වකටිපු විල |
යන එන තැන්වල ඇස
ගැටුණු ගම්බද කවි කවිකාරබවට හොඳම සාක්ෂි. ඒ කවි තුළ තියෙන්නෙ බෙහොම අහිංසක විදියට ජීවිතය.
හරියට අපේ ජනකවි වගේ.
සියල්ල අතහැර සොබාදහමත්
එක්ක නිස්කලංක ජීවිතයකට ගම්බදට එන මිනිසුන් එක්කම කොළඹට පොදි ගැහෙන මිනිස්සු ගැන
කරන විග්‍රහයෙ මට මා ගැනත් හිතන්න දෙයක් ඉතිරි වෙලා...
‘‘ඇරෝ ටවුන්වල
ඉඳලා ආපසු එනකොටත් මට හිතුණෙ යම් කෙනෙකුට සැබවින්ම ශාන්ත සුන්දර පරිසරයක ජීවත්
වෙන්න උවමනා නම් අතහැරිය හැකි දේවල් ලැයිස්තුවක් හදල බැලිය යුතු බවයි. ඒ කියන්නෙ
කොළඹ ගෝත්‍රයේ දිගු කලක් හිටිය කෙනෙකුට චිත්‍රපට උළෙලවල් හා නාට්‍ය නැරඹීම ගෝත්‍රික
සංවාද දේශන අවශ්‍ය ද නැතිද?...‘‘ 47 පිටුව
ඇරෝ ටවුන් පැරණි නිවාස |
නවසීලන්තවාසීන්
පරිසරයට දක්වන ආදරය, ගෞරවය, පරිසරය රැක ගන්නට දරන වෙහෙස අනේ ඇයි අපට එහෙම බැරි වගේ
හැඟීමක් ඇති කරනවා. නීතිය සහ සාමය ක්‍රියාත්මක වෙන යහපාලනයක් පවතින්නෙ විනයගරුක පුරවැසියන් වගේම විනයගරුක පාලකයනුත්
ඉන්න රටක. ඒ ලස්සන සමාජය ගොඩනැගෙන තුරු අපට තව කොයි තරම් නම් බලන් ඉන්න වේවිද? අරගල
කරන්න වේවි ද?
බැටලු රංචු |
මුවන් ඇති කරන්නෙත් ආදරයට නෙවෙයි... |
මේ පොතේ හොඳටම
හිනා යන කතන්දරේ තමයි බීම හලකට ඇතුල් වෙලා එය වසා දමන්න යාච්ඤා කරන කාන්තාවන්
වෙනුවෙන් බීමහල් හිමියා දෙවියන්ට කරන යාච්ඤාව... බොහොම දිග යාච්ඤාවක් නිසා මෙතන
ලියන්න හිත අදිමදි කරනවා. 69 පිටුව බැලුවොත් හමුවේවි.
චිත්‍රාගාර,
කෞතුකාගාර, ආපන ශාලා, ගැමි ගෙවල්, ගම්බද මංමාවත්, කැලෑ, දූපත් අස්සෙ මේ කරක්
ගැහිල්ල මගේ හිත ඇඳ බැඳගන්නෙ පුදුම විදියට.
ඩනඩින්වල ඔටාගෝ විශ්ව විද්‍යාලය |
රස්තියාදුවෙ
යන අතරම කෞතුකාගාරවලට වෙලා තොරතුරු රැස් කරන්නත්, පොත් කියවන්නත්, කවි කියවන්නත්
වෙලාව හොයාගන්නෙ කොහොමද කියන විස්මයෙන් මිදෙන්නත් අමාරුයි. මේ සියල්ලම අස්සෙ
කතාකාරියට පණ ලැබිලා අහන දකින විඳින දෑ එක්ක කතා ගෙතෙන හැටිත් හරි අපූරුයි. දවසට
එක ගානෙ වුණත් කතා ලියන්න පුලුවන්, ඒකෙ ආයෙ පුදුමවෙන්න දෙයක් නැහැ. එක තැන පල්
නොවන ජීවිතය කොයි තරම් වාසනාවක්ද?
