පිටු

Tuesday, December 22, 2015

පියන්කාර සොයුරාගේ පුතා වෙනුවෙන්


අනුවේදනීය කතාවක් අසන්නට ලැබුණා. ඒ අපේ කවිකාර පියන්කාර සොයුරාගේ පුතා අසනීපයෙන් බව. ඉතින් මේ අපි සියල්ලන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එක් විය යුතු මොහොතක්. කවි ලියන, පොත් ලියන අපි කවුරුවත් මහා පොහොසතුන් නොවන බව ඇත්තක්. නමුත් අපි සැවොම එක් වූ තැන මහා පොහොසත්කමක් නිතැතින්ම උපදිනු ඇති.

මගේ කවි පොත ගමට ගෙන යාම වෙනුවෙන් සකස් කළ වැඩපිලිවෙලේ එක් අංගයක් වූ ළමා පොත් එකතුවට මුදලින් පවා උදව් කරන්නට බොහෝ දෙනෙකු ඉදිරිපත් වුණා. මා බලාපොරොත්තු වන්නේ ළමා පොත් ටිකක් එකතු කර ගැනීම පමණයි, ආරම්භක පියවරක් විදියට. මුදලින් උදව් කරන්නට සූදානම් වූ සැමගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ සියලු මුදල් පියන්කාර සොයුරාගේ පුතා වෙනුවෙන් ලබා දෙන ලෙසයි. මේ පණිවිඩය තවත් අය වෙත ගෙන යන්න.

අස්ථි රෝගයක් නිසා කල් නොයවා මෙම සැත්කම කිරීම වැදගත් බව වෛද්‍යවරුන් විසින් පවසා තිබෙනවා. ජනාධිපති අරමුදලින් ලක්ෂ පහක් ලැබෙන බවත් තවත් ලක්ෂ විස්සක මුදලක් එකතු කරගත යුතු බවත් පියන්කාර වෙතින් අප කළ විමසීමේ දී දැනගන්නට ලැබුණා. නව යොවුන් තරුණ දරුවෙකුගේ ජීවිතය සහ අනාගතය වෙනුවෙන් අපට හැකි උපරිම සහයෝගය ලබා දෙන්නට කටයුතු කරමු.

ඒ සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ වූ සටහන සහ විස්තරය සහිත ඡායාරූපය...

‘‘කවියෙකුට සවියක් වෙන්න
එන්න ඔබ මෙහි එන්න
ඔබට හැකි පමණකින්
කවි ලියන පියෙකුගේ
ආදරණීය පුතෙකුට
පිළිසරණක් වෙන්න...

උඩගෙදර යට කඩේ නමැති කාව්‍ය සංග්‍රහයෙන් ඔබ හමුවට පැමිණි පියන්කාරගේ බන්දුල සොයුරාගේ පුතණුවන් රෝගාතුර වී ඇති අතර ඔහු scoliosis නමැති රෝගයෙන් පෙළේ . එය සුවපත් කරගැනීම සඳහා රු. 2500000( ලක්ෂ 25ක ) පමණ මුදලක් වැය වන අතර මේ අවස්ථාවේදී ඔහුට අත් වැලක් වෙමු. ස්තූතියි.‘‘



12 comments:

  1. හැකි දෙයක් කරන්නම්.. දැන්වුවාට ස්තුති අක්කේ..

    ReplyDelete
  2. අපි උදව් කරන්නෙ කොහොමද විස්තර කියන්න.

    ReplyDelete
  3. දැනුවත් කල එක වටිනවා අක්කේ.

    ReplyDelete
  4. ස්තූතියි. පියංකාරට කතාකොට උදව්වක් කරන්නම්.

    ReplyDelete
  5. යම් මුදලක් බැර කිරීමත් ඔහුට ඉක්මණින් සුව වේවා පැතීමත් හැර මං වැන්නෙකුට වෙන කුමක් කල හැකිද...
    දැනුවත් කලාට ස්තූතියි තරු අක්කා

    ReplyDelete
  6. අපි උදව් කරමු තරෑ නංගී

    ReplyDelete
  7. මලයා, මට ඔබේ ගිණුමේ අංකය, මගේ 777 366 663 ජංගමේට SMS කරන්න.

    ReplyDelete
  8. අනිවාර්්‍යයෙන්ම උදව් කරමු.

    ReplyDelete
  9. හැකි මට්ටමෙන් යමක් කරන්නං

    ReplyDelete
  10. මා මෙය නෙලුම් යායේත් පල කලා. උදව්වක් යවන්නම්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...