ආදිවාසික මාඕරි ජනතාව |
සුන්දර
රස්තියාදු ගමන් කියන්නෙ මගේ හදවතේ පැලපදියම් වෙච්ච හීන. තාම සිරීපාදෙ නැගල නැති
වුණාට සකුරා මල් පිපෙන කාලෙක ජපානයට යන්න, ශුද්ධවු දේශය, ප්‍රංශයේ ලූර්දු, ලාඕස්
වියට්නාම් වගේ රටක්, අප්‍රිකානු වනාන්තරයක් වගේ මහා පරිමාණ හීන තියෙනවා. ඒ අතර නවසීලන්ත හීනයකුත්
හිතේ ගැඹුරෙම පැලපදියං වුණා.
සුනේත්‍රා පණ
පිහිටුවල සුන්දර රස්තියාදු සටහන් ලියන තාලෙට වෙලාවකට හිතෙනවා මේ ඇත්තක්මද නැත්නම්,
මේ කවිකාර කතාකාරිට මැවෙන හීන ද කියලත්...
( පොතේ
පින්තූර තිබුණෙ නැහැ. මම මේ පින්තුර හොයාගත්තෙ අන්තර්ජාලයෙන්. සරසවි ප්‍රකාශනයක්.
මිල නම් රු. 250.00 )
තරූ අක්කගේ විස්තරේ දැක්කම හැමදාම වගේ පොත කියවන්න ආස හිතුනා.. බලමුකෝ..
ReplyDeleteඅනිවා ලස්සනට අැති..................... ජයවේවා
ReplyDeleteසිරීපාදේ එක පාරකට වඩා නැග්ග මිනිහා මෝඩයෙක් ලු.මම නම් ඒ නිසා එක පාරක් නැගලා තියේනවා.
ReplyDeleteසකුරා මලක් වගේ ඉන්න තරු අක්කා ජපානෙට ගිය කාලේ සකුරා මල් පිපුනේ නැත්තේ තරු අක්කාගේ නිරහංකාර හිනාවට ඒ ගොල්ලෝ පරදීවි කියලා හිතලාලු.
සුනේත්‍රා රාජකරුණානායකගේ එක පොතක්වත් තවම මම කියවලා නැහැනේ තරු අක්කේ...:(
අර බුද්ධදාසි පොතයි,කවි කඳුරයි කියවන්න ආසවෙන් ඉන්නවා.එත් තාමත් බැරි උනානේ.
ඕ යේස් ඉස්කෝතුයි විස්තරේට
ReplyDeleteකුරුණෑගල යන වෙලාවක බලන්නංකෝ
මාත් හරි ආස රටක් ඔය නවසීලංතෙ. පනං හතරක් ඉතුරුකරගත්ත කාලෙක යන්න ඕන.
ReplyDeleteහරි ලස්සන දිවයිනක් ඔය සවුත් අයිලන්ඩ් එක.
ReplyDeleteමේ වැඩේ කරන්න බෑ. පට්ට බිසී වෙලා ඉන්න කාලෙ තරු අක්කා අපිව පොත් කියවන්නත් පෙරේත කරවනවනෙ ඉතින්.
ReplyDeleteඅපූරුයි විස්තරය. මැරෙන්න කලින් නම් මේ පොත කියවනවා අනිවා.
ReplyDeleteමම හිතුවේ ඔයා එහෙ ගිය කියල. පස්සෙයි පොතේ පින්තුරේ දැක්කේ. බලන්න යන්න ලස්සන රටක්.
ReplyDeletehttp://nelumyaya.com/?p=4633
ReplyDeleteසටහන කියෙව්වම පොත කොයි තරම් රසවත් ඇතිදැයි සිතුණා.
ReplyDeleteසුනේත්‍රා නෝන මහත්තය මයෙ පරණම හිතවතියක්. එතුමී විදර්ශන සඟරාව කරන කාලෙ ඉඳල හිටම්ම. පොත නම් ගන්න ඕන අනිවාර්යයෙන්ම..:)
ReplyDeleteThanks Tharu….:)